Foreign news (Sinhala)

දරුවන් 332 කට ජීවිතය අහිමි කළ අමානුෂික ප්‍රහාරය.!

දරුවන් 332 කට ජීවිතය අහිමි කළ අමානුෂික ප්‍රහාරය.!

ඊශ්‍රායලය විසින් සති දෙකකට පෙර ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර වලින් ළමයින් 322 දෙනෙකු මියගොස් ඇති බවත් එම කාලය තුළ තවත් ළමයින් 609 දෙනකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය සදහන් කරයි.

එම ප්‍රහාරවලින් මියගිය හා තුවාල ලැබූ දරුවන් හැරුණු විට තවත් දරුවෝ විශාල පිරිසක් අවතැන් වී සිටින බවත් ඔවුන් තාවකාලික කුඩාරම්වල හෝ හානි වූ නිවාසවල නවාතැන් ගෙන සිටින බවද සදහන් කරයි.

සටන් විරාමය දීර්ඝ කර ගාසා තීරයේ මේ වන විටත් සිරකරගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 59 දෙනා නිදහස් කර ගැනීමට අමෙරිකාව නව යෝජනාවක් ගෙනාවත් හමාස් සංවිධානය මෙය ප්‍රතික්ෂේප කළේය.

නව බ්‍රිතාන්‍ය දූපත අසල ප්‍රබල භූමිකම්පාවක්.!

නව බ්‍රිතාන්‍ය දූපත අසල ප්‍රබල භූමිකම්පාවක්.!

අද (05) දින උදෑසන රික්ටර් මාපක 6.9ක ප්‍රබල භූමිකම්පාවක් පැපුවා නිව්ගිනියාව අසල ඇති වූ බව අමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරයි.

පැපුවා නිව්ගිනියාවට අයත් දූපතක්වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ මෙය සිදුව ඇති අතර එම දූපතේ අගනුවරට කිලෝමීටර් 194ක් ගිනිකොන දෙසින් මෙම භූමිකම්පාව සිදුව තිබෙන බව අමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරයි.

මෙම භුමිකම්පාව හේතුවෙන් එරට වෙරළබඩ ප්‍රදේශවලට අනතුරුදායක සුනාමි රළ ඇති විය හැකි බවට පුරෝකථනය කර සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටද කටයුතු කර ඇත.

අමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය තවදුරටත් සදහන් කළේ, මෙම භූමිකම්පාවෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.3ක පසුකම්පනයක් ඇතුළුව පසුකම්පන කිහිපයක් ඇති වූ බවයි.

ට්‍රම්ප් හාන්සි කරමින් චීනය විශාල බද්දක් පනවයි.!

ට්‍රම්ප් හාන්සි කරමින් චීනය විශාල බද්දක් පනවයි.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවු නව තීරුබදු ක්‍රමවේදයට ප්‍රතිචාර ලෙසින් එළැඹෙන අප්‍රේල් (10) වෙනිදා සිට අමෙරිකානු ආනයන මත 34%ක අමතර තීරුබද්දක් පනවන බව චීනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

අමෙරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ මත 10%ක තීරුබද්දක් පැනවීමටත් අමෙරිකාව සමඟ වැඩිම වෙළෙඳ අතිරික්තයක් පවතින රටවල් 60කට මූලික තීරු බද්දට අමතරව තවත් තීරු බදු පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය.

මෙම වසර තුළ ගෝලීය ආර්ථිකය 1%කින් පහත වැටීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීන්දුව හේතු වනු ඇති බව ලෝක වෙළෙඳ සංවිධානය සදහන් කරයි.

ඇමරිකානු බද්දේ සිද්ධිය.!

ඇමරිකානු බද්දේ සිද්ධිය.!

ලොව සියලුම රටවලින් අමෙරිකාවට ගෙන්වන භාණ්ඩ සදහා තීරුබදු පැනවීමට විධායක නියෝගයක් අත්සන් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට කටයුතු කළේය.

මේ විධායක නියෝගය අනුව අප්‍රේල් මස 5 සිට ලොව සෑම රටකින්ම ඇමරිකාවට ගෙන්වන භාණ්ඩ සදහා 10% තීරු ගාස්තුවක් පැනවෙයි.

මීට අමතරව රටවල් 25 කට වැඩි සංඛ්‍යාවකට 20 %ත් 50% ත් අතර ප්‍රමාණයකින් තීරු බදු පැනවීමට ඇමරිකානු ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. මෙම නව තීරු බදු අප්‍රේල් 9 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අන්‍යෝන්‍ය තීරුබදු ගැලපීමක් ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා මේ තීරුබදු වැඩි කිරීම සිදුකරනු ලබයි.

ඇමරිකාවේ නිෂ්පාදිත භාණ්ඩවලට අනෙකුත් රටවල් පනවන තීරුබදු වලට ඒ රටවල් ඇමරිකාවට එවන භාණ්ඩවලට පනවන තීරුබදු ප්‍රමාණය සාධාරණ අයුරින් ගැලපීම මෙහිදී සිදුවෙයි.

යම් භාණ්ඩයක් ආනයේදී හෝ අපනයේදී රජයට අයකරන බදු තීරු බදු ලෙස හැදින්වෙයි.

ට්‍රම්ප්ගේ තීරණය කුමක්ද.?

අමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් ඊයේ ධවල මන්දිරයේ රෝස් ගාඩ්න් උද්‍යානයේදී මෝටර් රථ කර්මාණ්තයේ නියැලී සිටින පිරිසක් අමතමින් ඔහු අත්සන් කළ නවතම විධායක නියෝගය පිළිබඳව පැහැදිලි කළේ ය.

ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ රටවල් සමග ඇමරිකාව කරන ගනුදෙනුවලදී අනෙකුත් රටවල් ඉතා විශාල වාසි අත්කරගන්නා බවයි.

මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වාසි අත්කර ගැනීම අවම කරමින් අමෙරිකානු ආර්ථිකයට වඩා වාසි අත්කර ගැනීම සදහා අන්‍යොන්‍ය තීරුබදු ගලපන නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියේ ය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

”බංගල්දේශය අපෙන් සියයට 74 ක් ගන්නවා. පකිස්ථානය 58% ක් ගන්නවා. ශ්‍රී ලංකාව 88% ක් ගන්නවා. දැන් ඔබට පේනවා ඇති අපි ඔවුන් ගන්න සම්පූර්ණ ගාන අපි ගන්නේ නෑ. නමුත් ඕනේ නම් අපිට 88% ම ගන්න පුළුවන්.නමුත් ගන්නේ නෑ”

ට්‍රම්ප් ජනාධිපතිවරයා මාධ්‍ය හමුව පැවති ස්ථානයේ සිටි වානිජ ලේකම්වරයා අමතමින් කළ ප්‍රකාශයද ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවිය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

”මෙයා හොදට වැඩ කරනවා.මේක අතට ගන්න වෙයි.නමුත් මේකට සුළඟෙන් බාධා තියෙනවා.මේ හින්ද මම තොප්පියකුත් අරන් ආවේ.මම මේක හැබැයි කැබිනට් එකේ අයට දෙන්නේ නෑ.මම මේක දෙන්නේ මෝටර් රථ කාර්මිකයින්ට ”

”දැන් පේනවනේ මේ අංක දිහා.මේ අංක අසමතුලිතයි ඒ වගේම අසාධාරණයි.ඒ නිසා අපි තීරණය කලා අවම මට්ටමක සියයට 10 ක තීරුබද්දක් ගහන්න.ඒකෙන් අනෙකුත් රටවල් අපේ ආර්ථිකය ගොඩනගන්න උදව් කරයි.රැවටීම තවදුරටත් කරන්න බැහැ.”

මේ විධායක නියෝගය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

ඇමරිකානු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ විධායක නියෝගය ධවල මන්දිරයේ නිල වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර තිබේ.

එම නියෝගයට අනුව සියයට 10 ක තීරුගාස්තුව අයකිරීම අප්‍රේල් 5 වනදා සිට ක්‍රියාත්මකයි.

අන්‍යෝන්‍ය තීරු බදු ගැලපීම මත සිදු කළ වැඩි කිරීම් අප්‍රේල් 9 වනදා සිට ක්‍රියාත්මක වෙයි.


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තත්ත්වය කුමක්ද?

ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙන්වා දෙන ආකාරයට ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන භාණ්ඩ සදහා ශ්‍රී ලංකාව අයකරන තීරුබදු ප්‍රමාණය 88% කි.

මෙම ප්‍රමාණයම ගැලපිය හැකි වුවත් නව විධායක නියෝගයට අනුව ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් ගෙන්වන භාණ්ඩ සදහා 44% ක තීරු බද්ධක් පනවා තිබේ.

ධනනාත් ප්‍රනාන්දු 
ඇඩ්වොකාටා ප්‍රධාන විධායක නිලධාරී

”ඔවුන් ඒ ගණනය කිරීම කරපු ආකාරයේදී පේන්න තියන දේ තමයි ඔවුන් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර තියෙන වෙළඳ ශේෂය අරගෙන ඒ වෙළඳ ශේෂයේ ඇමෙරිකාවේ සාමාන්‍යයෙන් ලංකාව ඇමෙරිකාවට කොච්චර අපනයනය කරනවද කියන එකේ ප්‍රතිශතයක් විදිහට අරගෙන තමයි සියයට අසූ අට කියන එක ගණනය කරලා තියෙන්නේ. ඒකෙන් බාගයක් තමයි ඔවුන් ශ්‍රී ලංකාවට නැවත තීරු බදු විදිහට පනවල තියෙන්නේ.”

ඇමරිකාවේ නව තීරු බදු වැඩි කිරීම බලපාන අනෙකුත් රටවල් මොනවාද?

චීනයට පනවා ඇති තීරු බදු ප්‍රමාණය 34% ක්.

ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවෙකු වන යුරෝපා සංගමයට සියයට 20 ක්,
ඊශ්‍රායලයට 17 % ක්,
ඉන්දියාවට 26 % ක්, 
බංග්ලාදේශයට 37 %, 
මියන්මාරයට 44 % ක්, 
ඉන්දුනීසියාවට 32% ක්, 
ලාඕසයට 48% ක්, 
තායිලන්තයට 36 % ක්,
කාම්බෝජයට  49 %  ක්, 
මැඩගස්කරයට 47 % ක් ලෙස තීරු බදු පනවා තිබේ.

ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම කුමක්ද?

2024 වසරේ ශ්‍රී ලංකාවේ මුළු අපනයන වලින් 23% ක් සිදුකර ඇත්තේ ඇමරිකාවටයි.

ඇමරිකාවට සිදුකල 23% ක අපනයන වලින් 70% ක් ඇගලුම්.

ඇමරිකාවට සිදුකරන අපනයන වලින් උපයා ඇති මුළු ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3 ක්.

ඉන් ඇගලුම් වලින් උපයා ඇති ආදායම ඩොලර් බිලියන 2.5 ඉක්මයි.  

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට එරෙහිව දරුණු තීරණයක් ගනී.!

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට එරෙහිව දරුණු තීරණයක් ගනී.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම ඊයේ දිනයේ සජීව ප්‍රකාශයට පත්කළ අතර ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහාද සියයට 44ක තීරු බද්දක් පනවන බව ප්‍රකාශ කළේය.

අදාළ බදු පැනවීම අනිද්දා (05) දිනයේ සිට ක්‍රියාත්මක බව වාර්තා වේ.

අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීම සිදුකර ඇති අතර එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වා ඇති බව සඳහන්ය.

මෙම නව බදු ප්‍රතිපත්තියට අනුව සියලුම ආනයන සඳහා සියයට 10ක තීරු බද්දක් ඇතුළත් වන අතර අමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යන රටවල් සඳහා ඉහළ තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට සියයට 44ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර එය ලොව වැඩිම තීරුබදු පැනවූ පළමු රටවල් පහ අතරට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

කාම්බෝජනයට සියයට 49ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර වියට්නාමයට සියයට 46ක තීරුබදු පැනවීමක් සිදුකර තිබේ.

බංග්ලාදේශයට සියයට 37ක, තායිලන්තයට සියයට 36ක, චීනයට සියයට 34ක, ඉන්දියාවට සියයට 26ක බදු පැනවීමක් සිදුකර ඇති අතර යුරෝපීය සංගමයට ද සියයට 20ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

මෙතෙක් අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 12.2ක තීරුබදු පැනවීමක් සිදුකර තිබු අතර මෙම නව බදු පැනවීමත් සමග මෙරට අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් වැඩිම ඇගලුම් අපනයනයන් සිදුකරනුයේ අමෙරිකාවට වන අතර මෙම බදු පැනවීම මඟින් එම ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව සඳහන්ය.

පසුගිය 2024 වර්ෂයේ අමෙරිකාව විසින් මෙරටින් අමෙරිකානු ඩොලර් බිලියන 3කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 346කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර තිබේ.

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක්.!

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක්.!

රික්ටර් මාපක 6.0ක ප්‍රබල භූමිකම්පාවක් ජපානයේ විශාලම දූපත ලෙසින් සැලකෙන කියුෂු දූපත ආසන්නයේ ඇති වූ බව එරට භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය සදහන් කරයි.

එරට වේලාවෙන් ප.ව. 7.34ට පමණ මෙම භූමිකම්පාව ඇතිව ඇති අතර එය කිලෝමීටර 40ක් පමණ ගැඹුරින් සිදුව ඇති බව භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය සදහන් කරයි.

මෙම භූමිකම්පාව හේතුවෙන් ජීවිත හානි හෝ අනෙකුත් හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර ඉදිරියේදී ප්‍රබල භූමිකම්පාවක් ඇතිවීමේ අවදානමක් ඇති බවද සදහන් කරයි.

ලොව පුරා බිය පතුරවමින් අමෙරිකානු යුද නෞකා සහ යානා මැදපෙරදිගට ඇදෙයි.!

ලොව පුරා බිය පතුරවමින් අමෙරිකානු යුද නෞකා සහ යානා මැදපෙරදිගට ඇදෙයි.!

මැදපෙරදිග කලාපයේ සිය යුද ශක්තිය ඉහළ නැංවීමට අමෙරිකාව තීරණය කර ඇති අතර ඒ අනුව මැදපෙරදිග අමෙරිකානු යුද කඳවුරු වෙත යුද ගුවන්යානා ඇතුළු යුධෝපකරණ යැවීමට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙගේ නියෝගය අනුව කටයුතු කළ බව පෙන්ටගනය ප්‍රකාශ කළේය.

ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතින පසුභිමක පෙන්ටගනය විසින් මෙවැනි තීරණයක් ගැනීම ලොව පුරා සියල්ලන්ගේම අවධානයට ලක්ව තිබේ.

කෙසේවෙතත් මේ ආකාරයට යවා ඇත්තේ කවර වර්ගයේ යුද ගුවන්යානා ද යන්න සහ ඒවා යොදවා ඇත්තේ කුමන කඳවුරුවලට ද යන්න පෙන්ටගනය අනාවරණය කර නැත.

නමුත් අමෙරිකානු ආරක්ෂක බලධාරීන් උපුටා දක්වමින් රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ ඉන්දීය සාගරයේ දියේගෝ ගාර්ෂියා බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු යුද කඳවුරේ සිට B-2 වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානා 6ක් පමණ පසුගිය සතියේ වෙනත් ස්ථාන වෙත යවා ඇති බවය.

ඒ අනුව ඒවා මැදපෙරදිග කලාපයට යවා ඇතැයි විශ්වාස කෙරේ.

ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට B-2 වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානාවලට රේඩාර් ග්‍රාහක මඟහැර යා හැකිවා මෙන්ම අමෙරිකාවේ ප්‍රබලතම සහ බරැතිම බෝම්බ එල්ල කිරීම සඳහා ද යොදාගත හැකි වේ.

B-2 යානාවල තවත් විශේෂත්වයක් තමයි ඒවා න්‍යෂ්ටික අවි එල්ල කිරීමට පවා යොදාගත හැකිවීම.

ඉරානය හෝ ඔවුන්ගේ අනුග්‍රාහකයන් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු හමුදාවලට සහ අමෙරිකානුවන්ට තර්ජනය කළ හොත් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා තීරණාත්මක පියවර ගැනීමට සිදුවන බව පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් පානෙල් සඳහන් කළේය.

මැදපෙරදිග කලාපයේ දැනටමත් සැලකිය යුතු හමුදා බලයක් ස්ථානගත කර ඇති අමෙරිකාව, ප්‍රහාරක ගුවන්යානා රැගෙන යා හැකි තවත් යුද නෞකා දෙකක් කඩිනමින් එහි යැවීමට කටයුතු කරනු ඇති බව ද වාර්තා වේ.

සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එකඟතාවයකට නොපැමිණියහොත් ඉරානයට බෝම්බ හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා දැඩි ප්‍රකාශයක් කළේය.

එහෙත් අමෙරිකාව සමග ඍජු සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින් ඉරානය ද දැඩි ස්ථාවරයක පසුවේ. 

යේමනයේ හූති කැරලිකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා අමෙරිකාව මැදපෙරදිග කලාපයේ යොදවා ඇති B-2 ප්‍රහාර යානා යොදා ගෙනය.

එම යානා අමෙරිකාව සතු න්‍යෂ්ටික නොවන ප්‍රබලතම බෝම්බය වන රාත්තල් 30,000ක් බරැති GBU-57 බෝම්බ හෙළීම සඳහා යොදාගත හැකි බව ආරක්ෂක විශේෂඥයන් පවසයි.

ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්වලට යම් විදියකින් ප්‍රහාරයක් එල්ල කළහොත් අමෙරිකාව එම අති ප්‍රබල බෝම්බ වුව ද යොදාගත හැකි බව විශ්වාස කෙරේ

පාකිස්තානයෙත් ප්‍රබල භූකම්පනයක්.!

පාකිස්තානයෙත් ප්‍රබල භූකම්පනයක්.!

රික්ටර් මාපක ඒකක 4.3ක ප්‍රබල භූකම්පනයක් පාකිස්තානයේ සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූකම්පනය බලොචිස්තානයේ සිට කිලෝමීටර් 65ක් නැගෙනහිර – ගිනිකොන දෙසින් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය තවදුරටත් සදහන් කළේ, මෙම භුකම්පනයෙන් ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි.

න්‍යෂ්ටික අවි සූදානම්.. ගැහුවොත් ගහනවා.. අමෙරිකාවට අනතුරු අඟවයි.!

න්‍යෂ්ටික අවි සූදානම්.. ගැහුවොත් ගහනවා.. අමෙරිකාවට අනතුරු අඟවයි.!

න්‍යෂ්ටික ගැටලු මත අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට පහර දෙන්නේ නම් න්‍යෂ්ටික අවි භාවිතයට පසුබට නොවන බව ඉරානය සදහන් කරයි.

අමෙරිකාව යම් වරදක් කරන්නේ නම් ඉරාන ජනතාව මුහුණ දෙනු ලබන පීඩන හමුවේ යම් තීරණාත්මක පියවරක් තැබීමට ඉරානය කිසි විටෙක පසුබට නොවන බවද සදහන් කරයි.

ඉරානයේ අල් කමේනි නායකයාගේ ආගමික නියෝගයක් යටතේ ඉරානය න්‍යෂ්ටික අවි භාවිතය තහනම් කර ඇති නමුත් ජනතාව වෙනුවෙන් තීරණාත්මක පියවර ගැනීමට සූදානම් බව ඉරාන නායකයාගේ උපදේශකවරයා සදහන් කරයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෑතකදී කරන ලද තර්ජනවලට ප්‍රතිචාර වශයෙන් ඉරාන නායකයාගේ උපදේශකවරයා මේ බව සදහන් කරයි.

ජපානයට මරණ ලක්ෂ 3ක් ඉක්මවන භූමිකම්පන වැලක්.!

ජපානයට මරණ ලක්ෂ 3ක් ඉක්මවන භූමිකම්පන වැලක්.!

විදෙස් මාධ්‍ය පවසන්නේ ඉදිරියේදී ජපානයේ ඇතිවිය හැකි භූකම්පන වලින් ලක්ෂ 03ක පමණ පිරිසක් මියයා හැකි බවට ඇස්තමේන්තුගත කර ඇති බවත් ඒ හේතුවෙන් ඩොලර් ට්‍රිලියන 1.8ක් පමණ ආර්ථික විනාශයක් සිදුවිය හැකි බවත් ය.

එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ ජපානය ලෝකයේ වඩාත්ම භූමිකම්පා අවදානමට ලක්විය හැකි රටවලින් එකක් වන අතර, නන්කායි අගල ලෙස හැඳින්වෙන කම්පන සහගත මුහුදු පත්ල කලාපයක් දිගේ රික්ටර් මාපක 8 සිට 9 දක්වා විශාලත්වයකින් යුත් භූමිකම්පාවක් සඳහා 80%ක සම්භාවිතාවක් ඇති බවයි.

ශීත ඍතුවේ දී රාත්‍රි කාලයේ මෙසේ භූමිකම්පාවක් සිදුවුවහොත් සුනාමි සහ ගොඩනැගිලි කඩා වැටීම්වලින් 298,000ක් පමණ මිය යා හැකි බව එම වාර්තා පෙන්වා දෙයි.

භූ කම්පන වික්‍රියා හේතුවෙන් වසර 100 සිට 150 දක්වා වරක් මෙම භූමිකම්පාවක් ඇති විය හැකියි.

එමෙන්ම 2011 දී රික්ටර් මාපක 9ක භූමිකම්පාවක් ඇති වූ අතර, එමගින් විනාශකාරී සුනාමියක් ඇති වී න්‍යෂ්ටික බලාගාරයක ප්‍රතික්‍රියා හේතුවෙන් 15,000කට අධික පිරිසක් මිය ගියහ.