Local news (Sinhala)

සුපිරි ක්‍රීඩකයාට ක්‍රිකට් තහනම් කරයි.!

සුපිරි ක්‍රීඩකයාට ක්‍රිකට් තහනම් කරයි.!

දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට පිළිගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

ප්‍රවීන් ජයවික්‍රම ICC දූෂණ විරෝධී සංග‍්‍රහයේ කඩ කර ඇති විධාන අතරට 2.4.7 වගන්තිය ඇතුලත් අතර එම වගන්තිය ප්‍රකාරව විමර්ශනයන්ට අදාළ විය හැකි සහ/හෝ සාක්ෂි විය හැකි හෝ හේතු විය හැකි ලේඛන හෝ වෙනත් තොරතුරු වසන් කිරීම, විකෘති කිරීම හෝ විනාශ කිරීම ඇතුළුව ACU මගින් සිදු කළ හැකි ඕනෑම පරීක්ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම යන චෝදනාවන්ට ලක්ව ඇත.

ගැහැනු පිරිමි පාසල් සිසුන් 05ක් අපයෝජනය කළ මනෝ විකෘතිකයෙක් අත්අඩංගුවට.!

ගැහැනු පිරිමි පාසල් සිසුන් 05ක් අපයෝජනය කළ මනෝ විකෘතිකයෙක් අත්අඩංගුවට.!

මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් පේරාදෙණිය ඉහළ මුරුතලාව ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරු විසින් මේ වන විට 15 හැවිරිදි පාසල් සිසුවියක් හා පාසල් සිසුන් 05 දෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.

මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන්ව ද බිය ගන්වමින් දරුවන් බලහත්කාරයෙන් අපයෝජනය කරනා බව පැවසෙනා අතර මොහුට එරෙහිව 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ද පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන බව වාර්තා වෙයි.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇති දරුවන් 05 දෙනා අවුරුදු 12ත් 15ත් අතර වයසේ පාසල් සිසුන් බවත් ඔවුන් අතර එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ද සිටිනා අතර මෙම පාසල් සිසුවිය හා සිසුන් පස් දෙනා සැකකරු විසින් අවස්ථා ගණනාවකදී අපයෝජනයට ලක්කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් වැඩිදුරටත් අනාවරණය වී ඇත.

සැකකරු විවාහක දෙදරු පියෙක් වන අතර තවත් පිරිමි දරුවෙකු බලහත්කාරයෙන් ප්‍රදේශයේ ලදු කැලයකට රැගෙන ගොස් අතවර කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම දරුවා සැකකරුගේ අත සපා ඔහුගෙන් මිදී ඇති බවද පැවසේ. 

පොලිස් කණ්ඩායමක් සිවිල් ඇඳුමින් සිට කිරිබත්කුඹුර ප්‍රදේශයේදී සැඟව සිටි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

අපයෝජනයට ලක්වූ බව සඳහන් දරුවන් 5 දෙනා මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය කටයුතු කර ඇති අතර අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ සැකකරු මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය හමුවට අද (02) ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

ආණ්ඩුව අඩියක් පස්සට ගනී.. අවසන් අවස්ථාවද ලබාදෙයි.!

ආණ්ඩුව අඩියක් පස්සට ගනී.. අවසන් අවස්ථාවද ලබාදෙයි.!

සුරා බුදු කොමසාරිස් ජනරාල් එජ්ජේ ගුණසිරි මහතා පැවසූවේ මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැර ඇති හිඟ බදු ගෙවීමට ලබාදී තිබූ කාලය ලබන 30 වැනිදා දක්වා දීර්ඝ කළ බවත් එම කාලයෙන් පසුව බදු නොගෙවනා මත්පැන් නිෂ්පාදකයන්ට නඩු පැවරීමට කටයුතු කරනා අතර එම නිෂ්පාදකයන්ගේ මත්පැන් බලපත්‍ර අවලංගු කිරීමටද කටයුතු කරනා බවයි.

මේ වනවිට මහා භාණ්ඩාගාරයට හිමිවිය යුතු නමුත් ගෙවා නොමැති හිඟ බදු ප්‍රමාණය කෝටි 180කි.

බදු ගෙවීම් පැහැර හැර ඇති හෝ ගෙවීමට අපොහොසත් වූ මත්පැන් නිෂ්පාදකයන් සුරා බදු දෙපාර්තමේන්තුවට ඊයේ (2) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී ඔවුනට මෙම උපදෙස් ලබාදී ඇත.

කෙසේවෙතත් මේ වසරේදී උපයා ගැනීමට බලාපොරොත්තු වන සුරා බදු ආදායම රුපියල් කෝටි 23200ක් බවත් මේ වන විට ඉන් රුපියල් කෝටි 16200ක් උපයාගෙන ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව එය රුපියල් 5300 ක වැඩිවීමක් බවත් ඔහු සඳහන් කළේය.