Foreign news (Sinhala)

බිහිසුණු යුද්ධයට කොටුවූ ලාංකිකයින් ගැන රජය ගත් තීරණය.!

බිහිසුණු යුද්ධයට කොටුවූ ලාංකිකයින් ගැන රජය ගත් තීරණය.!

හමුදා සේවයේ හිටපු සාමාජිකයන් සහ රුසියානු – යුක්‍රේන යුද්ධය ආරම්භ වීමට ප්‍රථම රුසියාවේ රැකියා සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් එරට කුලී හමුදා සාමාජිකයින් ලෙස සේවයට බැඳී ඇතැයි තොරතුරු වාර්තා වේ.

රුසියානු – යුක්‍රේන කුලී හමුදාවන්ට එක්ව දුෂ්කරතා විඳින ශ්‍රී ලාංකිකයින් ඉන් මුදාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සදහන් කරයි.

විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කළ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ බව සදහන් කරයි.

Loading

තොල් ආලේපන භාවිතා කිරීම තහනම්.!

තොල් ආලේපන භාවිතා කිරීම තහනම්.!

කාන්තාවන්ට රතු තොල් ආලේපන භාවිතය තහනම් කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාන්තාවන් භාවිතා කරන රතු තොල් අලේපන ආකර්ශණය පෙන්නුම් කිරීමක් බැවින් එය තහනම් කිරීමට නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇත.

තවදුරටත් තොල් ආලේපන භාවිතා කරන කාන්තාවන්ට දැඩි දඬුවම් ලබාදීමට තීරණය කර ඇති අතර ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය නීති පනවා ඇත.

Loading

අවසන් ග්ලැසියරයත් දිනෙන් දින හැකිළෙයි.!

අවසන් ග්ලැසියරයත් දිනෙන් දින හැකිළෙයි.!

වර්තමාන කාලයේ ග්ලැසියර සියල්ල අහිමි වූ පළමු රට වෙනිසියුලාව බවට සැ⁣ලකෙන අතර එරට තිබූ අවසන් ග්ලැසියරයත් දිනෙන් දින හැකිළෙමින් පවතින බව විද්‍යාඥයන් සදහන් කරයි.

පසුගිය 2011 වසර වන විට ග්ලැසියර පහක් අතුරුදහන් වී ඇති අතර රටේ දෙවන උසම කන්ද වන Pico Humboldt ආසන්නයේ La Corona ලෙසද හැඳින්වෙන Humboldt ග්ලැසියරය පමණක් ඉතිරි වී ඇත.

මුහුදු මට්ටමේ සිට මීටර් 5,000ක් පමණ උසින් පිහිටි සියෙරා නෙවාඩා ඩි මෙරිඩා කඳු වැටියේ ග්ලැසියරය ඉතිරි ඇති අතර මෙය හෙක්ටයාර් දෙකක ප්‍රදේශයක් පුරා පැතිර තිබුණු නමුත් දැන් දිනෙන් දින මෙය දියවී හැකිළීමට පටන් ගෙන ඇත.

දේශගුණ විද්‍යාඥ සහ කාලගුණ ඉතිහාසඥ මැක්සිමිලියානෝ හෙරේරා සදහන් කළේ,

” අනෙකුත් රටවලට කුඩා අයිස් යුගය අවසන් වීමෙන් පසු දශක කිහිපයකට පෙර ඔවුන්ගේ ග්ලැසියර අහිමි වූ නමුත් වෙනිසියුලාව නවීන කාලයේ ඒවා අහිමි වූ පළමු එක බවට විවාදයට ගත හැකිය.”

Loading

ගංවතුර තත්වයකින් ඇෆ්ගනිස්තානයට දරුණු  බලපෑම්.. මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි.!

ගංවතුර තත්වයකින් ඇෆ්ගනිස්තානයට දරුණු බලපෑම්.. මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි.!

තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දුල් කානි ඊයේ (11) මාධ්‍ය වෙත පවසා සිටියේ උතුරු ඇෆ්ගනිස්තානයට ඉකුත් සිකුරාදා සිට ඇද හැලෙනා ධාරානිපාත වර්ෂාවත් සමඟ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් එරට පුද්ගලයින් 153 දෙනෙකු මියගොස් ඇති බවයි

මෙම තත්වය හේතුවෙන් එරට පළාත් තුනක තුවාල ලැබූ සංඛ්‍යාව 138ක් පමණ වන අතර නිවාස 1,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් ගංවතුර හේතුවෙන් දරුණුතම බලපෑමට ලක් වූ බග්හ්ලාන් පළාතේ පමණක් පුද්ගලයින් 300කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පෙන්වා දෙයි.

Loading

සුපිරි ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගනී.!

සුපිරි ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගනී.!

එළඹෙන ජුලි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ජේම්ස් ඇන්ඩර්සන් සදහන් කර ඇත.

එංගලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් එංගලන්තයේ මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන අතර ටෙස්ට් තරග 187කදී කඩුලු 700ක් දවාගෙන ඇත.

ජේම්ස් ඇන්ඩර්සන් Instagram හි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “මම කුඩා කල සිටම ආදරය කළ ක්‍රීඩාව කරමින් මගේ රට නියෝජනය කරමින් ඇදහිය නොහැකි වසර 20 ක් ගතවී ඇත.”

එළඹෙන ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්තය නවක තරුණ වේගපන්දු යවන්නන් කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

පෘථිවියට බලවත්ම සූර්ය කුණාටුවක්.. සන්නිවේදනය හා විදුලිය බිඳ වැටේ.. අහස පාට වෙයි.!

පෘථිවියට බලවත්ම සූර්ය කුණාටුවක්.. සන්නිවේදනය හා විදුලිය බිඳ වැටේ.. අහස පාට වෙයි.!

වසර 20කට වැඩි කාලයක් තුළ පෘථිවියට බලපෑ බලවත්ම සූර්ය කුනාටුව ගැන අනතුරු ඇගවීමක් එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) නිකුත් කළේය.

ඊයේ දින බලවත්ම සූර්ය කුනාටුව පෘථිවි වායුගෝලයට පහර දී ඇති අතර ලෝකයේ සමහර ප්‍රදේශවල දර්ශනීය ආකාශ ආලෝක සංදර්ශන නිපදවන අතරම උතුරු කලාපීය රටවල අහස රෝස හා කොළ පැහැයෙන් මේ හේතුවෙන් වර්ණවත් වී ඇත.

සූර්යාගෙන් නිකුත් වූ ප්‍රබල ගිනි දැල්ලක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන අතර මෙම කුණාටුවේ බලපෑමෙන් ඇතැම් ප්‍රදේශවල සන්නිවේදන පද්ධතිය හා විදුලි සැපයුමට පවා බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 2003 වසරේ ඔක්තෝම්බර් මාසයේ හැලොවීන් කුණාටුවෙන් පසු ඇති වූ පළමු සූර්ය කුණාටුව එය ස්වීඩනයේ විදුලිය විසන්ධි කිරීමට සහ දකුණු අප්‍රිකාවේ බල යටිතල පහසුකම් වලට හානි කිරීමට හේතු විය.

ඉදිරි දිනවලදී තවත් සූර්ය නෙරපා හැරීම් අපේක්ෂා කරන බවත් විදුලිය බිඳවැටීම්, ජංගම දුරකථන බාධා ජාල බිඳවැටීම, ගුවන් විදුලි පද්ධති අඩාල වීම මේ හරහා සිදුවී ඇති බව එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) සදහන් කරයි.

Loading

සුවිශේෂී අවස්ථාවක් හිමි කරගත් ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වතාවට ඔලිම්පික් ඉතිහාස ගතවෙයි.!

සුවිශේෂී අවස්ථාවක් හිමි කරගත් ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වතාවට ඔලිම්පික් ඉතිහාස ගතවෙයි.!

සාම්ප්‍රදායික ඔලිම්පික් ගිනිසිළුව ග්‍රීසියේ සිට ප්‍රංශයට පැමිණෙන අතරවාරයේ, සාමාන්‍ය පුරවැසියන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා පුද්ගලයන් 10,000ක් සම්බන්ධ කරගනිමින් පන්දම රැගෙන යාමට අවස්ථාව සලසා දී ඇති අතර පැරීසියේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෙක් වන තර්ෂන් සෙල්වරාජා එම ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වීමට වාසනාවන්ත වී තිබේ.

පැරීසිය පුරාම ප්‍රසිද්ධත්වයට පත් ව්‍යාපාරිකයෙකු වන තර්ෂන් සෙල්වරාජා වෘත්තියෙන් බේකරි හිමිකරුවෙක් වන අතර ඔහු 2023 දී හොඳම පැරිසියානු බෑගට් (baguette) යන කීර්තිමත් නාමය ද හිමි කර ගෙන ඇති පුද්ගලයෙකු බව වාර්තා වේ.

Loading

කෘතීම බුද්ධිය හේතුවෙන් ඇමරිකාව අමාරුවේ වැටේ.!

කෘතීම බුද්ධිය හේතුවෙන් ඇමරිකාව අමාරුවේ වැටේ.!

ඇමෙරිකන් එෆ්.බී.අයි. කාර්යාංශය අනතුරු අඟවා තිබෙන්නේ එළඹෙන නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී AI තාක්ෂණය භාවිතයට ගැනීම හරහා, ජනතාව නොමඟ යැවීම් සිදුවිය හැකි බවයි.

AI තාක්ෂණය හරහා බයිඩන්ගේත් ට්‍රම්ප්ගේත් කට හඬ යොදා ගනිමින් ඔවුන් සිදුකළ ඇතැම් ප්‍රකාශ විකෘති කර ජනතාව අතර ප්‍රචාරය කරඇති බවත්, එම ප්‍රකාශ සමාජ මාධ්‍යවලට එක් කර ඇති බවත් එෆ්.බී.අයි. පරීක්ෂකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.

ඩිමොක්‍රටික් පාක්ෂික වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මෙවර ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වේ.

Loading

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුවිශේෂී වෙනසක්.. ලෝක කුසලානය වෙනුවෙන් නව සැලැස්මක්.!

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුවිශේෂී වෙනසක්.. ලෝක කුසලානය වෙනුවෙන් නව සැලැස්මක්.!

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රාහුල් ඩ්‍රාවිඩ් ගේ කොන්ත්‍රාත් කාලය ලබන මස අවසන් වීමට ඇති පසුබිමක එළැඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

කෙසේ නමුත් නව පුහුණුකරු තනතුර සඳහා වර්තමාන පුහුණුකරු ලෙස කටයුතු කරනා රාහුල් ඩ්‍රාවිඩ් ටද අයදුම්කළ හැකි බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසූ අතර එසේ තෝරාගන්නා නව ප්‍රධාන පුහුණුකරු ට 2027 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තෙක් සේවය කිරීමට වසර තුනක කොන්ත්‍රාත් කාළයක් හිමිවන බවද සඳහන් කරයි.

Loading

අමෙරිකානු ජනාධිපති බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි.!

අමෙරිකානු ජනාධිපති බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි.!

ඊශ්‍රායලය හා හමාස් යුද්ධයේදී කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය පළ කිරීමට ඉදිරිපත් වී සිටින අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇති අතර එය සෘජුව අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව වේ.

ගාසා තීරයේ, රෆා නගරයට ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නේ නම් ඇමෙරිකාව ඊශ්‍රායලයට ආයුධ සැපයීම වහා නතර කරන බවත් ඊශ්‍රායලයට බෝම්බ සැපයීම තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවමින් සදහන් කරයි.

අමෙරිකානු ජනාපධිතිවරයාගේ තීරණය කනගාටුවට කරුණක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සදහන් කර ඇති අතර අමෙරිකානු ජනාපධිතිවරයාගේ අනතුරු ඇඟවීම් කිසිදු ගණනකට නොගෙන ඊශ්‍රායල ගුවන් හමුදාව රෆා නගරයට ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු ඇඟවීම සිදුකර හමාස්වරුන්ගේ පැත්ත ගෙන ඊශ්‍රායලය අමාරුවේ දැමූ බව ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close