No use

මන්ත්‍රීකමක් දෙන්නම් කියා කෝටි 50කට විදලා.. ව්‍යාපාරිකයා පක්ෂ කාර්‍යාලයේ යකා නටලා.!

මන්ත්‍රීකමක් දෙන්නම් කියා කෝටි 50කට විදලා.. ව්‍යාපාරිකයා පක්ෂ කාර්‍යාලයේ යකා නටලා.!

පසුගිය දිනෙක මෙරට නම ගිය කෝටිපති ව්‍යාපාරිකයකු පසුගියදා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කාර්යාලයකට කඩා වැදී එහි කලබල කර ඇතැයි වාර්තා වේ.

ඒ තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන බව පවසා පක්ෂයේ ප්‍රධානියකු කෝටි 50ක මුදලක් ලබාගෙන මන්ත්‍රී ධූරය නොදුන් බැවින් තම මුදල් වහා ආපසු ලබාදෙන ලෙස ඉල්ලමිනි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන බව පවසා කෝටි 50ක මුදල මෙලෙස ලබාගෙන ඇතැයි පැවසෙන්නේ පසුගිය වකවානුවේ මහත් කතාබහට ලක්වූ මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම සිද්ධියෙන් එම කාර්යාලයේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවී ඇති අතර කාර්‍යමණ්ඩලය දැඩි අපහසුතාවකට පත්වූ බව වාර්තා වේ.

කෙසේවෙතත් අදාල ව්‍යාපාරිකයා එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු හෝ ආසන සංවිධායකවරයෙකු හෝ නොවන නමුත් එම පක්ෂ ජාතික ලැයිස්තුවේ සිටි පුද්ගලයෙකි.

ව්‍යාපාරිකයා පක්ෂ කාර්යාලයට පැමිණ මේ සම්බන්ධයෙන් දැඩිව චෝදනා කළ අවස්ථාවේදී එහි සිටි නිලධාරීන් ” ඔය ගැන අපි මොකුත් දන්නෙ නෑ. ඕක ඔබතුමා ඒ සල්ලි ගත්තු අයගෙන්ම බේර ගත්තොත් තමයි හොඳ ” යනුවෙන් පවසා ඇතැයි ආරංචි මාර්ග පවසයි.

අනතුරුව ව්‍යාපාරිකයා ” මම ඕක බේරගන්නම්කෝ” යනුවෙන් පවසා එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. ව්‍යාපාරිකයා මෙම චෝදනාව එල්ල කරන්නේ එම පක්ෂයට බොහොම ළඟින් ක්‍රියාකාරීව සම්බන්ධව සිටින තවත් ධනපති ව්‍යාපාරිකයකුට බව සඳහන් කළේය.

ව්‍යාපාරිකයාගේ මෙම කරුණු අනාවරණයත් සමඟ එම පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්වයක් මතුව එහි ආරංචි මාර්ග ඇතැයි වාර්තා වේ.

News Source – Lankadeepa

පස්සර මාරක බස් අනතුරක්.!

පස්සර මාරක බස් අනතුරක්.!

අද (11) උදෑසන 6:30ට පමණ, කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 15 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී ඇත.

මෙම අනතුර රියදුරුට නින්දයෑම හේතුවෙන් සිදුව ඇති බවට පොලීසිය සැක පලකරනා අතර බස් රථය මාර්ගයෙන් ඉවතට පැන, එහි ඉදිරිපස කොටස ප්‍රපාතයකට ලිස්සා ගොස් නතරවී ඇත.

අනතුරෙන් තුවාල ලැබූ මගීන් 13 දෙනෙකු පස්සර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

පොලීසිය විසින් මෙම අනතුර පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.


තරුණයන්ගේ හීන මරා.. කූඨ මහල්ලන් අත් ට්‍රැක්ටර් මිලට ඩිෆෙන්ඩර් පැදලා.!

තරුණයන්ගේ හීන මරා.. කූඨ මහල්ලන් අත් ට්‍රැක්ටර් මිලට ඩිෆෙන්ඩර් පැදලා.!

ඊයේ (10) වලාන මාධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් කඩවත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු නාගරික මන්ත්‍රීවරයකුගේ පියෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද ජීප් රථයක් අන්ත්‍රැක්ටරයක ලියාපදිංචි අංකයකින් ලියාපදිංචි කර භාවිත කළ අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් ජීප් රථය මුල් ලියාපදිංචියේ සිටි වසර 20 කට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර නොමැතිව ධාවනය කර ඇති බවත් රජයට හිමිවිය යුතු බදු මුදල් කෝටි ගණනින් වංචා කර ඇති බවද අනාවරණය වී ඇත.

එමෙන්ම අත්අඩංගුවට පත් සැකකරුගේ සහෝදරයා විසින් මීට පෙර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් වාහන 404 කට අදාල කුඨ ලේඛන සන්තකයේ තබාගෙන සිටීම සම්බන්දයෙන් අත්අඩංගුවට පත් පුද්ගලයෙකු බව පැවසේ

සියළු උත්සාහයන් අසාර්ථකයි.. ජල කාන්දුව නොනවතී.. ජනතාව කඩිනමින් ඉවතට.!

සියළු උත්සාහයන් අසාර්ථකයි.. ජල කාන්දුව නොනවතී.. ජනතාව කඩිනමින් ඉවතට.!

ගලෙන්බිඳුණුවැව අලුත් දිවුල්වැව ජලාශයේ දකුණු සොරොව්ව වෙත ගමන් කිරීමට සකසා ඇති පස් බැම්මේ ජල කාන්දුව ඇති බව ඊයේ පෙරවරුවේ හඳුනාගෙන තිබූ අතර පසුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යුද හමුදාව, පොලීසිය හා ගම්වාසීන්ගේද සහාය ඇතිව ජල කාන්දුව වසාදැමීමට දැඩි උත්සාහයක නිරත වුණි. 

ඒ අනුව ඊයේ පස්වරුව වන විට වැලි කොට්ට යොදමින් පස් බැම්මේ ජලය කාන්දුවෙන ස්ථානය වසා දැමීමට හැකියාව ලැබුණද එහි අවධානම දෙගුණ කරමින් වැව් බැම්මේ බිඳීගිය ස්ථානයේ ජල කාන්දුව මේ වනවිට යළි ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

ජලාශයේ සොරොව්ව පිහිටි ස්ථානය අඩි 27ක පමණ ගැඹුරින් යුතු වීම හේතුවෙන් එම ස්ථානයේ ජල පීඩනයද ඉතා ඉහළ මට්ටමක පවතින බවත් එම නිසා වැව් බැම්ම කැඩී යෑමට ඇති අවදානම ද තවදුරටත් ඉහළ ගොස් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ යම් හෙයකින් වැව් බැම්ම කැඩී ගියහොත් ගම්මාන රැසකටම බලපෑම් එල්ලවිය හැකි බැවින් මේ වනවිටත් ගම්මානයේ පවුල් 30ක් සිය නිවාසවලින් ඉවත්කර ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බවයි.

ජාත්‍යන්තර අපකීර්තිය පත් මහලේකම්ගේ සේවය අත්හිටුවයි.!

ජාත්‍යන්තර අපකීර්තිය පත් මහලේකම්ගේ සේවය අත්හිටුවයි.!

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් මූලික කරගනිමින්, සිය ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ නියෝගයට අනුව ඔහු සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුගේ ධුරය අත්හිටුවීමට මෙලෙස කටයුතු කර තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා ඇතුළු නිලධාරීන්ට දිගින් දිගටම එල්ල වූ චෝදනා වූයේ, කාලයක සිට මානව සහ භෞතික සම්පත් අවභාවිත කරමින් ඔලිම්පික් කමිටුවේ අරමුදල් අනිසි ලෙස වැයකරන බවයි.

ඒ අනුව මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජාතික ඔලිම්පික් කමිටුවට දන්වා තිබූ අතර එසේ නොකළහොත් ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් ඔවුන් අදාළ ලිපිය මගින් අවවාද කර තිබුණි. 

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය කළ විමර්ශන වාර්තාවක් පදනම් කරගනිමින්, ජාතික ඔලිම්පික් කමිටු ලේකම් තහනමකට ලක්කර අභ්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවට ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාරධර්ම කමිටුව ද නිර්දේශ කළ නමුත් ඊට නිසි ප්‍රතිචාරයක් දැක්වීමට ජාතික ඔලිම්පික් කමිටුව අපොහොසත් වීමෙන් පසුගිය නොවැම්බර් 5 වැනිදා ජාත්‍යන්තර මෙරට ඔලිම්පික් කමිටුවට ලබාදෙන සියලු මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට පියවර ගත්තේය.

තට්ටු 12කින් ඇද වැටී 16 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට.. මරණය ගැන සැකයක්.!

තට්ටු 12කින් ඇද වැටී 16 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට.. මරණය ගැන සැකයක්.!

ඊයේ (10) රාත්‍රියේ බොරැල්ලේ පිහිටි මහල් 24කින් යුත් මහල් නිවාස සංකීර්ණයක 12වන මහලෙන් ඇද වැටී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 16ක දැරියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙම අනතුරෙන් බරපතළ තත්ත්වයෙන් පසුවූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වාර්තා වේ.

එලෙස මියගිය දැරිය බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, කලක සිට මානසික ආතතිය මත වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිට ඇතිබව ඇගේ මව විසින් ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් පොලිසිය විසින් දැරිය එම මහලේ බැල්කනියෙන් බිමට පැන ඇතිද, නැතහොත් වැටී ඇතිද යන්න පිළිබඳව විමර්ශන සිදුකරමින් සිටින අතර, මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක කර ඇත.

පාර්ලිමේන්තුවේ අනංගයින් තුනක් ගෙදර යවයි.!

පාර්ලිමේන්තුවේ අනංගයින් තුනක් ගෙදර යවයි.!

පාර්ලිමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිදෙනකු සේවයෙන් පහ කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ නිර්දේශ අනුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මෙම තීරණය ගෙන ඇත.

මෙම ලිංගික අතවර සිද්ධිය පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේදී සිදුවී ඇතැයි පැවසෙන අතර එම සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන් 15 දෙනෙකුගෙන් කමිටුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අමුමිරිස් නහුතෙට නගී.!

අමුමිරිස් නහුතෙට නගී.!

මේ වනවිට අමුමිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ සදහන් කරයි.

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 750ත් 850ත් සදහන් විය.

නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් පසුගියදා රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් තිබුණේය.

මේ අතර රට පුරා එළවළු සිල්ලර වෙළඳසල් බොහොමයක අමුමිරිස් ග්‍රෑම් සීයක් රුපියල් 120ත් රුපියල් 150ත් අතර මිලකට ඉහළ ගොස් තිබුණේය.

ඒ අනුව සාමාන්‍ය ජනතාවට අමු මිරිස් කිලෝ එකක් ගන්නා විට රුපියල් 1200ත් 1500ත් අතර මිලක් ගෙවීමට සිදුවෙන බව පාරිභෝගිකයෝ සදහන් කරයි.

පොලීසියට වෙට්ටු දැම්මොත් දඩය 30,000යි.!

පොලීසියට වෙට්ටු දැම්මොත් දඩය 30,000යි.!

පොලිස් සංඥා නොතකමින් රියදුරු බලපත්‍රයක් නොමැතිව පොලිසියට වෙට්ටු දැමූ බාලවයස්කාර පැදිකරුට රුපියල් 30,000ක දඩ මුදලක් නියම කළ කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් එම බාලවයස්කරුට යතුරු පැදිය ලබා දෙමින් අනුබල දුන් මවට කඩිනමින් නඩු පවරන ලෙසට නියම කර ඇත.

කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචිකාර බාලවයස්කරුවකුට එලෙස දඩ නියම කළ අතර එහිදී නඩුව කැඳවූ මුල් අවස්ථාවේ සැකකරුගේ වයස විමසූ මහෙස්ත්‍රාත්වරයා නඩුව පසුවට ගෙන සැකකාර බාලවයස්කාර රියැදුරා පරිවාස නිලධාරී වෙත යොමුකොට නැවත කැඳවන ලෙසටද නියම කළේය.

අනතුරුව එම බාලවයස්කාර සිසුවාගේ මවද අධිකරණය ඉදිරියට කැඳවා බලපත්‍රයක් නොමැති බාලවයස්කරුවකුට යතුරු පැදිය ලබාදීම සම්බන්ධව තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා රථවාහන නිලධාරීන් අමතා බලපත්‍ර නොමැති අයකුට රථ වාහන ලබාදීම සම්බන්ධව නඩු පවරන ලෙසට නියම කර ඇත.

පාස්කු ප්‍රහාර අල්කයිඩා හා I.S.I.S පුහුණුව ලැබූ අයෙක් රිමාන්ඩ්.!

පාස්කු ප්‍රහාර අල්කයිඩා හා I.S.I.S පුහුණුව ලැබූ අයෙක් රිමාන්ඩ්.!

මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශන වලදී පුද්ගලයන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව අත්අඩංගුවට ගත් අල්කයිඩා හා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත පුහුණුව ලැබූ සැකකාර පුද්ගලයකු නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර ඇත.

සිරියාව ඇතුළු විදෙස් රටවල් කිහිපයක ක්‍රියාත්මක අල්කයිඩා හා අයි.එස්.අයි.එස්. වැනි ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධව පුහුණුව ලබා මෙරටට පැමිණ ඇති බව කියන පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නිලාබ්දින් මොහොමඩ් රිස්වාන් නමැත්තකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකාර පුද්ගලයා අධිකරණ නියෝග මත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය හමුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණි.

අන්තවාදී, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට අනුබල ලබාදීමේ චෝදනාව යටතේ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද සැකකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කළ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බවත් ඒ අනුව ඒ පුද්ගලයන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව සැකකාර පුද්ගලයා පිළිබඳව තොරතුරු හෙළි කරගෙන අත්අඩංගුවට ගත් බවද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ සදහන් කරයි.

We are happy to invite you.