අද (10) දින අනුරාධපුර රඹෑව ප්රදේශයේ බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇත.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුරින් තුවාල ලැබූවන් මේ වනවිට ප්රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත රැගෙන යමින් පවතින බව වාර්තා වේ.
