No use

මහින්ද සහ නාමල්ට ජීවිත තර්ජන.. අවි ආයුධ ආපසු ගන්න එපා.!

මහින්ද සහ නාමල්ට ජීවිත තර්ජන.. අවි ආයුධ ආපසු ගන්න එපා.!

By unusuma.lk on (LK time) ලබාදුන් අවි ආයුධ යළිත් රජයට භාර ගැනීම තුළින් මේ වනවිට ජීවිත තර්ජන මතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් සදහන් කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂට තවදුරටත් ජීවිත තර්ජන තිබෙන බවට පසුගිය මැතිවරණ සමයේ බුද්ධි අංශ විසින් දැනුම් දුන් බවද සාගර කාරියවසම් සදහන් කරයි. එවැනි තත්ත්වයක් තිබෙන අවස්ථාවක ලබාදුන් අවි ආයුධ යළිත් රජයට භාරගත යුත්තේ නිසි ඇගයීමක් සිදුකරමින් බවත් මේ හේතුවෙන් ඔවුන්ගේ ජීවිත අවදානමක පවතින බවද සාගර කාරියවසම් සදහන් කරයි. රජය විසින් එම අවි ආයුධ නැවත බාරදෙන ලෙස දැනුම් දීම සාධාරණ ක්‍රමවේදයක් නොවන බවත්…
Read More
මැතිවරණයට පෙර සමාජ මාධ්‍ය ගැන තීරණයක්.?

මැතිවරණයට පෙර සමාජ මාධ්‍ය ගැන තීරණයක්.?

By unusuma.lk on (LK time) පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව භාවිතා කරන්නේදැයි සොයා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන බව පැෆරල් සංවිධානය සදහන් කරයි. පසුගිය ජනාධිපතිවරණයේදී විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය වැරදි ආකාරයට භාවිත කළ බැවින් එළඹෙන මහ මැතිවරණ සමයේදී මැතිවරණයට බලපෑම් ඇති විය හැකි වෛරිය ප්‍රකාශ නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවද සදහන් කරයි. එළඹෙන මහ මැතිවරණයට අපේක්ෂකයන් විශාල පිරිසක් ඉදිරිපත් වන බැවින් සමාජ මාධ්‍ය භාවිතයේ සාපේක්ෂ වැඩිවීමක් අපේක්ෂා කරන බවද පැෆරල් සංවිධානය සදහන් කරයි.
Read More
ඉදිරි දින 05 අවදානම්.. කාලගුණයෙන් අනතුරු අඟවයි.!

ඉදිරි දින 05 අවදානම්.. කාලගුණයෙන් අනතුරු අඟවයි.!

By unusuma.lk on (LK time) මේ වනවිට ශ්‍රී ලංකාවට ඉහළින් අන්තර් නිවර්තන අභිසාරී කලාපයක් නිර්මාණය වී ඇති බැවින් අධික වර්ෂාව තවත් දින 05 කාලයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. පවතින ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇති විය හැකි බවත් ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවත් දිවයිනේ බොහෝ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ තද වැසි ඇතිවිය හැකි බවද සදහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක…
Read More
හිටපු මන්ත්‍රීවරුන්ට තවත් තහනමක්.. වහාම බාරදෙන්න.!

හිටපු මන්ත්‍රීවරුන්ට තවත් තහනමක්.. වහාම බාරදෙන්න.!

By unusuma.lk on (LK time) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග හිටපු මන්ත්‍රීවරුන්⁣ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව දන්වා ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙස දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම්දී ඇති බවද තැපැල්පති රුවන් සත්කුමාර සදහන් කරයි. රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා එම මුද්දර පාර්ලිමේන්තුවේ සිටින සෑම මන්ත්‍රීවරයෙක්ට වාර්ෂිකව නොමිලේ නිකුත් කරන අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග සියලුම පහසුකම් අහෝසි වෙයි.
Read More
වැඩබලන පොලිස්පති ගැන අවසන් තීරණය අද.!

වැඩබලන පොලිස්පති ගැන අවසන් තීරණය අද.!

By unusuma.lk on (LK time) වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ එම තනතුර අනුමත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක එවා ඇති නිර්දේශය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (08) රැස්වීමට නියමිතය. දින 14කට වැඩි කාලයක් වැඩබලන පොලිස්පතිවරයා එම ධූරයේ කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගත යුතුය. ඒ අනුව අද දිනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය. දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයෙන් පසුව එම ධුරය පුරප්පාඩු විය.
Read More
සජිත් හර්ෂ පැරදවීමේ උත්සාහයක.!

සජිත් හර්ෂ පැරදවීමේ උත්සාහයක.!

By unusuma.lk on (LK time) සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගිය දිනක මාධ්‍ය හමුවකදී පවසා සිටියේ මහ මැතිවරණයයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තමා පරාජය කිරීමේ උත්සාහයකක කිසියම් කණ්ඩායමක් නිරතව සිටිනා බවයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් සහ වර්තමාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරනා භාරත තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් සුවිශේෂී අනාවරණයක් සිදු කළේය. ඔහු පවසන්නේ හර්ෂද සිල්වා පරාජය කිරීමට විරුද්ධ පක්ෂ අපේක්ෂකයින්ට අවශ්‍ය බව අමුතුවෙන් පැවසිය යුතු නොවන බැවින් ඔහු මේ පවසන්නේ පක්ෂ අභ්‍යන්තරයෙන් තමාව පැරදවීමේ උත්සාහයක් සම්බන්ධයෙන් වූ කාරණාවක් බවයි. සජබ අභ්‍යන්තරයේ මේ වනවිට පක්ෂ නායකත්වය සඳහා උගත් බුද්ධිමත් තරුණ නායකත්වයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැන…
Read More
වසර 10ක් පුරා බදු නොගෙවූ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සිපිරි ගෙට.!

වසර 10ක් පුරා බදු නොගෙවූ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සිපිරි ගෙට.!

By unusuma.lk on (LK time) වසර දහයක් පුරා රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක (32,512,815.56) වැටි බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරියේ යැයි චෝදනා ලබා සිටි පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් වන අඹු සැමි යුවලකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා විසින් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් අද (07) නියම කළේය. බදු මුදල ගෙවීම සඳහා වසර 5ක සහන කාලයක් ලබා දෙන ලෙස වග උත්තරකරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් අතිරේක මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ 2014 වසරේ ගෙවිය යුතු වැට් බදු මුදල් වසර දහයක් තිස්සේ නොගවා පැහැර හැරී ඇති පසුබිමක තවත් වසර පහක සහන කාලයක් ලබා දුනහොත් වසර පහළොවක් නොගොවා පැහැර හැරී බද්දක්…
Read More
පාසල් ළමුන් රැගත් බස් රථයක් සහ ප්‍රයිම් මුවර් රථයක් ගැටී මාරක අනතුරක්.!

පාසල් ළමුන් රැගත් බස් රථයක් සහ ප්‍රයිම් මුවර් රථයක් ගැටී මාරක අනතුරක්.!

By unusuma.lk on (LK time) අද (07) දහවල් නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ නෙලුම්දෙණිය, යට්ටෝගොඩ ප්‍රදේශයේදී ⁣පාසල් ළමුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක පිටුපස ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන ප්‍රයිම් මුවර් රථයක් ගැටීමෙන් මාරක අනතුරක් සිදුවිය. අනතුරෙන් බස් රථයේ ගමන්ගත් පාසල් ළමුන් දෙදෙනකු හා ප්‍රයිම් මුවර් රථයේ රියැදුරා හා සහායකයා තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුලත් කෙරුනි. අනතුරින් ප්‍රයිම් මුවර් රථයේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර බස් රථයේ පිටුපස කොටසටද බරපතල හානි හිදුව ඇත. කෙසේවෙතත් අනතුරටපත් කිසිවෙකුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
Read More
පාස්කු ප්‍රහාරයේ තොරතුරු ඇතුළත් වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කරේ නෑ.. සියල්ල හැංගුවා.. උදයගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.!

පාස්කු ප්‍රහාරයේ තොරතුරු ඇතුළත් වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කරේ නෑ.. සියල්ල හැංගුවා.. උදයගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.!

By unusuma.lk on (LK time) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිසන් වාර්තා දෙකක් ලැබී තිබුණද ඒවා ප්‍රසිද්ධ නොකිරීමට කටයුතු කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උදය ගම්මන්පිල සදහන් කරයි. හිටපු ජනාධිපතිවරයාට ලැබී තිබුණු එම වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වගකීමක් බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උදය ගම්මන්පිල සදහන් කරයි. එම වාර්තා අධ්‍යයනය කර ජනාධිපති අනුර කුමාර දිසානායක කටු වාපිටියට ගියේ නම් එහිදි වින්දිතයන් ඇසූ ප්‍රශ්නවලට සෘජු පිළිතුරු ලබාදිය හැකිව තිබුණ බවද හිටපු මන්ත්‍රීවරයා සදහන් කරයි. හිටපු මන්ත්‍රී නීතීඥ උදය ගම්මන්පිල තවදුරටත් සදහන් කළේ, "ජනාධිපතිතුමා ඊයේ කටුවාපිටිය පල්ලියට ගොස් ඇති බව මාධ්‍ය වලින් දැක්කාම අපි හිතුවේ…
Read More
වැස්ස වැඩිවෙයි.. කොළඹ යටවෙයි.!

වැස්ස වැඩිවෙයි.. කොළඹ යටවෙයි.!

By unusuma.lk on (LK time) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ, ගතවු පැය 24 තුළදී වාර්ථා වූ වැඩිම වර්ෂාපතනය දෙහිවල ප්‍රදේශයෙන් වාර්තා වු බවත් එය මිලි මීටර් 174.6ක් බවයි. කොළඹට මිලි මීටර් 162.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනා ගමනයටද බාධා එල්ල වී ඇත. තවද උඩුගමට මි.මි 155ක්, රත්මලානට මි.මි 155ක්, කැටන්දොලට මි.මි 152.3ක්, මීගමුවට මි.මී 145ක්, කලුතරට මි.මි 134ක්, පොද්දිවෙලට මි.මි 133.1ක්, බණ්ඩාරගමට මි.මි 132ක් ලෙස ඉහළ වර්ෂාපතනයක් වාර්තා වී ඇත.
Read More

We are happy to invite you.