Attention (Sinhala)

රාජ්‍ය සේවයේ ඉහළම තනතුරක්.. අවසන් තීරණය ලබන 22.!

රාජ්‍ය සේවයේ ඉහළම තනතුරක්.. අවසන් තීරණය ලබන 22.!

මෙරට රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු අතරට ගැනෙන්නක් වන විගණකාධිපති ධූරයට සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන (22) වැනිදා රැස්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

විගණකාධිපති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් සුදුසු නාම යෝජනාවක් කතානායකවරයාට අද හෙටම ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ නිලධාරීන් දෙදෙනෙකු සිටින අතර එම දෙදෙනාගෙන් අයෙකු විගණකාධිපති ධුරයට පත් කෙරෙනු ඇති බව දැනගන්නට ඇත.

තව ටික දවසයි.. නීති කැඩු හිටපු මැති ඇමතිලා පෝලිමට ඇතුළට.!

තව ටික දවසයි.. නීති කැඩු හිටපු මැති ඇමතිලා පෝලිමට ඇතුළට.!

මේ රට දියුණු වෙන්න නම් ලොකු පොඩි භේදයකින් තොරව සියලුම දෙනාට සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

රටේ නීතියට යටත් නැතිව නීති කැඩු හිටපු මැති ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන සියලු ආයතන ඉතාමත් සක්‍රියව වැඩ කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“මේ වෙලාවේ සමහරු කියනවා ආණ්ඩුවේ වැඩ ගැන සතුටුයි නමුත් හොරු අල්ලනවා මදියි කියලා, මතක තියාගන්න. තව ටික දවසකින් පෝලිමේ ඒක වෙන්නේ. දැනටත් තුන හතරක් රිමාන්ඩ්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන සියලු ආයතන ඉතාමත් සක්‍රියව වැඩ කරමින් වංචාවේ, දූෂණයේ යෙදුණ අය අධිකරණයට ගෙන යාමට අවශ්‍ය වැඩ කටයුතු සිදු කරමින් සිටිනවා.

ඌව පළාතේ හිටපු මහ ඇමැති මුදල් ගනු දෙනුවකදී ආණ්ඩුවට සිදුකළ පාඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට අරන් දැන් ඉන්නේ රිමාන්ඩ් භාරයේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිව්වා ඊට අදාළ බැංකු ගිණුම අයින් කර ගන්න කිව්වේ එයා කියලා. අල්ලස් කොමිසමෙන් හැරෙන තැපෑලෙන් ලියුමක් යවලා එහෙනම් ඔයත් එන්න කියලා.

ඒක හොඳද.? නරකද.? මීට කලින් මෙහෙම වුණාද.? ඒ ගොල්ලන්ට අත තියන්නේ නැහැ. කවදාවත් සී.අයි.ඩීයට, අල්ලස් කොමිසමට එන්නේ නැති අය. අල්ලස් කොමිසම නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. අපි ඒකට පහසුකම් සපයා ඔවුන්ට ස්වාධීනත්වය ලබාදී තිබෙනවා. ඔවුන් වැඩේ හරියට කරනවා. මේවායින් පෙන්වන්නේ නීතිය ඉටු වන රටක් බවයි.

සාමාන්‍යයෙන් කට්ටිය පොලිසියට බයේ හැංගෙනවා. පසුගිය දවස් වල පොලිස්පති හැංගෙනවා. අද ලංකාවේ සැමට සමාන ලෙස නීතිය ක්‍රියාත්මක වෙනවා. නීතියට යටත් වෙනවා වගේම නීතියට ටිකක් බය වෙන්නත් ඕනෑ. හැබැයි අපේ ලොකු ලොකු අය නීතියට යටත් නැහැ. නීතියට බයත් නැහැ. වාහන ආනයනය තහනම් කරලා තිබුණ කාලේ ගෙනාපු වාහන හිටපු ඇමැතිවරු මන්ත්‍රීවරු ළඟ තිබිලා හම්බ වෙනවා.

වාහන රෙජිස්ටර් කරන්නේ නැතුව පාරේ දුවලා. සාමාන්‍ය කෙනෙකුට බයිසිකලයක් පාරට දාන්න පුළුවන්ද.? අංක තහඩුව නැතුව.? ඒ කියන්නේ ඇමැතිවරුන්ට මන්ත්‍රිවරුන්ට නීතියක් නැහැ. එහෙම කරපු එක්කෙනා දෙන්නා ඇතුළට ගන්නවා. තව පෝලිමක් ඉන්නවා. මේ තමයි නීතිය ක්‍රියාත්මක වීම. පළිගැනීමද.? නැහැ. මේ කිසිවක් පළිගැනීමක් නෙවෙයි. අප කරන්නේ හැමදෙනාම නීතියට යටත්වන රටක් හදන එකයි.

මේ රට දියුණු වෙන්න නම් ලොකු පොඩි භේදයකින් තොරව සියලු දෙනාට සමව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.”

ජාතික ජන බලවේග ජන රැලියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

දළදා ප්‍රදර්ශනයට තාක්ෂණය එක් වෙයි.. පෝලිමේ කෙළවරත් Map එකෙන් පෙන්වයි.!

දළදා ප්‍රදර්ශනයට තාක්ෂණය එක් වෙයි.. පෝලිමේ කෙළවරත් Map එකෙන් පෙන්වයි.!

ශ්‍රී ලංකා පොලිසියේ වෙබ් අඩවියක් හරහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වීමට නියමිත ශ්‍රී දළදා ප්‍රදර්ශනය අතරතුර, පෝලිමේ අවසන් ස්ථානය, වාහන නැවැත්වීමේ පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් වැනි තොරතුරු පහසුවෙන් ලබාගැනීමට බැතිමතුන්ට අවස්තාව සලසා දී ඇත.

ඒ හරහා, බැතිමතුන්ට වාහන නැවැත්වීමේ හැකියාව, පෝලිමේ අවසානයේ නිශ්චිත ස්ථානය, නිල නිවේදන, මාර්ගෝපදේශ, ප්‍රදර්ශන වේලාවන්, සනීපාරක්ෂක පහසුකම් සහ ශ්‍රී දළදා මාළිගාවට ඇති දුර පිළිබඳ තත්‍ය කාලීන යාවත්කාලීන කිරීම් සොයාගැනීමට හැකිවේ.

https://daladadekma.police.lk/roads සහ https://daladadekma.police.lk යන වෙබ් අඩවි ඔස්සේ එම සේවාවන් වෙත ප්‍රවේශ වීම සඳහා බැතිමතුන්ට හැකියාව පවතී.

පනත අවලංගු කිරීමට පනත් කෙටුම්පත ගැසට් කරයි.!

පනත අවලංගු කිරීමට පනත් කෙටුම්පත ගැසට් කරයි.!

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රවී කරුණානායක විසින් පාර්ලිමෙන්තුවේදී ඉදිරිපත් කිරීම පිණිසයි.

කුඩ්ඩෙකුගේ පාපොච්චාරණයෙන් අතුරුගිරිය පොලීසිය සොයාගත් දේ.!

කුඩ්ඩෙකුගේ පාපොච්චාරණයෙන් අතුරුගිරිය පොලීසිය සොයාගත් දේ.!

අතුරුගිරිය පොලීසිය පවසන්නේ පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙක් සිදුකළ අනාවරණයක් අනුව T56 ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයාගැනීමට හැකිවූ බවයි.

එම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 100ක් සමග ඉකුත් 12 වනදා අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව සැකකරු රඳවා තබාගැනීමේ නියෝග යටතේ රඳවාගෙන සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත ඊයේ (17) දින මෙම ජීවඋණ්ඩ සහ තියුණු ආයුධය සොයාගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 25ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‍ වන අතර අතුරුගිරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

රටම බලා සිටි සිරි දළදා වන්දනාව ඇරඹෙයි.!

රටම බලා සිටි සිරි දළදා වන්දනාව ඇරඹෙයි.!

අද (18) දින සිට සිරි දළදා වන්දනාව ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවෙයි.

ඉන් අනතුරුව හෙට (19) දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සැලසුම් කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද දහවල් 12:30ට පමණ මෙහි සමාරම්භක අවස්ථාව සිදුවන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සිරි දළදා වන්දනාවේ පළමු දැක්ම අදට වසර 1715කට පෙර අනුරපුර කිත්සිරිමෙවන් මහරජු දවස දක්වා දිවෙන බව දාඨා වංශයේත්, පාහියන් චීන දේශාඨන වාර්තාවලත් සඳහන් ය.

ක්‍රිස්තු වර්ෂ 310දී පමණ ත්‍රිකුණාමලයේ අප්‍රකට වරායකින් ලංකාද්වීපයට වැඩම කරවූ දළදා වහන්සේ මෙරට රාජධානි කිහිපයක ගමන් මඟින් පසු වර්තමානයේ ඓතිහාසික සෙංකඩගල දළදා මැදුරේ දළදා වහන්සේ ලෝවාසි ජනීජනයාගේ වන්දනා මානයට පාත්‍ර වෙයි.

මෑත කාලීන ඉතිහාසයේ, 1828, 1882, 1972, 1978, 1991, 1995, 2001, 2004 සහ අවසන් වරට 2009 වසරේදී සිරි දළදා වන්දනාව පැවැත්වුණි.

ඒ අනුව, වසර 16කට පසු ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් බැතිමතුන්ට මෙවර උදාවී තිබේ.

මෙවර සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක් සලසාදී ඇති අතර ඒ, ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් පෝලිම, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් පෝලිම සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් පෝලිම වශයෙනි.

හෙට සිට VIP / VVIP නෑ.. පළමු තැන ජනතාවට.!

හෙට සිට VIP / VVIP නෑ.. පළමු තැන ජනතාවට.!

හෙට (18) දිනයේ සිට කිසිදු අවස්ථාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන්ට “සිරි දළදා වන්දනාව” සඳහා විශේෂිත වූ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සඳහන් කරයි.

සිරි දළදා වන්දනාවේදී 98%ක පමණ ප්‍රමුඛත්වයක් ලබාදී ඇත්තේ බැතිමතුන්ට වන බවද මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සඳහන් කරයි.

උදෑසන කිරි ආහාර පුජාව වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට කිසිදු අවහිරයක් නොමැතිව වන්දනාමාන සිදුකළ හැකි බවද නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සඳහන් කරයි.

ස්වාමින් වහන්සේලා සීමිත පිරිසකට දළදා මාළිගයට ඇතුළු වීමේදී විශේෂ අවස්ථාවක් ලබාදෙන බවත් ඔවුන්ව ද විශේෂ ආරක්ෂාවකට ලක්කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

විදෙස් තානාපතිවරු ද විශේෂ පරීක්ෂාවකට ලක්කර මහජනතාවට දළදා වන්දනාව ආරම්භ කිරීමට පෙර දළදා වහන්සේව වන්දනා කරගැනීමට අවස්ථාව ලබාදෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

“සිරි දළදා වන්දනාව” බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම ගැන පොලීසියේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මේ බව සඳහන් කරයි.

ලියාපදිංචි වීම අනිවාර්යයි.. භාණ්ඩ කිහිපයක් බද්දෙන් නිදහස්.!

ලියාපදිංචි වීම අනිවාර්යයි.. භාණ්ඩ කිහිපයක් බද්දෙන් නිදහස්.!

වැට් බද්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අප්‍රේල් මස (11) වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහ යෝගට් සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බවත් ඒ සඳහා නැවුම් කිරි අවම වශයෙන් 50%ක් අඩංගු විය යුතු බවද එම දෙපාර්තමේතුව සඳහන් කරයි.

දියර කිරි සහ යෝගට්වලට අමතරව විදුලි ජනනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද එකතු කළ අගය මත බදු සංශෝධන නව පනතට අනුව අනේවාසික පුද්ගලයින් විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා වැට් බදු පැනවීමට එම දෙපාර්තමේතුව තීරණය කර ඇත.

ඔක්තෝබර් මස (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි අනේවාසික පුද්ගලයින් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට සපයනු ලබන සේවාවන්වලට වැට් බද්ද අදාළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද වාණිජ අරමුණු සඳහා භාණ්ඩ ආනයනය කරන හෝ අපනයනය කරන සියලුම පුද්ගලයින් එකතු කළ අගය මත බදු සංශෝධන පනතේ ලියාපදිංචි වීම ද අනිවාර්යය කර ඇති බව තවදුරටත් සඳහන් කරයි.

පිල්ලෙයාන්ගේ ආධුනික නීතීඥයා ගැන නලින්ද කතා කරයි.!

පිල්ලෙයාන්ගේ ආධුනික නීතීඥයා ගැන නලින්ද කතා කරයි.!

අද (16) පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ පිල්ලයාන්ගේ නීතිඥයා බවට ගම්මන්පිල පත්වීමත් සමග අතීතයේ සිදුවූ වංචා දූෂණ ඝාතන කොතරම් බරපතල දැයි එයින් පෙනී යන බවයි.

අමාත්‍යවරයා කියා සිටියේ, උදය ගම්මන්පිල මහතා මීට පෙර මේ රටේ නඩු කතා කර ඇති බවට ජනතාව දැක නැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා :

“ගම්මන්පිල මහතා මේ රටේ නඩු කතා කරනවා මීට පෙර ජනතාව දැක නැහැ. නමුත් පිල්ලයන් තම නීතිඥයා හැටියට තෝරාගෙන තිබෙන්නේ ගම්මන්පිලව.

ගම්මන්පිල බාරගෙන තිබෙන්නෙත් පිල්යන්ගේ නඩුව. මේවා නිකම්ම නිකම් දේශපාලන ඝාතන නොවේ. මේවා මහා ජාලයක් ඇතුලේ ක්‍රියාත්මක වී තිබෙන දේවල්. එම නූල් බෝලය දැන් ටිකෙන් ටික ලිහෙමින් පවතිනවා.

මේ වන විට අල්ලස් කොමිසම සක්‍රීය වී පසුගිය කාලයේ යටගොස් තිබූ ෆයිල් උඩට ගනිමින් තිබෙනවා. වැරදිකරුවන්ට නඩු පවරමින් තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඔවුන්ගේ කටයුතු ආරම්භ කරමින් නඩු පවරමින් අධිචෝදනා ගොනු කරමින් සිටිනවා.

නීතිය පැත්තෙන් කළ යුතු සියලු දේවල් ඊට සම්බන්ධ ආයතන මගින් සිදුකරමින් පවතිනවා. රජය මඟින් සිදු කරනු ලබන්නේ ඊට අවශ්‍ය පහසුකම් සැපයීම පමණයි”

“මේක මා කිසි දිනක බලාපොරොත්තු නොවූ මාධ්‍ය හමුවක්..” පිල්ලයාන් හමුව ගැන ගම්මන්පිලගේ සම්පූර්ණ ප්‍රකාශය.!

“මේක මා කිසි දිනක බලාපොරොත්තු නොවූ මාධ්‍ය හමුවක්..” පිල්ලයාන් හමුව ගැන ගම්මන්පිලගේ සම්පූර්ණ ප්‍රකාශය.!

තමන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී හමුවීම සම්බන්දයෙන් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද දින (2025.04.16) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත මෙසේ අදහස් දැකවීය.

මම අද මේ පවත්වන මාධ්‍ය හමුව ජීවිතයේ කිසිම දිනක පැවැත්වීමට බලාපොරොත්තු නොවූ මාධ්‍ය හමුවක්. මම පිල්ලෙයාන් හමු වුණේ දේශපාලකයෙකු ලෙස නොවේ. නීතිඥයෙකු ලෙස. මම මගේ දේශපාලන ජීවිතයත් වෘත්තීය ජීවිතයත් ඉරක් ගහලා වෙන් කරගෙන කරන්නේ. ඒ නිසා මම සීඅයිඩියට යෑමට පෙරවත් යෑමෙන් පසුවත් මාධ්‍යයන්ට ඒ ගැන කිව්වේ නෑ. මම පිල්ලෙයාන් හමු වුණු බව මාධ්‍ය වලට කියන්න එපා කියලා සීඅයිඩී පරිපාලන ස්ථානාධිපති මගෙන් ඉල්ලීමක් කළා. එතකොටත් මම “බය වෙන්න එපා. මම නීතිඥ ආචාර ධර්ම දන්නවා” කියලා එතුමාට කිව්වා. නමුත් ඊ ළඟට සිදු වුණු දේ තමයි පොලිසිය ඉතිහාසයේ කවදාවත් නොවුණු අයුරින් දේශපාලනිකරණය වෙලා කියන එකට හොඳම නිදසුන.

මම සීඅයිඩිය ඇතුලේ ඉන්න අතරේ සමාජ මාධ්‍යවේදින් මගේ පැමිණීම ගැන වාර්තා කරලා ඉවරයි. ඔය අතරේ සිඅයිඩියේ සිටින උප පොලිස් පරික්ෂකවරයෙකු වන ඒ එල් එම් ෆාහිම් මාගේ පැමිණීම ගැන ඔහුගේ මතය සමාජ මාධ්‍ය වලත් දානවා. මීට කලින් පොලිස් නිලධාරින් මෙහෙම හැසිරිලා තිබෙනවාද? යම් රැඳවියෙකුගේ නීතිඥයා කවුද බලන්න ආපු අය කවුද වැනි කරුණු මීට කලින් මෙහෙම වාර්තා වෙලා නෑ. පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සමාජ මාධ්‍ය වලට තොරතුරු මුදලට විකුණන බවටයි අපට තොරතුරු තිබෙන්නේ. ඒ නිසා තෝරා ගත් සමාජ මාධ්‍ය වලට පමණක් සීඅයිඩියේ තොරතුරු ලැබෙන්නේ කෙසේද කියා වහාම විමර්ශනයක් ඇරඹිය යුතුයි. එතකොට මේ ජාවාරම හෙලි කර ගන්න පුළුවන්.

ඒ විතරක් නොවේ. පිල්ලෙයාන්ගේ ප්‍රකාශයේ තිබුණාය කියලා විවිධ කරුණු සමාජ මාධ්‍ය වල වාර්තා වෙනවා. මීට කලින් සිදුවෙලා තිබෙන්නේ යමක් රටට ප්‍රකාශ කළ යුතු නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සියළුම මාධ්‍ය වලට එක පාර කියනවා මිස තමන් තෝරා ගත් මාධ්‍ය වලට විතරක් කියන්නේ නෑ. නමුත් පොලිසිය සහ ආණ්ඩුව විසින් මා පිල්ලෙයාන් හමු වීමට දැවැන්ත ප්‍රසිද්ධියක් ලබා දීම නිසා මාධ්‍ය නිරන්තරයෙන් මගෙන් තොරතුරු විමසන නිසා මට අද මේ මාධ්‍ය හමුව පවත්වන්න සිදු වුණා.

මේ ආණ්ඩුවේ නායකයින් රටේ නීතිය අමු අමුවේ උල්ලංඝණය කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන ඉන්නවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ යමෙක් අත්අඩංගුවට ගත්තාම අත්අඩංගුවට ගැනීමට හේතුව දක්වලා ලේඛණයක් ඥාතින්ට භාර දෙන්න ඕනි. ඒක කලේ නෑ. ඒ වගේම නීතිඥවරයෙකුට ඔහු සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලුවොත් ඒක ලබා දෙන්න ඕනි. ඒකත් ප්‍රතික්ෂේප කළා. ඒ වගේම පවුලේ ඥාතින් සමග කතා කිරීමට අවස්ථාව ලබා දිය යුතු වුවත් ඒක කලෙත් නෑ.

පිල්ලෙයාන්ගේ නීතිඥයා මගේ මිත්‍රයෙක්. ඔහුගේ කණිෂ්ඨ නීතිඥයෙකු පිල්ලෙයාන් බැලීමට අප්‍රේල් 9දා අවස්ථාව ඉල්ලුවත් ඒක සීඅයිඩිය ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ බව මට කිව්වාම මම පිල්ලෙයාන්ගේ ඥාතින් පසුගිය 12 දා මගේ කාර්යාලයට ගෙන්වා ගෙන කතා කරලා තොරතුරු ලබා ගත්තා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාවට මම දුරකතනයෙන් කතා කරලා පිල්ලෙයාන්ගේ නීතිඥයාටවත් ඥාතින්ටවත් පිල්ලෙයාන් සමග කතා කරන්න දීලා නෑ. නමුත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 10අ(1) වගන්තියෙන් නීතිඥවරයෙකුට රැඳවියා හමුවන්නත් 10අ(2) වගන්තියෙන් ඥාතින් සමග කතා කිරීමටත් නීතියෙන්ම අයිතිය දීලා තිබෙන බව පෙන්වා දුන්නා. ඒ බව පවසලා පිල්ලෙයාන්ගේ දැන් නීතිඥයා මමයි මට ඔහු සමග කතා කරන්න අවස්ථාව ඕනෑ කියලා කිව්වා. එතකොට ලිඛිතව ඉල්ලීමක් කලොත් ඉහළ නිලධාරින්ට දැනුම් දීලා තීරණයක් ලබා දෙන්නම් කියලා අධ්‍යක්ෂතුමිය කිව්වා. මම අදාළ නීතිමය විධිවිධාන සඳහන් කරමින් ලිඛිතව ඉල්ලීමක් කළා. ඉල්ලීම කරලා පැය තුනක් ඇතුලත අධ්‍යක්ෂතුමිය මට අප්‍රේල් 13 දා උදෑසන 10ට සීඅයිඩියට එන්න කියලා දැනුම් දුන්නා. දුරකතනයෙන් කතා කළ වහාම කතා කිරීම ගැනත් මගේ ලිඛිත ඉල්ලීමට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම ගැනත් සීඅයිඩී අධ්‍යක්ෂතුමිය මගේ ප්‍රණාමය පුද කරනවා.

මම පිල්ලෙයාන් සමග විනාඩි 30ක් පමණ කතා කළා. මා කතා කරන අවස්ථාවේ එතැන පොලිස් නිලධාරින් හතරදෙනෙකු සියල්ල අසාගෙන හිටියා. එක්කෙනෙක් කියන ඒවා ලියා ගත්තා. සාමාන්‍යයෙන් සැකකරුවෙකු තමන්ගේ නීතිඥයා සමග කරන සාකච්ඡා රහසිගත විය යුතුයි. ඒ බව මම පෙන්වා දුන්නත් පොලිස් නිලධාරින් එතැන රැඳිලා හිටියා. නමුත් එතැන හිටිය එකෙන් මා කියන දෙයට දැන් සාක්ෂිකරුවන් හතර දෙනෙක්ම ඉන්නවා.

පිල්ලෙයාන් හඬා වැටෙමින් ඇස් වලින් කඳුළු කඩා වැටෙද්දී මට කිව්වා “කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න මම ජීවිතය පරදුවට තියලා සටන් කළා. එදා කොටියාගේ පැත්ත අරන් සටන් කරපු සමහරු අද පාර්ලිමේන්තු මන්ත්‍රිවරු. තව සමහරු සරු ව්‍යාපාරිකයෝ. තවත් සමහරු එන්ජීඕ ප්‍රධානින්. ඒ අය කිසිම ප්‍රශ්නයක් නැතිව සමාජයේ ජීවත් වෙනවා. මම බොරු නඩුවකට රැඳවුම් නියෝග යටතේ අවුරුදු පහක් ඇතුලේ හිටියා. අන්තිමට සාක්ෂි නැතිව නඩුව හකුලා ගත්තා. දැන් ආයෙත් ඇතුලට දැම්මා. රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ කියලා.

සමාජ මාධ්‍ය වල ලියන පුංචි දුවලා පුතාලා පිල්ලෙයාන් කියන්නේ කවුද කියලා දන්නේ නෑ. හරි නම් මේ රට කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න ඔහු කළ තීරණාත්මක කාර්යභාරයට ඔහුව ජාතික වීරයෙකු ලෙස සලකන්න ඕනි. කරුණා සහ පිල්ලෙයාන් කොටි සංවිධානයෙන් ඉවත් වෙලා හමුදාව සමග එකතු වුණාට පස්සේ තමයි කොටි සංවිධානයේ අවසානය ආරම්භ වුණේ. කවුද මේ පිල්ලෙයාන්?

අවුරුදු 14 දී කොටි සංවිධානයෙන් බලහත්කාරයෙන් කොටි සංවිධානයට බඳවා ගත් ළමා සොල්දාදුවෙක් තමයි පිල්ලෙයාන් කියන්නේ. කොටි සංවිධානය ළමා සොල්දාදුවන් බඳවා ගත්තා කියන එකට තිබෙන ජීවමාන සාක්ෂියක් තමයි පිල්ලෙයාන්. පිල්ලෙයාන් වගේම නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් අපේ හමුදාවට හිසරදයක් වුණු දක්ෂ සටන්කරුවන්. කොටි සංවිධානය රණවිරුවන් සමග උතුරේ යුද වැදිලා පරාජය පෙනුනු සෑම අවස්ථාවකම නැගෙනහිර කොටි උතුරට ඇවිල්ලා තමයි කොටි සංවිධානය බේරා ගත්තේ. ඒ නැගෙනහිර කොටි නායකයින් වුණු කරුණා සහ පිල්ලෙයාන් 2003 දී කොටි සංවිධානයෙන් ඉවත් වුණේ හය දහසක ත්‍රස්තවාදින් එක්ක. පිල්ලෙයාන් කියන්නේ අන්තිම මොහොත වෙන තුරුම හමුදාවේ ලේ ඉල්ලලා, සටන පැරදුනාම යටත් වුණු කොටියෙකු නොවේ. කොටි සංවිධානය අත් හැරලා අපේ හමුදාව එක්ක බෙදුම්වාදයට ත්‍රස්තවාදයට එරෙහිව තමන්ගේ ජීවිතය පරදුවට තියලා රට වෙනුවෙන් සටන් කරපු සැබෑ දේශප්‍රේමියෙක්.

2006 දී පිල්ලෙයාන්ලා හමුදාවත් එක්ක එකතු වෙලා කොටින්ට විරුද්ධව සටන් කරන කොට කොටින් වෙනුවෙන් සටන් කරන්න හිටියේ භූමිය නොදන්න උතුරෙන් පැමිණි ත්‍රස්තවාදින්. ඒ නිසා කොටි ත්‍රස්තවාදය ඉතා පහසුවෙන් නැගෙනහිරින් පරාජය කරන්න අපට පුළුවන් වුණා. උතුරේ සටන් වල දී වෙන දා කොටින්ට නැගෙනහිරින් ලැබෙන තීරණාත්මක සහයෝගය ලැබුණේ නෑ. එහෙම නම් අද අපි සාමකාමි රටක ජීවත් වෙන්නේ පිල්ලෙයාන් වැනි අය ජීවිත පරදුවට තබා කළ සටන් නිසා.

කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න පිල්ලෙයාන් කළ කාර්යභාරය ගැන දෙමළ බෙදුම්වාදින් පිල්ලෙයාන් එක්ක ඉන්නේ වෛරයෙන්. ඔහුව විනාශ කිරීම බෙදුම්වාදින්ගේ ලොකුම ඉලක්කයක්. ඒ නිසා ජාතික ජන බලවේගය හරහා බෙදුම්වාදින් පිල්ලෙයාන්ට දඬුවම් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කරලා තිබෙනවා. 2015 දීත් ජාතික ජන බලවේගයේ සහයෙන් බලයට පත් වුණු ආණ්ඩුව පිල්ලෙයාන් වසර පහක් රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන හිටියා. ඔහුට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි නෑ කියලා අධිකරණය විසින් තීරණය කලා. දැන් නැවත වතාවක් පිල්ලෙයාන්ව අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඔහුට විරුද්ධව තිබෙන චෝදනාව තමයි 2006 දෙසැම්බර් මාසයේ දී එවකට නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්ව අතුරුදහන් කිරීම. 2025 ජනවාරි වන තුරු ඒ කියන්නේ වසර 18ක් යන තුරුම මේ පිළිබඳ පිල්ලෙයාන්ට එරෙහිව කිසිම චෝදනාවක් නෑ. 2025 ජනවාරි මාසයේ දී අරුන් හේමචන්ද්‍රන් නියෝජ්‍ය ඇමතිවරයාගේ ඥාතියෙකු හදිසියේ සීඅයිඩියට ලබා දෙන සාක්ෂියක් මත තමයි මේ අත්අඩංගුවට ගන්නේ. පසුගිය 8දා අත්අඩංගුවට ගන්නා තුරු තමන්ට උපකුලපතිවරයෙකු අතුරුදහන් කළා කියලා චෝදනාවක් තිබෙන බව පිල්ලෙයාන්වත් දන්නේ නෑ.

මේ උපකුලපතිවරයා අතුරුදහන් වෙන්නේ 2006 දෙසැම්බර් මාසයේ 16දා කොළඹ දී. මේ දවසේ පිල්ලෙයාන් කොහේද සිටියේ කියලා මම ඔහුගෙන් ප්‍රශ්න කලා. එතකොට ඔහු කිව්වේ ඒ දවස ගැන මට නිශ්චිත මතකයක් නැතත් ඔය කාලයේ තමයි කොටි සමග නැගෙනහිර යුද්ධය දරුණුවටම තිබ්බේ. ඒ යුද කාලය පුරාම කරුණා කණ්ඩායම කොටින්ට එරෙහිව මෙහෙයෙව්වේ මම. ඒ නිසා මාදුරුඔය තිබුණු අපේ කඳවුරෙන් පිටතට යන්න මට වෙලාවක් තිබුණේ නෑ. මාවිල්ආරු වලින් නැගෙනහිර මෙහෙයුම් පටන් ගන්නේ 2006 ජූලි 26 දා. තොප්පිගල අත්පත් කරගෙන නැගෙනහිර මෙහෙයුම් අවසන් වෙන්නේ 2007 ජූලි 11. ඒ අනුව ඔය සිදුවීම වෙන්නේ නැගෙනහිර සටන්වල උච්චතම අවස්ථාවේ කියන කතාව ඇත්ත.

මේ අතුරුදහන්වීමට පිල්ලෙයාන් සම්බන්ධද නැද්ද කියන කතාව පැත්තකින් තියමු. කොටි නායකයින් අද මන්ත්‍රිවරු වෙලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. මගේ දෙවියා මගේ නායකයා ප්‍රභාකරන් කියලා අර්චුනාට යහතින් ඉන්න පුළුවන්. දකුණේ භීෂණය වැපුරූ තවත් ත්‍රස්තවාදියෙක් රටේ ජනාධිපති වෙලා ඉන්නවා. ත්‍රස්තවාදින් වගේම ගෝනි බිල්ලන් ඇමතිවරු වෙලා ඉන්නවා. මේ කාටවත් ත්‍රස්තවාදි සමයේ කරපු දේවල් වලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මුළු රටම උතුරේ සහ දකුණේ ත්‍රස්තවාදින්ට සමාව දීලා ඒ යුගය අමතක කරලා ඉන්නේ. එහෙම නම් පිල්ලෙයාන් පස්සෙන් විතරක් පොලිසිය පන්නන්නේ ඇයි?

මේක ත්‍රස්තවාදින්ගේ ආණ්ඩුවක්. උතුරේ සහ දකුණේ ත්‍රස්තවාදින් එකතු වෙලා පිහිටුවපු ආණ්ඩුවක්. එ් නිසා ත්‍රස්තවාදින්ට සලකනවා. ත්‍රස්තවාදය විනාශ කරන්න දායක වුණු අයට වෛර කරනවා. මෙහෙම දඬුවම් විඳින්න පිල්ලෙයාන් කරපු වරද තමයි කොටි සංවිධානයෙන් වෙන් වෙලා ඇවිත් කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න දායක වීම. දකුණේ ත්‍රස්තවාදින් විසින් උතුරේ ත්‍රස්තවාදින්ට ලබා දෙන තෑග්ග තමයි පිල්ලෙයාන්.

පිල්ලෙයාන් මාව පෞද්ගලිකව හමු වී ඇත්තේ දෙපාරක් පමණයි. නමුත් ඔහු වෙනුවෙන් මම පෙනී සිටින්නේ ලාංකිකයින් ගුණමකු ජාතියක් නොවන බව සිංහලයින් ගුණමකු ජාතියක් නොවන බව පෙන්වන්නයි. ත්‍රස්තවාදයට විරුද්ධ වීම නිසා කාට හරි දඬුවම් කරනවා නම් අපි ඒ අය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. එහෙම නොකලොත් අනාගතයේ දී ත්‍රස්තවාදය අත්හැර ත්‍රස්ත විරෝධින් සමග එකතු වෙලා ත්‍රස්තවාදය විනාශ කරන්න කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ නෑ.

පිල්ලෙයාන්ගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු රාශියක් අනාවරණය වුණු බවට මහජන ආරක්ෂක අමාත්‍යතුමා අප්‍රේල් 10දා පාර්ලිමේන්තුවට කිව්වා. ඒ වගේම පාස්කු ප්‍රහාරය විමර්ශන යටතේ මඩකලපුවේ කෙනෙකු අත්අඩංගුවට ගත්තා කළා අප්‍රේල් 12දා ජනාධිපතිතුමා මඩකලපුවේ දී කිව්වා. පට්ටපල් බොරු. ජනාධිපතිතුමා සහ ඇමතිවරු බොරු විදින මැෂින් බවට පත්වෙලා තිබෙන්නේ මේ රටේ ඉන්නේ බත් කන හරක් කියන අදහසින් වෙන්න ඕනි.

මේ තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් අත්සන් තබා නිකුත් කළ පිල්ලෙයාන් පිළිබඳ රැඳවුම් නියෝගය. (රැඳවුම් නියෝගය කියවයි). මේකේ පාස්කු ප්‍රහාරය ගැන වචනයක්වත් කියවෙනවා ද? නෑ. අධිකරණයට ඉදිරිපත් නොකර ජනාධිපතිගේ රැඳවුම් නියෝගයක් යටතේ තබා ගන්නේ අධිකරණයට ඉදිරිපත් කලා නම් අත්අඩංගුවට ගැනීමට බල පෑ හේතු සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න වෙන නිසා මේ බොරුව හෙලි වෙනවා.

මම අප්‍රේල් 13දා පරණ අවුරුදු දා පොලිස් නිලධාරින් හතරදෙනෙකු ඉදිරිපිට දී පිල්ලෙයාන්ට කතා කලේ. ඒ කියන්නේ ජනාධිපති සහ පොලිස් ඇමති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන් සම්බන්ධ බවට ප්‍රකාශ කලාට පස්සේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ එක වචනයක් පිල්ලෙයාන් කතා කරලා නෑ. එහෙම ප්‍රකාශයක් කරන්න පාස්කු ප්‍රහාරය ගැන මෙලෝ දෙයක් පිල්ලෙයාන් දන්නෙත් නෑ. 2015 සිට 2020 දක්වා අත්අඩංගුවේ සිටි කෙනෙකු 2019 දී පාස්කු ප්‍රහාරය කෙරෙව්වා කියලා කවුරු හරි චෝදනා කරනවා නම් ඒ අයගේ ඔළුව පරික්ෂා කරන්න ඕනි. සහරාන් එක්ක ඡායාරූප ගත්ත දේශපාලකයින් ගණනාවක් ඉන්නවා. එහෙම කෙනෙකු මහ මොලකරු කියලා අත්අඩංගුවට ගත්තා නම් පුංචි හරි පදනමක් තිබෙනවා.

අප්‍රේල් 21ට කලින් පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු කීපදෙනෙක් හෙලිදරව් කරනවා කියලා ජනාධිපතිතුමා කිව්වේ මාර්තු 30දා. දැන් අප්‍රේල් 21ට තිබෙන්නේ දවස් 5යි. පොලිසියේ ලණුවක් කාලා කරපු ප්‍රකාශය නිසා ජනාධිපතිතුමා ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. ඒ නිසා පාස්කු ප්‍රහාරය කාලේ වසර පහක් හිරේ හිටිය පිල්ලෙයාන් අල්ලා ගෙන ඔහුට බලපෑම් කරලා පාපොච්චාරණයක් කරවා ගන්නයි හදන්නේ. හාවා අල්ලා ගෙන තමන් නරියෙකු කියලා පිලිගන්නා තුරු පහර දෙන න්‍යාය හැමදාම හරි යන්නේ නෑ. දැන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා සීඅයිඩිය බාරව ඉන්න කාලයේ තමයි කොලපාට හෝස් බටයකින් රැයක් පුරා ගහලා සේයා දෙව්මිණි මැරුවේ තමන් කියලා පිලිගන්න කොණ්ඩයාව එකඟ කර ගත්තේ. ඩීඑන්ඒ පරික්ෂණ නොතිබුණා නම් සීඅයිඩිය විසඳූ තවත් අබිරහසක් ලෙස මේ කතාව ඉතිහාසයට එකතු වෙන්න තිබුණා. පිල්ලෙයාන්ටත් කොණ්ඩයාට වගේ බලපෑම් කරන්න තමයි නීතිඥයින්ට මුණ ගැහෙන්න දෙන්න ප්‍රතික්ෂේප කලේ. ගෙදර අය සමග කතා කරන්න අවස්ථාව නොදුන්නේ. ප්‍රභාකරන් එක්ක හැප්පිලා ජයග්‍රහණය කරපු පිල්ලෙයාන් එක්ක ඔය සෙල්ලම් බෑ කියලා අපි ආණ්ඩුවට කියනවා.

Author – WhatNews