No use

පොහොට්ටුවේ සෙල්ලම් ඉවරයි.. රාජපක්ෂලා සොරාගත් ධනය හෙළිකරන්න සුදානම්.!

පොහොට්ටුවේ සෙල්ලම් ඉවරයි.. රාජපක්ෂලා සොරාගත් ධනය හෙළිකරන්න සුදානම්.!

රාජපක්ෂලා විසින් රටේ ජනතාවගෙන් සොරා ගත් ධනය ලංකාවේද.? විදේශයන්හිද.? ඉඩම්වලද.? කොටස් වෙළඳපොලේද.? යන්න නුදුරේදීම පෙන්වා දීමට සූදානම් බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික වසන්ත සමරසිංහ සදහන් කරයි.

රට තුළ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවක් පත්ව ඇති නිසා වලං කඩයට පැන්න ගොනෙකු සේ කටයුතු කළ යුතු නැති බවද ජාතික විධායක සභික වසන්ත සමරසිංහ සදහන් කරයි.

හොරු ඇල්ලුවේදැයි හොරු විසින්ම තමන්ගෙන් අසමින් සිටින බවත් පොහොට්ටුවේ, සමගි ජන බලවේගයත්, එජාපයත් හොරුන්ගේ ඔට්ටු සෙල්ලම මෙවර අවසාන කරන බවත් මේ ගතවන්නේ අවසන් පැය කිහිපය විය හැකි බවද සදහන් කරයි.

ජාතික ජන බලවේග ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මාධ්‍ය අමතමින් මේ බව සදහන් කරයි.

(නිවරදි කිරීමක්) රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ..!

(නිවරදි කිරීමක්) රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ..!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පලවූ ප්‍රවෘතිය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අදහස් දක්වමින් කියා සිටියේ එවැන්නක් සිදුව නොමැති බවයි.

මේ වන විටත් හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව සඳහා එස්.ටී.එෆ් නිලධාරීන් 50 දෙනෙකු, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක් ඇතුළු 163 දෙ⁣නෙකු සිටින බව ඔහු පැවසීය

රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ රජිත් කීර්ති තෙන්නකෝන් නැමැත්තා ඇතුළු පිරිසක් විසින් මෙම සාවද්‍ය පුවත නිර්මාණය කර ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇත.

‍රජිත් කීර්ති නැමැත්තා ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත පලකළ ව්‍යාජ ලේඛනය සහ දැන්වීම පහතින්,

‍රනිල්ගේ සම්පූර්ණ ආරක්ෂාව ගලවයි.!

‍රනිල්ගේ සම්පූර්ණ ආරක්ෂාව ගලවයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රජයෙන් සපයා තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දී තිබූ සියලුම නිලතල වලට අයත් නිලධාරීන් සහ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාද ඉවත් කර ඇත.

ඒ අනුව ආරක්ෂාවට යොදවා සිටි විවිධ නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් 307 ක් ඇතුලු තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරීන් 24 දෙනෙක් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන සඳහා අනුයුක්ත කර ඇත.

බිත්තර මිල සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්.!

බිත්තර මිල සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්.!

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී. නිශාන්ත වික්‍රමසිංහ මහතා අද (06) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ මේ වනවිට වෙළඳපොල පවතින අමුද්‍රව්‍ය මිල අනුව බිත්තරයක මිල රුපියල් 36ත් 37ත් අතර පවත්වා නොගතහොත් එම කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් පවතින බවයි.

රජය විසින් මේ වනවිටත් කුකුල් කෑම සඳහා යන වියදම අඩු කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් එම වියදම අඩු කරගත් විගස බිත්තරයක මිල රුපියල් 29ත් 30ත් දක්වා අතර මිලකට වෙළෙඳපොළට නිකුත් කළ හැකි බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ වර්තමානයේ බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 32ක 33 ක පමන පිරිවැයක් නිෂ්පාදකයාට දැරීමට සිදුවන අතර ඉන් වැඩි කොටසක් කුකුළු ආහාර සඳහා වැයවන බවත්‍ ය.

කුකුළු ආහාර වියදමින් 80%ක් පමණ රඳා පවතින්නේ බඩඉරිගු මිල මත වන අතර බඩඉරිගු මිල තීරණය වීමේ යම් යම් ගැටලුකාරි තත්ත්වයක් පවතින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට අනුව බිත්තර මිල රුපියල් 29ත් 30ත් අතර තත්ත්වයකට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

බිත්තර මිල ඉහළට.!

බිත්තර මිල ඉහළට.!

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ලොකු බිත්තර සිල්ලර මිල රුපියල් 40 ඉක්මවා ගොස් ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සදහන් කරයි.

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල එම අගය රුපියල් 45 දක්වා ඉහල ගොස් ඇති අතර නිශ්පාදනය පහත වැටීම හමුවේ මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බවද වෙළඳපොල ආරංචි මාර්ග සදහන් කරයි.

එක්නැලිගොඩ, ලසන්ත, තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණ යළි අරඹයි.. තරාතිරම නොබලා දැඩි දඬුවම්.!

එක්නැලිගොඩ, ලසන්ත, තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණ යළි අරඹයි.. තරාතිරම නොබලා දැඩි දඬුවම්.!

රටේ මහත් ආන්දෝලනයට තුඩුදුන් අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් මූලස්ථානයේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් දේශපාලන බලපෑම් මත යට ගැසූ එම අපරාධ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සියලුම දෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී ඇත.

තවද මහින්ද රාජපක්ෂ පාලන සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් ඝාතන සිද්ධීන්, එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධව නතර වී තිබෙන විමර්ශන නැවත ආරම්භ කිරීමට උපදෙස් ලබාදී ඇත.

අල ළූණු බදු වැඩිකරයි.!

අල ළූණු බදු වැඩිකරයි.!

මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගත් බවයි.

එමෙන්ම ලොකු ළූණු කිලෝවක් සඳහාවන ආනයනික බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද පියවර ගෙන ඇත.

එම බදු සංශෝධනය අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල්වල ආනයනික වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 60 දක්වාද රුපියල් රුපියල් 10ක්ව පැවති ආනයනික ලොකු ලූණු බද්ද රුපියල් 30 දක්වාද ඉහළ නැංවෙනු ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය අක්‍රීය කරයි.!

එක්සත් ජනතා නිදහස් සන්ධානය අක්‍රීය කරයි.!

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොදී අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

පක්ෂයේ ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

මේ අතර ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, ලංකා ජනතා පක්ෂය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණට ද මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොලැබෙනු ඇත.

දරුවන් 11ක් අනාථයන් කළ පොලු පහර.!

දරුවන් 11ක් අනාථයන් කළ පොලු පහර.!

රක්වාන පොලිසිය පවසන්නේ රක්වාන රංවලතැන්න වත්තේ පදිංචිව සිටි සෙල්ලපන් බාලක්‍රිෂන් නැමැති අවුරුදු 3ත් 15ත් අතර වයසේ දරුවන් එකොලොස් දෙනකුගේ පියෙක් සිය බිරියගේ සහෝදරයකු එල්ල කළ පොලු පහරකින් මරණයට පත්වී ඇති බවයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙක් වේ. ඔහුට බිරින්දෑවරු දෙදෙනකු සිට ඇති අතර එක් බිරිඳකට දරුවන් 7 දෙනකු සහ අනියම් බිරිඳට දරුවන් 4 දෙනකුද සිටින බව වාර්තා වෙයි.

දැඩි ලෙස බීමතට ඇබ්බැහි වූ පුද්ගලයෙක් වන මරණකරු තම නිත්‍යානුකූල බිරිද සමග ගැටුමක් ඇති කර ගෙන ඇති අතර ඊට මැදි වූ බිරියගේ සහෝදරයකුට ද තියුණු ආයුදයකින් පහරදිමට උත්සහ දරා ඇති බව පැවසේ.

එහිදී සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් බිරිඳගේ සහෝදරයා ඒ අසල තිබූ පොල්ලක් ගෙන මරණකරුගේ හිසට පහර දී ඇත.

පහර කෑ පුද්ගලයා පැය එකහමාරකට පමණ පසු ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු එක්ව රක්වාන රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා කහවත්ත රෝහලටත් පසුව රත්නපුර මහ රෝහලට මාරුකර යවා ඇත.

අනතුරුව රත්නපුර රෝහලේ දින දහයක් පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් (04) දින ඔහු මියගොස් ඇති බව පොලිසිය පැවසීය.

මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනී.!

මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනී.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන මහ මැතිවරණයට තරග නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා වේ.

රට තුළ ඇති වී තිබෙන දේශපාලන අවාසිදායක තත්ත්වයත්, සෞඛ්‍ය තත්ත්වය, සිය වයස පිළිබඳවත් සලකමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි කාලය විශ්‍රාම සුවයෙන් ගත කිරීම සදහා දේශපාලනයෙන් පූර්ණ ලෙස විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.

We are happy to invite you.