Attention (Sinhala)

RMV නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු 03ක් අත්අඩංගුවට.!

RMV නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු 03ක් අත්අඩංගුවට.!

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර කිරීමට අද (05) කටයුතු කළේය.

ඒ බස් රථ 03ක පරම අයිතිය හිමිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ 02ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනාවක් මතයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බස්රථ පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්, එහි විෂය ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

අදාල පිරිස විසින් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදල අවස්ථා දෙකකදී ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙන් සඳහන් වෙයි.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ සැකකරුවන් ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

නිශ්ශංක සේනාධිපති ගිනි අවි 09ක් පරිහරනය කරලා.!

නිශ්ශංක සේනාධිපති ගිනි අවි 09ක් පරිහරනය කරලා.!

ඇවන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට පසුගිය රජය විසින් පුද්ගලික පරිහරනය සඳහා බලපත්‍ර සහිතව ගිනි අවි 07ක් ලබාදී ඇති බව වාර්තා වෙයි.

සේනාධිපති මහතා සතුව තිබූ ගිනි අවි මාදිලි පහත දැක්වේ.

1. AHBT 229 9mm Glock 19
2. 07698 9mm Ruger AZ USA 322
3. AHBT 225 9mm Glock 19
4. G 388417 9mm CZ P 10-c
5. AGRU 058 9mm Glock 19
6. F269104 9mm CZ P10-c
7. A 6879979mm CZ 85
8. 24SLG2-0164 12 Bore Repeater
9. 24 SLG2-0165 12 Bore Repeater

පියුමි හංසමාලිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි.!

පියුමි හංසමාලිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි.!

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි විසින් උපයාගත් යැයි පැවසෙන නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනය සඳහා නැවත වරක් ඇය නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ඊයේ (04) කැඳවා තිබුනි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුව තිතී අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිට අයත් BMW වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය හා ඇය විසින් අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපනවලින් ප්‍රශ්න සහගත ලෙස අධික මුදලක් උපයාගැනීම සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මීට මාස කිහිපයකට පෙර විමර්ශනයක් ආරම්භ කළේය.

කෙසේවෙතත් ඊයේ (04) කැඳවීමෙන් අනතුරුව ඇයගෙන් පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බව වාර්තා වෙයි.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වහාම ක්‍රියාත්මකවන වන පරිදි සේවයෙන් ඉවතට.! [Breaking News]

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වහාම ක්‍රියාත්මකවන වන පරිදි සේවයෙන් ඉවතට.! [Breaking News]

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සුරේෂ් සලේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ වෙනුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා පත්කිරීමට පොලිස් කොමිසම විසින් නිර්දේශ කර ඇත.

ජනවාරි සිට යළිත් පැරණි මිලට ජපන් වාහන.!

ජනවාරි සිට යළිත් පැරණි මිලට ජපන් වාහන.!

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා පවසන්නේ ලබන ජනවාරි මාසයේ සිට වාහන ආනයනය සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන ඇති බවයි.

එලෙස ජපන් සහ යුරෝපීය වාහන ආනයනයේදී බදු වැඩි කිරීම සම්බන්ධයෙන් පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඔහු පවසයි.

ඔහු පවසන්නේ වාහන ගෙන්වීමේදී 600%ක බද්දක් පනවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ කටකතා පැතිර ගොස් ඇති අතර, එවැනි බද්දකට යටත්ව කිසිවෙකුට වාහන මිලදී ගැනීමට නොහැකි බවයි.

ලබන ජනවාරියේ වාහන ආනයනය ආරම්භ කිරීමෙන් පසු මේ වනවිට අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පවතින ඉතා පැරණි වාහන වෙළෙඳපොළ කඩා වැටෙනු ඇති බවට වූ බියෙන් බොහෝ වාහන අලෙවි මධ්‍යස්ථාන හිමියන් කටකතා මවා ජනතාව රවටා දැනට පවතින තොග විකුණා ගැනීමට උත්සාහ කරන බවද වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා සඳහන් කළේය.

ස්වීඩනය මෙරට අලුත් වැඩකට අත ගහයි.!

ස්වීඩනය මෙරට අලුත් වැඩකට අත ගහයි.!

ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් සහ අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය අතර ඊයේ (04) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජෑන් තෙස්ලෙෆ් මහතා සඳහන් කර තිබුනේ මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය යොමුව ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳවද ස්වීඩන් රජයේ අවධානය යොමුව ඇති බවත් ස්වීඩන් තානාපතිවරයා පැවසීය. 

එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා සහ ඔවුන් මුහුණ දී ඇති වීසා දුෂ්කරතා පිළිබඳව ද තානාපතිවරයාගේ අවධානයට යොමු කළ බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය අශය පවසයි.

මෙම හමුව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ශ්‍රී ලංකාවේ ස්වීඩනයේ ගරු කොන්සල් ජනරාල් සංජය සුමන්ත්‍රි කුලතුංග, යුරෝපා සහ උතුරු අමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනි කේ ගුණසේකර යන නිලධාරීන් එක්ව සිටියහ.

මෙරට සාකච්ඡාවලින් අනතුරුව IMF කණ්ඩායමෙන් නිල නිවේදනයක්.!

මෙරට සාකච්ඡාවලින් අනතුරුව IMF කණ්ඩායමෙන් නිල නිවේදනයක්.!

ඊයේ (04) දිනයේ ශ්‍රී ලංකාව තුළ සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව IMF නියෝජිත කණ්ඩායම නිල නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය අභියෝග පිළිබඳව ඔවුන් ජනාධිපති අනුර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත්, ශ්‍රී ලංකාව ආර්ථිකව ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ තවදුරටත් ආරක්ෂා කර ගැනීම සහ ගොඩ නැගීමේ වැදගත්කම පිළිබඳව සියල්ලන්ම එකඟ වූ බවත්ය.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ දිගටම කරගෙන යෑම සඳහා නව රජයේ ඇති කැපවීම තම කණ්ඩායම දිරිමත් කළ බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන්වන සමාලෝචනය සඳහා දිනයක් නියම කිරීම සඳහා IMF කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන යන බවත් ය.

දරුවන්ගේ ඡායාරූප අන්තර්ජාලයට එක් කළාද.? පොලීසියෙන් දෙමාපියන්ට අවවාදයක්.!

දරුවන්ගේ ඡායාරූප අන්තර්ජාලයට එක් කළාද.? පොලීසියෙන් දෙමාපියන්ට අවවාදයක්.!

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලුම පුරවැසියන්ට දන්වා සිටින්නේ ළමයින් පිළිබඳව කටයුතු කිරීමේදී වගකීමෙන් සහ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට කටයුතු කරනා ලෙසයි.

දරුවන්ගේ පෞද්ගලිකත්වය හෙළිවන ආකාරයට ඡායාරූප, වීඩියෝ සහ ප්‍රකාශනයන් ආදී විවිධ තොරතුරු මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ සංවේදී කරුණු සමාජයට නිරාවරණය වීම තුළින් දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ අනන්‍යතාව මෙන්ම දරුවාගේ පවුල් පසුබිම පිළිබඳ තොරතුරු අනාවරණය වීම හරහා එය දරුවන්ගේ මානසිකත්වයට සහ පෞරුෂත්ව සංවර්ධනයට ඍණාත්මක බලපෑම් සිදු කරනා බව එම අධිකාරිය පවසයි.

එමෙන්ම දරුවන්ගේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරීම හරහා එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන සංස්කරණය කර අවභාවිතයට ගැනීමත්, එමගින් එම ළමයින් අන්තර්ජාලය ඔස්සේ සිදුවන ළමා අපයෝජනයන්ට ලක්වීමේ ප්‍රවනතාවක් ඇති බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබෙනා පැමිණිලි මගින් අනාවරණය වී ඇති බව සඳහන්.

හෂාන්ගේ බිරිඳට සජිත්ගෙන් වරදානයක්.!

හෂාන්ගේ බිරිඳට සජිත්ගෙන් වරදානයක්.!

පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය සමඟ එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳට වරදානයක් ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ.

අප්සාරි සිංහබාහු තිලකරත්න වන ඇය සමගි ජන බලවේගය පක්ෂයේ බටහිර – කොළඹ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර ඇති බව සඳහන්.

අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනියක ලෙසද කටයුතු කරයි.

කොළොන්නාවේ රහස්‍ය ගබඩාවක ටී-56 උණ්ඩ විසි පන්දහසක්.. පාතාලයට තොගේට බඩු දුන් ගබඩාවක්ද.?

කොළොන්නාවේ රහස්‍ය ගබඩාවක ටී-56 උණ්ඩ විසි පන්දහසක්.. පාතාලයට තොගේට බඩු දුන් ගබඩාවක්ද.?

“සති අග අරුණ” පුවත්පත අනාවරණය කර ඇත්තේ කොළොන්නාව තෙල් තොග ගබඩා පරිශ්‍රයේ රහස්‍ය අවිගාරයක තොග ලැයිස්තුවක් නොමැති ටී-56 උණ්ඩ 25,218ක් ඇතුළු පතරොම් දහස් ගණනක් සඟවා ඇති බවයි.

පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ගබඩාව හිස් උණ්ඩ කොපු ගබඩාවක් ලෙස පෙන්වා ඇති නමුත් එහි ටී-56 උණ්ඩ 25,218ක්, එස්.ජී. පතරොම් 2656ක්, එස්.එල්.ආර්. පතරොම් 1040ක් ගබඩා කර ඇති බවයි.

මෙම පරිශ්‍රයේ හමුදා අනුකණ්ඩයක් පැවති අතර ගබඩා ආරක්ෂකයන්ගේ කිසිදු අධීක්ෂණයක් නොමැතිව මෙම අවි ගබඩාව පවත්වාගෙන ගොස් ඇතැයි හෙළිවී තිබේ.

මෙම අවි ගබඩාවවේ අතුළත් බඩු බාහිරාදිය සම්බන්ධව තොග ලැයිස්තුවක් (Armory Inventory) ඉදිරිපත් කිරීමට මෙය භාරව කටයුතු කර ඇති ආරක්ෂක කළමනාකරුවන් අපොහොසත් වී ඇති බවත් කොළොන්නාව තෙල් තොග ගබඩාවේ කලාප 02 රහස්‍ය අවිගාරය තුළ මෙම රහස්‍ය ගබඩාව පිහිටා ඇති බවත් පුවත්පත පෙන්වා දෙයි.

මින් පෙර අවස්ථාවක විගණන අංශය සිදු කළ පරීක්ෂාවකදී අනිවාර්ය නිවාඩු යවා සිටි හිටපු කළමනාකාර ආරක්ෂකයකුගේ නිල කාමරයේ තිබී මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ 474ක් හා මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝල උණ්ඩ 277ක් හමුවී ඇති අතර පසුව ඒවා ගිනි අවි ගබඩාව වෙත භාරදී තිබිණි.

එමෙන්ම කලාප 02 පිහිටි හිස් උණ්ඩ රඳවන බව කියූ රහස්‍ය අවි ගබඩාව තුළ තිබී භාවිතයට ගත් ටී-56 උණ්ඩ කොපු 24,115ක් අඩංගු ගෝනි දෙකක්ද සොයාගෙන ඇත.

මෙහි ඇති බරපතල කාරණය වනුයේ කිසිදු ලේඛනයක් නොමැති මෙම රහස්‍ය අවිගාරය තුළ ඇති තොග ලැයිස්තුවක් පවත්වාගෙන නොගිය ජීව උණ්ඩ අපරාධ කල්ලි අතට පත්වූවාද යන්නයි.