ශ්‍රී ලංකාවේ පශු වෛද්‍යවරුන් සහ පශු වෛද්‍ය වෘත්තිකයින් ලියාපදිංචි කිරීම සඳහා නීතිමය රාමුවක් ස්ථාපිත කිරීම, ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් නියම කිරීම සහ පශු වෛද්‍ය වෘත්තිය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාව පිහිටුවීමේ අරමුණින් 1956 අංක 46 දරන පශු වෛද්‍ය සහ පශු වෛද්‍ය වෘත්තික පනත හඳුන්වා දී ඇත.
එකී පනතේ විධිවිධාන යටතේ පශු වෛද්‍ය වෘත්තියට අදාළව ‘අපකීර්තිමත් හැසිරීම’ යනුවෙන් සැලකෙන වෘත්තීය අපචාර, තනතුර අවභාවිත කරනු ලබන යම් ක්‍රියා හෝ නොකර හැරීම් ආදිය නිර්වචනය කිරීම, එවැනි හැසිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ‘පරීක්ෂණ මණ්ඩල’ පත් කිරීමේ ක්‍රමවේදය ස්ථාපිත කිරීම සහ වරදකරු වූවන් සඳහා ලියාපදිංචිය තාවකාලිකව හා අත්හිටුවීම අවලංගු කිරීම, අවවාද කිරීම යන දඬුවම් නියම කිරීමේ බලය ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාවට ලබාදීම අරමුණු කර ගනිමින් සාදන ලද නියෝග 2026-01-05 දිනැති අංක 2470/12 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
ඒ අනුව, එලෙස ප්‍රකාශයට පත් කරන ලද ‘2025 අංක 1 දරන පශු වෛද්‍ය සහ පශු වෛද්‍ය වෘත්තික (අපකීර්තිමත් හැසිරීම) නියෝග’ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.
