Attention (Sinhala)

පාස්කු ප්‍රහාරයට අවස්ථාව සැලසූ බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට.!

පාස්කු ප්‍රහාරයට අවස්ථාව සැලසූ බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට.!

පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වගකිවයුතු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අදාළ නිලධාරියා විසින් පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට එම අපරාධයේ සිදුකිරීම සඳහා අවකාශ සැලසීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් මතයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරදියනාරු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත දිසා බුද්ධි කාර්යාංශයේ කොස්තාපල්වරයෙකි.

අදාළ නිලධාරියා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධිත පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් විසින් සිදුකළ වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන නොමග යවා ඒ තුළින් නියම අපරාධකරුවන් අනාවරණය වීම වැළැක්වීම, ඒ තුළින් එම අපරාධකරුවන්ට පාස්කු ප්‍රහාරය දක්වා අපරාධ සිදුකිරීමට  අවකාශ සැලසීම නමැති සංවේදී අපරාධමය කරුණුවලට වග කිව යුතුව ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

නව මුහුණුවරකට වැඩබලන පොලිස්පති වැඩ අරඹයි.!

නව මුහුණුවරකට වැඩබලන පොලිස්පති වැඩ අරඹයි.!

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා චක්‍රලේඛයක් මඟින් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

ශ්‍රී ලංකා පොලීසියේ දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා මහජන සහයෝගය ඉතා අත්‍යවශ්‍ය වූවක් බවත් රටට අනන්‍ය ආරක්ෂක සැලැස්මක් තුලින් මහජනයා ආරක්ෂා කිරීම සඳහා අපරාධ පාලනය හා කළමනාකරණය ඔස්සේ සමාජ සංහිදියාව පෝෂණය කිරීමේ ශ්‍රී ලංකා පොලිසියේ මෙහෙවරට මහජනයාගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත් බව සඳහන් කර ඇත.

මේ සඳහා තාරුණ්‍ය සතු නිර්මාණශීලිත්වය, අධිෂ්ඨාන ශක්තිය, නව දැනුම හා මහජනයා වෙත ඉක්මනින් ප්‍රවේශවීමේ හැකියාව වැනි අංග දායක කරගත යුතු අතර එමඟින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස මහජන සහභාගිත්වය සක්‍රීය ලෙස ලබාගැනීම සඳහා නව ප්‍රවේශයක් වශයෙන් ග්‍රාම නිලධාරි වසම් 14,022 ක් ආවරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු පිහිටුවා ඒ සඳහා පොලිස් නිලධරයන් අනුයුක්ත කරනු ලබයි.

දැනට ක්‍රියාත්මක ප්‍රජා පොලිස් සංකල්පය, කාලීන අවශ්‍යතාවට ගැලපෙන පරිදි ක්‍රමවේද යවත්කාලීන කරමින් ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධය කොට්ඨාසය සඳහන් කරයි.

පිල්ලයාන් අත්අඩංගුවට.. අප්‍රේල් 21ට පෙර බලාපොරොත්තුවක්.?

පිල්ලයාන් අත්අඩංගුවට.. අප්‍රේල් 21ට පෙර බලාපොරොත්තුවක්.?

මීට සුළු මොහොතකට පෙර හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුවේදී ඔහු අත්අඩංගුව⁣ට ගෙන ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම මේ වනවිට ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එමින් පවතින බවද සඳහන්.

බන්ධනාගාරයේ සිට රැගෙන ආ චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි.!

බන්ධනාගාරයේ සිට රැගෙන ආ චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි.!

රක්ෂිත බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුව වෙත රැගෙන ආ චාමර සම්පත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසිය අමතමින් පවසා සිටියේ තමා සිරගත කිරීම තුලින් නිහඬ කිරීමට කිසිවිටෙකත් නොහැකි බවයි.

තමාට නීතිය ක්‍රියාත්මක වූ ආකාරයෙන්ම සියළු දෙනාටම නීතිය ක්‍රියාත්මක විය යුතු බව එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

එමෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටි කාලවකවානුවේදී ගල්කිස්ස ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක් බලෙන් පවරාගත් වර්තමාන ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු සිටින බව එහිදී මන්ත්‍රීවරයා චෝදනාවක්ද සිදු කළේය.

ඔහු පවසන්නේ, ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ල තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු කට උත්තරයක් හෝ නඩු කටයුත්තක් තවමත් සිදුකර නොමැති බවයි.

එමෙන්ම, පොහොර සංස්ථාවේ සිටි කාලයේ රුපියල් මිලියන 70ක මුදල් වංචා කිරීමේ සිදුවීමට අදාලව වැඩතහනම් වුණු අමාත්‍යවරයෙකුද සිටින බවත්, ඒ සඳහා තවමත් කිසිම ආකාරයකින් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් ඔහු සඳහන් කළා.

මත්ද්‍රව්‍ය හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාර තුල අධික රැඳවියන් පිරිසක් සිටින බවත්, එම තත්ත්ව සමනය කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව විසින් පියවර ගැනීමට කටයුතු කළ යුතු බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඔස්සේ මෙවැනි පිරිස් පුනුරුත්තාපනයට ලක් කර යහපත්ව සමාජගත කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම, බන්ධනාගාර සේවය තුල දැඩි රැකියා පුරප්පාඩුවක් පවතින බවත්, තමා බන්ධනාගාර ගත වීම තුලින් මෙවැනි අඩුපාඩු සම්බන්ධයෙන් තමන්ට දැනුම්වත් වීමට හැකි වීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවත්,

කටුනායක වෙඩි තැබීමක්.!

කටුනායක වෙඩි තැබීමක්.!

කටුනායක 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර ඔහු අසාධ්‍ය තත්වයෙන් මීගමු රෝහලට ඇතුළත් කර ඇතැයිද පැවසේ.

UPDATE – වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේසීදුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.

ඉන්දියන් සාගරයේ ප්‍රභල භූ කම්පනයක්.!

ඉන්දියන් සාගරයේ ප්‍රභල භූ කම්පනයක්.!

ඉන්දියන් සාගරයට මායින්ම පවතින ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්ත ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ.

එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසය.

අද (08) අලුයම 2.48ට පමණ භූ කම්පනය හට ගෙන ඇති අතර භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති නොවනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේවෙතත් භූ කම්පනය සැලකිවයුතු තරමක ප්‍රභලත්වයෙන් යුතු බව පැවසේ.

වසර 12,500 කට පෙර මිය වෘකයයන් තිදෙනෙකුට පණ එයි.!

වසර 12,500 කට පෙර මිය වෘකයයන් තිදෙනෙකුට පණ එයි.!

ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් විසින් ලෝකයම මවිතයට පත්කරමින් වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට සමත් වී සිටිති.

වර්තමානයේ දකින්න ලැබෙන අළු වෘක ධේනුවකගේ බීජාණු සෛලවල ඩී.එන්.ඒ. අඩංගු න්‍යෂ්ටි කොටස ඉවත් කරමින්, ‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව එය යළි නිර්මාණය කිරීමට විද්‍යාඥයෝ සමත්ව ඇති අතර මිහිමතින් වඳ වී ගිය සතකුට මේ අයුරින් පණ දුන් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

‘ඩයර් වුල්ෆ්’ යන්නෙහි අරුත බිහිසුණු වෘකයා යන්නය. මෙම වෘකයන් වර්තමානයේ අපට දකින්න ලැබෙන වෘකයන්ට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාල වන අතර මේ පිළිබඳ පරීක්ෂණ කළ විද්‍යාඥයන්ට උන්ගේ ජාන ව්‍යුහය හඳුනා ගැනීමට හැකිව තිබුනි.

‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව සකස් කළ එම බීජාණු, සුරතල් බැල්ලකගේ ගර්භාෂයේ තැන්පත් කර, පසුව පැටවුන් ලබා ගැනීම සිදු කෙරුණි.

ඒ අනුව සුදු පැහැති ‘ඩයර් වුල්ෆ්’ වෘක පැටවුන් තිදෙනකුට පණ දීමට විද්‍යාඥයන් සමත් වූ අතර එම තිදෙනා රොමියුලස්, රීමස් සහ කලීසී යනුවෙන් නම් කර ඇත.

මෙම විෂ්මිත නිර්මාණය සිදුකළේ ‘කොලෝසල් බයෝසයන්ස්’ විද්‍යා පර්යේෂණ සමාගමය වන අතර 2028 වසරේදී අයිස් යුගයේ ජීවත් වුණු මැමතකුට පණ දීමට ද මෙම සමාගම සූදානම්ව සිටිති.

ඊට අමතරව, වඳ වී ගිය පියාඹා යා නොහැකි ඩෝඩෝ කුරුල්ලකුටත්, ටැස්මේනියානු ව්‍යාඝ්‍රයකුටත් පණ දීමට ‘කොලෝසල් බයෝසයන්ස්’ විද්‍යාඥයන් සූදානම් බව පැවැසෙයි.

පාර්ලිමේන්තුවෙන් කළ විශේෂ දැනුම්දීම.!

පාර්ලිමේන්තුවෙන් කළ විශේෂ දැනුම්දීම.!

ජාතික ජන බලවේග කෑගල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරගේ අභාවය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2025 අප්‍රේල් මස (06) සිට 10වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම්දී ඇත.

1988 අංක 35 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකර ඇත.

වැලිකඩ OIC ගෙදර.!

වැලිකඩ OIC ගෙදර.!

පසුගියදා වැලිකඩ පොලිස් සිර මැදිරිය තුළදී අත්අඩංගුවට ගත් සැකකරුවකු මියයෑමේ සිද්ධිය මත වැලිකඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට නිර්දේශ ඉදිරිපත් කර ඇත.

වැඩ බලන පොලිස්පතිවරයා විසින් එම නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.

එමෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයාට අමතරව රාජකාරිය පැහැර හරින ලද බවට නිරීක්‍ෂණය වූ පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ ද වැඩ තහනම් කර ඇත.

ඉකුත් 1 වැනිදා රාත්‍රියේදී නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහු රෝහල් ගත කළ අතර පසුව තරුණයා ජීවිතක්ෂයට පත් විය.

වැඩ බලන පොලිස්පතිවරයා නිර්දේශ කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීම සඳහා මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කරන ලෙසයි.

සමාජවාදය අවසන්.. අපි ඩඩ්ලි, ධම්මික සමඟ වැඩකරමින් ඉදිරියට යනවා.!

සමාජවාදය අවසන්.. අපි ඩඩ්ලි, ධම්මික සමඟ වැඩකරමින් ඉදිරියට යනවා.!

අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසන්නේ තම පක්ෂය 1971 සහ 1988 ජීවිත පරිත්‍යාගයෙන් අරගල කරන ලද්දේ සමාජවාදය වෙනුවෙන් බවත් ඒ සඳහා ජීවිත හැත්තෑ දහසක් පමණ දනපති පන්තිය විසින් විනාශ කර දැමූ බවත් ය.

ජාතික ජන බලවේගයේ වර්තමාන ක්‍රියා කළාපය හේතුවෙන් සමාජවාදය වෙනුවෙන් සිදුකළ ජීවිත කැපකිරීම් වතුරේ ගිය බවට සතුරු කණ්ඩායම් විසින් කිඹුල් කඳුලු හෙළමින් සිටින බවට අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අද වනවිට සමාජවාදී කඳවුරු ලෝකයේ ක්‍රියාත්මක නොවන බවත් තම ආණ්ඩුවට ඉදිරියට යාමට සිදුවන්නේ ලෝකයේ සියලුම රටවල් සමඟ ගනුදෙනු කරමින් බවත් පෙන්වාදුන් ලාල්කාන්ත මහතා ඩඩ්ලි සිරිසේන, ධම්මික පෙරේරා මෙන්ම ගොවියා කම්කරුවා සමඟත් වැඩකරමින් ඉදිරියට යා යුතුව ඇති බව පැවසීය.