Attention (Sinhala)

තිලක් සියඹලාපිටිය ඉල්ලා අස් වෙයි.!

තිලක් සියඹලාපිටිය ඉල්ලා අස් වෙයි.!

විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යංශය වෙත භාර දී ඇතැයිද වාර්තා වේ.

තිලක් සියඹලාපිටිය මහතා විදුලි බල මණ්ඩලයේ සභාපති ධූරයේ පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදා එම ධුරයේ වැඩ භාරගනු ලැබීය.

රම්බොඩ බස් අනතුරේ මරණ සංඛ්‍යාව තවත් ඉහළට.!

රම්බොඩ බස් අනතුරේ මරණ සංඛ්‍යාව තවත් ඉහළට.!

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ දක්වා එම අනතුරින් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පාකිස්ථානයෙන් බරපතල ප්‍රකාශයක්.!

පාකිස්ථානයෙන් බරපතල ප්‍රකාශයක්.!

විශේෂ ප්‍රකාශ මාලාවක් නිකුත් කරමින් පාකිස්ථානය පවසා ඇත්තේ ඉන්දීය ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කරන බවයි.

සිය හමුදාව විසින් ඉන්දියාවේ එස් – හාරසීය ආරක්ෂක පද්ධතිය විනාශ කළ බවද ඔවුන් පවසයි.

එමෙන්ම, ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ වෙබ් අඩවි ඇතුළු ඉන්දියාවේ ඉහළම වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් දියත් කර තම යටතට ගත් බව ඔවුන් නිකුත් කළ ප්‍රකාශයේ සදහන්.

කෙසේ වෙතත්, වෙබ් අඩවි පාකිස්ථානය යටතට ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් කිසිදු අදහස් දක්වා නැහැ.

මේ අතර, පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරිෆ් එරට ජාතික අණදෙන අධිකාරියේ රැස්වීමක් කැඳවා ඇති බව ද වාතා වනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, බුන්යානුන් මාසූස් මෙහෙයුම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කරන අතර එහිදී ඉන්දියාව විසින් දියත් කළ සියලුම ගුවන් ප්‍රහාර සදහා ප්‍රතිප්‍රහාර පාකිස්ථානය විසින් දියත් කිරීමට සිදු කරන බව එරට ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.

මාදුරුඔය හෙලිකොප්ටර් අනතුරේ සුල මුළ.!

මාදුරුඔය හෙලිකොප්ටර් අනතුරේ සුල මුළ.!

අද (09) උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩාවැටී ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ සෙබළුන් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි.

ගුවන් හමුදාව පැවසන්නේ හෙලිකොප්ටර් යානය හදිසි ගොඩබෑමක් සිදුකරන අතරතුර මෙම අනතුර සිදුවී ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ හමුදා සාමාජිකයින් 12 දෙනෙකු එහි ගමන් කර ඇති අතර රෝහල් ගතකිරීමෙන් පසු ඒ අතරින් 6 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අතර තවත් සෙබළුන් 06 දෙනෙකු අරලගංවිල සහ පොළොන්නරුව රෝහල්වල ප්‍රතිකාර ලබයි.

අනතුරට පත්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් මෙම බෙල් 212 හෙලිකොප්ටර් යානය අද උදෑසන 6.44ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වී තිබුණි.

ඒ, මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ විශේෂ බළකායේ විසිර යෑමේ පෙළපාලියක නිදර්ශනයක් සඳහා හමුදා සාමාජිකයින් රැගෙන යාමටය.

ගුවන් හමුදාව පවසන්නේ උදෑසන 7:08 පමණ වනවිට මාදුරුඔය ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයට යුද හමුදා සාමාජිකයින් 6 දෙනෙකු නංවා ගත් බවය.

ඒ අනුව යානය තුළ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළුව ගුවන් හමුදා සාමාජිකයින් 6දෙනෙක් සමග පුද්ගලයින් 12දෙනෙකු සිට තිබේ.

එහිදී යානයේ ඇතිවූ තත්ත්වයක් මත හදිසි ගොඩබෑමක් සිදුකර ඇති අතර එහිදී යානය මාදුරුඔය ජලාශයට පතිත වී ඇති බව ගුවන් හමුදාව පැවසීය.

කඩිනමින් ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව සහ යුද හමුදා සාමාජිකයින්, අනතුරට ලක්වූ පිරිස මුදාගැනීමට මෙහෙයුම් දියත් කර තිබුණි.

ගුවන් හමුදාව පැවසුවේ යානයේ සිටි 12දෙනාම මුදාගෙන අරලගංවිල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ අතර ඉන් 8 දෙනෙක් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණු බවය.

අනතුරින් මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බළකා සාමාජිකයින් සිව්දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකි.

මෙම අනතුර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා පියවර ගෙන තිබේ.

IPL අත්හිටුවයි.!

IPL අත්හිටුවයි.!

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පරිපාලනය තීරණය කර තිබේ..

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඉන්දියාව හා පාකිස්තානය අතර ගැටුම් උත්සන්නවීමත් සමඟ මෙම පියවර ගෙන ඇති බවයි.

හිරේ ඉඳන් පාර්ලිමේන්තු ආ චාමර වටේටම වෙඩි තියයි.!

හිරේ ඉඳන් පාර්ලිමේන්තු ආ චාමර වටේටම වෙඩි තියයි.!

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ කතාවක් කරමින් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා පැවසූවේ තමා සිරගෙදර සිටියද මෙවර පළාත් පාලන මැතිවරණයේ පුටුව ලකුණින් තරග කළ පොදුජන එක්සත් පෙරමුණට ලැබුණු ඡන්ද අතරින් ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණය වන ඡන්ද 45,000 ක් ලැබුණේ තමාගේ දිස්ත්‍රික්කයෙන් බවයි.

තමාව සිරගෙට දැමීමට කටයුතු කළේ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාරදී දින දෙකක් තුළ බව පැවසු චාමර මහතා, තමා එළියේ සිටියා නම් ඡන්ද 70,000 ක් ලබා ගැනීමට කටයුතු කරන බවද අවධාරනය කළේය.

සිදුව ඇති පසුබෑම ආණ්ඩුව තේරුම්ගත යුතු බවත් ආණ්ඩුවේ පසුබෑම ජනතාව විසින් ඔප්පු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

තමා සිරගෙදර සිටියද, පුටුවට ඡන්දය ලබාදුන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තූතිවන්ත වන බවත්, හිර ගෙවල් 50ක දැමුවත් තමාගේ ගමන නැවැත්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සිය කතාව අවසන් කරමින් සඳහන් කළේය.

වසර 20කට පසු පැමිණි අජේ බංගාගෙන් ඩොලර් බිලියනයක්.!

වසර 20කට පසු පැමිණි අජේ බංගාගෙන් ඩොලර් බිලියනයක්.!

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා  (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුව තිබේ.

මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි. 

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු  සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍යඅංශය පවසයි. 

ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වූ බව සඳහන් වේ.

නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත. 

ලෝක බැංකු සමූහයේ විශේෂ උපදේශක ට්‍රෙවර් කින්කේඩ් (Trevor Kincaid), ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen), ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඉමාද් ෆැකවුරි (Imad Fakhoury),  ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා  නේවාසික නියෝජිත ගිවෝර්ග් සාර්කස්ජාන් (Gevorg Sargsyan)  යන මහත්වරුද මීට එක්ව තිබේ. 

එහිදී ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදෙන බව පවසා තිබේ.

ලෝක බැංකු සමූහයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ වසර තුනක් තුළ මෙම ආධාර පැකේජය ලබා දීමට කටයුතු කරන බවත් ඒ තුළින් රැකියා සහ ආයෝජන සඳහා ඉහළ විභවයක් ඇති අංශ වන බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක සහ කලාපීය සංවර්ධනය ඉලක්ක කර ගනිමින් බවයත්ය.

ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවෙන් පසුව මේ බව නිවේදනය කර ඇත.

එම නිවේදනයේ සඳහන් පරිදි ඉදිරි දශකය තුළ තරුණයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට ඇතුළු වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇති නමුත් එම කාලය තුළ රැකියා 300,000 ක් පමණ නිර්මාණය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

සම්පූර්ණ නිවේදනය පහතින්,

කෙහෙලිය නැවතත් ඇතුලට.!

කෙහෙලිය නැවතත් ඇතුලට.!

අද (7) පස්වරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ජිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත කැදවා තිබූ අතර, ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

අන්ත පරාජයෙන් පසු ප්‍රසන්න රණවීර භාර වෙයි.!

අන්ත පරාජයෙන් පසු ප්‍රසන්න රණවීර භාර වෙයි.!

පොලීසිය මගහරිමින් සැඟව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකයි.

මෙම සිද්ධියට අදාලව හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා ද රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

නවකවධයට සම්බන්ධ තවත් සිසුන් 6ක් අත්අඩංගුවට.!

නවකවධයට සම්බන්ධ තවත් සිසුන් 6ක් අත්අඩංගුවට.!

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු නවකවධය හේතුවෙන් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තවත් සිසුන් 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉදිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් සැකකාර සිසුන් 6දෙනා මැයි 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.