Local news (Sinhala)

ගම්පහ NPP නාමයෝජනා ලැයිස්තුව අත්සන් තබයි.. රන්ජන් ලැයිස්තුවේද.? මහින්ද ජයසිංහ පිළිතුරු දෙයි.! [Video]

ගම්පහ NPP නාමයෝජනා ලැයිස්තුව අත්සන් තබයි.. රන්ජන් ලැයිස්තුවේද.? මහින්ද ජයසිංහ පිළිතුරු දෙයි.! [Video]

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුව අත්සන් කිරීමෙ ඊයේ (07) දිනයේ සිදුවිය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂයේ ජාතික විධායක සභික මහින්ද ජයසිංහ මහතා පැවසූවේ මෙවර NPP ලැයිස්තුවේ නීතිඥයන්, ගුරුවරුන්, මහාචාර්යවරුන් ව්‍යවසායකයින් ඇතුලු බොහෝ උගත් බුද්ධිමත් අවංක පිරිසක් ඇතුලත් බවයි.

එමෙන්ම ජනප්‍රිය රංගවේදියෙක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නම එම ලැයිස්තුවට ඇතුලත් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මහින්ද ජයසිංහ මහතාගෙන් විමසූ අතර ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.

“මගෙන් පසු ආයේ දේශීය පුහුණුකරුවකුට අවස්ථාවක් ලැබෙන එකක් නෑ..” වැඩ භාරගත් සනත් කියයි.!

“මගෙන් පසු ආයේ දේශීය පුහුණුකරුවකුට අවස්ථාවක් ලැබෙන එකක් නෑ..” වැඩ භාරගත් සනත් කියයි.!

පසුගිය 1 වැනිදා සිට වසර 2026 මාර්තු 31 වැනිදා දක්වා මාස 18ක කාලයක් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන නිත්‍ය පුහුණුකරු ලෙස වැඩ භාරගත් සනත් ජයසූරිය මහතා පවසන්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට දේශීය පුහුණුකරුවකු පත්වීමේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවත්, හොඳම කණ්ඩායම සමඟ රට වෙනුවෙන් කැපවීමේ විශාල වගකීමක් දේශීය පුහුණුකරුවන්ට පැවරෙන බවත්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය නිකුත්කරමින් කියා සිටියේ, පසුගිය ජූලි මස අග භාගයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරුවෙකු ලෙස වැඩ භාරගත් සනත් ජයසූරිය යටතේ ශ්‍රී ලංකා පිල ඉන්දියාවට, එංගලන්තයට සහ නවසීලන්තයට එරෙහි තරගවලදී සාර්ථකව ක්‍රීඩා කිරීම හේතුවෙන් ඔහු ශ්‍රී ලංකා පිලේ නිත්‍ය ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළ බවයි.

ජයසූරිය මහතා යටතේ ශ්‍රී ලංකා පිල වසර 27කට පසු එක්දින තරගාවලියකින් ඉන්දියාව පරාජය කිරීමට සමත්වූ අතර, අනතුරුව එංගලන්ත සංචාරයේ තුන්වැනි ටෙස්ට් තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ද සමත්විය.

එම සාර්ථකත්වය හේතුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගමාලාව දක්වා ඔහුගේ සේවා කාලය දීර්ඝ කර තිබූ අතර, එහිදී නවසීලන්තය තරග 2-0කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වීමත් සමඟ ජාතික කණ්ඩායමේ නිත්‍ය පුහුණුකාර ධුරයට ඔහු තෝරා ගැනිණි.

සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා පිලේ නිත්‍ය ප්‍රධාන පුහුණුකරු ලෙස සිය පළමු රාජකාරිය ලබන 13 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය වන අතර, පසුව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී කොදෙව් පිලට එරෙහිව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතය.

ජයසූරිය මහතා වැඩිදුරටත් පවසා සිටියේ, කණ්ඩායම තුළ තමාට ප්‍රියතමයින් කිසිවෙකුත් නොමැති අතර නිතරම රට වෙනුවෙන් හොඳම කණ්ඩායම ක්‍රීඩා කළ යුතු බවයි.

එමෙන්ම තමා සිය වගකීම හරියට කළේ නැතිනම් තමාගෙන් පසු නැවත දේශීය පුහුණුකරුවකුට අවස්ථාවක් නොලැබෙනු ඇති බවත් ජයසූරිය මහතා අවධාරණය කළේය.

ගාල්ල බන්ධනාගාරයේ සිදුකළ බුද්ධි මෙහෙයුමෙන් ජංගම දුරකතන 53ක් සොයා ගනී.!

ගාල්ල බන්ධනාගාරයේ සිදුකළ බුද්ධි මෙහෙයුමෙන් ජංගම දුරකතන 53ක් සොයා ගනී.!

පෙරේදා (06) පෙරවරුවේ සහ පස්වරුවේ බන්ධනාගාර බුද්ධි අංශය විසින් ගාල්ල බන්ධනාගාරයේ සිර වාට්ටු තුළ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකතන 53ක් සොයා ගත් බව වාර්තා වෙයි.

මෙම ජංගම දුරකතන තොගය බන්ධනාගාරයේ ‘A ’ සහ ‘B’ සිර වාට්ටුවලින් සොයාගෙන ඇති අතර ඊට අමතරව චාජර්, ඩේටා කේබල් ඇතුළු තවත් උපාංග රැසක් ද සොයාගෙන ඇත.

සොයාගත් ජංගම දුරකතන අතර නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකතන 07ක් ද තිබී ඇති අතර ඒවා සිරවාට්ටුවල බිත්ති සහ පැදුරු, කොට්ට තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ බවද වාර්තා වෙයි.

කෙසේවෙතත් බුද්ධි අංශ නිලධාරීන් සෝදිසි මෙහෙයුම සඳහා සිර වාට්ටුවලට ඇතුළු වීමත් සමඟම ඇතැම් සිරකරුවන් තමන් සතුව තිබූ ජංගම දුරකතන සිරමැදිරිවල ජනේලවලින් පිටත විසිකර ඇතැයිද වර්තා වේ.

හිස් වූ CID අධ්‍යක්ෂ ධුරය සඳහා කාන්තා නිලධාරිනියක්.?

හිස් වූ CID අධ්‍යක්ෂ ධුරය සඳහා කාන්තා නිලධාරිනියක්.?

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස වැඩ භාරගත් රවී සෙනෙවිරත්න මහතා විසින් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඇතුළු අදාළ ආයතන ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලගේ මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය සඳහා පත්කිරීමටයි යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

2007 වසරේ නොවැ­ම්බර් 03 වනදා ආධු­නික සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස පොලිස් සේව­යට එක්වූ මුතුමාලගේ මහත්මිය පොලිස් ඉති­හා­සයේ ප්‍රථම ආධු­නික කාන්තා සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යන් තිදෙනා අත­ර සිටී.

ඇය රුහුණු විශ්ව­වි­ද්‍යා­ල­යෙන් විද්‍යා­වේදී උපා­ධියක් (BSc) සහ විවෘත විශ්ව­වි­ද්‍යා­ල­යෙන් නීති­වේදී (LLB) උපා­ධියක් සහිත නිලධාරිනියකි.

ඒ සඳහා මුතුමාලගේ මහත්මිය පත්වුවහොත් ඇය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ එම තනතුරට පත්වන පළමු කාන්තාව ලෙස ඉතිහාස ගත වනු ඇත

මුතුමාලගේ මහත්මිය මිට පෙරද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශයේ අධී­ක්ෂණ නිල­ධා­රි­නිය ලෙසද කටයුතු කර ඇත.

ඉන් පසුව 2021 වසරේ ජූනි මාස­යේ­දී ඇය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස පත්කර තිබෙනවා.

මහින්ද සහ නාමල්ට ජීවිත තර්ජන.. අවි ආයුධ ආපසු ගන්න එපා.!

මහින්ද සහ නාමල්ට ජීවිත තර්ජන.. අවි ආයුධ ආපසු ගන්න එපා.!

ලබාදුන් අවි ආයුධ යළිත් රජයට භාර ගැනීම තුළින් මේ වනවිට ජීවිත තර්ජන මතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් සදහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂට තවදුරටත් ජීවිත තර්ජන තිබෙන බවට පසුගිය මැතිවරණ සමයේ බුද්ධි අංශ විසින් දැනුම් දුන් බවද සාගර කාරියවසම් සදහන් කරයි.

එවැනි තත්ත්වයක් තිබෙන අවස්ථාවක ලබාදුන් අවි ආයුධ යළිත් රජයට භාරගත යුත්තේ නිසි ඇගයීමක් සිදුකරමින් බවත් මේ හේතුවෙන් ඔවුන්ගේ ජීවිත අවදානමක පවතින බවද සාගර කාරියවසම් සදහන් කරයි.

රජය විසින් එම අවි ආයුධ නැවත බාරදෙන ලෙස දැනුම් දීම සාධාරණ ක්‍රමවේදයක් නොවන බවත් එය රජය විසින් සිදුකරන මර්දනකාරී ක්‍රමවේදයක් බවද සාගර කාරියවසම් සදහන් කරයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සාගර කාරියවසම් මේ බව සදහන් කරයි.

මැතිවරණයට පෙර සමාජ මාධ්‍ය ගැන තීරණයක්.?

මැතිවරණයට පෙර සමාජ මාධ්‍ය ගැන තීරණයක්.?

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව භාවිතා කරන්නේදැයි සොයා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන බව පැෆරල් සංවිධානය සදහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය වැරදි ආකාරයට භාවිත කළ බැවින් එළඹෙන මහ මැතිවරණ සමයේදී මැතිවරණයට බලපෑම් ඇති විය හැකි වෛරිය ප්‍රකාශ නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවද සදහන් කරයි.

එළඹෙන මහ මැතිවරණයට අපේක්ෂකයන් විශාල පිරිසක් ඉදිරිපත් වන බැවින් සමාජ මාධ්‍ය භාවිතයේ සාපේක්ෂ වැඩිවීමක් අපේක්ෂා කරන බවද පැෆරල් සංවිධානය සදහන් කරයි.

ඉදිරි දින 05 අවදානම්.. කාලගුණයෙන් අනතුරු අඟවයි.!

ඉදිරි දින 05 අවදානම්.. කාලගුණයෙන් අනතුරු අඟවයි.!

මේ වනවිට ශ්‍රී ලංකාවට ඉහළින් අන්තර් නිවර්තන අභිසාරී කලාපයක් නිර්මාණය වී ඇති බැවින් අධික වර්ෂාව තවත් දින 05 කාලයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පවතින ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇති විය හැකි බවත් ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවත් දිවයිනේ බොහෝ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ තද වැසි ඇතිවිය හැකි බවද සදහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සදහන් කළේ,

“මේ කාලපරිච්ඡේදයේ තියෙන විශේෂත්වය තමයි, උතුරු අර්ධ ගෝලයෙන් එන සුළං හමන රටාවත්, දකුණු අර්ධ ගෝලයෙන් එන සුළඟත් එකට එකතු වෙන තැනක් තියෙනවා. අපි මේකට කියනවා, අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියලා.

දැනට මේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය ශ්‍රී ලංකාවට ඉහළින් ස්ථානගත වෙලා තියෙනවා. මේ තත්ත්වය යටතේ දිවයිනේ බොහෝ පළාත්වල වැසි, ගිගිරුම් සහිත වැසි නිර්මාණය වන ලකුණු තමයි තියෙන්නේ.

ඊයේ ඉඳන් තියෙනවා නිරිත දිගින් හමන සුළං රටාවක්. ඒ නිසා උදේ කාලයේ දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරයේ උදේ කාලයේත් වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා.

ඒ තත්ත්වය විශේෂයෙන්ම බස්නාහිර, වයඹ, සබරගමුව සහ ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල උදේ කාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි නිර්මාණය වෙන්න පුළුවන්. ඊට අමතරව, දිවයිනේ බොහෝ පළාත්වල සවස් යාමයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති වෙන්න පුළුවන්.”

හිටපු මන්ත්‍රීවරුන්ට තවත් තහනමක්.. වහාම බාරදෙන්න.!

හිටපු මන්ත්‍රීවරුන්ට තවත් තහනමක්.. වහාම බාරදෙන්න.!

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග හිටපු මන්ත්‍රීවරුන්⁣ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව දන්වා ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙස දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම්දී ඇති බවද තැපැල්පති රුවන් සත්කුමාර සදහන් කරයි.

රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා එම මුද්දර පාර්ලිමේන්තුවේ සිටින සෑම මන්ත්‍රීවරයෙක්ට වාර්ෂිකව නොමිලේ නිකුත් කරන අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග සියලුම පහසුකම් අහෝසි වෙයි.

වැඩබලන පොලිස්පති ගැන අවසන් තීරණය අද.!

වැඩබලන පොලිස්පති ගැන අවසන් තීරණය අද.!

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ එම තනතුර අනුමත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක එවා ඇති නිර්දේශය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (08) රැස්වීමට නියමිතය.

දින 14කට වැඩි කාලයක් වැඩබලන පොලිස්පතිවරයා එම ධූරයේ කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගත යුතුය.

ඒ අනුව අද දිනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයෙන් පසුව එම ධුරය පුරප්පාඩු විය.

සජිත් හර්ෂ පැරදවීමේ උත්සාහයක.!

සජිත් හර්ෂ පැරදවීමේ උත්සාහයක.!

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගිය දිනක මාධ්‍ය හමුවකදී පවසා සිටියේ මහ මැතිවරණයයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තමා පරාජය කිරීමේ උත්සාහයකක කිසියම් කණ්ඩායමක් නිරතව සිටිනා බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් සහ වර්තමාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරනා භාරත තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් සුවිශේෂී අනාවරණයක් සිදු කළේය.

ඔහු පවසන්නේ හර්ෂද සිල්වා පරාජය කිරීමට විරුද්ධ පක්ෂ අපේක්ෂකයින්ට අවශ්‍ය බව අමුතුවෙන් පැවසිය යුතු නොවන බැවින් ඔහු මේ පවසන්නේ පක්ෂ අභ්‍යන්තරයෙන් තමාව පැරදවීමේ උත්සාහයක් සම්බන්ධයෙන් වූ කාරණාවක් බවයි.

සජබ අභ්‍යන්තරයේ මේ වනවිට පක්ෂ නායකත්වය සඳහා උගත් බුද්ධිමත් තරුණ නායකත්වයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැන නැගී ඇති බව ඔහු පෙන්වා දෙයි.

තෙන්නකෝන් මහතාගේ විෂ්ලේශනයේ වැඩිදුරටත් පැවසෙන්නේ සජබ තරුණ මන්ත්‍රීවරු අතර හර්ෂ ද සිල්වා පක්ෂ නායකත්වය සඳහා සුදුසු බවට ඇතිවී තිබෙනා කතාබහ වර්තමාන නායකත්වයට එල්ල වී ඇති අභියෝගයක් බැවින් හර්ෂ ද සිල්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාජය කිරීමේ මෙහෙයුමක නියැලී සිටින්නේ අන් කිසිවකු නොව සජිත් ප්‍රේමදාස මහතා බවයි.