Foreign news (Sinhala)

Skype අද සිට අවසන්.!

Skype අද සිට අවසන්.!

ලෝකය පුරා සම්බන්ධතා ගොඩනැගූ ස්කයිප් (Skype) අන්තර්ජාල ඇමතුම් සේවාව අද දිනයේ සිට විශ්‍රාම ගන්වන බව මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කරයි.

2003 වසරේදි ආරම්භ කරනු ලැබු මෙම සේවාව 2011 වසරේදී ගූගල් සහ ෆේස්බුක් සමාගම් අභිබවමින් මයික්‍රොසොෆ්ට් සමාගම ස්කයිප් මිලදී ගනු ලැබුවේය.

මයික්‍රොසොෆ්ට් සමාගම ස්කයිප් මිලදී ගනු ලැබුවේ අමෙරිකානු ඩොලර් බිලියන 8.5ක මුදලකට වන අතර පරිශීලකයින් මිලියන 150ක් සිට ඇති බව වාර්තා වේ.

පූජනීය ධාතුන් වහන්සේ රැසක් කෝටි 386කට විකුණයි.!

පූජනීය ධාතුන් වහන්සේ රැසක් කෝටි 386කට විකුණයි.!

බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක් ශ්‍රී ලංකා රුපියල් කෝටි 386 ක් පමණ මුදලකට එළැඹෙන 7 වැනිදා වෙන්දේසි කිරීමට නියමිතය.

බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු කිරීමේ භාණ්ඩ සහ ස්වර්ණාභරණ තැරැව්කාර ආයතනයක් වන සදබි වෙන්දේසි සමාගම විසින් මෙම වෙන්දේසිය සැළසුම් කර ඇත.

මෙම ධාතු 1898දී ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි Piprahwa නමින් හැඳින්වෙන පුරාණ ස්තූපයකින් බ්‍රිතාන්‍ය ඉඩම් හිමිකරු William Claxton Peppé විසින් සොයාගනු ලැබීය. එහිදී හමුවූ විශාල ශිලා කොප්පයක් තුළින් බුදුන්ගේ අස්ථි කොටස් සහ මැණික්, මුතු, රන් හා රිදී භාණ්ඩ ඇතුළු අභිමානවත් පූජනීය ද්‍රව්‍ය රැසක් හමුවිය.

මෙම ස්ථූපය බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම සඳහා ශාක්‍යය වංශිකයන් ඉදිකළ ස්තූපයක් ලෙස සැළකේ.

මෙම එකතුවේ කොටසක් ඉන්දියාවේ කොල්කටා නගරයේ ඉන්දීය කෞතුකාගාරයට පවරනු ලැබූ අතර, 331ක් පමණ වූ අනුපිටපත් භාණ්ඩ Peppé පවුලේ පුද්ගලික එකතුවක් ලෙස රඳවාගෙන තිබුණි

මෙම පුරාණ එකතුව කිසිවකට සමානකළ නොහැකි ආගමික, පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වැදගත්කමක් ඇති එකතුවක් ලෙස විස්තර කරමින් සදබි වෙන්දේසි සමාගම සිය වෙන්දේසි ලැයිස්තුවට එක් කර තිබේ.

කෙසේ වෙතත් වෙන්දේසිය සිදු කරන සදබි හොංකොං කාර්යාලය සඳහන් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ධාතූන් තැන්පත් කර තිබූ අළු බඳුනේ ඔබ්බවා තිබූ මැණික් ගල් මෙම එකතුවට ඇතුළත් වුවත් බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ඇතුළත් නොවන බවයි.

ඉන්දීය සිනමාව, ගීත සහ ටෙලි නාට්‍ය තහනම් වෙයි.!

ඉන්දීය සිනමාව, ගීත සහ ටෙලි නාට්‍ය තහනම් වෙයි.!

පාකිස්තාක රජය විසින් ඉන්දීය ගීත තම ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීම, තහනම් කර ඇත.

පාකිස්තාන රූපවාහිනී නාලිකා ද පවසා ඇත්තේ ඉන්දීය ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ ගීත විකාශය කිරීම නැවැත්වීමට තමන් ද තීරණය කර ඇති බවය.

පාකිස්තාන රජය පවසන්නේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, තමන්ට එල්ල වන චෝදනා සියල්ල බැහැර කරන බවයි. කෙසේ නමුත් ඉන්දියාව පවසන්නේ, පාකිස්තාන රජයේත් බුද්ධි අංශයේත් සහාය ලබන ‘ලෂ්කාර් ඊ තයිබා සටන්කාමීන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවය.

මේ වනවිට ඉන්දියාව තම ගුවන් සීමාව පාකිස්තාන ගුවන් යානාවලටත්, පාකිස්තානය ඔවුන්ගේ ගුවන් සීමාව ඉන්දීය ගුවන් යානා වලටත් තහනම් කිරීමට පියවර ගෙන ඇත.

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරකයන් 26 ක් ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය 22 වැනිදාය. එම 26 දෙනාගෙන් 25 දෙනකු ඉන්දියානුවන් වූ අතර, එක් නේපාල ජාතික සංචාරකයෙක් ද සිටී.

පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හටගත් අර්බුදය සාමකාමීව විසඳා ගන්නැයි ලෝක නායකයෝ ඉන්දියාවටත් පාකිස්තානයටත් දැනුම් දී ඇත.

ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් පවසා ඇත්තේ, පහල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සෙවීමට ඉන්දියාවත් පාකිස්තානයත් හවුලේ ක්‍රියා කළ යුතු බවය.

පසුගිය 22 වැනිදා පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙද්දී, ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් සිටියේ ඉන්දියාවේ නිල සංචාරයකට එක් වෙමිනි.

මේ අතර ඉන්දු පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතරේත්, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙසෙත් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්‍යනාත් සිං අතරේත් දුරකතන සාකච්ඡා පැවැත්විණි. එහිදී රූබියෝ සහ හෙසෙත් තහවුරු කළේ ඇමරිකාවේ සහාය සැමවිටම ඉන්දියාවට හිමිවන බවය.

ඉන්දියා – පාකිස්තාන ගැටුම උණුසුම්.. රට පුරාම ගීත ප්‍රචාරය අත්හිටුවයි.!

ඉන්දියා – පාකිස්තාන ගැටුම උණුසුම්.. රට පුරාම ගීත ප්‍රචාරය අත්හිටුවයි.!

මේ වනවිට පාකිස්තානය – ඉන්දියාව අතර පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ පාකිස්තාන ගුවන් විදුලි නාලිකා විසින් ඉන්දීය ගීත ප්‍රචාරය කිරීම අත්හිටුවා ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරාම පකිස්ථාන ගුවන් විදුලි මධ්‍යස්ථාන වල ඉන්දියානු ගීත විකාශනය කිරීම නවතා දමා ඇති බව පාකිස්තාන විකාශන සංගමය (PBA) මහලේකම් ෂකීල් මසූඩ් සඳහන් කරයි.

පාකිස්තානයේ ගුවන් විදුලි නාලිකාවල ඉන්දියානු ගීත තහනම් කිරීමෙන් පෙන්නුම් කරන්නේ, ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීමට සහ මූලික වටිනාකම්වලට සහාය දැක්වීමට අපි සියලු දෙනාම එක්සත්ව සිටින බවද මහලේකම් ෂකීල් මසූඩ් සඳහන් කරයි.

“අපි න්‍යෂ්ටික අවි භාවිතා කරනවා” පාකිස්තානය අනතුරු අඟවයි.!

“අපි න්‍යෂ්ටික අවි භාවිතා කරනවා” පාකිස්තානය අනතුරු අඟවයි.!

ඉන්දියාව විසින් පාකිස්තානය ආක්‍රමණය කිරීමේ ඉඩක් තිබෙන බැවින් ගුවනින්, මුහුදින් හෝ ගොඩ බිමෙන් ඉන්දියාව එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට මුහුණදීමට පාකිස්තානය සිය හමුදා සූදානම් කර ඇති බව පාකිස්තාන ආරක්ෂක ඇමැති කවාජා සඳහන් කරයි.

පාකිස්තානයේ ස්වෛරීත්වයට හා භෞමික අඛණ්ඩතාවට එරෙහිව එල්ල වන ඕනෑම තත්ත්වයක් හමුවේ “දෙවියන්ගේ නාමයෙන්” ඊට සුදුසු ප්‍රතිචාර දක්වන බවත් රටට තර්ජනයක් වෙනවා නම් න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට සිදුවනු ඇති බවද පාකිස්තාන ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කරයි.

ඉන්දියාව සහ පාකිස්තානය යනු න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ රටවල් වන අතර ඇති වෙමින් තිබෙන මෙම යුදමය තත්ත්වය හමුවේ දෙරට විදේශ කටයුතු ඇමැතිවරුන් සමග ඒ පිළිබඳව සාකච්ඡා කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා ටැම් බෲස් සඳහන් කළාය.

කෙසේ වෙතත් කාශ්මීරයේදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී ඇත.

ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබාදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියා – පකිස්තාන ගුවන් අවකාශය තහනම් කරයි.!

ඉන්දියා – පකිස්තාන ගුවන් අවකාශය තහනම් කරයි.!

ඉන්දියා – පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.

කෙසේ වෙතත් පසුගියදා ඉන්දියානු හිමිකාරිත්වය දරණ සහ ඉන්දියානු පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට පකිස්ථාන රජය විසින් පියවර ගත්තේය.

පරණ ඇපල් වලට වට්ස්ඇප් අහිමි වෙයි.!

පරණ ඇපල් වලට වට්ස්ඇප් අහිමි වෙයි.!

එළැඹෙන මැයි මස සිට පැරණි Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇත.

ඒ අනුව Apple මාදිලිවල iPhone 5s, iPhone 6 සහ iPhone 6 Plus ඇතුළු iPhone පරණ මාදිලි සඳහා තවදුරටත් WhatsApp සමාජ මාධ්‍ය ජාල ක්‍රියා නොකෙරේ.

ඒ අනුව iOS 15.1 පෙර පැවැති ජංගම දුරකථන මාදිලි නව මෙහෙයුම් පද්ධතියකට යාවත්කාලීන කළ නොහැකි වුවහොත් WhatsApp භාවිත කිරීමට නොහැකි වනු ඇත.

ඉන්දියා – පාකිස්තාන යුද්ධය ඇරඹෙයි.. දැවැන්ත ප්‍රහාරයකට මෝදිගෙන් අවසර.!

ඉන්දියා – පාකිස්තාන යුද්ධය ඇරඹෙයි.. දැවැන්ත ප්‍රහාරයකට මෝදිගෙන් අවසර.!

කාශ්මීරයේදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී ඇත.

ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබාදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි හිදී රැස්වූ විශේෂ ජාතික ආරක්ෂක කවුන්සලයේදී මෙම අවසරය ලබාදී ඇත.

ඉදිරි පැය 36 තුළ ඉන්දියාවෙන් ප්‍රහාරයක්.. පාකිස්තානය හෙළිකරයි.!

ඉදිරි පැය 36 තුළ ඉන්දියාවෙන් ප්‍රහාරයක්.. පාකිස්තානය හෙළිකරයි.!

ඉන්දියාව විසින් ඉදිරි පැය 24 සිට 36 දක්වා කාලය තුළ හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බවට පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලාගේ X ගිණුමේ සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයකට නිසැකවම සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවත් ඕනෑම වියදමක් දරා පාකිස්තානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ජාතිය සිය අධිෂ්ඨානය නැවත අවධාරණය කරන බව අමාත්‍යවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික මතභේද අවි ගැටුමක් දක්වා තීව්‍ර වී ඇත.

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක්.!

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක්.!

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල පද්ධතියේ ගැටළුවක් විදුලිය ඇනහිටීමට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදුලිය විසන්ධි වීම හේතුවෙන්, දෙරටේම දුම්රිය අවලංගු කිරීම්, ගුවන් තොටුපොළවල ප්‍රමාදයන් සහ මාර්ග සංඥා ක්‍රියා විරහිත වීම් සිදුව ඇති අතර විදුලි සැපයුම යථාවත් කිරීමට තවත් පැය කිහිපයක් ගත විය හැකි බව ස්පාඤ්ඤය සඳහන් කරයි.

කෙසේ වෙතත් පෘතුගාලයේ විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා සතියක් පමණ කාලයක් ගතවනු ඇති බව එරට ප්‍රමුඛ බලශක්ති සමාගමක් වන රෙන් සඳහන් කරයි.