No use

පාසල් සිසුවාගේ ඝාතනයට පෙම්වතිය ඇතුළු 7ක් අත්අඩංගුවට.!

පාසල් සිසුවාගේ ඝාතනයට පෙම්වතිය ඇතුළු 7ක් අත්අඩංගුවට.!

මාතලේ මඩවල උල්පත ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් එම්. යුගේස් නමැති 17 හැවිරිදි පාසල් සිසුවෙකු පසුගිය (01) වනදා මිය ගියේය.

මෙම සිසුවා තම මිතුරාගේ පෙම්වතිය යැයි පැවසෙන 16 හැවිරිදි සිසුවිය හමුවීම සදහා ඔහු තවත් මිතුරන් දෙදෙනෙකු සමග යතුරු පැදියකින් එම ප්‍රදේශයට ගොස් ඇති අතර පසුව ඔවුන් නිවස අසල සිය යතුරුපැදිය නැවතීමත් සමග පෙම්වතියගේ සහෝදරියක් විසින් යතුරුපැදියේ යතුර රැගෙන ඇත.

අනතුරුව එහිදී ඇතිවූ බහින්බස්වීම දුරදිග ගොස් ඇතිවූ තත්ත්වයත් සමග දෙමස් ගැබිනියක් වූ සහෝදරිය බිම ඇද වැටීමෙන් කලබල වූ ඇයගේ සැමියා සිසුන් තිදෙනාට පහරදී ඇති අතර පසුව නිවස තුළ සිටි සිසුවියගේ පියා, තවත් සහෝදරියක් සහ ප්‍රදේශවාසීන් දෙදෙනෙකු මෙම ගැටුමට මැදිහත් වී ඇත.

අනතුරුව ඔවුන් පොලුවලින් සහ ආරක්ෂක හිස් වැසුමකින් පහරදීමත් සමග එම සිසුවා බිම ඇද වැටී ඉන් බරපතළ තුවාල ලබා ඇති අතර පසුව මාතලේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

එම සිසුවාගේ අනෙක් මිතුරන් දෙදෙනා රෝහල්ගතව ඇති අතර පහරදීමට අදාළව 16 හැවිරිදි සිසුවිය, ඇයගේ පියා, සහෝදරියන් දෙදෙනා, සහෝදරියකගේ ස්වාමිපුරුෂයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර සිසුවාට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (03) විරෝධතාවක නිරත වූහ.

දිගු නිහඬියාවකින් පසු මාධ්‍ය ඉදිරියට ආ ජනපති කළ කතාව.! [Video]

දිගු නිහඬියාවකින් පසු මාධ්‍ය ඉදිරියට ආ ජනපති කළ කතාව.! [Video]

දිගු නිහඬියාවකින් පසු මාධ්‍ය ඉදිරියේ පෙනී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ (03) කෘෂිකර්ම ඉඩම් පසු සම්පත් වාර්මාර්ග ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කෘෂිකර්ම අමාත්‍යංශයේදී වැඩ භාරගත්තා.

අනතුරුව ජනාධිපතිවරයා අමාත්‍යංශ නිළධාරීන් සමඟ සාකච්ඡාවක නිරතවූ අතර එහිදී ඉදිරි වැඩ පිළිවෙල සම්බන්ධයෙන් නිළධාරීන් වෙත උපදෙස් ලබා දුන්නා.

එහිදී රාජ්‍ය සේවකයන් වශයෙන් ජනතාවට සේවල ලබා දිය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් දුන් ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පෙනීසිටිනා බවට සහතිකයක් ලබා දුන්නා.

එම වීඩියෝ පටය,

දිලිත් ජයවීර විපක්ෂ නායක පුටුවට.?

දිලිත් ජයවීර විපක්ෂ නායක පුටුවට.?

මේ වනවිට ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය වටා විශාල වශයෙන් විපක්ෂ දේශපාල​නඥයින් එකතු වෙමින් සිටිති.

විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, ගෙවිඳු කුමාරතුංග දිලුම් අමුණුගම, රොෂාන් රණසිංහ, ඇතුළු තවත් ප්‍රධාන දේශපාල​නඥයින් පිරිසක් මව්බිම ජනතා පක්ෂයේ සාමාජිකත්වය ලබා සිටිනා අතර අද ඒ සඳහා තවත් චරිත දෙකක් එක් විය.

අද (03) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරියක් වන අතර ඇය මව්බිම ජනතා පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් සහ දැදිගම සංවිධායකවරිය ලෙස පත්කෙරුණි.

මීට අමතරව චමිඳු කුමාරසිංහ මහතා පොළොන්නරුව දිස්ත්‍රික්ක සම්බන්ධීකාරක ලෙසත්, තක්ෂිල ප්‍රේමසිරි මහනුවර, උඩුනුවර සංවිධායකවරයා ලෙසත් පත්කර තිබේ.

සංජීව සුරවීර මහතා මහනුවර, හේවාහැට සංවිධායකවරයා ලෙසත් තක්ෂිලා සෙනෙවිරත්න මහනුවර, යටිනුවර සංවිධායක ලෙසත් තුසිත තිලංක ජයසිංහ මහතා රත්ගම සංවිධායකවරයා ලෙසත් පත්කර ඇත.

රනිල්ගේ වේදිකාවේ කෑ ගැසූ රාජිකා දිලිත් ලගට පනී.!

රනිල්ගේ වේදිකාවේ කෑ ගැසූ රාජිකා දිලිත් ලගට පනී.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික‍්‍රමසිංහ ව්‍යවසායක දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග එක්වී ඇත.

ඒ අනුව හිටපු මන්ත්‍රීනි රාජකා වික්‍රමසිංහ මව්බිම ජනතා පක්ෂයේ කෑගලු දිස්ත්‍රික්ක සහ දැදිගම සංවිධායකවරිය ලෙසට නායක දිලිත් ජයවීර විසින් පත්කර ඇත.

හිටපු මන්ත්‍රීනි රාජකා වික්‍රමසිංහ පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ පක්ෂය අතහැර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට එක්විය.

අයියෝ සිරිසේන… තාත්තා එපා කියා පුතා පනී.!

අයියෝ සිරිසේන… තාත්තා එපා කියා පුතා පනී.!

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන ව්‍යවසායක දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුතු “මව්බිම ජනතා පක්ෂය” සමග කොළඹ පක්ෂ මූලස්ථානයේදී අද (03) දින එක්විය.

ඒ අනුව දිලිත් ජයවීර විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත්‍ දහම් සිරිසේන පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායකවරයා ලෙස පත් කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

කතානායකගේ සමුගැනීමට පාර්ලිමේන්තුවේ සාදයක්.!

කතානායකගේ සමුගැනීමට පාර්ලිමේන්තුවේ සාදයක්.!

පාර්ලිමේන්තු කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය ධුරයෙන් සමුගැනීම හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සාදයක් පැවැත්වීමට මේ වනවිට සූදානම් කරමින් පවතින බව වාර්තා වේ.

එම සාදය පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී එළඹෙන (09) වැනිදා පැවැත්වීමට සංවිධානය කරමින් ඇති අතර පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය සදහා රැස්වීමක් පවත්වා ඔවුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මීට පෙර වසරවලදී කිසිදු කතානායකවරයකු වෙනුවෙන් මෙවැනි උත්සවයක් පවත්වා නැති අතර පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ගේ යෝජනාවක් ලෙස මෙය සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මහින්ද යාපා සමුගැනීම සනිටුහන් කරයි.!

මහින්ද යාපා සමුගැනීම සනිටුහන් කරයි.!

හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (02) ප්‍රධාන පුවත් පතකට ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග නොකරන බවත් දේශපාලනයෙන් සමුගන්නා බවත් ය.

මෙරට දේශපාලනය පිළිබඳව තමාට ඇති දැඩි කලකිරීම හේතුවෙන් එම තීරණය ගත් බවද ඔහු පවසයි.

තමා මේ වනවිට වසර 43ක් දේශපාලනයේ නිරතව සිටිනා බවත් දේශපාලනයෙන් විශ්‍රාම ලබා ඉදිරි ජීවිතය ගතකිරීමට බලාපොරොත්තු වන් බවත් හෙතෙම පවසයි.

ඔහු පවසන්නේ මේ වනතෙක් තමා කිසිම මැතිවරණයකින් පරාජයට පත්වීද නොමැති බවයි.

ලක්ෂ 144ක අයිස් තොගයක් අල්ලයි.!

ලක්ෂ 144ක අයිස් තොගයක් අල්ලයි.!

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත වැලිපැන්න පොලීසිය මගින් සිදු කළ වැටලීමකදී අහුංගල්ලේ සංජීවගේ ගෝලයෙකු විසින් ඇසුරුම් කරමින් සිටි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පවසන්නේ වැලිපැන්න ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ අදාළ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්  900කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් එක්කෝටි 44 ලක්ෂයකට අධික බව පැවසේ.

වැලිපැන්න වළගෙදර ප්‍රදේශයේ පදිංචි ලංකා විදුලි බල මණ්ඩලයට අනුයුක්තව මනු කියවන්නෙකු ලෙස සේවය කළ 29 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් මෙලෙස අත් අත්අඩංගුවට පත්වී ඇත.

පුංචි ඡන්දය පැවැත්වීම ගැන කොමිසමෙන් නිවේදනයක්.!

පුංචි ඡන්දය පැවැත්වීම ගැන කොමිසමෙන් නිවේදනයක්.!

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිවේදනයක් නිකුත් කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර්. එම්. ඒ. එල්. රත්නායකගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

“2023 පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමට අදාළව ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් අයදුම්පත් සම්බන්ධයෙන් 2024.08.22 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිසි ගෞරවයෙන් යුතුව සැලකිල්ලට ගන්නා ලදී.

එසේම 2024 ජුලි මස (26) වන දින ප්‍රකාශයට පත් කරන ලද අති විශෙෂ ගැසට් නිවේදනය අනුව 2024 සැප්තැම්බර් මස (21) වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු ඒ වන විටත් සිදු කෙරෙමින් පැවතීම හේතුවෙන් ජනාධිපතිවරණ ඡන්ද වීමසීම අවසන් වූ වහාම පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම පැවැත්වීමට කොමිෂන් සභාව අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදී.

මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024.08.28 දිනැතිව මාධ්‍ය නිවේදන අංක LAE/2023/57 නිකුත් කොට ඇත.

තවද, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු සංවිධානය කිරීම පිළිබඳව දිස්ත්‍රික් නියෝජ්‍ය/ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමඟ හා රජයේ මුද්‍රණාලය ඇතුළු සෙසු රාජ්‍ය ආයතන සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සඳහා අවම වශයෙන් දින (30- 35) ක් අතර දක්වා වූ කාලයක් අවශ්‍ය වන බැව් නිරීක්ෂණය කරන ලදී.

2024.09.21 දින පැවති ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද වීමසීමෙන් තේරීපත් වූ ජනාධිපතිවරයා විසින් 2024.09.24 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන ලදී.

එබැවින් රටේ ව්‍යවස්ථාදායකයට නියෝජිතයින් තෝරා පත්කර ගැනීමේ කාර්යය සඳහා ප්‍රමුඛත්වය දී ක්‍රියා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදු වී ඇත. එසේම ජනාධිපතිවරණ ඡන්ද විමසීම් කාල සීමාව තුළදී තීරණය කළ පරිදි පාර්ලිමේන්තු මැතිවරණය අතරතුර එනම් 2024.10.26 දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීමට සිදු වී ඇත.

ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සිය කාර්යභාරය මැනවින් වටහාගෙන කටයුතු කරනු ලබන අතර 2024 අගෝස්තු (22) වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුකූල වෙමින් නීතියෙන් නියම කර ඇති මැතිවරණ පැවැත්වීමේ කාර්ය භාරය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වූ වහාම කොමිෂන් සභාව විසින් හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කිරීමට කටයුතු කරනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ.”

කෙහෙළියට අධිකරණයෙන් දුන් නියෝගය.!

කෙහෙළියට අධිකරණයෙන් දුන් නියෝගය.!

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට එරෙහිව ගොනුකළ නඩුව විභාගය සඳහා නොවැම්බර් මස (29) වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (03) නියෝග කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිය පෞද්ගලික ජංගම දුරකථන සඳහා ගෙවිය යුතු රුපියල් 240,000/- කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීමට කටයුතු කළේය.

එම මුදල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්දට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇත.

We are happy to invite you.