No use

වසර 19කට පසුව කොළඹ මාර්ගයක් විවෘත කරයි.!

වසර 19කට පසුව කොළඹ මාර්ගයක් විවෘත කරයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් ජනතාව සදහා විවෘත කළේය.

පසුගිය 2005 වසරේදී මෙම මාර්ගය වසා දැමුණු අතර 2024.10.04 දින ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පොලිසිය විසින් මෙම මාර්ගය විවෘත කිරීමට කටයුතු කළේය.

ආර්.ඒ.ද මෙල් මාවතේ සිට අරලියගහ මන්දිරය හරහා මයිකල් වට රවුමේ සිට රොටුන්ඩාව වට රවුම දක්වා මාර්ගය මේ අයුරින් විවෘත කළේය.

මෛත්‍රීගේ “සිහිනය – නොනිමිය”

මෛත්‍රීගේ “සිහිනය – නොනිමිය”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය “සිහිනය නොනිමිය” නමින් එළිදැක්වීම ඊයේ (04) දින ගෝල් ෆේස් හෝටලයේදී සිදුකෙරිණ.

මෙහිදී කෘතියේ මුල් පිටපත ලේඛිකා ආචාර්ය ගංගා රාජිනි දිසානායක ප්‍රමුඛ කණ්ඩායම වෙතින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ලබා ගෙන මහා සංඝරත්නයට පිළිගැන්වීම සිදුවිය.

ප්‍රසිද්ධ දේශපාලන පක්ෂ 5කට මැතිවරණයට තරග කිරීම තහනම්.!

ප්‍රසිද්ධ දේශපාලන පක්ෂ 5කට මැතිවරණයට තරග කිරීම තහනම්.!

දේශපාලන පක්ෂ පහකට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කිරීම සදහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව එම කොමිසමේ සභාපති ආනන්ද රත්නායක සදහන් කරයි.

එම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් දෙතුන් දෙනා සිටින බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව පක්ෂ නියෝජිතයන් කැඳවා සාකච්ඡා කළ නමුත් පවතින ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුන් එකඟත්වයට නොපැමිණීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එහි සභාපති ආනන්ද රත්නායක සදහන් කරයි.

මෙම පක්ෂ පහ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය කාලයේදී පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවත් අධිකරණය හරහා හෝ පවතින ගැටලුව නිරාකරණය කරගෙන පැමිණෙන ලෙස පක්ෂ නියෝජිතයන්ට දැනුම් දුන් බවද සභාපතිවරයා සදහන් කරයි.

පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්.!

පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්.!

පොලිස්පති මහජන සහන මැදිරිය පසුගිය සැප්තැම්බර් (30) වනදා සිට නව ස්ථානයක ස්ථාපිත කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

කොළඹ 02, කොම්පඤ්ඤ වීදිය, ශ්‍රීමත් චිත්තම්පලම් ගාඩිනර් මාවතේ පිහිටි නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පොලිස්පති සහන මැදිරිය අලුතෙන් ස්ථාපිත කර ඇත.

ඒ අනුව මින් ඉදිරියට නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පොලිස්පති මහජන සහන මැදිරිය මහජනතාව වෙනුවෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

දෙපාර්තමේන්තුවේ ඉහළම ලොක්කෙක් අත්අඩංගුවට.!

දෙපාර්තමේන්තුවේ ඉහළම ලොක්කෙක් අත්අඩංගුවට.!

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු, එම දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු සහ තැරැවුකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බස් රථ තුනක හිමිකාරීත්වය වෙනස් කරදීම සදහා රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නව QR කේතයක් නිකුත් කරන්න උපදෙස්.!

නව QR කේතයක් නිකුත් කරන්න උපදෙස්.!

රජය විසින් ගොවි ජනතාවට ලබාදෙන පොහොර සහනාධාර මිලදී ගැනීමට “QR” කේතයක් නිකුත් කරන්නැයි ජනාධිපති අනුර දිසානායක කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබාදී ඇත.

මහ කන්නයේදී මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපහසු නම් එළැඹෙන යල කන්නයේ සිට ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

මුදල් අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්.!

මුදල් අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්.!

නිල ණයහිමියන්ගේ කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ප්‍රතිපත්තිමය ගිවිසුමේ නියමයන් සංසන්දනාත්මක මූලධර්මයන්ට අනුකූලවන බවට මෙරට නිල ණය කමිටුව වෙතින් විධිමත් තහවුරු කිරීමක් සිදුකර ඇති බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා ලබාදුන් සහායට සියලු ණය හිමියන්ට, නිල ණයහිමියන්ගේ කමිටුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ස්තුතිය පළ කරන බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.

ඔබේත් මගේත් රටට පාලකයින් සිදුකළ එක් විනාශයක් සම්බන්ධ විමර්ශනාත්මක හෙළිදරව්ව.!

ඔබේත් මගේත් රටට පාලකයින් සිදුකළ එක් විනාශයක් සම්බන්ධ විමර්ශනාත්මක හෙළිදරව්ව.!

එයාර් ලංකා සමාගම යනු එවකට ලොව කීර්තිමත් ගුවන් සේවයක්. 1998 සමාගමේ කොටස්වලින් 44% කට ආසන ප්‍රමාණයක් සුප්‍රකට එමිරේට්ස් සමාගමට විකුණුවා. ඊට පස්සේ තමයි අපේ ජාතික ගුවන් සේවය ශ්‍රී ලංකන් එයාලයින් බවට පත් වුනේ.

2007 අවුරුද්ද අවසන් වෙද්දී එමිරේට්ස් සමාගමට ශ්‍රී ලංකන් එපා වෙන තත්ත්වයට පත් කළා. එවක ආණ්ඩුවේ ඉහළම පුද්ගලයා ලන්ඩන් ඉදන් එන්න ශ්‍රී ලංකන් ගුවන්යානයක් ප්‍රමාද කරන්න කියලා බල කරලා ඇතිවුණු සිද්ධියක් මුල් කරගෙන 2007 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක නිලධාරියාගේ රැකියා අවසර පත්‍රය අවලංගු කළා.

ඊට මාස කිහිපයකට පස්සේ හරියටම 2008 අවුරුද්දේ එමිරේට්ස් අයිති වෙලා තිබුණු කොටස් ශ්‍රී ලංකා රජය ආපහු මිලදී ගන්නවා. 2008 ශ්‍රී ලංකන් සමාගම ආපහු ගන්නකොට ශ්‍රී ලංකන් සමාගම් සමූහයේ ලාභය රුපියල් මිලියන 4899ක්.

ශ්‍රී ලංකන් සමූහය කියන්නේ ගුවන් යානා මෙහෙයුම්වලට අමතරව ආහාර පාන සපයන ශ්‍රී ලංකන් කේටරින්, භූමි මෙහෙයුම් භාණ්ඩ ප්‍රවාහන සේවා ඇතුළු සමගම් කිහිපයක එකතුවක්.

2008 වසරේදී ශ්‍රී ලංකන් සමූහයට ඇතුලත් සමාගම් ආපහු ගත්තට පස්සේ දිගින් දිගටම සමාගම පාඩු ලබන්න පටන් ගත්තා. අවුරුද්දෙන් අවුරුද්දේ ලැබූ පාඩුව රුපියල් ලක්ෂ වලින් පහත දැක්වෙනවා.

ඒ අනුව මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් ලක්ෂ 1,079,910 (මිලියන 107,991) , මෛත්‍රීපාල සිරිසේන පාලන සමයේ පාඩුව රුපියල් ලක්ෂ 1,007,070 (මිලියන 100,707) , ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පාඩුව රුපියල් ලක්ෂ 2,574,260 (මිලියන 257,426) , රනිල් වික්‍රමසිංහ පාලන සමයේ පාඩුව රුපියල් ලක්ෂ 713,060 (මිලියන 71,306).

මෙම දත්ත සමාගමේ වාර්ෂික වාර්තාවලින් උපුටා ගන්නා ලද ඒවා. පාඩුවේ තරම ගැන අවබෝධයක් ගන්න මේ හොඳටම ප්‍රමාණවත්.

ඒ අනුව 2009 සිට 2023 දක්වා වසර 14ක් තුළ රටේ මහජන බදු මුදල්වල සමස්ත අහිමිවීමෙන් එක් ව්‍යාපෘතියක් සඳහා ලක්ෂ දස දහසක් (10,000) බැගින් වෙන් කළත් අති නවීන රෝහල් 537ක් ඉදිකිරීමට තිබූ මුදලක් රටට අහිමිවී තිබෙනවා.

2008න් පස්සේ ලාභ ලැබු සමාගමක මුල් පුටුවට පත් කළේ ඒ වෙනකොට රටේ ඉහළම කෙනෙක්ගෙ ඥාතීයෙක්.

ඥාතියා සමාගමට කරපු දේවල් කිහිපයක් යහපාලන ආණ්ඩුව කාලයේ බරපතල වංචා දූෂණ හොයන්න පත් කරපු ජනාධිපති කොමිෂන් සභා වාර්තාවල සඳහන් වනවා.

2014 ජනවාරි 22 දා මැලේසියාවේ සිට කටුනායක දක්වා එන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම.

2013 – 2014 කාල සීමාවේ ඥාති පුත්‍රයකු මැදිහත් වී සංවිධානය කළ රක්බි තරංගයකට ආහාර පාන සැපයීම.

2014 දෙසැම්බර් 19 ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට ගිය කලා ශිල්පීන්ට ආහාරපාන සැපයීම.

ගුවන් සේවිකාවකට විශේෂ දීමනාවක් ගෙවීම.

2014 ජනවාරි 26 ප්‍රංශය බලා ගමන් කිරීමට සිටි මගීන් 75 දෙනෙකු පැමිණීමට පෙර යානය පිටත් කර හැරීම.

2011 ජූලි 27 වනදා සිට 2014 නොවැම්බර් 22 දක්වා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයාගේ වාහන සඳහා සමාගමෙන් ඉන්ධන වියදම් ගෙවීම.

නීත්‍යානුකූල හිමිකමක් නොමැති වාහන භාවිත කිරීම.

මේ චෝදනා සම්බන්ධයෙන් දූෂණය දූෂණයට කුමන්ත්‍රණය කිරීම සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු අපරාධ චෝදනා යටතේ නඩු පැවරුවත් එම නඩු වලට වෙච්චි දෙයක් නම් තවමත් දැනගන්න නැහැ.

සමාගම අද පවතින තත්ත්වයට ඇද දැමීමට බලපෑ තවත් බරපතල සිද්ධියක් 2013 සහ 2012 කාලයේ සමාගමේ ගුවන් යානා 13ක් ඉවත් කරලා ඒ වෙනුවට අලුත්ම එයා බස් 14 ක් ගන්න යෝජනා වුනා.

ප්‍රංශයේ එයා බස් සමගම සහ ශ්‍රී ලංකන් සමාගම අතර සිදුවූ මෙම ගිවිසුමේ අත යට ගණුදෙනුවක් පසුව ප්‍රංශ බරපතල වංචා විමර්ශන ඒකකය විසින් අනාවරණය කළා.

එම අනාවරණය අනුව ශ්‍රී ලංකන් සමාගමේ ඉහළම නිළධාරියෙක්ට ඇමරිකානු ඩොලර් මිලියන 16.84ක පගාවක් පොරොන්දු වී ඉන් ඩොලර් මිලියන 2ක් ගෙවා තිබුනා.

මේ හෙළිදරව්ව අපේ රටට පාලකයින් යැයි කියාගත් දූෂිතයන් විසින් සිදුකළ එක් විනාශයක් පමණයි. ඔබේත් මගේත් රටේ අනාගත පරපුර වෙනුවෙන් මෙවර මහ මැතිවරණයේදී රටේ ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා අදූෂිත අවංක පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කරන්න.

දේශපාලන වහල් බාවයෙන් මිදෙන්න.. ඔබටත් රටටත් ජය.!

සිවිල් පුරවැසියන් සතු ආත්ම ආරක්ෂක ගිනි අවි නැවත කැඳවයි.!

සිවිල් පුරවැසියන් සතු ආත්ම ආරක්ෂක ගිනි අවි නැවත කැඳවයි.!

ආරක්ෂක අමාත්‍යාංශය සියලුම බලපත්‍රලාභීන්ට දැනුම් දී ඇත්තේ ආත්ම ආරක්ෂාව සඳහා ලබාදී ඇති ගිනි අවි සහ ඒ සඳහා නිකුත් කර ඇති පතුරම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාවට ලබන සඳුදාට (07) පෙර බාරදීමට කටයුතු කරනා ලෙසයි.

ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම ගිනි අවි සහ පතුරම් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීමෙන් අනතුරුව නැවත එම ගිනි අවි ලබාදීමට කටයුතු කරනා බවයි.

කෙසේවෙතත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දේපළ ආරක්ෂාව වගා හානි ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කෙරුණු ගිනි අවි සඳහා මෙම නියෝගය අදාළ නොවන බවයි.

ජනපතිවරුන්ගේ නිල නිවාස මහජන ප්‍රදර්ශනයට.!

ජනපතිවරුන්ගේ නිල නිවාස මහජන ප්‍රදර්ශනයට.!

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසන්නේ පාලකයන්ගේ වරදින් ජනතාව දුක් විඳිද්දී මේ රටේ නායකයන් ගත කළ සුඛෝපභෝගී දිවි පෙවත ජනතාවට දැක ගැනීම සඳහා ඉදිරියේදී විශ්‍රාමික ජනාධිපතිවරු භාවිත කළ නිල නිවාස ජනතා ප්‍රදර්ශනයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.

යටිනුවර වීදියේ ඩෙවෝන් රෙස්ට්හිදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටි අතර එහිදී ඔහු පෙන්වා දුන්නේ, ඉදිරියේදී එම නිල නිවාස මහජන ප්‍රදර්ශනය කරනු ඇතැයි බියෙන් ඇතැම් පිරිස් මේ වන විටත් එම නිල නිවාසවල තිබූ සුඛෝපභෝගී බඩු බාහිරාදිය වෙනත් ස්ථානයන්ට ගෙන යෑමේ උත්සාහයක නිරතවී ඇති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසූවේ,

“මේ රටේ දේශපාලනඥයන් ජනතාවගේ සම්පත් පාවිච්චි කළ ආකාරය නොදැන සිටි අය ඒවා දැනගත යුතුයි, ඒ වෙනුවෙන් තව තවත් ප්‍රදර්ශන පවත්වන්න අපි බලාපොරොත්තු වනවා, ජනතා මුදල් කාබාසිනියා කරමින් සිඟිති ආතල් ගත්තු උදවියට මේවා ගැටලුවක් වෙන්න පුලුවන්”

We are happy to invite you.