Foreign news (Sinhala)

IPL අත්හිටුවයි.!

IPL අත්හිටුවයි.!

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පරිපාලනය තීරණය කර තිබේ..

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඉන්දියාව හා පාකිස්තානය අතර ගැටුම් උත්සන්නවීමත් සමඟ මෙම පියවර ගෙන ඇති බවයි.

“සෑම ලේ බිදක් වෙනුවෙන්ම වගකියනවා” පාකිස්තානය අනතුරු අඟවයි.!

“සෑම ලේ බිදක් වෙනුවෙන්ම වගකියනවා” පාකිස්තානය අනතුරු අඟවයි.!

පාකිස්තානයට ප්‍රහාර එල්ල කරමින් ඉන්දියාව බරපතල වැරැද්දක් කළ බවත් එම ප්‍රහාරයට ඉන්දියාව දැන් වන්දි ගෙවිය යුතු බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙඛාස් ෂරීෆ් සඳහන් කරයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙඛාස් ෂරීෆ් සඳහන් කළේ,

“ඉන්දියාව බරපතල වැරැද්දක් කළා. දැන් ඔවුන් ඊට වන්දි ගෙවිය යුතුයි. ඉන්දියාව කළ මෙම කපටි ප්‍රහාරවලින් අපේ දරුවන් සහ කාන්තාවන් පවා මියගියා. අපේ විරුවන්ගේ සෑම ලේ බිදක්ම වෙනුවෙන්ම වගකියනවා කියලා අපි පොරොන්දු වෙනවා.

පෙහෙල්ගාම් සිදුවීම පාවිච්චි කරලා පාකිස්ථානයට ප්‍රහාර එල්ල කිරීම සම්පුර්ණයෙන්ම අසාධාරණයි. අපේ රටේ ගෞරවය හා ආරක්ෂාව වෙනුවෙන් අපේ ජනතාවත්, ආරක්ෂක අංශත් එකමුතුව කටයුතු කරනවා.”

ඉන්දියාව එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමේ සම්පුර්ණ බලය පාකිස්තාන හමුදාවට පවරා ඇති බවද පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙඛාස් ෂරීෆ් තවදුරටත් සඳහන් කරයි.

නව පාප් වහන්සේ තෝරා පත් කරගනී.!

නව පාප් වහන්සේ තෝරා පත් කරගනී.!

නව පාප් වහන්සේ තෝරා පත් කරගත් බව අඟවමින් වතිකානායේ සිස්ටයින් දේවස්ථාන කවුළුවෙන් මීට සුළු මොහොතකට පෙර සුදු දුමාරයක් නිකුත් කළේය.

ඒ නව පාප් වහන්සේ තෝරා පත් කරගැනිම සඳහා පැවැත්වු ඡන්ද විමසීම දෙක අවසානයේදී වන අතර ඡන්ද විමසීමේ ක්‍රියාවලිය අවසන් වී ඇති බව එම දුමාරයෙන් සංකේතවත් වේ.

කෙසේ නමුත් නව පාප් වහන්සේ කවරෙක්ද යන්න තවමත් අනාවරණ වී නොමැති අතර, උන් වහන්සේ තවත් නුදුරු මොහොතකින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සදලුතලය වෙත පැමිණ බැතිමතුන් හමුවේ පෙනී සිටිනු ඇත.

පාකිස්තානයේ විශාල පිපිරීම් මාලාවක්.!

පාකිස්තානයේ විශාල පිපිරීම් මාලාවක්.!

විදෙස් මාධ්‍ය පවසන්නේ අද (08) උදෑසන පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීම් වාර්තා වී ඇත්තේ වෝල්ටන් ගුවන්තොටුපොළ අසල ගෝපාල් නගර් සහ නසීරාබාද් ප්‍රදේශවල බව පැවසෙයි.

එම ප්‍රදේශවල පදිංචිව සිටින ජනතාව නිවෙස්වලින් පලායන ආකාරය සහ ඒ අවට දුමින් පිරී ගොස් ඇති බව සඳහන්.

පිපිරීම් සම්බන්ධයෙන් පාකිස්තානයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් තවමත් ලැබී නොමැති බව සඳහන්.

පිපිරීම් සිදුව ඇත්තේ පකිස්තාන නාවික හමුදා යුද විද්‍යාලයට ආසන්නව සහ ලාහෝර්හි ජනප්‍රිය මොඩල් ටවුන් උද්‍යානය අසල පිහිටි ඉහළ පෙළේ ප්‍රදේශයක වෙයි.

වතිකානුවේ අහස කළු දුමාරයකින් වැසෙයි.!

වතිකානුවේ අහස කළු දුමාරයකින් වැසෙයි.!

නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු වතිකානුවේදී ඊයේ ආරම්භ විය.

නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීම ඊයේ (07) ආරම්භ වු නමුත් එහිදී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි ඇති බව සංකේතාත්මකව දැනුම්දී ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවට රැස්වු ලොවපුරා සිටින කාදිනල්හිමිවරු එහි පැවති දිව්‍ය පුජාවෙන් අනතුරුව ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කළ බවයි.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව එම ධුරය සඳහා නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම මෙලෙස සිදුකෙරෙන අතර ඒ සඳහා කාදිනල්හිමිවරුන් 133 දෙනෙකු සුදුසුකම් ලබා සිටී.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම්කවුළුවේ චිමිනියෙන් කළු දුමාරයක් නිකුත් වී ඇති අතර එමඟින් සංකේතවත් වන්නේ ඊයේ දිනයේ දී නව පාප්වරයෙකු තේරී පත් වී නොමැති බවය.

ඒ අනුව අද (08) දිනයේ දී යළි ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

ඉන්දීය සුපිරි ගුවන් යානා 05ක් පාකිස්තානය බිම හෙළයි.!

ඉන්දීය සුපිරි ගුවන් යානා 05ක් පාකිස්තානය බිම හෙළයි.!

පාකිස්තාන හමුදාව විසින් ඉන්දීය හමුදාවේ ගුවන් යානා 05ක් බිම හෙළූ බව පාකිස්තානය සඳහන් කරයි.

බිම හෙළුෑ එම යානාවල සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්තානය නිවේදනය කර ඇත.

අද අළුයම ඉන්දීය හමුදාව පාකිස්ථානය වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමග රටවල් දෙක අතර යුදමය තත්ත්වයක් ඇතිව තිබේ.

පාකිස්තානයෙන් ඉන්දියාවට ප්‍රතිප්‍රහාර.. 07ක් මරුට.!

පාකිස්තානයෙන් ඉන්දියාවට ප්‍රතිප්‍රහාර.. 07ක් මරුට.!

පාකිස්තානයට එල්ල වූ ඉන්දීය හමුදා මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බව පකිස්ථාන හමුදාව සඳහන් කරයි.

කෙසේ වෙතත් ඉන්දීය හමුදාව පාකිස්ථාන භූමියට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව පකිස්ථාන හමුදාව ඉන්දු -පාකිස්ථාන දේශ සීමාව හරහා කාලතුවක්කු වෙඩි ප්‍රහාර එල්ලකර ඇත.

පකිස්ථාන හමුදා විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරවලින් ඉන්දීය පාලිත කාශ්මීරයේ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව ඉන්දීය පොලිසිය සඳහන් කරයි.

ඉන්දියාව යුද්ධය අරඹයි.. පාකිස්තානයට දැවැත්න මිසයිල ප්‍රහාර.!

ඉන්දියාව යුද්ධය අරඹයි.. පාකිස්තානයට දැවැත්න මිසයිල ප්‍රහාර.!

පාකිස්ථානයේ සහ පාකිස්ථානය යටතේ ඇති ජම්මු සහ කාශ්මීර කලාපයේ ස්ථාන 9ක් වෙත ඉන්දීය ආරක්ෂක අංශ විසින් ප්‍රහාර එල්ල කර ඇත.

ඉන්දීය සන්නද්ධ හමුදා “ඔපරේෂන් සින්දූර්” නැමති මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් සිය හමුදාවන් තීරණය කරන ලද නිසි වේලාවකදී ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇති බව පාකිස්තානය සඳහන් කරයි.

පාකිස්තාන හමුදාව පවසන්නේ, ඉන්දියාව පකිස්ථානයට ස්ථාන තුනකින් මිසයිල ප්‍රහාර එල්ල කළ බවත් ඉස්ලාමාබාද් ඊට ප්‍රතිචාර දක්වන බවයි.

යේමනයේ ගුවන් තොටුපළට දැවැන්ත ප්‍රහාරයක්.!

යේමනයේ ගුවන් තොටුපළට දැවැන්ත ප්‍රහාරයක්.!

ඊශ්‍රායලය විසින් යේමනයේ සානා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරත් සමග සානා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමූ බවත් ප්‍රහාරයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් කරයි.

සිවිල් ගුවන් යානා තුනක්, පිටත්වීමේ ශාලාව, ධාවන පථය සහ හමුදා ගුවන් කඳවුරක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් කරයි.

Skype අද සිට අවසන්.!

Skype අද සිට අවසන්.!

ලෝකය පුරා සම්බන්ධතා ගොඩනැගූ ස්කයිප් (Skype) අන්තර්ජාල ඇමතුම් සේවාව අද දිනයේ සිට විශ්‍රාම ගන්වන බව මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කරයි.

2003 වසරේදි ආරම්භ කරනු ලැබු මෙම සේවාව 2011 වසරේදී ගූගල් සහ ෆේස්බුක් සමාගම් අභිබවමින් මයික්‍රොසොෆ්ට් සමාගම ස්කයිප් මිලදී ගනු ලැබුවේය.

මයික්‍රොසොෆ්ට් සමාගම ස්කයිප් මිලදී ගනු ලැබුවේ අමෙරිකානු ඩොලර් බිලියන 8.5ක මුදලකට වන අතර පරිශීලකයින් මිලියන 150ක් සිට ඇති බව වාර්තා වේ.