රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සුරේෂ් සලේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.
ඒ වෙනුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා පත්කිරීමට පොලිස් කොමිසම විසින් නිර්දේශ කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (05) දින පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක දර්ශනපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
එහිදී අමරපුර මහා නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගා ගත යුතු බවයි. එවිට ලෝකයේ ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාවට නැඟී සිටිය හැකි බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මෙම අවස්ථාව දේශපාලනික වශයෙන් සංක්‍රාන්ති සමයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කළයුතු බොහෝ කාර්යයන් මැතිවරණයේදි හිමිවන පුර්ණ පාර්ලිමේන්තු බලය සමඟ මීට වඩා වේගවත්ව ක්‍රියාවට නැංවීම තම අරමුණ බවද සදහන් කරයි.
මෙවර පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට හෝ කලබලකාරිත්වයකට ඉඩ නොදෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ කණ්ඩායම රටට ලබාදුන් ආදර්ශය මෙහිදී මහා සංඝරන්යේ ඇඟයීමට ලක් කෙරිණි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයාට විරුද්ධව ආගම මුල් කර ගනිමින් අවලාද ව්‍යාපාරයක් ක්‍රියාවට නැංවීමට ඇතැම් කණ්ඩායම් සංවිධානාත්මකව ක්‍රියා කළ බව පෙන්වා දුන් මහා සංඝරත්නය එම ප්‍රකාශ සාවද්‍ය බව මේ වන විටත් තහවුරු වී තිබෙන බව පැවසීය. නමුත් මෙවන් අවලාද ව්‍යාපාර ඉදිරියේදී ද ඇතිවීමට ඉඩ ඇති බව පෙන්වා දුන් මහා සංඝරත්නය ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව ජනතාව පෙන්වා දී ඇති බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක අපහාස සහ අවලාද වලින් තම කණ්ඩායම පිළිබඳ මවා තිබු චිත්‍රය සහ බිය මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ බවත්, ඒවා සියල්ල ප්‍රවාද බව මේ වන විට තහවුරු වී තිබෙන බවද සදහන් කරයි.
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමන් අපේක්ෂා කරන බවත් දීර්ඝ සාකච්ඡාවකින් සේම ජනමත විචාරණයකින් පසුව පමණක් එය සිදු කිරීම තම අපේක්ෂාව බවත් පසුගිය රජයන් විසින් ඔවුන්ට අවශ්‍ය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කළා මිස ජනතාවගේ එකඟතාව අනුව එය සිදු නොකළ බවත් රට යම් මට්ටමකට ස්ථාවර කර ජනතාව විසින් අපේක්ෂා කරන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
By unusuma.lk on
(LK time)නාමයෝජනා භාර ගැනීමේ දිනවලදී මහමග රතිඤ්ඤා දල්වා ජනතාවට පීඩාවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සදහන් කරයි.
තවද ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්නේ නම් ඒ සදහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සදහන් කරයි.
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මේ බව සදහන් කරයි.
By unusuma.lk on
(LK time)ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා පවසන්නේ ලබන ජනවාරි මාසයේ සිට වාහන ආනයනය සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන ඇති බවයි.
එලෙස ජපන් සහ යුරෝපීය වාහන ආනයනයේදී බදු වැඩි කිරීම සම්බන්ධයෙන් පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඔහු පවසයි.
ඔහු පවසන්නේ වාහන ගෙන්වීමේදී 600%ක බද්දක් පනවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ කටකතා පැතිර ගොස් ඇති අතර, එවැනි බද්දකට යටත්ව කිසිවෙකුට වාහන මිලදී ගැනීමට නොහැකි බවයි.
ලබන ජනවාරියේ වාහන ආනයනය ආරම්භ කිරීමෙන් පසු මේ වනවිට අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පවතින ඉතා පැරණි වාහන වෙළෙඳපොළ කඩා වැටෙනු ඇති බවට වූ බියෙන් බොහෝ වාහන අලෙවි මධ්‍යස්ථාන හිමියන් කටකතා මවා ජනතාව රවටා දැනට පවතින තොග විකුණා ගැනීමට උත්සාහ කරන බවද වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා සඳහන් කළේය.
By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් සහ අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය අතර ඊයේ (04) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජෑන් තෙස්ලෙෆ් මහතා සඳහන් කර තිබුනේ මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය යොමුව ඇති බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳවද ස්වීඩන් රජයේ අවධානය යොමුව ඇති බවත් ස්වීඩන් තානාපතිවරයා පැවසීය.
එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා සහ ඔවුන් මුහුණ දී ඇති වීසා දුෂ්කරතා පිළිබඳව ද තානාපතිවරයාගේ අවධානයට යොමු කළ බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය අශය පවසයි.
මෙම හමුව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ශ්‍රී ලංකාවේ ස්වීඩනයේ ගරු කොන්සල් ජනරාල් සංජය සුමන්ත්‍රි කුලතුංග, යුරෝපා සහ උතුරු අමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනි කේ ගුණසේකර යන නිලධාරීන් එක්ව සිටියහ.
By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ වෙත පසුගිය රජය විසින් ගිනි අවි 07ක් ලබාදී ඇති අතර තවත් පුද්ගලයන් 1500ක් සදහා ආණ්ඩුවෙන් ගිනි අවි 1690ක් ලබාදී ඇත.
යෝෂිත රාජපක්ෂට ලබාදී ඇති ගිනි අවි තොරතුරු පහතින්.
PT0195 9mm / LPY 904 9mm / RXR468 9mm / 55451 9mm / VX 679 9mm / A 11966 pofsmg pk / AHGS 683 9 mmGlock 48
පසුගිය රජය විසින් ගිනි අවි ලබාදුන් පුද්ගලයන් සියලුම දෙනාට ගිනි අවි වහාම රජයට භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය විසින් දැනුම් දී ඇත.
By unusuma.lk on
(LK time)ඊයේ (04) දිනයේ ශ්‍රී ලංකාව තුළ සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව IMF නියෝජිත කණ්ඩායම නිල නිවේදනයක් නිකුත්කර තිබේ.
එම නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය අභියෝග පිළිබඳව ඔවුන් ජනාධිපති අනුර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත්, ශ්‍රී ලංකාව ආර්ථිකව ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ තවදුරටත් ආරක්ෂා කර ගැනීම සහ ගොඩ නැගීමේ වැදගත්කම පිළිබඳව සියල්ලන්ම එකඟ වූ බවත්ය.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ දිගටම කරගෙන යෑම සඳහා නව රජයේ ඇති කැපවීම තම කණ්ඩායම දිරිමත් කළ බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන්වන සමාලෝචනය සඳහා දිනයක් නියම කිරීම සඳහා IMF කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන යන බවත් ය.
By unusuma.lk on
(LK time)ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලුම පුරවැසියන්ට දන්වා සිටින්නේ ළමයින් පිළිබඳව කටයුතු කිරීමේදී වගකීමෙන් සහ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට කටයුතු කරනා ලෙසයි.
දරුවන්ගේ පෞද්ගලිකත්වය හෙළිවන ආකාරයට ඡායාරූප, වීඩියෝ සහ ප්‍රකාශනයන් ආදී විවිධ තොරතුරු මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ සංවේදී කරුණු සමාජයට නිරාවරණය වීම තුළින් දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ අනන්‍යතාව මෙන්ම දරුවාගේ පවුල් පසුබිම පිළිබඳ තොරතුරු අනාවරණය වීම හරහා එය දරුවන්ගේ මානසිකත්වයට සහ පෞරුෂත්ව සංවර්ධනයට ඍණාත්මක බලපෑම් සිදු කරනා බව එම අධිකාරිය පවසයි.
එමෙන්ම දරුවන්ගේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරීම හරහා එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන සංස්කරණය කර අවභාවිතයට ගැනීමත්, එමගින් එම ළමයින් අන්තර්ජාලය ඔස්සේ සිදුවන ළමා අපයෝජනයන්ට ලක්වීමේ ප්‍රවනතාවක් ඇති බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබෙනා පැමිණිලි මගින් අනාවරණය වී ඇති බව සඳහන්.
By unusuma.lk on
(LK time)පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය සමඟ එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳට වරදානයක් ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ.
අප්සාරි සිංහබාහු තිලකරත්න වන ඇය සමගි ජන බලවේගය පක්ෂයේ බටහිර – කොළඹ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර ඇති බව සඳහන්.
අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනියක ලෙසද කටයුතු කරයි.
By unusuma.lk on
(LK time)පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සදහා ඉදිරිපත් වන සිය පක්ෂයේ අපේක්ෂකයින්ගේ නාම යෝජනා පත්‍ර සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බව ජාතික ජන බලවේගය සදහන් කරයි.
ඉදිරි දිනවලදී එක් එක් දිස්ත්‍රික්කවල යොදාගෙන ඇති දිනයන් කිහිපයකදී නාමයෝජනා භාරදීම සිදු කරන බවද ජාතික ජන බලවේග පක්ෂයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල සදහන් කරයි.
මහ මැතිවරණය සදහා සමගි ජන බලවේග පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු අවසන් කර තිබෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සදහන් කරයි.
ඔක්තෝබර් (10) සහ (11) යන දිනවලදී එක් එක් දිස්ත්‍රික්කවල සමගි ජන බලවේග පක්ෂයේ නාමයෝජනා භාරදීම සිදු කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සදහන් කරයි.