No use

මල්වතු නා හිමියන්ගෙන් AKD ට මල් මිටක්.!

මල්වතු නා හිමියන්ගෙන් AKD ට මල් මිටක්.!

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවාවේ සුමංගල නාහිමියෝ පවසන්නේ ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සිදු කළ ප්‍රකාශ සියල්ල බොරු වී ඇති බවයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ජාතික භික්ෂු පෙරමුණ සාමාජික භික්ෂූන් වහන්සේලා පිරිසක් මහ නාහියන් බැහැදුටු අවස්ථාවේදීය.

මෙහිදී ජාතික භික්ෂු පෙරමුණ සාමාජික භික්ෂූන් වහන්සේලා පැවසූවේ ඇතැම් භික්ෂූන් වහන්සේලා පමණ ඉක්මවා කටයුතු කළ බවයි.

එමෙන්ම නව ජනපති අනුර කුමාර දිසානායක මහතා පත්වී සති දෙකක පමණ කෙටි කාලය තුළ විශාල වෙනසක් රට තුළ සිදු කර ඇතැයි ද උන්වහන්සේලා සඳහන් කළහ.

ජනතා සහන වලට මැතිවරණ කොමිසමෙන් ඉඩ ලැබෙයි.!

ජනතා සහන වලට මැතිවරණ කොමිසමෙන් ඉඩ ලැබෙයි.!

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසන්නේ පසුගිය ජනාධිපතිවරණයට පෙර පැවති රජය මගින් එම මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී අනුමත කළ ජනතා සහන මහ මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී ලබා දීමට කිසිදු බාධාවක් නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ ඒ අනුව ගොවීන් සඳහා ලබාදීමට නියමිත රුපියල් 25,000ක පොහොර සහනාධාරය, ධීවරයන් සඳහා වූ ඉන්ධන සහනාධාරය සහ විශ්‍රාමිකයන් සඳහා වූ රුපියල් 3,000ක දීමනාව ඇතුළු දීමනා ජනතාව වෙත ලබාදීමට හැකියාවක් පවතින බවත් එම සහන අත්හිටුවනු ලැබුවේ ජනාධිපතිවරණය අවසන් වනතෙක් පමණක් බවයි.

දායාද බෙදා දී රනිල් විශ්‍රාම ගනී.!

දායාද බෙදා දී රනිල් විශ්‍රාම ගනී.!

පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ රැසක් එකතුව ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගියදා (02) සිදුකළ සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇත.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව බිහිවන වන සන්ධානයට තමා නායකත්වය ලබා දුන්නද මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

විපක්ෂය වශයෙන් පුළුල් සන්ධානයක් පිහිටුවීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය විසින් ඒ සඳහා සමගි ජන බලවේගයට ආරාධනා කළ නමුත් සමගි ජන බලවේගය එම ආරාධනය ප්‍රතික්ෂේප කළේය.

ඉන්පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පොදු සන්ධානයක් පිහිටුවා මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කෙරිණි.

හිටපු ප්‍රබලයින් රැසක් මහ මැතිවරණයට තරග නොකරයි.!

හිටපු ප්‍රබලයින් රැසක් මහ මැතිවරණයට තරග නොකරයි.!

හිටපු අමාත්‍ය කාංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහ මැතිවරණයට තරග නොකිරිමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම හිටපු මන්ත්‍රීවරුන් තිදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් පසුගිය 2019 වසරේ පැවති මහ මැතිවරණයට තරග කරමින් පාර්ලිමේන්තුට තේරී පත්විය.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙම මන්ත්‍රීවරුන් තිදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය අතහැර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් හිටපු මන්ත්‍රීවරුන් තිදෙනා 2024 මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළද සක්‍රීය දේශපාලනයේ සිටින බව වාර්තා වේ.

අරගලයට පහරදීමේ සැකකරු දේශබන්දුට ගැලවීමක් නෑ.. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.!

අරගලයට පහරදීමේ සැකකරු දේශබන්දුට ගැලවීමක් නෑ.. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.!

අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු වන එවක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කර අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ඉවත දමන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අභියාචනා පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත.

අභියාචනාධිකරණයේ තීරණය නීතියට පටහැනි බවත් එය ඉවත දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර අනතුරුව එම ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම අභියාචනා පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා පෙබරවාරි මස (21) වනදා කැඳවන ලෙසට නියෝග කළේය.

2022 වසරේ මැයි මස (09) ගාලු මුවදර “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් එවක බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කළ බව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම තුළින් සදහන් කර ඇත.

නීතිපතිවරයාගේ එම තීරණය අභියෝගයට ලක් කරමින් එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ බවත් එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය නීතිපතිවරයාගේ එම තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කළ බවද ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ සදහන් කර ඇත.

හිටපු ඇමතිලා රාජ්‍ය ආයතනවල පුටු, මේස ඇතුළු භාණ්ඩ රැසක් උස්සයි.!

හිටපු ඇමතිලා රාජ්‍ය ආයතනවල පුටු, මේස ඇතුළු භාණ්ඩ රැසක් උස්සයි.!

රාජ්‍ය ආයතන රැසකට අයත් පුටු, මේස, රූපවාහිනි ඇතුළු බඩු භාණ්ඩ රැසක් බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල තිබී සොයාගෙන ඇති බව වාර්තා වේ.

හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලා රජයට භාර ගැනීමට එය බාධාවක් වී ඇති බැවින් එම බඩු භාණ්ඩ අදාල ආයතනවලට බාරදීම අවසන් වන තුරු ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ.

එම බඩු භාණ්ඩ වහාම බාරගන්නා ලෙසට අමාත්‍යාංශය විසින් අද‍ාල ආයතන වලට ලිඛිතව දැනුම් දී ඇති අතර හිටපු අමාත්‍යවරුන්ට ලබාදී තිබූ බංගලා වලින් දහයක් පමණ බාර දී ඇති බවද වාර්තා වේ.

හිටපු බොහෝ අමාත්‍යවරුන්ට රාජ්‍ය ආයතන ගණනාවක් අයිති වී පැවතුණ හෙයින් සිය බංගලා වලට ඒ සෑම ආයතනයකින්ම බඩු භාණ්ඩ ගෙන්වාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

අභියෝග කරන හිටපු මන්ත්‍රීවරුන්ට හිමි තැන ලගදීම ලැබෙයි.. ටිකක් ඉවසන්න.!

අභියෝග කරන හිටපු මන්ත්‍රීවරුන්ට හිමි තැන ලගදීම ලැබෙයි.. ටිකක් ඉවසන්න.!

මේ වනවිට හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායම තමන්ගේ දූෂණ වංචා හෙළි කරන ලෙස ඉල්ලා සිටින බැවින් තමන්ට හිමි තැන ලැබෙන තෙක් ඉවසිල්ලෙන් සිටින ලෙස ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල් කාන්ත සදහන් කරයි.

තමන්ගේ දූෂණ වංචා හෙළි කරන ලෙස ඉල්ලා සිටින හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙතෙක් තිබුණු බාධක ඉවත් කර ඇති බවත් මේ වනවිට රාජ්‍ය යාන්ත්‍රණය ස්වාධීනව ක්‍රියාත්මක වෙමින් ඇති බවද ජාතික විධායක සභික ලාල් කාන්ත සදහන් කරයි.

මේ වනවිට ප්‍රාදේශීය සභා නැති, පළාත් සභා නැති පාර්ලිමේන්තුවක් නැති රට දිවෙන්නේ මහජන නියෝජිතයන් 03 දෙනෙකුගෙන් බවත් ඔවුන් දැනටමත් දූෂණ වංචා විමර්ශන සම්බන්ධ ජාතික ජන බලවේග ආණ්ඩුවේ මූලික වැඩ පිළිවෙළ දියත් කර ඇති බවද සදහන් කරයි.

ජාතික විධායක සභික ලාල් කාන්ත තවදුරටත් සදහන් කළේ,

“රාජ්‍ය ආයතන පද්ධතියටම තිබ්බ බාධා දැන් අපි ඉවත් කරලා තියෙන්නේ. අලුත් බලධාරීන් පත් කරලා තියනවා ඒ හැම කෂේත්‍රයකටම. ඒ නායක මණ්ඩල විසින් මේ කටයුත්ත ඉතාම නිවැරදිව කරනවා. ආරම්භ කරලා තියනවා. අභියෝග කරන අයට ටික දවසකින් ඒ ගොල්ලන්ට හිමි තැන ලැබෙයි.

ලංකාවේ පළවෙනි වතාවට අපි බැලුවොත් මහජන නියෝජිතයො ලංකාවටම ඉන්නේ තුන්දෙනයි. මේක කවද‍ාවක්වත් වෙලා නෑ. දැන් නගර සභා ප්‍රදේශීය සභා නියෝජිතයො නෑ.. පළාත් සභා නියෝජිතයො නෑ.. පාර්ලිමේන්තුවකුත් නෑ.. මහජන නියෝජිතයො තුන් දෙනෙක් තමයි මේ රට කරන්නේ.

තුන් දෙනෙකුට කරන්න පුලුවන් මේ රට තාවකාලිකව ඊලඟ මහ මැතිවරණය ජයග්‍රහණය ලබලා ඇමත්වරු 25ක්, නියෝජ්‍ය ඇමතිවරු 25ක් සහිතව පාලනයක් ගොඩනගන තෙක් මේ රට කළමනාකරණය කරගෙන ඉස්සරහට යන්න.”

මාධ්‍ය හමුවක් අමතමින් ජාතික විධායක සභික ලාල් කාන්ත මේ බව සදහන් කරයි.

යන්න තැනක් නැති දිනේෂ් හිටපු තැනටම.!

යන්න තැනක් නැති දිනේෂ් හිටපු තැනටම.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග කිරීමට තීරණය කර ඇත.

පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ විධායක සභාව ඊයේ (03) දින කොළඹදී රැස්වී දීර්ඝ ලෙස මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමටද තීරණය කර ඇත.

මහජන ආරක්ෂක ලේකම් වැඩ අරඹයි.. සියලු අපරාධ ෆයිල් එළියට.!

මහජන ආරක්ෂක ලේකම් වැඩ අරඹයි.. සියලු අපරාධ ෆයිල් එළියට.!

ආන්දෝලනයට තුඩුදුන් අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය මගින් පවත්වනු ලබන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න ඊයේ (03) දින කටයුතු කළේය.

දැනට සිදු කරගෙන යන විර්මශන මොනවාද, තාවකාලිකව නවත්වා තිබෙන විමර්ශන වේ නම් ඒවා මොනවාද, එසේ නැවතීමට දේශපාලනික හේතු බලපා තිබෙනවාද, අනවශ්‍ය ලෙස ප්‍රමාද වී තිබෙන විර්මශන, අළුතෙන් ආරම්භ කළ යුතු විර්මශන තිබෙනවාද, ඒවා මොනවාද යන්න සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැත්වු අතර එම සාකච්ඡාව සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගි විය.

ධම්මික පෙරේරා දේශපාලනයෙන් සමුගනී.!

ධම්මික පෙරේරා දේශපාලනයෙන් සමුගනී.!

පසුගිය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස තරග කිරීමට සූදානමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා දේශපාලනයෙන් සමු ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමත් සමග ඔහු හිමිකාරීත්වයක් සහිත සමාගම් රැසක තනතුරුවලින් ඉවත් වුවද නැවතත් ඔහු එම ආයතනවල අධ්‍යක්ෂ තනතුරු සදහා පත් කරමින් පවතී.

We are happy to invite you.