Local news (Sinhala)

කොළොන්නාවේ රහස්‍ය ගබඩාවක ටී-56 උණ්ඩ විසි පන්දහසක්.. පාතාලයට තොගේට බඩු දුන් ගබඩාවක්ද.?

කොළොන්නාවේ රහස්‍ය ගබඩාවක ටී-56 උණ්ඩ විසි පන්දහසක්.. පාතාලයට තොගේට බඩු දුන් ගබඩාවක්ද.?

“සති අග අරුණ” පුවත්පත අනාවරණය කර ඇත්තේ කොළොන්නාව තෙල් තොග ගබඩා පරිශ්‍රයේ රහස්‍ය අවිගාරයක තොග ලැයිස්තුවක් නොමැති ටී-56 උණ්ඩ 25,218ක් ඇතුළු පතරොම් දහස් ගණනක් සඟවා ඇති බවයි.

පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ගබඩාව හිස් උණ්ඩ කොපු ගබඩාවක් ලෙස පෙන්වා ඇති නමුත් එහි ටී-56 උණ්ඩ 25,218ක්, එස්.ජී. පතරොම් 2656ක්, එස්.එල්.ආර්. පතරොම් 1040ක් ගබඩා කර ඇති බවයි.

මෙම පරිශ්‍රයේ හමුදා අනුකණ්ඩයක් පැවති අතර ගබඩා ආරක්ෂකයන්ගේ කිසිදු අධීක්ෂණයක් නොමැතිව මෙම අවි ගබඩාව පවත්වාගෙන ගොස් ඇතැයි හෙළිවී තිබේ.

මෙම අවි ගබඩාවවේ අතුළත් බඩු බාහිරාදිය සම්බන්ධව තොග ලැයිස්තුවක් (Armory Inventory) ඉදිරිපත් කිරීමට මෙය භාරව කටයුතු කර ඇති ආරක්ෂක කළමනාකරුවන් අපොහොසත් වී ඇති බවත් කොළොන්නාව තෙල් තොග ගබඩාවේ කලාප 02 රහස්‍ය අවිගාරය තුළ මෙම රහස්‍ය ගබඩාව පිහිටා ඇති බවත් පුවත්පත පෙන්වා දෙයි.

මින් පෙර අවස්ථාවක විගණන අංශය සිදු කළ පරීක්ෂාවකදී අනිවාර්ය නිවාඩු යවා සිටි හිටපු කළමනාකාර ආරක්ෂකයකුගේ නිල කාමරයේ තිබී මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ 474ක් හා මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝල උණ්ඩ 277ක් හමුවී ඇති අතර පසුව ඒවා ගිනි අවි ගබඩාව වෙත භාරදී තිබිණි.

එමෙන්ම කලාප 02 පිහිටි හිස් උණ්ඩ රඳවන බව කියූ රහස්‍ය අවි ගබඩාව තුළ තිබී භාවිතයට ගත් ටී-56 උණ්ඩ කොපු 24,115ක් අඩංගු ගෝනි දෙකක්ද සොයාගෙන ඇත.

මෙහි ඇති බරපතල කාරණය වනුයේ කිසිදු ලේඛනයක් නොමැති මෙම රහස්‍ය අවිගාරය තුළ ඇති තොග ලැයිස්තුවක් පවත්වාගෙන නොගිය ජීව උණ්ඩ අපරාධ කල්ලි අතට පත්වූවාද යන්නයි.

මාදිවෙල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරු ඉවත් කරයි.!

මාදිවෙල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරු ඉවත් කරයි.!

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයන්හි මේ වනවිට පදිංචිව සිටිනා මන්ත්‍රීවරුන් 108 දෙනාට ඉන් ඉවත්වන ලෙස ලිඛිතව දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු බලධාරීන් පවසයි.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය අලුත් වැඩියාවකට ලක් කිරීමේ අවශ්‍යතාවය මත මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඉදිරි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාස ලබා දියයුතු බැවින් ඒවා කල්තියා අලුත් වැඩියා කිරීමට පාර්ලිමේන්තු බලධාරීන් තීරණය කර ඇත.

එම දැනුම්දීම අනුව මන්ත්‍රීවරුන් 6 දෙනෙකු දැනට එම නිවාස වලින් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

එම නිවාස සංකීර්ණයේ මන්ත්‍රී නිවාස 120න් 108ක මන්ත්‍රීවරු පදිංචිව සිටිනා අතර ඉතිරි නිවෙස් වල පදිංචිව සිටින්නේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරින් පිරිසකි.

මාස හයට බිලියන 150ක පොල්ලක්.!

මාස හයට බිලියන 150ක පොල්ලක්.!

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ක්‍රම හා විධිකාරක සභා තෙවන වාර්තාවට අනුව රේගුවෙන් හා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ‌2024 වර්ෂයේ ජුනි මස (30) වැනි දින වනවිට රුපියල් බිලියන 65.7ක හිග බදු මුදලක් අයවිමට ඇති බව සදහන් වේ.

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අයවිමට ඇති හිග මුදල රුපියල් බිලියන 7.9ක්, ශ්‍රී ලංකා රේගුවෙන් අයවිමට ඇති හිඟ බදු මුදල රුපියල් බිලියන 57.8ක්, දේශිය ආද‍ායම් දෙපාර්තමේන්තුව එකතු කළ හැකි හිග බදු මුදල ලෙස රුපියල් බිලියන 188ක් අයවීමට ඇති බව සදහන් වේ.

එම මුදලින් රුපියල් බිලියන 47ක් එකතු කර ඇති බවත් රුපියල් බිලියන 57ක මුදලක් හිඟ මුදල් කපා හැරීමෙන් අයකරගෙන ඇති බවත් රුපියල් බිලියන 87ක් හිඟ බදු ලෙස අයවිමට ඇති බවත් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු මුදල්වලින් රුපියල් බිලියන 29ක මුදලක් රජයේ ආයතනවලින් අයවීමට ඇති බවද එම වාර්තාවේ සදහන් වේ.

එජාපයේ අන්තිම තුරුම්පුව අලියා ලකුණින්.!

එජාපයේ අන්තිම තුරුම්පුව අලියා ලකුණින්.!

එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා අලියා ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත.

පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සිදුකළ සාකච්ඡා වල අවසන් ප්‍රතිඵලයක් ලෙස පළාත් පාලන මැතිවරණයට අලියා ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් ලබන මස පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තම අලියා ලකුණ ඉවත් කර “ගෑස් සිලින්ඩරය” ලකුණින් සන්ධානගතව තරග කිරීමට තීරණය කර ඇත.

වසර 19කට පසුව කොළඹ මාර්ගයක් විවෘත කරයි.!

වසර 19කට පසුව කොළඹ මාර්ගයක් විවෘත කරයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් ජනතාව සදහා විවෘත කළේය.

පසුගිය 2005 වසරේදී මෙම මාර්ගය වසා දැමුණු අතර 2024.10.04 දින ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පොලිසිය විසින් මෙම මාර්ගය විවෘත කිරීමට කටයුතු කළේය.

ආර්.ඒ.ද මෙල් මාවතේ සිට අරලියගහ මන්දිරය හරහා මයිකල් වට රවුමේ සිට රොටුන්ඩාව වට රවුම දක්වා මාර්ගය මේ අයුරින් විවෘත කළේය.

මෛත්‍රීගේ “සිහිනය – නොනිමිය”

මෛත්‍රීගේ “සිහිනය – නොනිමිය”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය “සිහිනය නොනිමිය” නමින් එළිදැක්වීම ඊයේ (04) දින ගෝල් ෆේස් හෝටලයේදී සිදුකෙරිණ.

මෙහිදී කෘතියේ මුල් පිටපත ලේඛිකා ආචාර්ය ගංගා රාජිනි දිසානායක ප්‍රමුඛ කණ්ඩායම වෙතින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ලබා ගෙන මහා සංඝරත්නයට පිළිගැන්වීම සිදුවිය.

ප්‍රසිද්ධ දේශපාලන පක්ෂ 5කට මැතිවරණයට තරග කිරීම තහනම්.!

ප්‍රසිද්ධ දේශපාලන පක්ෂ 5කට මැතිවරණයට තරග කිරීම තහනම්.!

දේශපාලන පක්ෂ පහකට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කිරීම සදහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව එම කොමිසමේ සභාපති ආනන්ද රත්නායක සදහන් කරයි.

එම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් දෙතුන් දෙනා සිටින බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව පක්ෂ නියෝජිතයන් කැඳවා සාකච්ඡා කළ නමුත් පවතින ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුන් එකඟත්වයට නොපැමිණීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එහි සභාපති ආනන්ද රත්නායක සදහන් කරයි.

මෙම පක්ෂ පහ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය කාලයේදී පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවත් අධිකරණය හරහා හෝ පවතින ගැටලුව නිරාකරණය කරගෙන පැමිණෙන ලෙස පක්ෂ නියෝජිතයන්ට දැනුම් දුන් බවද සභාපතිවරයා සදහන් කරයි.

පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්.!

පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්.!

පොලිස්පති මහජන සහන මැදිරිය පසුගිය සැප්තැම්බර් (30) වනදා සිට නව ස්ථානයක ස්ථාපිත කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

කොළඹ 02, කොම්පඤ්ඤ වීදිය, ශ්‍රීමත් චිත්තම්පලම් ගාඩිනර් මාවතේ පිහිටි නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පොලිස්පති සහන මැදිරිය අලුතෙන් ස්ථාපිත කර ඇත.

ඒ අනුව මින් ඉදිරියට නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පොලිස්පති මහජන සහන මැදිරිය මහජනතාව වෙනුවෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

දෙපාර්තමේන්තුවේ ඉහළම ලොක්කෙක් අත්අඩංගුවට.!

දෙපාර්තමේන්තුවේ ඉහළම ලොක්කෙක් අත්අඩංගුවට.!

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු, එම දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු සහ තැරැවුකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බස් රථ තුනක හිමිකාරීත්වය වෙනස් කරදීම සදහා රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නව QR කේතයක් නිකුත් කරන්න උපදෙස්.!

නව QR කේතයක් නිකුත් කරන්න උපදෙස්.!

රජය විසින් ගොවි ජනතාවට ලබාදෙන පොහොර සහනාධාර මිලදී ගැනීමට “QR” කේතයක් නිකුත් කරන්නැයි ජනාධිපති අනුර දිසානායක කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබාදී ඇත.

මහ කන්නයේදී මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපහසු නම් එළැඹෙන යල කන්නයේ සිට ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.