Local news (Sinhala)

කෙහෙලිය නැවතත් ඇතුලට.!

කෙහෙලිය නැවතත් ඇතුලට.!

අද (7) පස්වරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ජිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත කැදවා තිබූ අතර, ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

විපක්ෂයේ සියලුම දෙනා එකතු කර නායකත්වය දෙන්න සජිත් සූදානම්.!

විපක්ෂයේ සියලුම දෙනා එකතු කර නායකත්වය දෙන්න සජිත් සූදානම්.!

විපක්ෂයේ සියලු දෙනාම එකට එකතු කරගනිමින් ඊට නායකත්වය ලබාදීමට තමා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

මැතිවරණයේ ප්‍රතිඵල අනුව පෙනී යන්නේ විපක්ෂය එකට එක්වී කටයුතු කරන ලෙසට ජනතාව පණිවුඩයක් ලබාදී ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ,

“රටේ ජනතාව අපිට ලබාදීලා තියෙන පණිවිඩය තමා, විපක්ෂයේ සියලුදෙනා එකට එකතු කරගනිමින් රටේ ජනතාව අනුමත කරා බොරුව පරාජය කරමින්, සත්‍යවාදී, ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලු බලවේග එකතු විය යුතු යැයි කියන ජනමතය තුළ ඒ අභියෝගාත්මක වගකීම ඉටුකරන්න අපි සුදානම්.

ඊට නායකත්වය ලබාදීමට අපි සුදානම්. ජනමතයට හිස නමා විපක්ෂයේ සියලුම දෙනා එකට එකතු කරගෙන ජනතාව බලාපොරොත්තු වෙන ජනතා සේවාවක්, ප්‍රතිපත්ති ගරුකව මේ ඇති වෙන එකමුතුභාවය හරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉටුකිරීම අපේ අරමුණයි. ඊට නායකත්වය ලබාදෙන්න අපි සුදානම්.”

ඇමති විජේපාලට එරෙහි රිට් පෙත්සම විසිවෙයි.!

ඇමති විජේපාලට එරෙහි රිට් පෙත්සම විසිවෙයි.!

අමාත්‍ය ආනන්ද විජේපාලට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) දින නියෝග කළේය.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළහ.

කොළඹ මහ නගර සභාව – කොළඹ.!

කොළඹ මහ නගර සභාව – කොළඹ.!

කොළඹ මහ නගර සභාව – කොළඹ දිස්ත්‍රික්කය.

ජාතික ජන බලවේගය – 81,814 සභික – (48)

සමගි ජන බලවේගය – 58,375 සභික – (29)

එක්සත් ජාතික පක්ෂය 26,297 සභික – (13)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 9,341 සභික – (05)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 8,630 සභික – (04)

ස්වාධීන කණ්ඩායම් 3 – 5,934 – සභික – (03)

අන්ත පරාජයෙන් පසු ප්‍රසන්න රණවීර භාර වෙයි.!

අන්ත පරාජයෙන් පසු ප්‍රසන්න රණවීර භාර වෙයි.!

පොලීසිය මගහරිමින් සැඟව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකයි.

මෙම සිද්ධියට අදාලව හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා ද රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

අලව්ව ප්‍රාදේශීය සභාව -කුරුණෑගල.!

අලව්ව ප්‍රාදේශීය සභාව -කුරුණෑගල.!

අලව්ව ප්‍රාදේශීය සභාව -කුරුණෑගල දිස්ත්‍රික්කය.

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව – කුරුණෑගල.!

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව – කුරුණෑගල.!

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව – කුරුණෑගල දිස්ත්‍රික්කය.

නිකවැරටිය ප්‍රාදේශීය සභාව – කුරුණෑගල.!

නිකවැරටිය ප්‍රාදේශීය සභාව – කුරුණෑගල.!

නිකවැරටිය ප්‍රාදේශීය සභාව – කුරුණෑගල දිස්ත්‍රික්කය.

මඩකලපුව මහ නගර සභාව – මඩකලපුව.!

මඩකලපුව මහ නගර සභාව – මඩකලපුව.!

මඩකලපුව මහ නගර සභාව – මඩකලපුව දිස්ත්‍රික්කය.

මෙතෙක් සමස්ථ ප්‍රතිඵලය.!

මෙතෙක් සමස්ථ ප්‍රතිඵලය.!

මේ දක්වා සමස්ථ ප්‍රතිඵලය පහතින්,