Attention (Sinhala)

මෙරට ප්‍රමිතියෙන් තොර ඖෂධ සිද්ධියට ජාත්‍යන්තරය මැදිහත් වෙයි.!

මෙරට ප්‍රමිතියෙන් තොර ඖෂධ සිද්ධියට ජාත්‍යන්තරය මැදිහත් වෙයි.!

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිතිය සදහන් කළේ මෙරට සිදුවූ ප්‍රමිතියෙන් තොර ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ඊයේ(20) ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කළ බවයි.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සඳහන් කළේ 2022 හා 2023 වසර වලිදි ප්‍රමිතියෙන් තොර ඹෟෂධ ගෙන්විම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි උල්ලංඝනය කරමින් ඹෟෂධ ගෙන්වීමට කටයුතු කර ඇති බවත්, මේ පිලිබද පසුගිය දා එලි දැක්වු විගණන වාර්තාවකින් තහවුරු වන බවත් ය.

ඒ අනුව මෙම පැමිණිල්ල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා කාර්යාලයට භාර දිමට කටයුතු කල බවත් ඒ සමඟ අදාල විගණන වාර්තවේ පිටපත් ද ඇතුලත් කල බවත් සභාපති වරයා පවසා සිටියේ ය.

Loading

ඉරාන ජනපති මිය යන මොහොතේ මහින්දට එවූ අපූරු තෑග්ග.!

ඉරාන ජනපති මිය යන මොහොතේ මහින්දට එවූ අපූරු තෑග්ග.!

ආන්දෝලනාත්මක හෙලිකොප්ටර් අනතුරෙන් මිය යාමට පෙර දිනයේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මෙරට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර වෙත එවන ලද විශේෂිත ලෝහමය සිහිවටනයක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍යවරයා වෙත ඊයේ (20 වැනිදා) භාරදී ඇත.

පසුගියදා ඉරාන ජනාධිපතිවරයා උමාඔය ජල විදුලි ව්‍යාපෘතිය විවෘත කිරීමට මෙරටට පැමිණි අවස්ථාවේදී, ඔහු මෙරට ඇමැති මහින්ද අමරවීර හට සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඇරයුමක් කළ අතර ඒ අනුව, ඇමැතිවරයා පසුගියදා ඉරානයේ සංචාරයකට සහභාගී විය.

එම සංචාරයෙන් පසුව මියගිය රයිස් ජනාධිපතිවරයා විසින් අමරවීර අමාත්‍යවරයාට ලෝහමය විශේෂිත ත්‍යාගයක් එවා තිබිණි.

එම කරුණ සුවිශේෂී වනුයේ ඉරාන ජනාධිපතිවරයා හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව නිල වශයෙන් ප්‍රකාශ කෙරුණු ඊයේ (20) දිනයේදීම අමරවීර අමාත්‍යවරයාට අදාළ ත්‍යාගය ලැබීම ලැබීමයි.

Loading

අණතුර සැලැස්මක්, ජනතාව නොසන්සුන්.. ඉරානය යුද්ධය ප්‍රකාශ කිරීමට සැරසෙයි.!

අණතුර සැලැස්මක්, ජනතාව නොසන්සුන්.. ඉරානය යුද්ධය ප්‍රකාශ කිරීමට සැරසෙයි.!

විදේස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අවාසනාවන්ත මරණය දරාගත නොහැකි ලක්ෂ සංඛ්‍යාත ඉරාන ජනතාව එරට අගනුවර වන ටෙහරාන් නුවර වෙත ඒකරාශී වෙමින් සිටිනා අතර රට පුරාම ශෝකප්‍රකාෂ රැළි සංවිධානය වෙමින් පවතින බවයි.

මේ අතර ඉරාන ජනාධිපතිවරයාගේ මරණයට ඇමරිකාව වගකිය යුතු බව ඉරානයේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඔහු වැඩිදුරටත් පැවසූවේ ඇමරිකාව මූලිකව ඉරානයට සම්බාධක පැනවීමට මූලිකව කටයුතු කළ බවත්, ඒ හරහා ඉරානයට ගුවන් යානා සහ ගුවන් යානා අමතර කොටස් මිලදී ගැනීම් සඳහා බාධා පැමිණවූ බවත්‍ මේ සියලු කාරනා පිටුපස ඇමරිකාව සිටිනා බවත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කඩිනම්න් පියවර ගන්නා බවත් ය.

ඉරාන ජනතාවගේ අපරාධ ලැයිස්තුවේ ඉහළින්ම සිටින රටක් ලෙස ඇමරිකාව නම් කළහැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.

Loading

සජිත් ජනාධිපතිවරණයට තරඟ කරන් නෑ.. ලාල් අමුතු සැලැස්මක් හෙලි කරයි.!

සජිත් ජනාධිපතිවරණයට තරඟ කරන් නෑ.. ලාල් අමුතු සැලැස්මක් හෙලි කරයි.!

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත ‘අදිටන විශ්‍රාමික රණවිරු’ නම් රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් කියා සිටියේ රටක දේශපාලනය යනු කාලගුණය මෙන් නිතර වෙනස් වන දෙයක් බවත් ඉදිරි මාස දෙකේදී දේශපාලන වෙනස්කම් රැසක් සිදුවීමට නියමිත බවත්ය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සජිත් ප්‍රේමදාස ජනාධිපති තරගයට තරග නොකරනු ඇති බවත් තරගය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහත්, අනුර කුමාර දිසානායකත් අතර පමණක් බවත්ය.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“ඉදිරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකට ජාතික ජන බලවේගය සූදානම්. පොහොට්ටුවේ සිටින සමහර මන්ත්‍රීන් ඇමැතිම් ලබාගන්න ආණ්ඩුවට හේත්තු වෙලා සිටියට පොහොට්ටුවේ පහළ මට්ටමේ පිරිස අද එකතුවෙලා ඉන්නේ ජාතික ජන බලවේගය සමඟ.

නිදහසින් පසු වසර 75ක් මේ රට පක්‍ෂ දෙකක් විසින් මාරුවෙන් මාරුවට පාලනය කළා. එම කණ්ඩායම තවත් වසර 5ක් රට පාලනය කිරීමේ උත්සායක යෙදෙනවා.

Loading

ශ්‍රී ලාංකික “අයි.එස්.අයි.එස්” ත්‍රස්තවාදීන් 4ක් අත්අඩංගුවට.!

ශ්‍රී ලාංකික “අයි.එස්.අයි.එස්” ත්‍රස්තවාදීන් 4ක් අත්අඩංගුවට.!

ඉන්දීය අහමදාබාද්හි සර්දාර් වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී එරට ගුජරාට් ත්‍රස්ත විරෝධී කණ්ඩායම (ATS) විසින් ISIS ත්‍රස්තවාදීන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනේ එසේ අත්අඩංගුවට ගත් සියලු දෙනාම ශ්‍රී ලාංකීය ජාතිකයන් බවයි.

ආරක්ෂක අංශ විසින් එම ත්‍රස්ත සැකකරුවන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහා හෙළි නොකළ ස්ථානයකට ගෙන ගොස් ඇති බවත් TV9 ගුජරාටි වාර්තා කර ඇත.

සැකකාර ත්‍රස්ත කණ්ඩායම අහමදාබාද් ගුවන් තොටුපළේ රැඳීසිටි අභිප්‍රාය මෙතෙක් පැහැදිලි නොවන බවට සඳහන් වේ.

කෙසේ නමුත් ඉන්දියන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම සිදුවීමෙන් පසු ගුවන් තොටුපල පුරා ආරක්ෂාව තර කර ඇති බවයි.

IPL කණ්ඩායම් තුනක් අහමදාබාද් ගුවන් තොටුපළට පැමිණීමට පෙර මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි හින්දුස්ථාන් ටයිම්ස් වැඩිදුරටත් පවසයි. 

Loading

“දැඩිගම” නාමය භාවිතා කරමින් රන් භාණ්ඩ උගසට ගත් ව්‍යාපාරයකට වැඩ වරදී.!

“දැඩිගම” නාමය භාවිතා කරමින් රන් භාණ්ඩ උගසට ගත් ව්‍යාපාරයකට වැඩ වරදී.!

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී.ප්‍රනාන්දු විසින් ජනතාව මුලා කරමින් “දැඩිගම” නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම වාරණය නිකුත් කෙරුනේ මහනුවර කටුගස්තොට, කුරුණෑගල පාරේ ඩි.ඒ.සි.පි. දැඩිගම උකස් පුද්ගලික සමාගමට එරෙහිවයි.

මෙම වාරණය නිකුත් කෙරුණේ මහරගම දැඩිගම ගෲප් ප්‍රයිවට් ලිමිටඩ් හා එහි සභාපති රංජන් මලින් දැඩිගම විසින් බුද්ධිමය දේපල පනත යටතේ පැවරු නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවයි.

පැමිණිල්ල විසින් අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ, ජනතා විශ්වාසය දිනූ පැමිණිලිකරුගේ කීර්ති නාමය උපයෝගී කරගනිමින් වෙළඳ කටයුතුවල නිරත වීම වළක්වන වාරණ නියෝගයක් හා අතුරු තහනම් දැන්වීම් නොතීසී විත්තිකරුට එරෙහිව නිකුත් කරනා ලෙසයි.

මහාධිකරණ විනිසුරුවරයා විසින් පැමිණිල්ලේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකාර සමාගමට වාරණ නියෝගයක් පනවමින් ලබන 29 වැනි දින අධිකරණය කරුණු දක්වන ලෙසට නියෝග කරමින්  අතුරු  තහනම් දැන්වීම් හා නොතීසී නිකුත් කළේය.

Loading

හෙට දිනයේත් පාසල් රැසක් වසා දමයි.!

හෙට දිනයේත් පාසල් රැසක් වසා දමයි.!

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (20) දින පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දැමීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කළේය.

ඒ අනුව තවදුරටත් පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේත් වසා තැබීමට තීරණය කළ බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සදහන් කරයි.

Loading

මුලින් පවත්වන මැතිවරණය ගැන ජනාධිපතිවරයාගෙන් පැහැදිලි ප්‍රකාශයක්.!

මුලින් පවත්වන මැතිවරණය ගැන ජනාධිපතිවරයාගෙන් පැහැදිලි ප්‍රකාශයක්.!

ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (20) අදහස් දක්වමින් කියාසිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව මුලින් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, මුලින් පැවැත්වෙන්නේ මහ මැතිවරණය බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරග නොකරන බවත් උදයංග වීරතුංග,ඩිලාන් පෙරේරා වැනි පුද්ගලයන් විසින් සිදුකරනා ප්‍රකාශ සාවද්‍ය බවත් එම පිරිස් එවැනි දේ ප්‍රකාශ කරන්නේ තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර මුදුන්පත් කර ගැනීමට බවත් ය.

නොයෙකුත් පුද්ගලයන් තම සිහින වල ජීවත්වූවාට එම සිහින යථාර්ථයක් නොවන බව ඔහු සඳහන් කළේය.

Loading

ඉරාන ජනපතිගේ අභාවයෙන් පසු එරට මීළඟ ජනපතිවරයා සම්බන්ධයෙන් අර්බුදයක්.!

ඉරාන ජනපතිගේ අභාවයෙන් පසු එරට මීළඟ ජනපතිවරයා සම්බන්ධයෙන් අර්බුදයක්.!

ඊයේ (19) ඉරාන කඳුකර ප්‍රදේශයක සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇති බව අද (20) තහවුරු වීමත් සමඟ එරට මීළඟ ජනපති සම්බන්ධයෙන් මේ වනවිට යම් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

එරට ව්‍යවස්ථාව අනුව ජනාධිපති වරයාගේ හදිසි අභාවයකදී අන්තර්වාර ජනපතිවරයෙක් පත්කළ යුතු අතර ඒ සඳහා මේ වනවිට එරට “පළමු නියෝජ්‍ය ජනාධිපති” ලෙස කටයුතු කරන පුද්ගලයා පත්කිරීමට සිදුව ඇති බව සඳහන්.

68 හැවිරිදි මොහම්මඩ් මොක්බර් නම් පුද්ගලයෙකු එම තනතුර මේ වනවිට දරනු ලබන අතර ඒ අනුව එරට අන්තර්වාර ජනාධිපති ලෙස මොක්බර් පත්වෙතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන් පසුව දින 50ක් තුළ ඔහුද අයත් වන ත්‍රි-පුද්ගල කවුන්සිලයක් මඟින් නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සැලසුම් කළ යුතු අතර එම කවුන්සිලයේ අනෙක් සාමාජිකයින් වන්නේ පාර්ලිමේන්තු කථානායක සහ අධිකරණයේ ප්‍රධානියා වේ.

නමුත් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ හැක්කේ ඉරාන අධ්‍යාත්මික නායකයාගේ අනුමැතිය මත පමණක් වන අතර ඒ සම්බන්ධයෙන් යම් අර්බුදකාරී තත්ත්වයක් උදාවී ඇති බව සඳහන්.

ඉරානය තුළ සිදුකෙරෙන ඕනෑම කටයුත්තක අවසාන තීරණය ගත යුත්තේ එරට අධ්‍යාත්මික නායකයා බව පැවසේ.

Loading

තිදරු මවක් ඇසිඩ් වක්කර සාහසික ලෙස ඝාතනය කරයි.!

තිදරු මවක් ඇසිඩ් වක්කර සාහසික ලෙස ඝාතනය කරයි.!

කහව ප්‍රදේශයේ ජීවත්වූ වසය 59ක් පමණ වන තිදරු මවක් ඇසිඩ් වක්කර ඝාතනය කර ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

ප්‍රදේශයේ පාසලකට ආහාරපාන සැපයූ ගෝනපිනුවල ප්‍රේමලතා නම් කාන්තාවක් එසේ ඝාතනය කර ඇත.

අද (20) අලුයම 4ට පමණ ඇයගේ නිවසට ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙක් ඇය සිය කුස්සියෙහි පොල් ගාමින් සිටිය සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය (ඇසීඩ්) ඇයගේ හිසට සහ මුහුණ ප්‍රදේශයට වක්කර ඇති බව වාර්තා වේ.

අසල්වාසීන් හා ඥාතීන් එක්ව එම කාන්තාව ත්‍රිරෝද රියකින් බලපිටිය මුලික රෝහලට ඇතුළු කර ඇති අතර ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව සඳහන්.

අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබඳ ව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS