Foreign news (Sinhala)

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයේ ඡායාරූප නිකුත් කරයි.!

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයේ ඡායාරූප නිකුත් කරයි.!

අතිඋතුම් ශුධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයේ ඡායාරූප පළමු වරට මාධ්‍යට නිකුත් කර ඇත.

වතිකානුවේ කැසා සැන්ටා මාර්තා දේවස්ථානයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම තහවුරු කර උන්වහන්සේගේ දේහය මිනී පෙට්ටියේ තැන්පත් කිරීමේ චාරිත්‍රය සිදුකරන ලදී.

වතිකානුවට වැඩබලන ප්‍රධානියෙක් පත් කරයි.!

වතිකානුවට වැඩබලන ප්‍රධානියෙක් පත් කරයි.!

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ස්වර්ගස්ථ වීමෙන් පසුව වතිකානුවේ වැඩබලන ප්‍රධානියා ලෙස අමෙරිකාවේ කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර ඇත.

ලොව පුරාම කතෝලිකයින්ගේ දෘෂ්‍යමාන නායකයාණන් සහ එඩේරාණන් වන අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ඊයේ පෙරවරුවේ ස්වර්ගස්ථ විය.

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාතය සහ දරුණු හෘදයාබාධ තත්ත්වයක් බව වතිකානය නිල වශයෙන් නිවේදනය කළේය.

අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දමමින් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි.!

අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දමමින් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි.!

ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් මේ වනවිට ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ආර්ජන්ටිනාවේ දින හතක ශෝක කාලයක්, බ්‍රසීලය සතියක ශෝක කාලයක්, ස්පාඤ්ඤයේ දින තුනක ශෝක කාලයක්, ඔස්ට්‍රියාවේ එරට දේශීය වේලාවෙන් පස්වරු 5.00ට රට පුරා දේවස්ථානවල සීනු නාද කිරීම සහ ප්‍රංශයේ පැරිසියේ නොට්‍රේ ඩෙම් ආසන දෙව් මැදුරේ සීනු 88 වතාවක් නාද කර ඇත.

මේ අතර ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරනු ලබන ගෞරවයක් වශයෙන් ලොව ප්‍රසිද්ධ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි.!

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි.!

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන් වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප් වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන් වහන්සේ එක්වුණි.

අමෙරිකාවට එරෙහිව චීනයෙන් දැඩි ප්‍රතිප්‍රහාර.!

අමෙරිකාවට එරෙහිව චීනයෙන් දැඩි ප්‍රතිප්‍රහාර.!

තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව චීනය ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් චීනයට මේ වනවිට 245%ක තීරුබදු අනුපාතයකට මුහුණ දීමට සිදුවන බව අමෙරිකාව පසුගියදා සඳහන් කළේය.

කෙසේ වෙතත් අමෙරිකාවට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යංශය සඳහන් කළේ, අමෙරිකාව චීනයට අසාමාන්‍ය ඉහළ තීරුබදු යළි යළිත් පැනවීම මේ වනවිට අංක ගණිතමය ක්‍රීඩාවක් බවට පත්ව ඇති බවයි. 

එය කිසිදු ප්‍රායෝගික ආර්ථික තේරුමක් නොමැති බවත් අමෙරිකාව බලහත්කාර ලෙස චීනයට හිරිහැර කිරීම සඳහා තීරුබදු ප්‍රතිපත්තිය ආයුධයක් ලෙස භාවිත කරන බව මෙමගින් පිළිබිඹු වී ඇති බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

චීනයේ අයිතිවාසිකම්, අවශ්‍යතා සැලකිය යුතු ලෙස උල්ලංඝනය කිරීමට අමෙරිකාව අඛණ්ඩව සිදු කළහොත් චීනයද අවසානය දක්වා දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇති බව චීන විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

ට්‍රම්ප් පරිපාලනය හාවඩ් විශ්වවිද්‍යාලයටත් තර්ජනය කරයි.!

ට්‍රම්ප් පරිපාලනය හාවඩ් විශ්වවිද්‍යාලයටත් තර්ජනය කරයි.!

අමෙරිකා එක්සත් ජනපදයේ පැරණිතම විශ්වවිද්‍යාලය වන හාවඩ් විශ්වවිද්‍යාලය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ඉල්ලීම්වලට හිස නොනමන බව ප්‍රකාශ කිරීමෙන් පසුව එක්සත් ජනපද රජය විසින් විශ්වවිද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම තහනම් කරන බවට තර්ජනය කර ඇත.

හාවඩ් විශ්වවිද්‍යාලයට මෙම මෙම වසරේ ඇතුළත් වීම්වලින් 27% කට වඩා වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර සිසුන් වන අතර බඳවා ගැනීම්, ඇතුළත් කිරීම් සහ ඉගැන්වීමේ පිළිවෙත් වෙනස් කරන ලෙස ධවල මන්දිරය මීට පෙර ඉල්ලා තිබුණේය.

කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කළ ඉල්ලීම් හාවඩ් විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ධවල මන්දිරය විසින් එහි ප්‍රජාව පාලනය කිරීමට උත්සාහ කරන බව හාවඩ් පරිපාලනය සඳහන් කරයි.

නමුත් ධවල මන්දිරයෙන් ඉදිරිපත් කරන ලද මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමෙන් පැය කිහිපයකට පසුව ට්‍රම්ප් පරිපාලනය පවසා ඇත්තේ, එම විශ්ව විද්‍යාලය සඳහා වන ෆෙඩරල් අරමුදල්වලින් ඩොලර් බිලියන 2 කට වඩා කපා හරින බවයි.

අමෙරිකානු තානාපති කාර්යාල වසා දැමීමට සැරසෙයි.!

අමෙරිකානු තානාපති කාර්යාල වසා දැමීමට සැරසෙයි.!

විදෙස් රටවල් 30ක අමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව සෝමාලියාව, ඉරාකය, මෝල්ටා, ලුක්සන්බර්ග්, කොංගෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, දකුණු සුඩානය, යුරෝපයේ, අප්‍රිකාවේ, ආසියාවේ රටවල තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීමට යෝජනා වී ඇත.

තවද ප්‍රංශයේ අමෙරිකන් කොන්සල් කාර්යාල වසා දැමීමටත් ජර්මනියේ කොන්සල් කාර්යාල සහ බොස්නියාවේ කොන්සල් කාර්යාල වසා දැමීමට අවධානය යොමු වී ඇත.

අමෙරිකානු රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගැනීමට නියමිත බව වාර්තා වේ.

ට්‍රම්ප්ට එරෙහිව කැලිෆෝනියාවෙන් නඩු.!

ට්‍රම්ප්ට එරෙහිව කැලිෆෝනියාවෙන් නඩු.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදුවලට එරෙහිව කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් විසින් නඩුවක් ගොනු කර ඇත.

අමෙරිකාව අභ්‍යන්තරයෙන්ම එර‍ටින් පැනවූ තීරු බදුවලට එරෙහිව නඩුවක් ගොනු වූ පළමු අවස්ථාව මෙයයි.

එහෙත් තීරු බදු පිලිබඳ තීරණයේ වෙනසක් නොකරන බවත් අමෙරිකාවේ නිෂ්පාදන කර්මාන්ත ආරක්ෂා කර ගනිමින් විදෙස් භාණ්ඩ ආනයනය අවම කිරීමේ අපේක්ෂාවෙන් තීරු බදු පැනවීම කළ බවද ධවල මන්දිරය සඳහන් කරයි.

අමෙරිකාවේ අලුත්ම තීරණයෙන් චීනය හාන්සියි.!

අමෙරිකාවේ අලුත්ම තීරණයෙන් චීනය හාන්සියි.!

චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරුබදු ප්‍රතිශතය 245%ක් දක්වා ඉහළ දමා ඇති බව ධවල මන්දිරය නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අමෙරිකාව විසින් පැනවූ තීරුබදු සඳහා චීනය දක්වන දැඩි විරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් මෙම බදු ඉහළ දැමීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාව විසින් මීට පෙර චීන භාණ්ඩ සඳහා සමස්ත තීරුබදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ දමා තිබුණේය.

අමෙරිකාවේ භූ කම්පනයක්.!

අමෙරිකාවේ භූ කම්පනයක්.!

රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් අමෙරිකාවේ සැන් ඩියාගෝ කලාපයේ ඇතිවී තිබේ.

එහි අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින් සටහන්වී ඇති බව අමෙරිකානු බලධාරීන් පවසයි.

එහි ප්‍රබලත්වය කැලිෆෝනියාවේ ඔරේන්ජ් සහ ලොස් ඇන්ජලීස් කලාප වෙතත් දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසයි.