Attention (Sinhala)

දළදා වන්දනාව දීර්ඝ කරනවාද.. නැද්ද.. අවසන් තීරණය.!

දළදා වන්දනාව දීර්ඝ කරනවාද.. නැද්ද.. අවසන් තීරණය.!

“සිරි දළදා වන්දනාව” තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද සම්බන්ධයෙන් දියවඩන නිලමේවරයා දළදා මාලිගාවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශයක් කළේය.

දින 10ක් පුරා පැවැති “සිරි දළදා වන්දනාව” කලින් නියම කර ගත් පරිදී අනිද්දායින් (27) අවසන් කරන බවත් යළිත් දීර්ඝ නොකරන බවද දියවඩන නිලමේවරයා සඳහන් කරයි.

දෛනිකව සැලසුම්කරගත් ප්‍රමාණයට වඩා විශාල බැතිමතුන් පිරිසක් පැමිණ තිබෙන බවත් දළදා වන්දනාව අට වන දිනය වූ ඊයේ (24) දිනත් බැතිමතුන් විශාල පිරිසකගෙන් මහනුවර පුරවරය පිරි තිබු බවද දියවඩන නිලමේවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව, සෞඛ්‍ය අංශ, නගර සභාව, මධ්‍යම පළාත් සභාව විශාල ‌සේවාවක් ඉටු කරන බවත් එය අගය කරන බවද දියවඩන නිලමේවරයා සඳහන් කරයි.

ඒ අනුව කලින් නියම කරගත් පරිදි ශ්‍රී දළදා වන්දනාව අනිද්දා (27) දින දක්වා පමණක් පැවැත්වීමටත් අනතුරුව දළදා වන්දනාව අවසන් කිරීමටත් තීරණය කළ බවද දියවඩන නිලමේවරයා සඳහන් කරයි.

නෑනගේ තොරතුරු අනුව ඩෑන් ඝාතනය කළ හැටි දුලාන්ගේ පාපොච්චාරණය.!

නෑනගේ තොරතුරු අනුව ඩෑන් ඝාතනය කළ හැටි දුලාන්ගේ පාපොච්චාරණය.!

ඊයේ (24) ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු බව කියන දුලාන් මධුසංක නැමැත්තා මෙම ඝාතනය මෙහෙයවූ බව පිළිගෙන ඇති අතර ඔහු මෙය සිදුකරන්නට මුල්වූ හේතුද පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

මෙම සිද්ධිදාමය ඉතා මෑතක පාරවන ලද පැරණි ආරවුලක ප්‍රතිඵලයක් බව ඒ අනුව පෙනී යයි. මෙම ඝාතනය පුද්ගලික ආරවුලක් මත සිදුවූවත් ඊට ආධාර හා අනුබල ලබාදීමට පාතාල නායකයින්ගේ සහයද ලැබී ඇති බව දුලාන්ගේ ප්‍රකාශ වලින් අනාවරණයවී ඇත.

මෙම ගැටුමට අදාළ ආසන්න සිදුවීම පසුගියදා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරතුර දී ආරම්භවී තිබේ.
ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනය කළ බවට පැවසෙන පිය පුතු පාර්ශ්වය එම අවුරුදු උත්සවයේදී ඩෑන්ට මුණගැසී ඇති අතර එහිදී ඔහුට තර්ජනය කර ඇති බව හෙළිවී තිබේ.

අනතුරුව පසුගිය 20 වැනිදා ඩෑන් ප්‍රියසාද් එම තර්ජනයට ප්‍රතිචාර ලෙස තවත් පාර්ශවයක් සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර ඩෑන්ගේ සහෝදරයා ඝාතනය කළ සැකකරුවන්ට අයත් ත්‍රීරෝද රථයක් වෙත කඩාපැන පිහියකින් අනින්නට ඩෑන් උත්සාහ කර ඇත්තේ 20 වනදාය.

ඔහු පිහිය පෙන්වා තර්ජනය කර ඇති අතර මේ සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක්ද අදාළ පාර්ශ්වය විසින් සිදුකර ඇති බව අනාවරණය විය.

ත්‍රිරෝද රථයට කළ පහරදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව පසුගිය 20 වනදා ඩෑන් ප්‍රියසාද්ට පෙනී සිටින ලෙස පොලිසිය දැනුම්දීමක් කර තිබූ නමුත්, එදින ඔහු පොලිසියට නොපැමිණි බව දැනගන්නට ලැබී තිබේ.

අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු දුලාන් නමැත්තාට ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමට යොජනා කර තිබෙන්නේ මෙම සිද්ධියෙන් පසුව වන අතර එම සිද්ධියෙන් දින දෙකකදී 22 දා සැලසුම් කරගත් ඝාතනය සිදුකර ඇත.

මෙම වෙඩි තැබීමට ආසන්නම හේතුව අවුරුදු උත්සව ආරවුලට එකට එක කිරීමක් ලෙස සිදුකළ ඩෑන්ගේ උල් ආයුධ තර්ජනය බවත් ඔහු පොලිසියට පවා නොපැමිණ ලොකුකම් පෙන්වූ බවත් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන දුලාන් මධුසංක නැමැත්තා පොලිසිය හමුවේ කියා ඇත.

දුලාන් මධුසංක දැනට ඩුබායි හි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොළොන්නාවේ ධනුෂ්ක නමැත්තාට දුරකථනයෙන් දැනුම් දී මෙම ඝාතනය සැලසුම් කරන්නට උපදෙස් ලබාගෙන ඇති අතර ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් ද මෙම සාකච්ඡාවට සම්බන්ධවී ඇති බව දුලාන් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරිම සැළසුම් ඩෑන්ගේ නිවසේදී කරන්නට උවමනා වූවත් මෙය ඉක්මණින් විය යුත්තක් යයි ලැබුණ අණ නිසා ඔහු එදින නිවසේ නොසිටි හේතුවෙන් බිරිඳගේ නිවසට යන බව තොරතුරු සොයාගෙන එහි ගොස් ඩෑන් ප්‍රියසාද් ඝාතනය කළ බවද සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත.

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 07 දෙනෙකු පොලිස් භාරයේ සිටින අතර, එම පිරිස අතර ඩෑන් ප්‍රියසාද්ගේ බිරිදගේ නැගණිය ද සිටින බව පොලිසිය සදහන් කරයි.

ඇය දුලාන්ට ඩෑන් සිටින තැන ගමන් විස්තර සපයා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පැවසේ.

සිද්ධියට සම්බන්ධ බවට සැකපිට ගුවන් ගමන් තහනමක් පනවා ඇති ඩෑන්ගේ සොයුරා ඝාතනය කළ පිය පුතු දෙපළද සම්බන්ධ බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට සොයන අතර ඊට විමර්ශන සිදුකරන බවත්, ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත් වාර්තා වේ.

පාකිස්ථානය දැඩි ස්ථාවරයක.. ඉන්දියාවට පූර්ණ යුද බලයෙන් ප්‍රතිචාර දැක්වීමේ තීරණයක් ගනී.!

පාකිස්ථානය දැඩි ස්ථාවරයක.. ඉන්දියාවට පූර්ණ යුද බලයෙන් ප්‍රතිචාර දැක්වීමේ තීරණයක් ගනී.!

අද පාකිස්ථානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් ඉස්ලාමබාද් හිදී රැස් වූ අවස්ථාවේදි පාකිස්ථානය විසින් ඉන්දියාවට දැඩි ප්‍රතිචාර දැක්වීමට තීරණය කර තිබෙනවා.

මෙම කවුන්සලය අද රැස්වූයේ ඊයේ දකුණු කාශ්මීරයේ පහල් ගම් හිදී සංචාරකයින් පිරිසක් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

එහිදී තීරණය වී ඇත්තේ ඉන්දු ජල ගිවිසුමට අනුව පාකිස්තානයට අයත් ජලය ඉන්දියාව විසින් ගලායාම නැවැත්වීමට හෝ හරවා යැවීමට සහ පහළ ගංගා තීරයේ අයිතිවාසිකම් අත්පත් කර ගැනීමට ගන්නා ඕනෑම උත්සාහයක් “යුද ක්‍රියාවක්” ලෙස සලකනු ලබන අතර ජාතික බලයේ සම්පූර්ණ වර්ණාවලිය හරහා පූර්ණ බලයෙන් ප්‍රතිචාර දක්වන බවයි.

එමෙන්ම සික් ආගමික වන්දනාකරුවන් හැර, සාර්ක් වීසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය යටතේ පාකිස්තානයේ සිටින ඉන්දියානු ජාතිකයින්ට රටින් පිටවීමට පැය 48 ක කාලයක් දී තිබෙනවා.

ඉන්දියාවට අයත් හෝ ඉන්දියාවෙන් ක්‍රියාත්මක වන සියලුම ගුවන් සමාගම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්තානයේ ගුවන් සීමාව වසා දම-ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්තානය හරහා ඕනෑම තෙවන රටකට සහ ඉන් පිටතට ඉන්දියාව සමඟ සියලු වෙළඳාම වහාම අත්හිටුවා තිබෙනවා.

මෙම ත්‍රස්ත්‍ර ප්‍රහාරයේ වගකීම, පාකිස්ථානය පදනම් කරගත් ලෂ්කර් ඊනායිබා සංවිධානයට සහය දක්වන ප්‍රතිරෝධක පෙරමුණ හෙවත් ටී.ආර්.එෆ් සංවිධානය භාරගෙන නිබුණා.

මෙවන් පසුබිමක ඉන්දියාවේ රැඳී සිටින සියළු පාකිස්තාන ජාතිකයන්ට පැය 48 ක් ඇතුළත සිය රටින් පිටව යන ලෙසයි ඉන්දීය රජය මීට පෙර නියෝගකර තිබුනි.

දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් සංචාරක ප්‍රදේශය ඉලක්ක කර එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමි වුණා

ප්‍රහාරයෙන් මියගිය පිරිස් අතර ඉන්දියානුවන් 25 දෙනෙකු සහ එක් නේපාල පුරවැසියෙකු අයත් බවද සඳහන්.

ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිදු කණ්ඩයාමක් භාරගෙන නොමැති අතර ඉස්ලාමීය බෙදුම්වාදීන් විසින් මෙම ප්‍රහාරය දියත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම 2008 වසරේ මුම්බායි නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව එරට තුළ සිවිල් වැසියන් ඉලක්ක කර දියත් වූ දරුණුතම ප්‍රහාරයද මෙය වන බවයි පැවසෙන්නේ.

ඉන්දියාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල කමිටුව ඊයේ හදිසියේම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමු

කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටු තීරණ අනුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින රාජ්‍ය සබඳතා පහළ දැමීමට ද පියවර ගෙන තිබෙනවා

ඒ අනුව සාර්ක් නිදහස් වීසා බලපත්‍ර ක්‍රමවේදය හරහා පාකිස්ථාන ජාතිකයින්ට ඉන්දියාවට වීසා පහසුකම් ලබාදීම අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම මෙම වීසා බලපත්‍ර යටතේ ඉන්දියාවේ සිටින සෑම පාකිස්තාන පුරවැසියෙක්ම පැය 48ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යා යුතු බවයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.

එමෙන්ම ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින වගා දේශසීමාව සම්පූර්ණයෙන් වසා දැමීමටද නියමිතයි

එමෙන්ම නවදිල්ලියේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක, හමුදා, නාවික සහ ගුවන් උපදේශකයින් නීත්‍යානුකූල නොවන පුද්ගලයින් ලෙසද ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ඉන්දියාවෙන් පිටත්විය යුතු අතර පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සිටින ආරක්ෂක, හමුදා, නාවික සහ ගුවන් උපදේශකයින් ද ඉන්දියාව වෙත ගෙන්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයි.!

ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයි.!

රජය විසින් 2025 අප්‍රේල් මස (26) වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව 2025 අප්‍රේල් මස (26) දින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී ඇත.

විශේෂ දුම්රිය අත්හිටුවයි.. හදිසි තීරණයක්.!

විශේෂ දුම්රිය අත්හිටුවයි.. හදිසි තීරණයක්.!

මහනුවර “සිරි දළදා වන්දනාව” වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය සම්බන්ධයෙන් හදිසි තීරණයක් ගෙන ඇත.

ඒ අනුව කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද (24) දිනයේ සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොලීසිය කළ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී සඳහන් කරයි.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ තීරණාත්මක ශාක්ෂියක්.. 3ක් අත්අඩංගුවට.!

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ තීරණාත්මක ශාක්ෂියක්.. 3ක් අත්අඩංගුවට.!

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය මගින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඔත්තු ලබා දුන්නැයි සැකපිට එම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සිය ඥාතියකුගේ නිවසටට පැමිණ කොරිඩෝව තුළ තවත් දෙදෙනකු සමඟ සාදයක් පවත්වමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී තිබූ වෙඩික්කරුවන් විසින් පිස්තෝල අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කර පලා ගොස් තිබිණි

Source – Lankadeepa

හදිසි ගංවතුර තත්ත්වයක්.. නගරයේ පාසල් වසා දමයි.!

හදිසි ගංවතුර තත්ත්වයක්.. නගරයේ පාසල් වසා දමයි.!

හදිසි ගංවතුර තත්ත්වයක් හලාවත නගරයේ හට ගෙන ඇති අතර එම ගංවතුර හේතුවෙන් හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාලය තවකාලිකව වසා දැමීමට හලාවත කලාප අධ්‍යාපන කාර්යාලය පියවර ගෙන ඇත. 

හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන අති බවත් මේ හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

ඩෑන් නැවත මිය යයි.! [Breaking News]

ඩෑන් නැවත මිය යයි.! [Breaking News]

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ  (22)  රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

කටානේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි.!

කටානේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි.!

මීට සුළු මොහොතකට පෙර කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

රාත්‍රී 7:10ට පමණ කටාන කටියන ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පුද්ගලයෙක් විසින් ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් ඇනීමට තැත්කර තිබෙන අතර ව්‍යාපාරිකයා විසින් සිය බලපත්‍ර සහිත ගිනිඅවියෙන් අදාළ පුද්ගලයාට වෙඩි තබා තිබේ.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩිතැබූ ව්‍යාපාරිකයා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වෙයි.  

අනුර පළමු වතාවට පාස්කු විමර්ශනයේ නවතම අනාවරණයක් සිදුකරයි.!

අනුර පළමු වතාවට පාස්කු විමර්ශනයේ නවතම අනාවරණයක් සිදුකරයි.!

අද (22) ජාතික ජන බලවේගයේ ගම්පහ ජන රැළියට සහභාගීවෙමින් ජනපතිවරයා පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සුභවාදී තොරතුරක් අනාවරණය කළේය.

පාස්කු ප්‍රහාරයට වසර 6ක් ගතව ඇතත් ඉන් වසර පහ හමාරක්ම ගතව ඇත්තේ ප්‍රහාරයේ සත්‍ය වසංකිරීමට බව ජනපතිවරයා සිහිපත් කළේය.

සැබැවින්ම විමර්ශන ආරම්භ වී මේ වනවිට ගතව ඇත්තේ මාස 6ක් පමණක් බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම මින් පෙර සිටම පාස්කු ප්‍රහාරයේ නිරාකරණට කරගත යුතු ස්ථාන 06ක් සම්බන්ධයෙන් තමා පැවසූ පරිදි අදාළ විමර්ශන සිදුවෙමින් පවතින අතර ඉන් ස්ථාන 2ක් මේ වනවිට නිරාකරණය කර ගැනීමට හැකිව තිබෙන බව ජනපතිවරයා පැවසීය.

එහිදී එම අනාවරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනපතිවරයා.