No use

උද්දමනයට මුවා වී ගෙන ගිය වෙළඳ මාෆියාව මඩින්න අගමැති නියමයෙන් පියවර.!

උද්දමනයට මුවා වී ගෙන ගිය වෙළඳ මාෆියාව මඩින්න අගමැති නියමයෙන් පියවර.!

වෙළඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යංශය පවසන්නේ අමාත්‍යවරියගේ නියමයෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය පාරිභෝගිකයාට කඩිනමින් ලබා දීමේ නව වැඩපිළිවෙළක් සකස් කිරීම ආරම්භ කළ බවයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ (03) විෂය භාර අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවකදී ඒ අමාත්‍යවරිය විසින් අවශ්‍ය උපදෙස් ලබාදුන් බව අමාත්‍යංශය පවසයි.

ඒ සඳහා පත්කෙරෙන කමිටුවක් මඟින් වෙළඳ පොළේ මිළ ගණන් සමාලෝචනය කර එහි මිල පරාසයන් පිළිබඳව විශ්ලේෂණ වාර්තාවක් සකස් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

එම වාර්තාව සකස්කිරීමෙන් අනතුරුව මෙරට ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් කැඳවා මිල අඩුකිරීමෙ අවශ්‍යතාව පිළිබඳව කරුණු සහිතව සාකච්ඡා කිරීමටද නියමිතයි.

යට ගිය පරීක්ෂණ යළි අරඹයි.. ගෝඨාගේ පෞද්ගලික ලේකම් CID යට.!

යට ගිය පරීක්ෂණ යළි අරඹයි.. ගෝඨාගේ පෞද්ගලික ලේකම් CID යට.!

පොලිස්පති නියමෙන් ප්‍රකාශයක් ගැනීම සඳහ් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි වාර්තා වෙයි.

සුගීෂ්වර බණ්ඩාර මහතා එලෙස කැඳවා ඇත්තේ 2022 මාර්තු 31 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවෙසට යන මාර්ගය වන මිරිහාන පැඟිරිවත්ත මාර්ගයේ උද්ඝෝෂණය කළ පිරිසකට සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පහරදී ප්‍රකෝප කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළවයි.

එම පහරදීමෙන් තුවාල ලැබූ 12 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩු පැවරූ අතර පසුගිය රජය විසින් එම විමර්ශන අකර්මන්‍ය කර තිබුනි.

කොටස් වෙළෙඳපොළ වාර්තාවක් තබයි.!

කොටස් වෙළෙඳපොළ වාර්තාවක් තබයි.!

අද (04) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලුම කොටස් මිල දර්ශකය (ASPI) 12,000 සීමාව පසු කර ඇත.

දර්ශකය ඒකක 123.50කින් (1.04%) කොටස් වෙළඳපොළ ඉහළ ගොස්, ඒකක 12,053.49ක් බවට පත්වුණ අතර පිරිවැටුම රුපියල් බිලියන 2.8කි.

පසුගිය ජූලි (03) වැනිදායින් පසුව ප්‍රථම වරට මෙම සීමාව පසු කිරීමට අද (04) දින සමත් විය.

මම රාජ්‍ය ඇමති කෙනෙක් විදියට වටේම ගිය කෙනෙක්.. මට දුන්නේ කැඩිච්ච වාහන විතරයි.!

මම රාජ්‍ය ඇමති කෙනෙක් විදියට වටේම ගිය කෙනෙක්.. මට දුන්නේ කැඩිච්ච වාහන විතරයි.!

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ තමා සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ලෙස සිටියදී රජයෙන් ලබාදුන් සියලුම වාහන අබලන් ඒවා බවයි.

සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස තමා රට වටේම ගිය කෙනෙක් බවත් එම බොහෝ අවස්ථාවලදී තමාට ලබාදී තිබූ වාහන මහ මග කඩා වැටුනු බවත් ඇය පවසයි.

එමෙන්ම ඇය පවසන්නේ එම වාහන අලුත්වැඩියා කිරීමට මුවාවී ඇතැම් නිළධාරීන් අසීමිත ලෙස හොරකම් කළ බවට තමා සතුව ශාක්ෂිද පවතින බවයි.

පියල් නිශාන්තගේ චන්ඩි පාට් එළියට.. වැඩ වරදින පැමිණිල්ලක්.!

පියල් නිශාන්තගේ චන්ඩි පාට් එළියට.. වැඩ වරදින පැමිණිල්ලක්.!

ඔස්ට්‍රේලියාවේ, චීනයේ හිටපු රාජතාන්තිකයෙකුට තර්ජනය කළ බවට වන සිදුවීමක් සම්බන්ධව හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට එරෙහිව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් කර ඇත.

පැමිණිලිකරු සීනෝර් පදනමේ සභාපති වශයෙන් කටයුතු කර ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත තර්ජනය කිරීම හේතුවෙන් ඔහු ඉකුත් මාර්තු මාසයේදී එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට එරෙහිව අපරාධ හා අල්ලස් නඩුවක් ගොනු කිරීම හේතුවෙන් අවස්ථා කිහිපයකදී තමන්ට තර්ජනය කළ බවද එම පැමිණිල්ලේ සදහන් කර ඇත.

කූට ලේඛන හදලා සැප වින්ද ඩයනාගේ නඩුව කැඳවයි.!

කූට ලේඛන හදලා සැප වින්ද ඩයනාගේ නඩුව කැඳවයි.!

ව්‍යාජ ලෙස සකස් කළ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කරමින් කූට ලේඛනයක් ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (04) දින කොළඹ මහාධිකරණයේ දී කැඳවනු ලැබුවෙිය.

ඩයනා ගමගේට එරෙහි නඩුවේ සාක්ෂි ලැයිස්තුවට තවත් සාක්ෂිකරුවකු එක් කිරීමට තීරණය කර ඇති බවත් එබැවින් අදාළ සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට රජයේ නීතිඥවරිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා අදාළ සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට අවසර දුන්නේය.

මෙම නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබෙන විත්තිකාරියගේ උප්පැන්න සහතිකයේ මුල් ගොනුව නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පරීක්ෂා කිරීමට තමන්ට අවශ්‍ය බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශානක රණසිංහ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාල ගොනුව දැනට පවතින ස්ථානයේ සිට සතියක් තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළ අතර වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස (04) වනදා නඩුව කැඳවීමට නියම කළේය.

මහ මැතිවරණයට ඉල්ලන්නේ නෑ.. බන්දුලත් සමුගනී.!

මහ මැතිවරණයට ඉල්ලන්නේ නෑ.. බන්දුලත් සමුගනී.!

හිටපු ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) දින මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ තමන් වසර විස්සකට වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු කැබිනට් අමාත්‍ය තනතුරු ගණනාවක් දරමින් කළ හැකි උපරිමයෙන් ජනතාව වෙනුවෙන් සේවය කළ බවත් ඒ මහතා පැවසීය

එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය සදහා මහජන නියෝජිතයකු නොමැතිව වසර ගණනාවක් අසරණව සිටි හෝමාගම මැතිවරණ කොට්ඨාසය ජනතාව වෙනුවෙන් එම නගරය දැනුමේ කේන්ද්‍රස්ථානයක් හෙවත් ප්‍රඥා බන්දු පුරවරයක් බවට පත්කරලීම සඳහා කළ හැකි සියල්ල සිදු කල බවත් ඒ පිළිබඳව තමන්ට අවංක සතුටක් ඇති බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම ඉදිරි වසර කිහිපයේදී තම ඉගෙනුම් කටයුතු සදහා කාලය යෙදවීමටත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමටත් අදහස් කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

එන ඡන්දෙන් මාලිමාව ආසන 120ක් ගන්නා සැටි ගම්මන්පිල ගණන් හදා පෙන්වයි.!

එන ඡන්දෙන් මාලිමාව ආසන 120ක් ගන්නා සැටි ගම්මන්පිල ගණන් හදා පෙන්වයි.!

පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසන්නේ වත්මන් ආණ්ඩුව අතින් බරපතල වරදක් සිදු නොවුව හොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 120ක පමණ ප්‍රමාණයක් දිනා ගැනීමේ හැකියාව ඔවුන් සතු බවයි.

ඊයේ (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විපක්ෂයේ සමහර පක්ෂ අගමැති අපේක්ෂකයින් පවා නම් කිරීම හරහා ඔවුන් ලංකාවේ දේශපාලනය පිළිබඳවත් මැතිවරණ පිළිබඳ ඇති අනවබෝධය ප්‍රදර්ශනය කරනා බවත් එවැනි පක්ෂ සහ නායකයින් ආණ්ඩු කිරීමට තබා විපක්ෂය බාරදීමටවත් නුසුදුසු බවත් ය.

1989, 2010, 2015 සහ 2020 දී මින් පෙර හතර වතාවක් ජනපතිවරණයෙන් මාස 9ක් ඇතුලත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඇති බව පෙන්වාදෙන ගම්මන්පිල මහතා ඒ සෑම පාර්ලිමේන්තු මැතිවරණ අවස්ථාවකම ජනපතිවරණය ජයග්‍රහණය කළ පක්ෂය විසින් පාර්ලිමේන්තු මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර ඇති බව පවසයි.

ඔහු පවසන්නේ ජනපතිවරණයේ දී ලැබුණු ඡන්ද ඒ අයුරින්ම ලැබුණත් මාලිමාව මන්ත්‍රී ධූර 105ක් හිමිවන බවත් මේ වනවිට ප්‍රධාන විපක්ෂය පරාජයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයට උනන්දුවක් නොදැක්වීම තුල ආණ්ඩු පක්ෂයට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 120ක පමණ ප්‍රමාණයක් දිනා ගැනීමේ හැකියාව පවතින බවයි.

ජනපති සිය ප්‍රථම නිල විදේශ සංචාරයට සැරසෙයි.!

ජනපති සිය ප්‍රථම නිල විදේශ සංචාරයට සැරසෙයි.!

ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත්තේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් විසින් සිදු කරන ලද ආරාධනය පිළිගැනීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සිදුකරන සාකච්ඡාවක් සඳහා සිය ප්‍රථම නිල විදේශ සංචාරය නවදිල්ලියට යාමට නියමිත බවයි.

නිල සංචාරයක් සඳහා නවදිල්ලි නුවරට පැමිණීමට ජනාධිපති දිසානායක වෙත ඉන්දීය ආරාධනා ලැබෙන්නේ ශ්‍රී ලංකා ජන රජයේ සෑම නායකයෙක්ම සිය ප්‍රථම නිල සංචාරය ඉන්දියාව වෙත කරනු ලබන සම්ප්‍රදාය තුළය.

අනුර කුමාර දිසානායක මහතා ජනපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසුව ඔහු හමුවීමට පැමිණි පළමු ඉහළ පෙළේ විදේශීය ප්‍රභූවරයා වන්නේද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් මහතා වෙයි.

ජනපතිවරයාගේ සංචාරයේදී ශ්‍රී ලංකාවේ ඉන්දිය අරමුදල් සපයන ව්‍යාපෘති සහ එහි ඉදිරි ගමන පිළිබඳව ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ දිනවල මුඛ ආවරණ පළදින්න.. සෞඛ්‍ය අංශ දන්වයි.!

මේ දිනවල මුඛ ආවරණ පළදින්න.. සෞඛ්‍ය අංශ දන්වයි.!

මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ට දැනුම් දෙයි.

තවද අත්, පා මුඛ රෝගය (Hand, foot and mouth disease) සහිත දරුවන්ද මේ දිනවල වාර්තා වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා සදහන් කරයි.

එනිසා නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිම තුළින් දරුවන් ආරක්ෂා කරගත හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා සදහන් කරයි.

We are happy to invite you.