No use

ස්වීඩනය මෙරට අලුත් වැඩකට අත ගහයි.!

ස්වීඩනය මෙරට අලුත් වැඩකට අත ගහයි.!

ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් සහ අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය අතර ඊයේ (04) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජෑන් තෙස්ලෙෆ් මහතා සඳහන් කර තිබුනේ මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය යොමුව ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳවද ස්වීඩන් රජයේ අවධානය යොමුව ඇති බවත් ස්වීඩන් තානාපතිවරයා පැවසීය. 

එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා සහ ඔවුන් මුහුණ දී ඇති වීසා දුෂ්කරතා පිළිබඳව ද තානාපතිවරයාගේ අවධානයට යොමු කළ බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය අශය පවසයි.

මෙම හමුව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ශ්‍රී ලංකාවේ ස්වීඩනයේ ගරු කොන්සල් ජනරාල් සංජය සුමන්ත්‍රි කුලතුංග, යුරෝපා සහ උතුරු අමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනි කේ ගුණසේකර යන නිලධාරීන් එක්ව සිටියහ.

යෝෂිත රාජපක්ෂගේ ගිනි අවි සියල්ල මාට්ටු.!

යෝෂිත රාජපක්ෂගේ ගිනි අවි සියල්ල මාට්ටු.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ වෙත පසුගිය රජය විසින් ගිනි අවි 07ක් ලබාදී ඇති අතර තවත් පුද්ගලයන් 1500ක් සදහා ආණ්ඩුවෙන් ගිනි අවි 1690ක් ලබාදී ඇත.

යෝෂිත රාජපක්ෂට ලබාදී ඇති ගිනි අවි තොරතුරු පහතින්.

PT0195 9mm / LPY 904 9mm / RXR468 9mm / 55451 9mm / VX 679 9mm / A 11966 pofsmg pk / AHGS 683 9 mmGlock 48

පසුගිය රජය විසින් ගිනි අවි ලබාදුන් පුද්ගලයන් සියලුම දෙනාට ගිනි අවි වහාම රජයට භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය විසින් දැනුම් දී ඇත.

මෙරට සාකච්ඡාවලින් අනතුරුව IMF කණ්ඩායමෙන් නිල නිවේදනයක්.!

මෙරට සාකච්ඡාවලින් අනතුරුව IMF කණ්ඩායමෙන් නිල නිවේදනයක්.!

ඊයේ (04) දිනයේ ශ්‍රී ලංකාව තුළ සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව IMF නියෝජිත කණ්ඩායම නිල නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය අභියෝග පිළිබඳව ඔවුන් ජනාධිපති අනුර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත්, ශ්‍රී ලංකාව ආර්ථිකව ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ තවදුරටත් ආරක්ෂා කර ගැනීම සහ ගොඩ නැගීමේ වැදගත්කම පිළිබඳව සියල්ලන්ම එකඟ වූ බවත්ය.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ දිගටම කරගෙන යෑම සඳහා නව රජයේ ඇති කැපවීම තම කණ්ඩායම දිරිමත් කළ බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන්වන සමාලෝචනය සඳහා දිනයක් නියම කිරීම සඳහා IMF කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන යන බවත් ය.

දරුවන්ගේ ඡායාරූප අන්තර්ජාලයට එක් කළාද.? පොලීසියෙන් දෙමාපියන්ට අවවාදයක්.!

දරුවන්ගේ ඡායාරූප අන්තර්ජාලයට එක් කළාද.? පොලීසියෙන් දෙමාපියන්ට අවවාදයක්.!

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලුම පුරවැසියන්ට දන්වා සිටින්නේ ළමයින් පිළිබඳව කටයුතු කිරීමේදී වගකීමෙන් සහ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට කටයුතු කරනා ලෙසයි.

දරුවන්ගේ පෞද්ගලිකත්වය හෙළිවන ආකාරයට ඡායාරූප, වීඩියෝ සහ ප්‍රකාශනයන් ආදී විවිධ තොරතුරු මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ සංවේදී කරුණු සමාජයට නිරාවරණය වීම තුළින් දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ අනන්‍යතාව මෙන්ම දරුවාගේ පවුල් පසුබිම පිළිබඳ තොරතුරු අනාවරණය වීම හරහා එය දරුවන්ගේ මානසිකත්වයට සහ පෞරුෂත්ව සංවර්ධනයට ඍණාත්මක බලපෑම් සිදු කරනා බව එම අධිකාරිය පවසයි.

එමෙන්ම දරුවන්ගේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරීම හරහා එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන සංස්කරණය කර අවභාවිතයට ගැනීමත්, එමගින් එම ළමයින් අන්තර්ජාලය ඔස්සේ සිදුවන ළමා අපයෝජනයන්ට ලක්වීමේ ප්‍රවනතාවක් ඇති බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබෙනා පැමිණිලි මගින් අනාවරණය වී ඇති බව සඳහන්.

හෂාන්ගේ බිරිඳට සජිත්ගෙන් වරදානයක්.!

හෂාන්ගේ බිරිඳට සජිත්ගෙන් වරදානයක්.!

පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය සමඟ එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳට වරදානයක් ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ.

අප්සාරි සිංහබාහු තිලකරත්න වන ඇය සමගි ජන බලවේගය පක්ෂයේ බටහිර – කොළඹ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර ඇති බව සඳහන්.

අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනියක ලෙසද කටයුතු කරයි.

මාලිමාව – දුරකථනය කරට කර.. අවසන් අදියරේ.!

මාලිමාව – දුරකථනය කරට කර.. අවසන් අදියරේ.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සදහා ඉදිරිපත් වන සිය පක්ෂයේ අපේක්ෂකයින්ගේ නාම යෝජනා පත්‍ර සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බව ජාතික ජන බලවේගය සදහන් කරයි.

ඉදිරි දිනවලදී එක් එක් දිස්ත්‍රික්කවල යොදාගෙන ඇති දිනයන් කිහිපයකදී නාමයෝජනා භාරදීම සිදු කරන බවද ජාතික ජන බලවේග පක්ෂයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල සදහන් කරයි.

මහ මැතිවරණය සදහා සමගි ජන බලවේග පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු අවසන් කර තිබෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සදහන් කරයි.

ඔක්තෝබර් (10) සහ (11) යන දිනවලදී එක් එක් දිස්ත්‍රික්කවල සමගි ජන බලවේග පක්ෂයේ නාමයෝජනා භාරදීම සිදු කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සදහන් කරයි.

කොළොන්නාවේ රහස්‍ය ගබඩාවක ටී-56 උණ්ඩ විසි පන්දහසක්.. පාතාලයට තොගේට බඩු දුන් ගබඩාවක්ද.?

කොළොන්නාවේ රහස්‍ය ගබඩාවක ටී-56 උණ්ඩ විසි පන්දහසක්.. පාතාලයට තොගේට බඩු දුන් ගබඩාවක්ද.?

“සති අග අරුණ” පුවත්පත අනාවරණය කර ඇත්තේ කොළොන්නාව තෙල් තොග ගබඩා පරිශ්‍රයේ රහස්‍ය අවිගාරයක තොග ලැයිස්තුවක් නොමැති ටී-56 උණ්ඩ 25,218ක් ඇතුළු පතරොම් දහස් ගණනක් සඟවා ඇති බවයි.

පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ගබඩාව හිස් උණ්ඩ කොපු ගබඩාවක් ලෙස පෙන්වා ඇති නමුත් එහි ටී-56 උණ්ඩ 25,218ක්, එස්.ජී. පතරොම් 2656ක්, එස්.එල්.ආර්. පතරොම් 1040ක් ගබඩා කර ඇති බවයි.

මෙම පරිශ්‍රයේ හමුදා අනුකණ්ඩයක් පැවති අතර ගබඩා ආරක්ෂකයන්ගේ කිසිදු අධීක්ෂණයක් නොමැතිව මෙම අවි ගබඩාව පවත්වාගෙන ගොස් ඇතැයි හෙළිවී තිබේ.

මෙම අවි ගබඩාවවේ අතුළත් බඩු බාහිරාදිය සම්බන්ධව තොග ලැයිස්තුවක් (Armory Inventory) ඉදිරිපත් කිරීමට මෙය භාරව කටයුතු කර ඇති ආරක්ෂක කළමනාකරුවන් අපොහොසත් වී ඇති බවත් කොළොන්නාව තෙල් තොග ගබඩාවේ කලාප 02 රහස්‍ය අවිගාරය තුළ මෙම රහස්‍ය ගබඩාව පිහිටා ඇති බවත් පුවත්පත පෙන්වා දෙයි.

මින් පෙර අවස්ථාවක විගණන අංශය සිදු කළ පරීක්ෂාවකදී අනිවාර්ය නිවාඩු යවා සිටි හිටපු කළමනාකාර ආරක්ෂකයකුගේ නිල කාමරයේ තිබී මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ 474ක් හා මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝල උණ්ඩ 277ක් හමුවී ඇති අතර පසුව ඒවා ගිනි අවි ගබඩාව වෙත භාරදී තිබිණි.

එමෙන්ම කලාප 02 පිහිටි හිස් උණ්ඩ රඳවන බව කියූ රහස්‍ය අවි ගබඩාව තුළ තිබී භාවිතයට ගත් ටී-56 උණ්ඩ කොපු 24,115ක් අඩංගු ගෝනි දෙකක්ද සොයාගෙන ඇත.

මෙහි ඇති බරපතල කාරණය වනුයේ කිසිදු ලේඛනයක් නොමැති මෙම රහස්‍ය අවිගාරය තුළ ඇති තොග ලැයිස්තුවක් පවත්වාගෙන නොගිය ජීව උණ්ඩ අපරාධ කල්ලි අතට පත්වූවාද යන්නයි.

මාදිවෙල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරු ඉවත් කරයි.!

මාදිවෙල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරු ඉවත් කරයි.!

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයන්හි මේ වනවිට පදිංචිව සිටිනා මන්ත්‍රීවරුන් 108 දෙනාට ඉන් ඉවත්වන ලෙස ලිඛිතව දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු බලධාරීන් පවසයි.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය අලුත් වැඩියාවකට ලක් කිරීමේ අවශ්‍යතාවය මත මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඉදිරි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාස ලබා දියයුතු බැවින් ඒවා කල්තියා අලුත් වැඩියා කිරීමට පාර්ලිමේන්තු බලධාරීන් තීරණය කර ඇත.

එම දැනුම්දීම අනුව මන්ත්‍රීවරුන් 6 දෙනෙකු දැනට එම නිවාස වලින් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

එම නිවාස සංකීර්ණයේ මන්ත්‍රී නිවාස 120න් 108ක මන්ත්‍රීවරු පදිංචිව සිටිනා අතර ඉතිරි නිවෙස් වල පදිංචිව සිටින්නේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරින් පිරිසකි.

මාස හයට බිලියන 150ක පොල්ලක්.!

මාස හයට බිලියන 150ක පොල්ලක්.!

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ක්‍රම හා විධිකාරක සභා තෙවන වාර්තාවට අනුව රේගුවෙන් හා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ‌2024 වර්ෂයේ ජුනි මස (30) වැනි දින වනවිට රුපියල් බිලියන 65.7ක හිග බදු මුදලක් අයවිමට ඇති බව සදහන් වේ.

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අයවිමට ඇති හිග මුදල රුපියල් බිලියන 7.9ක්, ශ්‍රී ලංකා රේගුවෙන් අයවිමට ඇති හිඟ බදු මුදල රුපියල් බිලියන 57.8ක්, දේශිය ආද‍ායම් දෙපාර්තමේන්තුව එකතු කළ හැකි හිග බදු මුදල ලෙස රුපියල් බිලියන 188ක් අයවීමට ඇති බව සදහන් වේ.

එම මුදලින් රුපියල් බිලියන 47ක් එකතු කර ඇති බවත් රුපියල් බිලියන 57ක මුදලක් හිඟ මුදල් කපා හැරීමෙන් අයකරගෙන ඇති බවත් රුපියල් බිලියන 87ක් හිඟ බදු ලෙස අයවිමට ඇති බවත් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු මුදල්වලින් රුපියල් බිලියන 29ක මුදලක් රජයේ ආයතනවලින් අයවීමට ඇති බවද එම වාර්තාවේ සදහන් වේ.

එජාපයේ අන්තිම තුරුම්පුව අලියා ලකුණින්.!

එජාපයේ අන්තිම තුරුම්පුව අලියා ලකුණින්.!

එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා අලියා ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත.

පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සිදුකළ සාකච්ඡා වල අවසන් ප්‍රතිඵලයක් ලෙස පළාත් පාලන මැතිවරණයට අලියා ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් ලබන මස පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තම අලියා ලකුණ ඉවත් කර “ගෑස් සිලින්ඩරය” ලකුණින් සන්ධානගතව තරග කිරීමට තීරණය කර ඇත.

We are happy to invite you.