Attention (Sinhala)

ව්‍යාපාර වලට තිත.. අනුරගෙන් තවත් සහතිකයක්.!

ව්‍යාපාර වලට තිත.. අනුරගෙන් තවත් සහතිකයක්.!

කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ජාතික ජන බලවේගය නායක පා.ම අනුර කුමාර දිසානායක කියා සිටියේ, තම පක්ෂය බලයට ආ පසුව තමා ඇතුළු පක්ෂයේ ඉහළ මණ්ඩලවල කිසිවෙකු ව්‍යාපාරික කටයුතුවල නිරත නොවන බව සහතික වන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“අපි හොටෙල් දාන්නෙ නෑ, පතල් කපන්න එන්නෙ නෑ, වැලි ගොඩ දාන්නෙ නෑ, බාර් ගන්නෙ නෑ, පෙට්‍රල් ශෙඩ් ගන්නෙ නෑ අපි මේ රටේ ව්‍යාපාරිකයන්ට යහපත් ලෙස ව්‍යාපාරවල නිරතවීමට පරිසරය සදල දෙන්නම්, ඔබ මේ රටේ ධනය උත්පාදනය කරන්න”

එමෙන්ම ඔහු කියා සිටියේ ඔහු විස්වාස කරනා ආකාරයට රජයක මූලික වගකීම වනුයේ රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම බවත් තම ඥාතීන් බලා ගැනීම නොවන බවත් ය.

Loading

ඉරාන ජනපති ජීවිතක්ෂයට.? යානයේ යැයි සැක කෙරෙන සුන්බුන් හමුවේ.!

ඉරාන ජනපති ජීවිතක්ෂයට.? යානයේ යැයි සැක කෙරෙන සුන්බුන් හමුවේ.!

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ තුර්කි ඩ්‍රෝන් මෙහෙයුමක් මඟින් ඉරාන ජනාධිපති රයිසි රැගත් හෙලිකොප්ටරයේ කොටස් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගැනීමට හැකිව ඇති බවයි.

කෙසේ වෙතත්, ඉරාන බලධාරීන් සඳහන් කර ඇත්තේ එම තොරතුරු තහවුරු කරගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් පවතින බවයි.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අසල්වැසි අසර්බයිජානයේ විවෘත කිරීමේ උත්සවයකට අසර්බයිජාන ජනපතිවරයා සමග ඊයේ (19) සහභාගී වීමෙන් අනතුරුව නැවතත් ඉරානය වෙත හෙලිකොප්ටර් රථ පෙළකින් පැමිණෙමින් සිටියදී අදාල ප්‍රදේශයේ දැඩි මිදුම් තත්වයක් තිබී ඇති අතර, එවන් තත්වයක් පැවතියත් ඉරාන ජනපති ගමන් කළ හෙලිකොප්ටර් රථ තුන නොකඩවා ධාවනයේ යෙදී ඇති බවයි.

එහිදී ඉරාන ජනපතිවරයා හා විදේශ ඇමතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරකට ලක්ව ඇති බවට සැක කෙරේ.

ඉරාන ජනපතිවරයා ගමන් කළ හෙලිකොප්ටර් යානය සමග තවත් හෙලිකොප්ටර් යානා දෙකක් ආරක්ෂාව සපයමින් ගමන් කර ඇති නමුත්, එම හෙලිකොප්ටර් යානා දෙක නිරුපද්‍රිතව ඉරානයේ ටබ්රිස් නම් ගමනාන්තය වෙත ලඟා වී ඇතත්, ඉරාන ජනපතිවරයා හා විදේශ ඇමතිවරයා ගමන් කල හෙලිකොප්ටරය පිළිබඳ මේ වනතුරු හෝඩුවාවක් නොමැති බව සඳහන්.

මේ වනතුරු ඉරාන රජයෙන් නිල වශයෙන් හෙලිකොප්ටර් යානය සොයාගැනීම සම්බන්ධව නිශ්චිත නිවේදනයක් නිකුත් කර නොමැත.

Loading

ආපදා දිස්ත්‍රික්ක හැර අන් සියලු රජයේ සහ අනුමත පුද්ගලික පාසැල් අදින් ආරම්භ වේ.!

ආපදා දිස්ත්‍රික්ක හැර අන් සියලු රජයේ සහ අනුමත පුද්ගලික පාසැල් අදින් ආරම්භ වේ.!

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිත අතර පළමු වාරයේ තුන්වන අදියර එලඹෙන 31 වනදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කළ බව දනුම් දී ඇති අතර එම ආපදා තත්වය සැලකිල්ලට ගෙන, පුත්තලම් දිස්ත්‍රික් ලේකම්වරයා සහ  වයඹ පලාත් ප්‍රධාන ලේකම්වරිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවත් සඳහන්.

ඒ අනුව හලාවත කලාපයේ පාසල් 158ක් සහ පුත්තලම කලාපයේ පාසල් 213ක් අද දිනයේ පමණක් විවෘත නොකරනු ඇත. 
 
ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දී ඇත්තේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ මුහුණදෙන ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් සිය මෙහෙයුම් මැදිරිය දැනුවත් කරන ලෙසයි.

එමෙන්ම එම මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් පවත්වාගෙන යන බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් උදය හේරත් වැඩිදුරටත් පැවසීය.

Loading

වැසි සහ සුලං තත්වය අඛණ්ඩව.. වැස්ස මි.මි 100 ඉක්මවයි.!

වැසි සහ සුලං තත්වය අඛණ්ඩව.. වැස්ස මි.මි 100 ඉක්මවයි.!

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවත් ය.

බස්නාහිර,මධ්‍යම,සබරගමු මෙන්ම වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් කඩින් කඩ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතින්විය හැක.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ඉක්මවූ සබරගමුව වැසි ඇතිවිය හැකි බව සඳහන්.

විටින් විට හමන පැ.කි.මී.30-40ක පමණ තරමක තද සුළං දිවයින හරහා ගමන් කරනු ඇති බව සඳහන්.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Loading

ජීවිත ආරක්ෂා කරගන්න..  රියදුරන්ට විශේෂ දැනුම්දීමක්.!

ජීවිත ආරක්ෂා කරගන්න.. රියදුරන්ට විශේෂ දැනුම්දීමක්.!

වැසි සහ සුලං තත්වයන්ගේ වැඩිවීමත් සමඟ කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල මාර්ගයේ ගස් යට වාහන නතර කිරීමේදී සහ ගස් සහිත් ස්ථාන හරහා ගමන් කිරීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ද නිකුත් කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්,

කළුතර දිස්ත්‍රික්කයේ පොලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම, වලල්ලාවිට යන ප්‍රදේශ සඳහාත්,

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, හපුතලේ, හාලි ඇල, බදුල්ල යන ප්‍රදේශ සඳහාත්,

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළය, උඩුදුම්බර, උඩපලාත, උඩුනුවර, ගඟ ඉහළ කෝරළය, පබාගේ කෝරළය යන ප්‍රදේශ සඳහාත්,

රත්නපුර දිස්ත‍්‍රික්කයේ බලංගොඩ, රත්නපුර, ඉඹුල්පේ, කලවාන, කිරිඇල්ල, කුරුවිට, ඇහැළියගොඩ, අයගම, ඇලපාත යන ප්‍රදේශ සඳහාත් නායයෑමේ පුරීව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, මාවනැල්ල, දෙහිඹ්විට, බුලත්කොහුපිටිය, ගලිගමුව, වරකාපොල, කෑගල්ල, දැරණියගල, රුවන්වැල්ල යන ප්‍රදේශ සඳහාත්,

එම නිවේදනය අදාල වේ, එම නිසා මාර්ගවල හමන් කිරීමේදී රියදුරු ඔබගේත් අනෙක් පිරිසගේත් ජීවිත ආරක්ෂා කර ගනිමින් වගකීමෙක් කටයුතු කරනා ලෙස බලධාරීන් දැනුම් දීන්තිබේ.

Loading

විවාද පොරය අවසන්.. මාලිමාව නිල වශයෙන් ඉවත් වෙයි.!

විවාද පොරය අවසන්.. මාලිමාව නිල වශයෙන් ඉවත් වෙයි.!

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියාසිටින්නේ සමගි ජනබලවේගයට මීට පෙර දැනුම්දී තිබූ ආකාරයටම 20වැනිදාගෙන් පසුව එම විවාදය පැවැත්වීමට තම පක්ෂය එකඟ නොමැති බවයි.

හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ තමා වෙත එම ස්ථිර කිරීමේ ලිපිය ලැබී තිබුනේ ඊයේ (19) පස්වරුවේ බවත්, 20 වැනිදාට පෙර විවාදය පැවැත්වීම මූලික කොන්දේසියක් වන බවත් එම කොන්දේසිය කඩවීම මත 20 වැනිදාගෙන් පසුව විවාදය නොපැවැත්වෙන බවත් ය.

නමුත් සමගි ජනබලවේගය විසින් ජාතික ජනබලවේගයට යොමු කළ ලිපියේ දිනය සඳහන්ව තිබුනෙ 17 වෙනිදා ලෙස යි. එය නලින්ද ජයතිස්ස වෙත ලැබීමට දින දෙකකටත් අධික කාලයක් වැයවී ඇති බව පෙනී යයි.

එමෙන්ම ජාතික ජන බලවේගය පවසන්නේ සමඟි ජනබලවේගය විසින් විවාදය සඳහා 20 වැනිදායින් පසු දින හතරක් ලබාදී ඇති අතර , ඉන් පළමුව දින ලබාදී ඇත්තේ ආර්ථික කමිටු විවාදයට බැවින් ඒ සඳහා ද ජාතික ජනබලවේගය එකඟ නොවන බවයි

ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබූ මුල් ලිපියේ සඳහන් කළ මූලික කාරණා 2ක් කඩවීම මත විවාදයෙන් ඉවත් වීමට ජාතික ජන බලවේගය තීරණය කල බව නලීන් ජයතිස්ස වැඩිදුරටත් කියා සිටියේය.

Loading

මහ වැස්ස ප්‍රචණ්ඩ වෙයි.. පුත්තලමට අසාධ්‍යයි.!

මහ වැස්ස ප්‍රචණ්ඩ වෙයි.. පුත්තලමට අසාධ්‍යයි.!

පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් පැවසූවේ ඊයේ (18) රාත්‍රියේ සිට අද අලුයම දක්වා ඇද හැලෙනා මහා වර්ෂාවෙන් මහකුඹුක්කඩවල, කරුවලගස්වැව, මාදම්පේ, මුන්දලම, පුත්තලම, හලාවත, ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම් වසම් වල පවුල් 4769 ක පුද්ගලයින් 19128ක පිරිසක් පිඩාවට පත්ව ඇති බවයි.

දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසූවේ ඉන් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයේ වන අතර එහි ග්‍රාම නිළධාරී වසම් 11 ක පවුල් 4582 ක පුද්ගල‍ෙන් 18497 ක පිරිසක් එසේ අවතැන්ව ඇති බවත් ය.

ගංවතුර හේතුවෙන් මෙලෙස පිඩාවට පත්වු ජනතාව අතරින් පවුල් 340 ක පුද්ගලයින් 1140 ක සංඛ්‍යාවක් ආරක්ෂීත ස්ථාන හතරක ‍රඳවා ඇති බවත් අදාල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා අනිකුත් රාජ්‍ය නිළධාරීන්ද සම්බන්ධ කර ගනිමින් එම පිරිස් වෙත පිසු ආහාර ලබා දීමටද මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.

Loading

කොළඹ වරාය පරිශ්‍රය අසල ගින්නක්.!

කොළඹ වරාය පරිශ්‍රය අසල ගින්නක්.!

කොළඹ වරාය ආසන්නයේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ.!

කොළඹ වරාය පරිශ්‍රයට යාබද අධිවේගී මාර්ග සේවකයින් රැදී සිටිනා නිවස්නයක එම ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි.

ගිනි නිවන රථ 4ක් එම ස්ථානයට පිටත් කළ හැරි බවත් මේ වනවිට ගිනි නිවීමේ කටයුතු සිදුකෙරෙමින් ඇති බවත් කොළඹ ගිනි නිවීමේ ඒකකයේ ප්‍රකාශකයෙකු පැවසීය.

Loading

සජබ ඇතුලේ නොසන්ඩාලයෝ.. කිරි ඇල්ලට යකු නගී.!

සජබ ඇතුලේ නොසන්ඩාලයෝ.. කිරි ඇල්ලට යකු නගී.!

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිට සජබ වෙත පැමිණි මන්ත්‍රීවරුන් අතර සමගි ජන බලවේගයේ සමගියට බාධා කරන හැදියාවක් නැති නොසන්ඩාල කඩාකප්පල්කාරීන් පිරිසක් සිටිනා බවයි.

එම කණ්ඩායම පක්ෂය තුල සාමූහිකව වැඩ නොකරන බවත් මේ වනතුරු එම පොහොට්ටුවෙන් ආ මන්ත්‍රීවරුන්ට මැතිවරණයේදී නාමයෝජනා ලබා දෙන බවට පොරොන්දුවක් ලබාදී නැති බවත් සමගි ජන බලවේගයේ සමගියට බාධා කරන කිසිවෙකුටත් පක්ෂයේ ඉඩක් නැති බවත් කිරිඇල්ල මහතා අවධාරණය කළේය.

පොහොට්ටුවේ සිට සමගි ජන බලවේගයට සම්බන්ධවී සිටින මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකුද පසුගිය දිනකදී කිසිවෙකුටත් අදහාගත නොහැකි කටයුත්තක් කර ඇති බව ප්‍රධාන සංවිධායක පැහැදිලි කළේය.

ඔහු කියා සිටියේ, “ජවය” නමැති සමගි ජන බලවේගයේ අනුබද්ධ සංවිධානය මේ මාසයේ 18 වැනිදා වැඩසටහනක් සංවිධාන කර තිබූ බවත් එම රැස්වීමට ලියුම් යැව්වේ සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රීවරයා බවත් දිස්ත්‍රික් නායකයා වශයෙන් තමා හෝ ඒ සම්බන්ධයෙන් ලිපි නොයවූ නමුත් මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයා ව්‍යාජ ශීර්ෂ සකසා “ජවය” වැඩසටහනට සහභාගි වන ලෙසට දිස්ත්‍රික්කයේ ප්‍රබලයන්ට පවා ලිපි යවා ඇති බවත් ය.

එලෙස ව්‍යාජ ආකාරයට ලිපි සකස් කිරීම දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව පෙන්වා දෙමින් කිරි ඇල්ල මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ එවැනි පුද්ගලයන් සමඟ ඉදිරියේ කටයුතු කරන්නේ කෙසේද යන වගයි.

Loading

කොම්පඤ්ඤවීදියේදී ඉරාන තානාපතිට පහරදී බොනට්ටුව මත තබාගෙන ගිහින්.!

කොම්පඤ්ඤවීදියේදී ඉරාන තානාපතිට පහරදී බොනට්ටුව මත තබාගෙන ගිහින්.!

කොම්පඤ්ඤවීදිය පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත මෙරට ඉරාන තානාපතිවරයාට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පවසන්නේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රථ ගාලකදී මෙම පහරදීම සිදුකර ඇති බවයි.

පහරදීමෙන් තානාපතිවරයාට සුළු තුවාල සිදුව ඇති අතර අත්අඩංගුවටත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට අධිකරණ විසින් නියෝග කර ඇත.

පහරදීමෙන් අනතුරුව සැකකරු විසින් ඉරාන තානාපතිවරයා මෝටර් රථයේ බොනට්ටුව මත තබාගෙන මීටර කීපයක් ඉදිරියට ධාවනය කර ඇති බ වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS