Attention (Sinhala)

අඩු මිලට ගත හැකි පළමු වාහන තොගය වරායට ගොඩ බහී.!

අඩු මිලට ගත හැකි පළමු වාහන තොගය වරායට ගොඩ බහී.!

ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු භාවිතා කළ වාහන රැගත් පළමු නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණ තිබේ.

ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු වරායට සෙවන් සීල්ස් නෞකාවකින් පැමිණි පළමු නැව්ගත කිරීම මෙය බවයි වාර්තා වේ.

Toyota Land Cruiser, Prado, BMW, Mercedes-Benz, Toyota Raize, Honda Vezel, Daihatsu, Suzuki සහ Suzuki Wagon R යන මාදිලිවල භාවිතා කළ වාහන 1,560 ක ප්‍රමාණයක් මේ අතරට අයත් බව සඳහන්.

මෙලෙස ගෙන්වූ වාහන සාපේක්ෂව අඩු මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද සඳහන්.

පානදුර වෙඩි තැබීමක්.. අයෙක් ජීවිතක්ෂයට.!

පානදුර වෙඩි තැබීමක්.. අයෙක් ජීවිතක්ෂයට.!

 අද (29) අලුයම පානදුර, හිරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි බටහිර මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

මෙම වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

හිරණ පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ගම්මන්පිල රක්ෂිත බන්ධනාගාරයට.!

ගම්මන්පිල රක්ෂිත බන්ධනාගාරයට.!

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් හිටපු අතිරේක ලේකම්වරයා අත්අඩංගුවට ගනු ලැබීය. 

ඒ 2021 වසරේදී චීනයේ  Qingdao Seawin Biotech නම් සමාගමකින් ගෙන්වන ලද පොහොර තොගයක් සම්බන්ධයෙන් වූ විමර්ශනයකට අදාලවයි.

අල්ලස් කොමිසම විසින් අදාල අතිරේක ලේකම්වරයා අත්අඩංගුවට ගෙන තිබුණේ අදාළ සමාගමෙන් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දීම මගින් ඊට අදාළ පළමු පොහොර තොගයෙන් 75%ක මුදලක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනා මතයි.

එහිදී කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු එළැඹෙන මැයි මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

රනිල්ගේ දවස උදාවෙයි.!

රනිල්ගේ දවස උදාවෙයි.!

අද පෙරවරු 9.30ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ඔහු මෙලෙස කැඳවා ඇත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී සිදුවුවායැයි පැවසෙන දුෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

මින් පෙර අවස්තා දෙකකදී ඔහුට කැඳවීම් ලැබුනද, පැමිණීමට නොහැකි බවට සිදුකළ දැනුම් දීම හේතුවෙන් අද දිනයේ දී මෙලෙස කැඳවා ඇත.

NPP ගෝල්ෆේස් බහී.!

NPP ගෝල්ෆේස් බහී.!

ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම පක්ෂයේ මැයි දින පෙළපාළිය මෙවර නොපැවැත්වෙනු ඇතැයි දැනගන්නට ඇත.

මැයි දින රැලිය සඳහා සියලුම මැතිවරණ කොට්ඨාශ ආවරණය වන පරිදි පිරිස් කැඳවීමට නියමිත බවද වාර්තා වෙයි.

සමන්ද සිල්වා දිවි සැරිය නිමා කරයි.!

සමන්ද සිල්වා දිවි සැරිය නිමා කරයි.!

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි ව පවුලේ ආරංචි මාර්ග පවසයි.

මිය යන විට 69 වියෙහි පසු වූ ඔහු ශ්‍රී ලාංකේය සංගීතය වෙනම තලයකට ඔසවා තැබූ අති දක්ෂයෙකි.

එමෙන්ම සමන්ද සිල්වා මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙක්ද වෙයි.

2024 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ.!

2024 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ.!

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.

2024 උසස් පෙළ විභාගය පසුගිය වසරේ නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2312කදී පැවැත්වුණි.

විභාගය සඳහා සමස්ත අයඳුම්කරුවන් 333,183ක් පෙනී සිටි අතර ඊට පාසල් අයදුම්කරුවන් 253,390ක් ඇතුළත්ය.

දකුණු ඉරානයේ දැවැන්ත පිපිරීමක්.!

දකුණු ඉරානයේ දැවැන්ත පිපිරීමක්.!

දකුණු ඉරානයේ බන්ඩාර් අබ්බාස් හී ෂාහීන් රාජී වරායේ බහාලුම් කිහිපයක දැවැන්ත පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම වරාය ප්‍රධාන වශයෙන් තෙල් ටැංකි සහ අනෙකුත් ඛනිජ රසායනික පහසුකම් සපයන වරායක් ලෙසද හැදින්වේ.

සිද්ධියෙන් පුද්ගලයින් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පිපිරීමේන් වරායට දැඩි ලෙස හානි සිදුව ඇත.

පිපිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉරාන රේගු අධිකාරිය පවසා ඇත්තේ පිපිරීමට හේතුව අනතුරුදායක භාණ්ඩ සහ රසායනකික ද්‍රව්‍ය විය හැකි බවය. 

තවද සිද්ධියෙන් වරයායේ තොටුපොළක කොටසක් දැඩි ලෙස හානි සිදු වී ඇතැයිද පිපිරීමෙන් හටගත් ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

පරණ රංගනය අවසන්.. සියලුම දූෂිතයන්ට නඩු පවරයි.!

පරණ රංගනය අවසන්.. සියලුම දූෂිතයන්ට නඩු පවරයි.!

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇත.

මීට පෙර කෝප් කමිටු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ සියලු ආයතන සම්බන්ධයෙන් වූ පොදු වාර්තාවක් පමණක් බවත් එම කමිටු රාජ්‍ය ආයතන වල දූෂණ වංචා සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉතිහාසයේ පළමු වතාවට වෙන වෙනම ලිපිගොනු සකස් කිරීමට පියවර ගන්නා බව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කරයි.

තවද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පහසු කෙරෙන ආකාරයට සියලුම සාක්ෂි ඇතුළත්ව එම ලිපිගොනු සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් එලෙස ලිපි ගොනු සකස් කිරීමට ඉදිරියේදී නීති නිලධාරියකු පත් කර ගන්නා බවද කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කරයි.

දළඳා වන්දනාවේ සේවයට කැපවූ පොලිස් නිලධාරීන් මියගිය හේතුව.!

දළඳා වන්දනාවේ සේවයට කැපවූ පොලිස් නිලධාරීන් මියගිය හේතුව.!

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා නිල ප්‍රකාශයක් කරමින් දැනුම්දී තිබුනේ මහනුවර සිරි දළදා මාලිගාවේ වන්දනා රාජකාරියේ නියැලී සිටි පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.

ඉකුත් 18 වන දින මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇති අතර මියගිය නිලධාරීන් දෙදෙනා නාවුල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් මංජුල රාජපක්ෂ (42) සහ කඩුගන්නාව පොලිසියේ සේවය කළ සැරයන් එස්.යූ.එන්. නිශ්ශංක (57) බව හඳුනාගෙන ඇත.

නාවුල පොලිසියේ සේවය කළ සැරයන්වරයා වන මංජුල රාජපක්ෂ මහතා, තම රාජකාරිය අවසන් කර යතුරුපැදියකින් නිවස බලා ගමන් කරමින් සිටියදී, නින්ද යාම හේතුවෙන් පාලනය නැති වූ යතුරුපැදිය මාර්ගය අසල පිහිටි කොන්ක්‍රීට් කානුවක ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

එමෙන්ම, කඩුගන්නාව පොලිසියේ සැරයන් එස්.යූ.එන්. නිශ්ශංක මහතා තම රාජකාරියේ නියැලී සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයකට පසුව රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

මේ අතර, සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ අධික සංඛ්‍යාව හේතුවෙන්, මහජනතාවට දැනට වන්දනාවේ නොයෙදෙන ලෙස පොලිසිය නිල වශයෙන් දැනුම් දී තිබුණද, එම උපදෙස් නොතකා විශාල බැතිමතුන් පිරිසක් පෙරදින මෙන්ම ඊයේ දිනයේ ද දළදා මාලිගා පරිශ්‍රයට පැමිණ තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වත්මන් තත්ත්වය යටතේ දිවයින පුරා පොලිස් නිලධාරීන් ගම්මාන වෙත ගොස් සිරි දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙස ජනතාව දැනුවත් කිරීමේ ව්‍යායාමයක නිරත වන අතර, දුම්රිය සහ මාර්ගස්ථ ප්‍රවාහන බස් රථ ගමනාගමනය ද සීමා කර ඇති බව පොලිසිය තවදුරටත් දන්වා සිටී.