Attention (Sinhala)

පාසල් ළමුන් රැගත් බස් රථයක් සහ ප්‍රයිම් මුවර් රථයක් ගැටී මාරක අනතුරක්.!

පාසල් ළමුන් රැගත් බස් රථයක් සහ ප්‍රයිම් මුවර් රථයක් ගැටී මාරක අනතුරක්.!

අද (07) දහවල් නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ නෙලුම්දෙණිය, යට්ටෝගොඩ ප්‍රදේශයේදී ⁣පාසල් ළමුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක පිටුපස ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන ප්‍රයිම් මුවර් රථයක් ගැටීමෙන් මාරක අනතුරක් සිදුවිය.

අනතුරෙන් බස් රථයේ ගමන්ගත් පාසල් ළමුන් දෙදෙනකු හා ප්‍රයිම් මුවර් රථයේ රියැදුරා හා සහායකයා තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුලත් කෙරුනි.

අනතුරින් ප්‍රයිම් මුවර් රථයේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර බස් රථයේ පිටුපස කොටසටද බරපතල හානි හිදුව ඇත.

කෙසේවෙතත් අනතුරටපත් කිසිවෙකුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

වැස්ස වැඩිවෙයි.. කොළඹ යටවෙයි.!

වැස්ස වැඩිවෙයි.. කොළඹ යටවෙයි.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ, ගතවු පැය 24 තුළදී වාර්ථා වූ වැඩිම වර්ෂාපතනය දෙහිවල ප්‍රදේශයෙන් වාර්තා වු බවත් එය මිලි මීටර් 174.6ක් බවයි.

කොළඹට මිලි මීටර් 162.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනා ගමනයටද බාධා එල්ල වී ඇත.

තවද උඩුගමට මි.මි 155ක්, රත්මලානට මි.මි 155ක්, කැටන්දොලට මි.මි 152.3ක්, මීගමුවට මි.මී 145ක්, කලුතරට මි.මි 134ක්, පොද්දිවෙලට මි.මි 133.1ක්, බණ්ඩාරගමට මි.මි 132ක් ලෙස ඉහළ වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

(නිවරදි කිරීමක්) රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ..!

(නිවරදි කිරීමක්) රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ..!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පලවූ ප්‍රවෘතිය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අදහස් දක්වමින් කියා සිටියේ එවැන්නක් සිදුව නොමැති බවයි.

මේ වන විටත් හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව සඳහා එස්.ටී.එෆ් නිලධාරීන් 50 දෙනෙකු, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක් ඇතුළු 163 දෙ⁣නෙකු සිටින බව ඔහු පැවසීය

රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ රජිත් කීර්ති තෙන්නකෝන් නැමැත්තා ඇතුළු පිරිසක් විසින් මෙම සාවද්‍ය පුවත නිර්මාණය කර ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇත.

‍රජිත් කීර්ති නැමැත්තා ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත පලකළ ව්‍යාජ ලේඛනය සහ දැන්වීම පහතින්,

බිත්තර මිල සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්.!

බිත්තර මිල සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්.!

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී. නිශාන්ත වික්‍රමසිංහ මහතා අද (06) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ මේ වනවිට වෙළඳපොල පවතින අමුද්‍රව්‍ය මිල අනුව බිත්තරයක මිල රුපියල් 36ත් 37ත් අතර පවත්වා නොගතහොත් එම කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් පවතින බවයි.

රජය විසින් මේ වනවිටත් කුකුල් කෑම සඳහා යන වියදම අඩු කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් එම වියදම අඩු කරගත් විගස බිත්තරයක මිල රුපියල් 29ත් 30ත් දක්වා අතර මිලකට වෙළෙඳපොළට නිකුත් කළ හැකි බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ වර්තමානයේ බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 32ක 33 ක පමන පිරිවැයක් නිෂ්පාදකයාට දැරීමට සිදුවන අතර ඉන් වැඩි කොටසක් කුකුළු ආහාර සඳහා වැයවන බවත්‍ ය.

කුකුළු ආහාර වියදමින් 80%ක් පමණ රඳා පවතින්නේ බඩඉරිගු මිල මත වන අතර බඩඉරිගු මිල තීරණය වීමේ යම් යම් ගැටලුකාරි තත්ත්වයක් පවතින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට අනුව බිත්තර මිල රුපියල් 29ත් 30ත් අතර තත්ත්වයකට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

වැරදි තීරණයකින් Elon Musk බංකොලොත්.!

වැරදි තීරණයකින් Elon Musk බංකොලොත්.!

Fidelity ආයතනය පවසන්නේ Twitter ලෙස හැඳින්වූ සමාජ මාධ්‍ය වේදිකාව වසර දෙකකට පෙර Elon Musk මිලදී ගත් අවදියේදී එහි පැවති වටිනාකම මේ වනවිට 80% කට වඩා ප්‍රමණයකින් පහත වැටී ඇති බවයි.

Elon Musk විසින් 2022 ඔක්තෝම්බර් මාසයේදී Twitter සමාජ මාධ‍්‍ය වේදිකාව මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 44ක් මුදලක් වැය කර තිබුනි.

පසුව Elon Musk විසින් Twitter සමාජ මාධ්‍ය වේදිකාව X නමින් වෙනස් කළේය.

කෙසේවෙතත් 2024 අගෝස්තු මස වන විට X හි සමස්ත කොටස්වල වටිනාකම ඩොලර් මිලියන 4.2 ක් දක්වා පහත වැටී ඇති බව Fidelity ආයතනය පවසයි.

නමුත් මෙම වාර්තා සම්බන්ධයෙන් Elon Musk මේ වනතෙක් කිසිදු අදහසක් දක්වා නැත.

අල ළූණු බදු වැඩිකරයි.!

අල ළූණු බදු වැඩිකරයි.!

මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගත් බවයි.

එමෙන්ම ලොකු ළූණු කිලෝවක් සඳහාවන ආනයනික බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද පියවර ගෙන ඇත.

එම බදු සංශෝධනය අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල්වල ආනයනික වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 60 දක්වාද රුපියල් රුපියල් 10ක්ව පැවති ආනයනික ලොකු ලූණු බද්ද රුපියල් 30 දක්වාද ඉහළ නැංවෙනු ඇත.

දරුවන් 11ක් අනාථයන් කළ පොලු පහර.!

දරුවන් 11ක් අනාථයන් කළ පොලු පහර.!

රක්වාන පොලිසිය පවසන්නේ රක්වාන රංවලතැන්න වත්තේ පදිංචිව සිටි සෙල්ලපන් බාලක්‍රිෂන් නැමැති අවුරුදු 3ත් 15ත් අතර වයසේ දරුවන් එකොලොස් දෙනකුගේ පියෙක් සිය බිරියගේ සහෝදරයකු එල්ල කළ පොලු පහරකින් මරණයට පත්වී ඇති බවයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙක් වේ. ඔහුට බිරින්දෑවරු දෙදෙනකු සිට ඇති අතර එක් බිරිඳකට දරුවන් 7 දෙනකු සහ අනියම් බිරිඳට දරුවන් 4 දෙනකුද සිටින බව වාර්තා වෙයි.

දැඩි ලෙස බීමතට ඇබ්බැහි වූ පුද්ගලයෙක් වන මරණකරු තම නිත්‍යානුකූල බිරිද සමග ගැටුමක් ඇති කර ගෙන ඇති අතර ඊට මැදි වූ බිරියගේ සහෝදරයකුට ද තියුණු ආයුදයකින් පහරදිමට උත්සහ දරා ඇති බව පැවසේ.

එහිදී සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් බිරිඳගේ සහෝදරයා ඒ අසල තිබූ පොල්ලක් ගෙන මරණකරුගේ හිසට පහර දී ඇත.

පහර කෑ පුද්ගලයා පැය එකහමාරකට පමණ පසු ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු එක්ව රක්වාන රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා කහවත්ත රෝහලටත් පසුව රත්නපුර මහ රෝහලට මාරුකර යවා ඇත.

අනතුරුව රත්නපුර රෝහලේ දින දහයක් පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් (04) දින ඔහු මියගොස් ඇති බව පොලිසිය පැවසීය.

මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනී.!

මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනී.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන මහ මැතිවරණයට තරග නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා වේ.

රට තුළ ඇති වී තිබෙන දේශපාලන අවාසිදායක තත්ත්වයත්, සෞඛ්‍ය තත්ත්වය, සිය වයස පිළිබඳවත් සලකමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි කාලය විශ්‍රාම සුවයෙන් ගත කිරීම සදහා දේශපාලනයෙන් පූර්ණ ලෙස විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.

මෙරට දුම්රිය සේවයට ඉන්දියාවෙන් ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කරයි.!

මෙරට දුම්රිය සේවයට ඉන්දියාවෙන් ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කරයි.!

දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බවයි.

එමෙන්ම අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් මෙරට කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීම සඳහාද ඉන්දියානු රජය ඉදිරිපත් වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ආගමේ නමින් තමාට නැඟූ අවලාද සිනහවකින් බැහැර කළ ජනපති සංඝරත්නය ඉදිරියේ කියූ කතාව.! [Video]

ආගමේ නමින් තමාට නැඟූ අවලාද සිනහවකින් බැහැර කළ ජනපති සංඝරත්නය ඉදිරියේ කියූ කතාව.! [Video]

අද (05) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිපූජ්‍ය මකුලෑවේ විමලනායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී සංඝයා වහන්සේ සමඟ කෙටි පිළිසඳරක යෙදුනු ජනපතිවරයා ඉදිරි මහ මැතිවරණයෙන් පසු රටේ ජනතාවාදී ව්‍යවස්ථාවක් සකස්කිරීමේ අවශ්‍යතාවයද සිහිපත් කළේය.

මෙහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ තානාපතිවරුන් සහ ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී උගත්, බුද්ධිමත් ගැළපෙන පිරිසක් පත් කිරීමට කටයුතු කරනා ලෙසත් දේශපාලනය පිළිබඳ නොසිතා වගකීම් සහිතව කටයුතු කරනා පුද්ගලයන් පත් කරනා ලෙසත්ය.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව ආගම මුල් කරගනිමින් අවලාද නැඟීමට ඇතැම් කණ්ඩායම් සංවිධානාත්මකව ක්‍රියා කළ ආකාරය සිහිපත් කළ මහා සංඝරත්නය එම ප්‍රකාශ සාවද්‍ය බව මේ වන විටත් තහවුරු වී ඇති බවද පැවසීය.

එම වීඩියෝව,