Attention (Sinhala)

සබරේ නවක වධකයෝ 4ක් රිමාන්ඩ් 11කට පන්ති තහනම්.!

සබරේ නවක වධකයෝ 4ක් රිමාන්ඩ් 11කට පන්ති තහනම්.!

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු නවක වධය හේතුවෙන් මිය යාම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තුන්වන වසරේ සිසුන් 4 දෙනෙකු ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

නවකවධය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු මරණයට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනා එළැඹෙන මැයි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ සිසුන් සිව්දෙනා ඊයේ (04) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද (05) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන් වන වසරේ ඉගෙනුම ලබන මහරගම, ඇඹිලිපිටිය, වාරියපොළ හා හබරාදුව යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිව්දෙනෙකු බව පොලිසිය සඳහන් කළේය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ශාන් නමැති සිසුවා දිවි නසාගෙන තිබුණේ අප්‍රෙල් 29 වෙනිදාය.

විෂාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවධය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවය.

එවන් පසුබිමක ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණ මණ්ඩලයක් ද පත්කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය.

චරිත් සමග නවකවධයට ලක්වූ බව කියන සිසුන් 20 දෙනෙකුගෙන් සමනලවැව පොලීසිය පසුගියදා ප්‍රකාශ ද සටහන් කරගත්තේ එවන් පසුබිමකය.

අනතුරුව මෙම නවකවධ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනය වැඩබලන පොලිස්පතිවරයාගේ නියමය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබුණි.

වංචාකරුවන්ගේ අනන්‍යතාව මහජනතාවට ප්‍රසිද්ධ කරයි.!

වංචාකරුවන්ගේ අනන්‍යතාව මහජනතාවට ප්‍රසිද්ධ කරයි.!

රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේ දැනගැනීම සඳහා රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට තීරනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

රේගුව පවසන්නේ රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කර ගැනීමට සහ රේගුව විසින් කරගෙන යනු ලබන නවතම ක්‍රියාමාර්ග වල එක් පියවරක් වශයෙන් මෙම පියවර ගත් බවයි.

මෙවැනි පියවරක් මගින් චේතනාන්විතව බදු ගෙවීම පැහැර හරින්නන් අධෛර්‍යයට පත් කරල රජයට හිමිවිය යුතු නිසි බදු ප්‍රමාණය ගෙවීම සඳහා බදු ගෙවන්නන් පෙලඹවීම සහ ආනයන හා අපනයන නීති කඩකිරීම වැලැක්වීම තුලින් නීති විරෝධීව භාන්ඩ දේශසීමාව හරහා රටට ඇතුල්වීම හා පිටකිරීම අවම කිරීම රේගුවේ බලාපොරොත්තු වේ.

රේගු ආඥා පනත යටතේ නිසි විමර්ශනයකින් පසුව පැවැත්වෙන පරීක්ශනයකදී වරදකරුවන් වන පුද්ගලයන් සහ ආයතන වල විස්තර මෙසේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කෙරේණු ඇත.

එසේම මුදල් විශුධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ස්ථාපිත මුල්‍ය බුද්ධි අංශයේ මග පෙන්වීම මත මේ වනවිට ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් විශුධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ ඒකකයක් පිහිටුවා තිබේ.

ඉදිරියේදී රේගු වැරදි වලට සම්භන්දවන ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ඒකකය විසින්වැඩිදුර විමර්ශන පවත්වා සැකකටයුතු ආයතන සහ පුද්ගලයින් සම්භන්දයෙන් මුල්‍ය බුද්ධි අංශයට සහ අපරාධ පරීක්ෂන් දෙපාර්තමේන්තුවට දැනුම් දීමටද කටයුතු කරනු ලැබේ.

නවකවධය ගැන තීරණයක්.. සියලු උප කුලපතිවරු වහාම කැඳවයි.!

නවකවධය ගැන තීරණයක්.. සියලු උප කුලපතිවරු වහාම කැඳවයි.!

රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආන්දෝලනයට තුඩුදී ඇති නවකවධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, අද(05) වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කැඳවා තිබේ.

මේ අතර, නවක වධයට දිගු කාලීන විසඳුම් සෙවීම වෙනුවෙන් අගමැතිනි හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමක් සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයද දිවයිනේ උපකුලපතිවරුන් කොළඹට කැඳවා ඇති බව වාර්තා වෙනවා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්, අද(05) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදාළ සිසුන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

වියට්නාමයේ ප්‍රභලයෙක්ට ජනපති අනුරගෙන් ඇරයුමක්.!

වියට්නාමයේ ප්‍රභලයෙක්ට ජනපති අනුරගෙන් ඇරයුමක්.!

මේ වනවිට වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ආයෝජන සිදු කරන ලෙස ජනාධිපතිවරයා වින්ගෲප් සමූහයට එහිදී ආරාධනා කළ බවයි.

වින්ගෲප් සමූහ ව්‍යාපාර මූලස්ථානයේදී ඊයේ (මැයි 4) පස්වරුවේ මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව තුළ ආයෝජන සඳහා නම්‍යශීලී හා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව ජනපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ විශේෂයෙන් සංචාරක හා දේපළ වෙළඳාම් වැනි ඉහළ විභවයක් ඇති අංශවල විදේශීය ආයෝජකයින්ට හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා රජයේ කැපවීම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරට ත් පෙන්වා දී තිබේ.

ටෙක්නොකොම් කෝපරේෂන් (Technocom Corporation) ලෙස හැඳින් වූ වින්ගෲප් ඒකාබද්ධ කොටස් සමාගම (Vingroup JSC) 1993 වසරේදී යුක්රේනයේ ආරම්භ කරන ලදී.

වර්තමානය වන විට, වින්ගෲප් නාමය වියට්නාමයේ විශාලතම සහ වඩාත්ම ගෞරවනීය පෞද්ගලික ව්‍යවසායන්ගෙන් එකකි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වින් වීඑට් ක්වැන්ග් සහ දෙරටේ නියෝජිතයෝ මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.

ගල්කිස්සේ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට.!

ගල්කිස්සේ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට.!

අද (05) උදෑසන ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ සිදුකළ වෙඩිතැබීමක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළා ගොස් ඇති අතර, වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 19 හැවිරිදි ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කළුතර මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්.!

කළුතර මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්.!

මීට සුළු මොහොතකට පෙර කළුතර ප්‍රදේශයේදී මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

පොලීසිය පැවසුවේ වෙඩි වැදීමෙන් තුවාල වූ අපේක්ෂකයාව කළුතර නාගොඩ රෝහල ඇතුලත් කර ඇති බවයි.

කෙසේවෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. 

“2025 මාර්තු” ඉතිහාස ගතවෙයි.!

“2025 මාර්තු” ඉතිහාස ගතවෙයි.!

විදේශ සේවා නියුක්තිකයන් විසින් මේ වසරේ මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 693ක විදෙස් ප්‍රේශණ ශ්‍රී ලංකාවට ඒවා තිබුණි.

මෙය ෛතිහාසයේ මාර්තු මාසයකදී වාර්තා වූ ඉහළම මාසික විදේශ සේවා නියුක්තිකයගේ ප්‍රේෂණ ප්‍රමාණය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

සබරගමු සිසිවාගේ මරණය ගැන පරීක්ෂණ ත්‍රිපුද්ගල කමිටුවක් වෙත.!

සබරගමු සිසිවාගේ මරණය ගැන පරීක්ෂණ ත්‍රිපුද්ගල කමිටුවක් වෙත.!

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ගෙළ වැළලාගෙන සිය දිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා එම විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ එහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ.ඒ.වයි. අමරසිංහගේ සභාපතීත්වයෙන්.

මේ වන විට අදාල සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේම සිසු සිසුවියන් 16 දෙනෙකුගෙන් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කරගත් බවයි පොලිසිය සදහන් කළේ.

අදාල සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකිරීම සඳහා ඊයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ද පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබුණා.

පුස්සැල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි චරිත් දිල්ෂාන් නමැති මෙම තරුණයා සියදිවි නසාගෙන තිබුණේ පසුගිය 29 වැනිදා රාත්‍රියේදීයි.

මිය ගිය චරිත්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණා.

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත්, මෙලෙස සියදිවි නසා ගැනීමට හේතුව ඔහු මුහුණ දුන් නවක වදය බවට සැකයක් ඇතැයි පවසමින් එම සරසවියේම සිසුන් පිරිසක් ද සමනළ වැව පොලිසියට පැමිණිල්ලක් ද කර තිබුණා.

ඉන්දීය සිනමාව, ගීත සහ ටෙලි නාට්‍ය තහනම් වෙයි.!

ඉන්දීය සිනමාව, ගීත සහ ටෙලි නාට්‍ය තහනම් වෙයි.!

පාකිස්තාක රජය විසින් ඉන්දීය ගීත තම ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීම, තහනම් කර ඇත.

පාකිස්තාන රූපවාහිනී නාලිකා ද පවසා ඇත්තේ ඉන්දීය ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ ගීත විකාශය කිරීම නැවැත්වීමට තමන් ද තීරණය කර ඇති බවය.

පාකිස්තාන රජය පවසන්නේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, තමන්ට එල්ල වන චෝදනා සියල්ල බැහැර කරන බවයි. කෙසේ නමුත් ඉන්දියාව පවසන්නේ, පාකිස්තාන රජයේත් බුද්ධි අංශයේත් සහාය ලබන ‘ලෂ්කාර් ඊ තයිබා සටන්කාමීන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවය.

මේ වනවිට ඉන්දියාව තම ගුවන් සීමාව පාකිස්තාන ගුවන් යානාවලටත්, පාකිස්තානය ඔවුන්ගේ ගුවන් සීමාව ඉන්දීය ගුවන් යානා වලටත් තහනම් කිරීමට පියවර ගෙන ඇත.

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරකයන් 26 ක් ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය 22 වැනිදාය. එම 26 දෙනාගෙන් 25 දෙනකු ඉන්දියානුවන් වූ අතර, එක් නේපාල ජාතික සංචාරකයෙක් ද සිටී.

පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හටගත් අර්බුදය සාමකාමීව විසඳා ගන්නැයි ලෝක නායකයෝ ඉන්දියාවටත් පාකිස්තානයටත් දැනුම් දී ඇත.

ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් පවසා ඇත්තේ, පහල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සෙවීමට ඉන්දියාවත් පාකිස්තානයත් හවුලේ ක්‍රියා කළ යුතු බවය.

පසුගිය 22 වැනිදා පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙද්දී, ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් සිටියේ ඉන්දියාවේ නිල සංචාරයකට එක් වෙමිනි.

මේ අතර ඉන්දු පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතරේත්, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙසෙත් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්‍යනාත් සිං අතරේත් දුරකතන සාකච්ඡා පැවැත්විණි. එහිදී රූබියෝ සහ හෙසෙත් තහවුරු කළේ ඇමරිකාවේ සහාය සැමවිටම ඉන්දියාවට හිමිවන බවය.

ඉන්ධන මිල අඩු කිරීම මත ගාස්තු අඩු කළ නොහැකියි.!

ඉන්ධන මිල අඩු කිරීම මත ගාස්තු අඩු කළ නොහැකියි.!

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසන්නේ රජය විසින් ඉන්ධන මිල ගණන් පහළ දැමූවත් ත්‍රිරෝද රථ ගාස්තුවල වෙනස් වීමක් තම සංගමයට ප්‍රකාශයට පත්කළ නොහැකි බවයි.