No use

මහින්දගේ කාල්ටන් නිවසේ විදුලිය කපයි.!

මහින්දගේ කාල්ටන් නිවසේ විදුලිය කපයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද (05) දින දහවල් විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් ඉවත් කර ඇත.

මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ලබාදී තිබූ පහසුකම් ඉවත් කිරීමට නව ආණ්ඩුව ගත් තීරණය යටතේ වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ විදුලි රැහැන් දෙකක් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ කාල්ටන් වත්තට තෙකලා විදුලි රැහැන් 03ක් ඇද තිබූ අතර ඉන් දෙකක් ඉවත් කිරීමට විදුලි බල මණ්ඩලයේ සේවකයින් කටයුතු කර ඇත.

RMV නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු 03ක් අත්අඩංගුවට.!

RMV නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු 03ක් අත්අඩංගුවට.!

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර කිරීමට අද (05) කටයුතු කළේය.

ඒ බස් රථ 03ක පරම අයිතිය හිමිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ 02ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනාවක් මතයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බස්රථ පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්, එහි විෂය ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

අදාල පිරිස විසින් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදල අවස්ථා දෙකකදී ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙන් සඳහන් වෙයි.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ සැකකරුවන් ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

නිශ්ශංක සේනාධිපති ගිනි අවි 09ක් පරිහරනය කරලා.!

නිශ්ශංක සේනාධිපති ගිනි අවි 09ක් පරිහරනය කරලා.!

ඇවන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට පසුගිය රජය විසින් පුද්ගලික පරිහරනය සඳහා බලපත්‍ර සහිතව ගිනි අවි 07ක් ලබාදී ඇති බව වාර්තා වෙයි.

සේනාධිපති මහතා සතුව තිබූ ගිනි අවි මාදිලි පහත දැක්වේ.

1. AHBT 229 9mm Glock 19
2. 07698 9mm Ruger AZ USA 322
3. AHBT 225 9mm Glock 19
4. G 388417 9mm CZ P 10-c
5. AGRU 058 9mm Glock 19
6. F269104 9mm CZ P10-c
7. A 6879979mm CZ 85
8. 24SLG2-0164 12 Bore Repeater
9. 24 SLG2-0165 12 Bore Repeater

සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට වහාම ඉවත් වෙන්න කියයි.!

සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට වහාම ඉවත් වෙන්න කියයි.!

රජයේ සංස්ථා මණ්ඩල රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් පිරිසක් ඉවත්ව ‌ගොස් ඇතත් තවත් සමහර ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් රැඳී සිටින බව වාර්තා වේ.

ඒ අනුව සංස්ථා මණ්ඩලවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් වහාම ඉවත් වන ‌ලෙසට රජය දැනුම්දී ඇති බව වාර්තා වේ.

තවද අමාත්‍යංශ යටතේ පවතින ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තාවකාලිකව අත්හිටුවන ‌ලෙසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි විසින් එම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

පියුමි හංසමාලිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි.!

පියුමි හංසමාලිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි.!

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි විසින් උපයාගත් යැයි පැවසෙන නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනය සඳහා නැවත වරක් ඇය නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ඊයේ (04) කැඳවා තිබුනි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුව තිතී අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිට අයත් BMW වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය හා ඇය විසින් අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපනවලින් ප්‍රශ්න සහගත ලෙස අධික මුදලක් උපයාගැනීම සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මීට මාස කිහිපයකට පෙර විමර්ශනයක් ආරම්භ කළේය.

කෙසේවෙතත් ඊයේ (04) කැඳවීමෙන් අනතුරුව ඇයගෙන් පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බව වාර්තා වෙයි.

ලොක්කන්ගේ කෝටි ගණනක ගැහිල්ලක් හෙළිවෙයි.!

ලොක්කන්ගේ කෝටි ගණනක ගැහිල්ලක් හෙළිවෙයි.!

රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර ලබාදීමේදී රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට ජාතික විගණන කාර්යාලය පැවැත්වූ අලුත්ම වෝහාරික විගණනයේදි තොරතුරු අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් විගණකාධිපති ඩබ්ලිව්. පී.සී වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා බාරදුන් අතර පාර්ලිමේන්තු ප්‍රධානීන් සදහන් කළේ, නව පාර්ලිමේන්තුව ස්ථාපනය කළ පසු එම වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

විදේශගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ගෙන්වීමට අවසර දුන් අවස්ථාව අවභාවිත කරමින් රුපියල් කෝටි 120කට ආසන්න ‌වටිනාකමකින් විදුලි මෝටර් රථ 119ක් ගෙන්වා ඇති බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අනාවරණය විය.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වහාම ක්‍රියාත්මකවන වන පරිදි සේවයෙන් ඉවතට.! [Breaking News]

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වහාම ක්‍රියාත්මකවන වන පරිදි සේවයෙන් ඉවතට.! [Breaking News]

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සුරේෂ් සලේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ වෙනුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා පත්කිරීමට පොලිස් කොමිසම විසින් නිර්දේශ කර ඇත.

ජනතාව අපේක්ෂා කරන ආකාරයේ නව ව්‍යවස්ථාවක් ගේනවා.!

ජනතාව අපේක්ෂා කරන ආකාරයේ නව ව්‍යවස්ථාවක් ගේනවා.!

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (05) දින පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක දර්ශනපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී අමරපුර මහා නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගා ගත යුතු බවයි. එවිට ලෝකයේ ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාවට නැඟී සිටිය හැකි බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මෙම අවස්ථාව දේශපාලනික වශයෙන් සංක්‍රාන්ති සමයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කළයුතු බොහෝ කාර්යයන් මැතිවරණයේදි හිමිවන පුර්ණ පාර්ලිමේන්තු බලය සමඟ මීට වඩා වේගවත්ව ක්‍රියාවට නැංවීම තම අරමුණ බවද සදහන් කරයි.

මෙවර පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට හෝ කලබලකාරිත්වයකට ඉඩ නොදෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ කණ්ඩායම රටට ලබාදුන් ආදර්ශය මෙහිදී මහා සංඝරන්යේ ඇඟයීමට ලක් කෙරිණි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයාට විරුද්ධව ආගම මුල් කර ගනිමින් අවලාද ව්‍යාපාරයක් ක්‍රියාවට නැංවීමට ඇතැම් කණ්ඩායම් සංවිධානාත්මකව ක්‍රියා කළ බව පෙන්වා දුන් මහා සංඝරත්නය එම ප්‍රකාශ සාවද්‍ය බව මේ වන විටත් තහවුරු වී තිබෙන බව පැවසීය. නමුත් මෙවන් අවලාද ව්‍යාපාර ඉදිරියේදී ද ඇතිවීමට ඉඩ ඇති බව පෙන්වා දුන් මහා සංඝරත්නය ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව ජනතාව පෙන්වා දී ඇති බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක අපහාස සහ අවලාද වලින් තම කණ්ඩායම පිළිබඳ මවා තිබු චිත්‍රය සහ බිය මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ බවත්, ඒවා සියල්ල ප්‍රවාද බව මේ වන විට තහවුරු වී තිබෙන බවද සදහන් කරයි.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමන් අපේක්ෂා කරන බවත් දීර්ඝ සාකච්ඡාවකින් සේම ජනමත විචාරණයකින් පසුව පමණක් එය සිදු කිරීම තම අපේක්ෂාව බවත් පසුගිය රජයන් විසින් ඔවුන්ට අවශ්‍ය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කළා මිස ජනතාවගේ එකඟතාව අනුව එය සිදු නොකළ බවත් රට යම් මට්ටමකට ස්ථාවර කර ජනතාව විසින් අපේක්ෂා කරන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

මහපාරේ රතිඤ්ඤා පත්තු කළොත් අත්අඩංගුවට.!

මහපාරේ රතිඤ්ඤා පත්තු කළොත් අත්අඩංගුවට.!

නාමයෝජනා භාර ගැනීමේ දිනවලදී මහමග රතිඤ්ඤා දල්වා ජනතාවට පීඩාවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සදහන් කරයි.

තවද ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්නේ නම් ඒ සදහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සදහන් කරයි.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මේ බව සදහන් කරයි.

ජනවාරි සිට යළිත් පැරණි මිලට ජපන් වාහන.!

ජනවාරි සිට යළිත් පැරණි මිලට ජපන් වාහන.!

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා පවසන්නේ ලබන ජනවාරි මාසයේ සිට වාහන ආනයනය සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන ඇති බවයි.

එලෙස ජපන් සහ යුරෝපීය වාහන ආනයනයේදී බදු වැඩි කිරීම සම්බන්ධයෙන් පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඔහු පවසයි.

ඔහු පවසන්නේ වාහන ගෙන්වීමේදී 600%ක බද්දක් පනවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ කටකතා පැතිර ගොස් ඇති අතර, එවැනි බද්දකට යටත්ව කිසිවෙකුට වාහන මිලදී ගැනීමට නොහැකි බවයි.

ලබන ජනවාරියේ වාහන ආනයනය ආරම්භ කිරීමෙන් පසු මේ වනවිට අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පවතින ඉතා පැරණි වාහන වෙළෙඳපොළ කඩා වැටෙනු ඇති බවට වූ බියෙන් බොහෝ වාහන අලෙවි මධ්‍යස්ථාන හිමියන් කටකතා මවා ජනතාව රවටා දැනට පවතින තොග විකුණා ගැනීමට උත්සාහ කරන බවද වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා සඳහන් කළේය.

We are happy to invite you.