Foreign news (Sinhala)

අමෙරිකානු තානාපති කාර්යාල වසා දැමීමට සැරසෙයි.!

අමෙරිකානු තානාපති කාර්යාල වසා දැමීමට සැරසෙයි.!

විදෙස් රටවල් 30ක අමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව සෝමාලියාව, ඉරාකය, මෝල්ටා, ලුක්සන්බර්ග්, කොංගෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, දකුණු සුඩානය, යුරෝපයේ, අප්‍රිකාවේ, ආසියාවේ රටවල තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීමට යෝජනා වී ඇත.

තවද ප්‍රංශයේ අමෙරිකන් කොන්සල් කාර්යාල වසා දැමීමටත් ජර්මනියේ කොන්සල් කාර්යාල සහ බොස්නියාවේ කොන්සල් කාර්යාල වසා දැමීමට අවධානය යොමු වී ඇත.

අමෙරිකානු රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගැනීමට නියමිත බව වාර්තා වේ.

ට්‍රම්ප්ට එරෙහිව කැලිෆෝනියාවෙන් නඩු.!

ට්‍රම්ප්ට එරෙහිව කැලිෆෝනියාවෙන් නඩු.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදුවලට එරෙහිව කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් විසින් නඩුවක් ගොනු කර ඇත.

අමෙරිකාව අභ්‍යන්තරයෙන්ම එර‍ටින් පැනවූ තීරු බදුවලට එරෙහිව නඩුවක් ගොනු වූ පළමු අවස්ථාව මෙයයි.

එහෙත් තීරු බදු පිලිබඳ තීරණයේ වෙනසක් නොකරන බවත් අමෙරිකාවේ නිෂ්පාදන කර්මාන්ත ආරක්ෂා කර ගනිමින් විදෙස් භාණ්ඩ ආනයනය අවම කිරීමේ අපේක්ෂාවෙන් තීරු බදු පැනවීම කළ බවද ධවල මන්දිරය සඳහන් කරයි.

අමෙරිකාවේ අලුත්ම තීරණයෙන් චීනය හාන්සියි.!

අමෙරිකාවේ අලුත්ම තීරණයෙන් චීනය හාන්සියි.!

චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරුබදු ප්‍රතිශතය 245%ක් දක්වා ඉහළ දමා ඇති බව ධවල මන්දිරය නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අමෙරිකාව විසින් පැනවූ තීරුබදු සඳහා චීනය දක්වන දැඩි විරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් මෙම බදු ඉහළ දැමීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාව විසින් මීට පෙර චීන භාණ්ඩ සඳහා සමස්ත තීරුබදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ දමා තිබුණේය.

අමෙරිකාවේ භූ කම්පනයක්.!

අමෙරිකාවේ භූ කම්පනයක්.!

රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් අමෙරිකාවේ සැන් ඩියාගෝ කලාපයේ ඇතිවී තිබේ.

එහි අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින් සටහන්වී ඇති බව අමෙරිකානු බලධාරීන් පවසයි.

එහි ප්‍රබලත්වය කැලිෆෝනියාවේ ඔරේන්ජ් සහ ලොස් ඇන්ජලීස් කලාප වෙතත් දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසයි.

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූකම්පනයක්.!

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූකම්පනයක්.!

රික්ටර් මාපක 6.2ක ප්‍රබල භූකම්පනයක් පැපුවා නිව්ගිනියාවේ නිව් අයර්ලන්ත පළාතේ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙම භුකම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

පාකිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්.!

පාකිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්.!

අද දින පස්වරුවේ පාකිස්තානයේ රික්ටර් මාපක 5.8ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බවත් එම කම්පනය ජම්මු සහ කාශ්මීරයටත් දැනුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූකම්පනය කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදුව ඇති බවත් භූමිකම්පනය බොහෝ ප්‍රදේශ වලට දැනුනු නමුත් ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව වාර්තා වී නොමැති බවද සදහන් කරයි.

ඉන්දියානු භූ තැටිවල මායිමේ පිහිටා ඇති පකිස්ථානය, භූකම්පන ක්‍රියාකාරී රටවලින් එකක් වන අතර ප්‍රධාන රේඛා මත එහි පිහිටීම නිසා නිතර විනාශකාරී භූමිකම්පා අත්විඳියි.

චීන ඇමෙරිකා සටන නොනවතී.. නැවතත් චීනයෙන් ලංසුවක්.!

චීන ඇමෙරිකා සටන නොනවතී.. නැවතත් චීනයෙන් ලංසුවක්.!

අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරු බදු ප්‍රතිශතය තවදුරටත් ඉහළ නංවමින් සමස්ත තීරු බදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ දැමීමෙන් අනතුරුව චීනය විසින් ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ ඇමරිකානු ආනයන සඳහා නව 125% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කරමින්.

ලොවම කළඹයි.. අමෙරිකාවෙන් චීනයට දැවැන්ත ප්‍රහාරයක්.!

ලොවම කළඹයි.. අමෙරිකාවෙන් චීනයට දැවැන්ත ප්‍රහාරයක්.!

අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරු බදු ප්‍රතිශතය තවදුරටත් ඉහළ දැමීමට තීරණය කළ බව ධවල මන්දිරය සදහන් කරයි.

ඒ අනුව අමෙරිකාව විසින් පනවා තිබූ 20%ක තීරු බද්දට අමතරව 125% ක තීරු බදු පැනවීම හමුවේ සමස්ත තීරු බදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ යන බව ධවල මන්දිරය සදහන් කරයි.

එතෙක් පැවති 20%ක බදු ප්‍රතිශතය නොමැතිව චීනයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා පැන වූ 125%ක බද්ද සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (09) දින ප්‍රකාශකයක් කළේය.

ට්‍රම්ප් චීනය හාන්සි කරමින් ලංකාවට පැනවු තීරු බද්ද අත්හිටුවයි.!

ට්‍රම්ප් චීනය හාන්සි කරමින් ලංකාවට පැනවු තීරු බද්ද අත්හිටුවයි.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් (02) ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.

කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයට එරෙහි තීරු බද්ද 125%ක් දක්වා ඉහළ නැංවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.

චීන ආනයන සඳහා අමෙරිකාව 104%ක තීරු බද්දක් පැන වූ අතර එයට ප්‍රතිචාර ලෙස චීන මුදල් අමාත්‍යාංශය අමෙරිකානු ආනයන සඳහා 84%ක තීරු බද්දක් පනවන බව නිවේදනය කළේය.

ට්‍රම්ප්ට කටඋත්තර නැති කරමින් වීනය 84%ක දැවැන්ත බද්දක් පනවයි.!

ට්‍රම්ප්ට කටඋත්තර නැති කරමින් වීනය 84%ක දැවැන්ත බද්දක් පනවයි.!

හෙට (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අමෙරිකානු ආනයන සඳහා චීනය විසින් 84%ක තීරු බද්දක් පනවා ඇති බව චීනයේ මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

තවද චීනය විසින් “විශ්වාස කළ නොහැකි ආයතනය” ලෙස නම් කරමින් අමෙරිකාවේ සමාගම් 06ක ලැයිස්තුවක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සමාගම් වලට චීනයේ ව්‍යාපාර කිරීමේදී සම්බාධක සහ දඩවලට මුහුණ දිය හැකි බැවින් එය ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සමාගම් වලට අභ්‍යවකාශ සහ ආරක්ෂක සමාගමක් වන සියෙරා නෙවාඩා සංස්ථාව “Sierra Nevada Corporation” මෙන්ම AI සමාගම් ද ඇතුළත් වේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ආනයන සඳහා පැනවූ 104%ක බදු අද (09) දිනයේ සිට ක්‍රියාත්මක වේ.