Foreign news (Sinhala)

මියන්මාර ඛේදවාචකය මරණ 2000 ඉක්මවයි.. මිනී දුර්ගන්ධය රට පුරා පැතිරෙයි.!

මියන්මාර ඛේදවාචකය මරණ 2000 ඉක්මවයි.. මිනී දුර්ගන්ධය රට පුරා පැතිරෙයි.!

විදෙස් මාධ්‍ය පවසන්නේ මියන්මාර ඉතිහාසයේ මෙතෙක් සිදුවූ දරුණුතම භූකම්පනයෙන් මියගිය ගණන ඊයේ වන විට 2,056 දක්වා ඉහළ ගිය බව එරට හමුදා රජය තහවුරු කර ඇති බවයි.

පසුගිය සිකුරාදා උතුරු මැද මියන්මාරයේ මිලියන 1.5ක ජනතාව පදිංචිව සිටින මැන්ඩලයි නුවර කේන්ද්‍ර කරමින් සිදුවූ රිච්ටර් මාපකයේ 7.7ක අගයකින් යුතු එම භූකම්පනයෙන් තුවාල ලැබූ පිරිස හාරදහසකට ආසන්න බවත්, තවත් පුද්ගලයන් 270ක් ආගිය අතක් නැති බවත් මියන්මාර හමුදා රජය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

සන්නිවේදන පද්ධති බිඳ වැටීම හේතුවෙන් භූ කම්පනයෙන් මිය ගිය සහ තුවාල ලැබූ පිරිස කොපමණදැයි නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවත්, එය දැනට වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු භූ විද්‍යා විශේෂඥවරුන් අනුමාන කර ඇත්තේ භූකම්පනයෙන් මිය ගිය ගණන දසදහස දක්වා ඉහළ යා හැකි බවය.

භූකම්පනය සිදුවී දින 3කට අධික කාලයක් ගත වී ඇති අතර, තවත් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් කඩා වැටුණු නිවාස හා ගොඩනැඟිලි සුන්බුන් අතර සිරවී සිටින බවට තොරතුරු වාර්තා වී ඇති අතර, ඔවුන් මුදා ගැනීම කඩිනම් කිරීමට හමුදා සහ ආපදා කළමනාකරණ සේවකයන් දිවා රාත්‍රී අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මැන්ඩලායි නුවර ආසන්නයේ පිහිටි සගේන් නගරයේ සහ ඒ අවට සෙසු නගරවල රෝහල් තුවාලකරුවන්ගෙන් සහ මළ සිරුරුවලින් පිරී ඉතිරී ගොස් ඇති අතර, මළසිරුරවල දුගන්ධය නගර පුරා පැතිරී ගොස් ඇතැයි වාර්තා වේ.

තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වීදි හා මහමාර්ගවල තාවකාලික කූඩාරම් ඉදිකර ප්‍රතිකාර කිරීමට බලධාරීහු පියවර ගෙන තිබේ. තුවාලකරුවන් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ ප්‍රමාණවත් නොවන බවත්, යැංගුන් ඇතුළු අවට නගරවල වෙළෙඳපොළේ මළසිරුර බහාලුම්වල මිල ද ඉහළ ගොස් තිබේ.

භූකම්පනයෙන් අවතැන් වූ මැන්ඩලායි නුවර ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 8ක හදිසි ආපදා ආධාර ඉල්ලා ඇත. රටවල් රැසකින් මේ වන විට සහනාධාර ලැබී ඇති අතර, මෙහෙයුම් සඳහා සහාය වීමට විදෙස් හමුදා කණ්ඩායම් රැසක් ද එක්වී සිටින බව වාර්තා වේ.

මැන්ඩලායි නුවර භූකම්පනය අසල්වාසී තායිලන්තයේ බැංකොක් නුවරට ද සැලකිය යුතු හානි සිදු කර තිබූ අතර, භූ කම්පනයත් සමඟ බැංකොක් නුවර ඉදි කරමින් පැවැති මහල් 30කින් සමන්විත ගොඩනැඟිල්ලක් මුළුමනින්ම පොළොවට සමතලා වීමෙන් එහි සිටි ඉදි කිරීම් සේවකයන් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ.

ට්‍රම්ප්ගෙන් ඉරානයට ප්‍රබල තර්ජනයක්.. එකදිගට බෝම්බ.!

ට්‍රම්ප්ගෙන් ඉරානයට ප්‍රබල තර්ජනයක්.. එකදිගට බෝම්බ.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ප්‍රබල තර්ජනයක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයා විසින් ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වොෂින්ටනය සමඟ එකඟතාවකට නොපැමිණියේ නම් බෝම්බ හෙළීම සහ ද්වීතීයික තීරු බදු පැනවීම සිදු කරන බව ප්‍රකාශ කර ඇත.

එක්සත් ජනපද සහ ඉරාන නිලධාරීන් මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින නමුත් ඒ පිළිබඳව වැඩි විස්තර ලබානොදුන් බව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේ,

“ඔවුන් ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් බෝම්බ හෙළීමක් සිදුවනු ඇත. නමුත් ඔවුන් ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම්, මම වසර හතරකට පෙර කළාක් මෙන් ඔවුන්ට ද්විතීයික තීරු බදු පැනවීමට අවස්ථාවක් තිබේ.”

ශ්‍රී ලංකාවෙන් මියන්මාරයට මානුෂීය ආධාර.!

ශ්‍රී ලංකාවෙන් මියන්මාරයට මානුෂීය ආධාර.!

විපතටපත් මියන්මාරයට මානුෂීය ආධාර ලබා දීම සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් ලබා දීම සම්බන්ධ ජනපතිවරයා ප්‍රමුඛ රජයේ අවධානය යොමුව තිබේ. 

ඒ අනුව අද දින (31) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පීඩාවට පත් ජනතාවට‍ අවශ්‍ය මානුෂීය ආධාර සහ සෙවීම් මුදවාගැනීම් කණ්ඩායම් ලබාදීම සම්බන්ධීකරණ කිරීම සඳහා අවශ්‍ය මුලික සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, අනෙකුත් පාර්ශ්වකාර රාජ්‍ය ආයතන නියෝජිතයින්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ දේශීය ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වී තිබේ.

එහිදී පීඩාවට පත් වු ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා අනුව පවතින තත්ත්වය පිළිබඳ සැලකිල්ලට භාජනය කරමින් ක්ෂණිකව අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීම සඳහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සැකසීම සහ කඩිනමින් හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් මියන්මාරය බලා පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගැනීමට මෙම සාකච්ඡාවේදී තිරණය වී තිබේ.

තවත් පාතාලේ නම් දැරූ අයියෙක් රුසියාවෙන් මාට්ටු.!

තවත් පාතාලේ නම් දැරූ අයියෙක් රුසියාවෙන් මාට්ටු.!

විදේශයන්හි සිට මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ප්‍රධාන පුද්ගලයෙකු වන අමිල සම්පත් නොහොත් ‘රොටුඹ අමිල’ රුසියාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ බව එරට ආරක්ෂ බලධාරීන් විසින් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඔහු මින් පෙර ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවෙකි.

ගැබිණිය කොටස් 25කට ඡේදනය කෙරූ නෑනා සහ නැන්දම්මා.!

ගැබිණිය කොටස් 25කට ඡේදනය කෙරූ නෑනා සහ නැන්දම්මා.!

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25කට වෙන් කර ඇති බව පොලිසිය පවසයි.


පාකිස්තානයේ දස්කා නගරයේ 7 මාසයක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර සිරුර කොටස් 25කට වෙන් කළ පුවතක් වාර්තා වේ.

කොට්ලි මාර්ලන් ගම්මානයේ 26 හැවිරිදි සෙහෙරා කදීර් නම් ගැබිණි කාන්තාව මෙම කෲර ඝාතනයට බිළිව ඇති බව පාකිස්තාන පොලිසිය පවසයි.

පොලිස් වාර්තා අනුව, මෙම ඝාතනය සම්බන්ධ මූලික විමර්ශන වලදී, නැන්දම්මා සහ නෑනා විසින් සෙහෙරාව ඝාතනය කර ඇති බව සනාථ වී තිබේ. මියගිය ඇයගේ අවුරුදු දෙකහමාරක පුතෙකුද සිටින බව වාර්තා වේ.

ඝාතනයෙන් පසු සිරුර කොටස් 25කට කපා, එම කොටස් බෑග්වලට දමා ඇති බවත්, සිරුර හඳුනා ගත නොහැකි ලෙස කඳින් හිස වෙන් කර තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කළේ යැයි සැක කෙරේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් තම වරද පිළිගෙන ඇති බවටද පොලිසිය තොරතුරු වාර්තා කරයි.

දැනට පවතින තොරතුරු සනාථ වුවද, මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව පාකිස්තාන පොලිසිය පවසයි.

උන්මත්තක මහල්ලෙක් මෝටර් රථයකින් හප්පා පුද්ගලයින් 35ක් ඝාතනය කරයි.!

උන්මත්තක මහල්ලෙක් මෝටර් රථයකින් හප්පා පුද්ගලයින් 35ක් ඝාතනය කරයි.!

දකුණු චීනයේ පුද්ගලයෙකු විසින් සිය මෝටර් රථය ක්‍රීඩාංගණයක් තුළට ධාවනය කර පුද්ගලයන් 35 දෙනෙකු ඝාතනය කළ පුවතක් වාර්තා වෙයි.

මෙම මෝටර් රථ අනතුර දශක ගනනාවක් තුළ එරට සිදු වූ දරුණුතම මහජන ප්‍රචණ්ඩ ක්‍රියාව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ක්‍රීඩාංගනයක ධාවන පථයේ ව්‍යායාම කරමින් සිටි පුද්ගලයින් පිරිසක් යට කරමින් මෙම උන්මත්තක පුද්ගලයා සිය මෝටර් රථය ධාවනය කර ඇති බව වාර්තා වෙයි.

වැඩිහිටියන් සහ ළමුන් ඇතුළුව ඉන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 45කට අධික බව විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

මෙම අනතුරු සිදු කර ඇත්තේ සිය දික්කසාද සමථයකට පත් වීම පිළිබඳ කනස්සල්ලෙන් පසුවූ 62 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි

අනතුරින් පසු ඔහු විසින්ම සිය ගෙලට සහ ශරීර කොටස්වලට තියුණු ආයුධයකින් තුවාල සිදුකරගෙන තිබූ බව පොලීසිය පවසයි.

මෙම සිදුවීම චීනයේ දැඩි මහජන විරෝධයක් දක්වා දිග්ගැස්සී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඊලොන් මස්ක්ට අමෙරිකානු රජයේ ඉහළ තනතුරක්.!

ඊලොන් මස්ක්ට අමෙරිකානු රජයේ ඉහළ තනතුරක්.!

අමෙරිකානු රජයේ කටයුතු කාර්යක්ෂම කිරීමට නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානත්වය ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලොන් මස්ක්ට ලබාදීමට නව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇත.

“Department of Government Efficiency” යනුවෙන් එම නව දෙපාර්තමේන්තුව නම් කර ඇති අතර ටෙස්ලා සහ ස්පේස් X සමාගම්වල ප්‍රධාන විධායකයා වන ඊලොන් මස්ක් නව දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වේ.

තවද ඊලොන් මස්ක්ට අදාළ දෙපාර්තමේන්තුවට විවේක් රාමස්වාමි සමග එක්ව නායකත්වය සපයනු ඇති බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.

මගී ගුවන් යානයකට වෙඩි ප්‍රහාරයක්.!

මගී ගුවන් යානයකට වෙඩි ප්‍රහාරයක්.!

අමෙරිකාවේ සිට පැමිණි මගී ගුවන් යානයක් පෝර්ට් ඕ ප්‍රින්ස් වෙත ගොඩබෑමට උත්සාහ කිරීමේදී වෙඩි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් ගුවන් සමාගම් කිහිපයක් හයිටි රාජ්‍ය වෙත ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.

එම වෙඩි ප්‍රහාරයෙන් ගුවන් සේවිකාවක් සුළු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් එම වෙඩි ප්‍රහාරයෙන් කිසිදු මගියෙකුට හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

ෆ්ලොරීඩාවේ සිට පැමිණ ඇති එම ගුවන් යානය ඩොමිනිකන් ජන රජය වෙත හරවා යවා ඇති අතර පසුව ගුවන් යානය ආරක්ෂිතව සෙන්ටියාගෝ ගුවන්තොටුපළ වෙත ගොඩ බස්සවා ඇත.

රුසියාවේ අගනුවරට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්.!

රුසියාවේ අගනුවරට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්.!

යුක්රේනය රුසියාවේ මොස්කව් අගනුවර ගුවන් තොටුපල දෙකක ගුවන් ගමන් අඩාල කරමින් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

රුසියාවේ මොස්කව් දෙසට උදෑසන 7ත් 10ත් අතර ඩ්‍රෝන යානා 34ක් දියත් කළ බවත් එම ඩ්‍රෝන යානා සියල්ල රුසියාවේ ගුවන් ආරක්ෂක විසින් වෙඩි තබා විනාශ කළ බවද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

එම ඩ්‍රෝන යානා වලට මොස්කව් ප්‍රදේශයේ රාමෙන්ස්කෝයි, කොලොම්නා සහ ඩොමොඩෙඩෝවෝ යන ප්‍රදේශවලට ඉහළින් වෙඩි තබා බිම හෙලූ බව මොස්කව් කලාපයේ ආණ්ඩුකාර Andrey Vorobyov සදහන් කරයි.

ඩ්‍රෝන යානා කඩා වැටීම නිසා රමෙන්ස්කෝයි හි නිවාස දෙකක් ගිනි ගැනීමට ලක්ව ඇති බවත් 52 හැවිරිදි කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කළ බවත් ඇගේ පිළිස්සුම් තුවල හේතුවෙන් මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ සිටින බවද ආණ්ඩුකාරවරයා සදහන් කරයි.

පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.. විශාල පිරිසක් මරුට.!

පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.. විශාල පිරිසක් මරුට.!

අද (09) උදෑසන නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම බෝම්බ පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තවත් 53 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පාකිස්තාන ආරක්ෂක අංශ සදහන් කරයි.

පාකිස්තාන බෙදුම්වාදී වාර්ගික සටන්කාමී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පාකිස්තාන ආරක්ෂක මේ වනවිට කරුණු අනාවරණය කරගෙන ඇත.

ප්‍රධාන දුම්රිය ස්ථානයේ වේදිකාවක් මත පෙරවරු 9.00ට පමණ මෙම පිපිරීම සිදුව ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පළාතේ ප්‍රධාන අමාත්‍ය සර්ෆ්‍රාස් බුග්ටි නියෝග කර ඇත.