Foreign news (Sinhala)

ට්‍රම්ප්ගේ දැඩි තීරණයෙන් චීනය හාන්සියි.. 104%ක බද්දක්.!

ට්‍රම්ප්ගේ දැඩි තීරණයෙන් චීනය හාන්සියි.. 104%ක බද්දක්.!

අද (09) දින පෙරවරු 9.30 සිට අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා 104% ක තීරු බදු පැනවෙන බව ධවල මන්දිරය තහවුරු කර ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට පැනවූ නව තීරු බදු මේ වනවිට ලොව පුරා දැඩි අවධානයට ලක්ව ඇත.

මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 70කට ආසන්න සංඛ්‍යාවක් තීරු බදු සම්බන්ධයෙන් අමෙරිකාව සමග සාකච්ඡා කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව ධවල මන්දිරය සදහන් කරයි.

වෙළෙද යුද්ධයක් හරහා කිසිවෙකුට ජයක් නොලැබෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සඳහන් කළේය.

ට්‍රම්ප්ට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම්.!

ට්‍රම්ප්ට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම්.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරටට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා 34%ක නව තීරුබදු පැනවීමට ගත් අතර එයට ප්‍රතිඋත්තර ලෙස අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය විසින් 34%ක බද්දක් පැනවීමට පියවර ගත්තේය.

අනතුරුව එම තීරණයට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (07) දින අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තීරණය කළේය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම තීරණයට ප්‍රතිඋත්තර ලබාදෙමින් චීන වාණිජ අමාත්‍යංශය සදහන් කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා චීන නිෂ්පාදිත භාණ්ඩ සඳහා අතිරේක 50%ක බද්දක් පැනවීමට ගත් තීරණය “වැරැද්දක් මත වැරැද්දක්” ලෙස හඳුන්වන බව චීන වාණිජ අමාත්‍යංශය සදහන් කරයි.

තවද චීන වාණිජ අමාත්‍යංශය අමෙරිකානු ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ, නව තීරුබදු සඳහා වන සියලු සැලසුම් ඉවත් කරන ලෙසත් එක්සත් ජනපද – චීන වෙනස්කම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙසයි.

ගියොත් ආයෙ එන්න බෑ.. අවසන් ගමන ලියැවෙන මාරාන්තික දුපත.!

ගියොත් ආයෙ එන්න බෑ.. අවසන් ගමන ලියැවෙන මාරාන්තික දුපත.!

පෘථිවියේ තිබෙන මාරාන්තික දුපතක් ලෙස හැදින්වෙන මෙම දුපත නැරඹීමට කිසිදු පුද්ගලයෙක්ට අවසර හිමි නොවන අතර මෙම දුපත දකුණු බ්‍රසීලයේ වෙරළට ඔබ්බෙන් පිහිටා ඇත.

මෙම දුපත “සර්ප දූපත” ලෙස හඳුන්වනු ලබන අතර හෙක්ටයාර 43ක් (අක්කර 106) පමණ ආවරණය වන මෙම පාෂාණමය දූපතේ ඉතා විෂ සහිත සර්ප විශේෂ 4,000ක් පමණ සිටින බව සදහන් කරයි.

මෙම අධික විෂ සහිත සර්පයින් පෘථිවියේ මාරාන්තික සර්පයන් ලෙස සැලකෙන අතර එම සර්පයින් මීට වසර 11,000කට පමණ පෙර අයිස් යුගය අවසානයේදී මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම දූපතේ සිරවන්නට ඇතැයි විශ්වාස කරයි.

දුපතේ ක්ෂීරපායින් කිසිවකු ජීවත් නොවන අතර දඩයම් කිරීමට භූමි සතුන් සිටින්නේ ඉතා කුඩා ප්‍රමාණයක් බැවින් සර්පයන් ඔවුන්ගේ වාර්ෂික සංක්‍රමණයේදී දිවයිනට පැමිණෙන පක්ෂීන් අල්ලා ගැනීමට පුරුදුව සිටියි.

මෙම දුපතේ ජනාවාස නොමැති අතර අවසරලත් විද්‍යාත්මක ගවේෂණ වලට සහ දුපතේ පිහිටි ප්‍රදීපාගාරයේ නඩත්තු කටයුතු සඳහා පමණක් බ්‍රසීල නාවික හමුදාව විසින් අවසර ලබාදෙන අතර සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කර ඇත.

දුපතේ සිටින ඇතැම් සර්පයන් පෘථිවියේ වෙනත් කිසිදු ස්ථානයක දැක ගත නොහැකි අතර එම දුපතේ අවසන් වරට නිර්භීතවැසියන් කිහිප දෙනෙකු ජීවත්ව සිට ඇති නමුත් ඔවුන් සියලුම දෙනාව සර්පයන් විසින් මරා දමා ඇත.

එතැන් සිට මෙම දුපත සියලුම පුද්ගලයින්ට තහනම් කර ඇති අතර වාසස්ථාන අහිමි වීම, රෝග, නීති විරෝධී දඩයම් කිරීම සහ මෙම හුදකලා ජනගහනය තුළ වන අහිතකර බලපෑම් හේතුවෙන් ඔවුන්ගේ සංඛ්‍යාව අඩුවෙමින් පවතින බව විද්‍යාඥයෝ සදහන් කරයි.

වසර 12,500 කට පෙර මිය වෘකයයන් තිදෙනෙකුට පණ එයි.!

වසර 12,500 කට පෙර මිය වෘකයයන් තිදෙනෙකුට පණ එයි.!

ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් විසින් ලෝකයම මවිතයට පත්කරමින් වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට සමත් වී සිටිති.

වර්තමානයේ දකින්න ලැබෙන අළු වෘක ධේනුවකගේ බීජාණු සෛලවල ඩී.එන්.ඒ. අඩංගු න්‍යෂ්ටි කොටස ඉවත් කරමින්, ‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව එය යළි නිර්මාණය කිරීමට විද්‍යාඥයෝ සමත්ව ඇති අතර මිහිමතින් වඳ වී ගිය සතකුට මේ අයුරින් පණ දුන් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

‘ඩයර් වුල්ෆ්’ යන්නෙහි අරුත බිහිසුණු වෘකයා යන්නය. මෙම වෘකයන් වර්තමානයේ අපට දකින්න ලැබෙන වෘකයන්ට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාල වන අතර මේ පිළිබඳ පරීක්ෂණ කළ විද්‍යාඥයන්ට උන්ගේ ජාන ව්‍යුහය හඳුනා ගැනීමට හැකිව තිබුනි.

‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව සකස් කළ එම බීජාණු, සුරතල් බැල්ලකගේ ගර්භාෂයේ තැන්පත් කර, පසුව පැටවුන් ලබා ගැනීම සිදු කෙරුණි.

ඒ අනුව සුදු පැහැති ‘ඩයර් වුල්ෆ්’ වෘක පැටවුන් තිදෙනකුට පණ දීමට විද්‍යාඥයන් සමත් වූ අතර එම තිදෙනා රොමියුලස්, රීමස් සහ කලීසී යනුවෙන් නම් කර ඇත.

මෙම විෂ්මිත නිර්මාණය සිදුකළේ ‘කොලෝසල් බයෝසයන්ස්’ විද්‍යා පර්යේෂණ සමාගමය වන අතර 2028 වසරේදී අයිස් යුගයේ ජීවත් වුණු මැමතකුට පණ දීමට ද මෙම සමාගම සූදානම්ව සිටිති.

ඊට අමතරව, වඳ වී ගිය පියාඹා යා නොහැකි ඩෝඩෝ කුරුල්ලකුටත්, ටැස්මේනියානු ව්‍යාඝ්‍රයකුටත් පණ දීමට ‘කොලෝසල් බයෝසයන්ස්’ විද්‍යාඥයන් සූදානම් බව පැවැසෙයි.

ට්‍රම්ප්ට මළ පනී.. චීනයට අනතුරු අඟවයි.!

ට්‍රම්ප්ට මළ පනී.. චීනයට අනතුරු අඟවයි.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවු නව තීරුබදු ක්‍රමවේදයට ප්‍රතිචාර ලෙසින් එළැඹෙන අප්‍රේල් (10) වෙනිදා සිට අමෙරිකානු ආනයන මත 34%ක අමතර තීරුබද්දක් පනවන බව චීනය පසුගියදා නිවේදනය කළේය.

චීනය නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් සදහන් කළේ, අමෙරිකාවේ භාණ්ඩ මත චීනය විසින් පනවා ඇති තීරුබදු ඉවත් නොකළහොත් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමතර 50%ක බද්දක් පනවන බවයි.

ඒ අනුව අමෙරිකාවට චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පසුගියදා ප්‍රකාශයට පත් කළ 34%ක තීරුබදුවලට අමතරව මෙම නව බදු පැනවෙනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.

මේ අතර 2025 වසර තුළ ගෝලීය ආර්ථිකය 1%කින් පහත වැටීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීන්දු හේතු වනු ඇති බව ලෝක වෙළෙඳ සංවිධානය සදහන් කරයි.

ට්‍රම්ප්ගේ තීරණය නිසා සුඛෝභෝගී වාහන අමෙරිකාවට අහිමිවෙයි.!

ට්‍රම්ප්ගේ තීරණය නිසා සුඛෝභෝගී වාහන අමෙරිකාවට අහිමිවෙයි.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට 25%ක බදු පැනවීම හේතුවෙන් ජගුවර් සහ ලෑන්ඩ් රෝවර් සුඛෝභෝගී මෝටර් රථ අමෙරිකාවට අපනයනය කිරීම මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර ඇත.

යුරෝපානු සංගමයට පසු බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කෙරෙන මෝටර් රථවල ප්‍රධාන ඉල්ලුම්කරුවා වන්නේ අමෙරිකාව වන අතර බ්‍රිතාන්‍ය වාර්ෂිකව රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස්, ඩිෆෙන්ඩර් ඇතුළු රථ ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් අමෙරිකාවට අපනයනය කරයි.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය මෝටර් රථ ආනයනය සම්බන්ධ බදු පැනවීමෙන් බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල වන අතර අමෙරිකාව බදු පැනවීමට මුහුණදීමේ තීරණයකට එළැඹෙන තෙක් අමෙරිකාවට ජගුවර්, ලෑන්ඩ් රෝවර් රථ අපනයනය කිරීම අත්හිටුවා ඇත.

ඉන්දියාව ඇතුළු රටවල් රැසක වීසා තහනම් කරයි.!

ඉන්දියාව ඇතුළු රටවල් රැසක වීසා තහනම් කරයි.!

ඉන්දියාව ඇතුළු රටවල් 13කට සෞදි අරාබිය විසින් තාවකාලික වීසා තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වීසා තහනමට ලක් වූ රටවල් වන්නේ, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනය වේ.

ඇතැම් පුද්ගලයින් සෞදි අරාබියට ඇතුළු වීමට බහු-ප්‍රවේශ වීසා භාවිතා කර ඇති අතර පසුව හජ් සමය දක්වා නීති විරෝධී ලෙස රැඳී සිටින බවත් එනිසා අධික තදබදය සහ ආරක්ෂක අවදානම් වලට එය හේතු වන බව සෞදි නිලධාරීන් සඳහන් කරයි.

තවද ව්‍යාපාරික හෝ පවුල් සංචාර වීසා මත ඇතුළු වන බොහෝ පුද්ගලයින් අවසරයකින් තොරව වැඩ කරමින්, වීසා කොන්දේසි උල්ලංඝණය කරමින් සහ ශ්‍රම වෙළඳපොලේ බාධා ඇති කරමින් සිටින බව වාර්තා වී ඇත.

හජ් සමයේදී සංචාර නියාමනය කිරීමට සහ ආරක්ෂාව සහතික කිරීමට තාවකාලික වීසා අත්හිටුවීම අදහස් කරන බව සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

ට්‍රම්ප් ඊලෝන් ආණ්ඩුවේ කඩා වැටීම ඇරඹෙයි.!

ට්‍රම්ප් ඊලෝන් ආණ්ඩුවේ කඩා වැටීම ඇරඹෙයි.!

විදෙස් මාධ්‍ය පවසන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ එරට බිලියනපතියෙකු වූ ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාවේ විරෝධතා රැසක් ආරම්භවී ඇති බවයි.

ඊයේ (05) දිනයේදී අමෙරිකාවේ ප්‍රාන්ත 50ම ඇතුළු ස්ථාන 1,200ක අමෙරිකානු ජනාධිපතිවරයාට සහ එලොන් මස්ක්ට එරෙහිව විරෝධතා සහ පෙළපාලි පැවැත්වූ බව පැවසේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරු බදු පැනවීම් ඇතුළු ඔහුගේ න්‍යාය පත්‍ර හේතුවෙන් අමෙරිකාවට සාමාජිය සහ ආර්ථික ගැටළු ඇතිවන බවට එම විරෝධතාකරුවන් සිය විරෝධතා මගින් පෙන්වා දී තිබේ.

විරෝධතාකරුවන් පවසා ඇත්තේ අමෙරිකානු ආර්ථිකය කඩා වැටීමත්, ඩොලර් ට්‍රිලියන 06කට ආසන්න ධනයක් විනාශ කිරීමෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මානසික අවපීඩනයකින් පෙළෙන බවය.

එමෙන්ම අමෙරිකානු රජය බිලියනපතියෙකු විසින් අත්පත් කරගන්නා බවත් එම විරෝධතාවට එක්වූවන් චෝදනා කර තිබේ.

ට්‍රම්ප්ට එරෙහිව ජනතාව පාරට බහී.. රට පුරා දැවැන්ත විරෝධතා.!

ට්‍රම්ප්ට එරෙහිව ජනතාව පාරට බහී.. රට පුරා දැවැන්ත විරෝධතා.!

අමෙරිකාවේ ජනතාව විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ බිලියනපති ඊලෝන් මස්ක්ට එරෙහිව දැවැන්ත විරෝධතා රැසක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ ප්‍රාන්ත 50ම ඇතුළුව ස්ථාන 1,200ක අමෙරිකානු ජනාධිපතිවරයාට සහ එලොන් මස්ක්ට එරෙහිව ඊයේ (05) දින විරෝධතා සහ පෙළපාලි පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ආර්ථිකය කඩා වැටීමත්, ඩොලර් ට්‍රිලියන 06කට ආසන්න ධනයක් විනාශ කිරීමෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මානසික අවපීඩනයකින් පෙළෙන බවද විරෝධතාකරුවන් සදහන් කරයි.

තීරු බදු පැනවීම් ඇතුළු ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍ර හේතුවෙන් අමෙරිකාවට සාමාජිය සහ ආර්ථික ගැටළු ඇතිවන බවට එම විරෝධතාකරුවන් සිය විරෝධතා මගින් පෙන්වා දී ඇත.

ජපානයම හඬවන ඉතා ප්‍රබල භූමිකම්පාවක්.?

ජපානයම හඬවන ඉතා ප්‍රබල භූමිකම්පාවක්.?

ජපානයේ පුද්ගලයින් තුන් ලක්ෂයකට පමණ ජීවිත අහිමි කළ හැකි ඉතා ප්‍රබල භූමිකම්පාවක් ඇතිවීමේ හැකියාවක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රබල භූමිකම්පාව රික්ටර් මාපක 8.1 – 9ත් අතර ඉහළ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙම සිදුවීමේ සම්භාවිතාව 80%ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූමිකම්පාව හේතුවෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 02කට ආසන්න මුදලක් ජපානයට අහිමි වනු ඇති බවත් මෙම භූමිකම්පාවෙන් ජපානයට සුනාමි අවදානමක් ඇති විය හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.