Out of the box (Sinhala)

බහුතරය අහිමිනම් සභාපති පත්වෙන්නේ මෙහෙමයි.!

බහුතරය අහිමිනම් සභාපති පත්වෙන්නේ මෙහෙමයි.!

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසන්නේ එක් දේශපාලන පක්ෂයකට පළාත් පාලන ආයතනයක 50%ට වඩා බලය හිමි නැති අවස්ථාවලදී සභිකයන්ගේ ඡන්දයකින් නගරාධිපති හෝ සභාපතිවරයා තෝරාපත් කරගත හැකි බවයි.

පළාත් පාලන කොමසාරිස්වරයා විසින් කැඳවනු ලබන පළමු රැස්වීමේදී මෙම පත්කිරීම් සිදුවන්නේ යැයි ද එසේ පළාත් පාලන ඡන්දයෙන් 50%ට වඩා බලය හිමි නොවූ ආයතනවලට බහුතර සභිකයන්ගේ කැමැත්තෙන් වුව නගරාධිපති හෝ සභාපති පත්කරගත හැකි බව ඔහු සඳහන් කළේ ය.

පළාත් පාලන ඡන්දයේදී 50%ට වඩා සභිකයන් හිමි කරගත් දේශපාලන පක්ෂවලට අදාළ පළාත් පාලන ආයතනයේ සභාපති හෝ නගරාධිපති ධුරයට කෙනෙකු පත්කිරීමට එම පක්ෂවල ලේකම්වරයාට අයිතිය ඇතැයි ද ඔහු අවධාරණය කළේ ය.

බහුතර බලය හිමි නැති අවස්ථාවකදී පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කෙරෙන අදාළ ඡන්ද විමසීමේදී ධුරය සඳහා කීප දෙනෙකු ඉදිරිපත් වුවහොත් හා ඡන්ද සම අවස්ථාවක් උද්ගත වුවහොත් කුසපත් ඇදීමේ ක්‍රමය පවා භාවිත කරන්නේ යැයි අධ්‍යක්ෂකවරයා කීවේය.

ඔහු එම කරුණ මෙසේ පැහැදිලි කළේ ය.

“නිදසුනකට ජාතික ජන බලවේගයට බහුතරය තියෙනවා නම් කිසි අවුලක් නෑ. ජාජබ ලේකම්ගෙන් අහලා සභාපතිගේ නම ගැසට් කරනවා. බහුතරය දිනුවාට මේ මැතිවරණ ක්‍රමය අනුව සභාපති ධූරය තියෙන්නේ වැට උඩ. පළාත් පාලන ආයතනයේ පළමු රැස්වීම පවත්වන්නේ පළාත් පාලන කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන්.

ඔහුගේ බලය අභිනියෝජනය කරන්න බෑ. එනිසා ඔහු ඊට සහභාගී විය යුතුමයි. එතැනදී සභාපති සඳහා නාමයෝජනා දෙනවා. යෝජනා ස්ථිර කරනවා. එක්කෙනෙක් නම් පැහැදිලියි. දෙන්නෙක් ඉල්ලලා ඡන්ද සම වුණොත් කුසපත් අදිනවා. ඊට පස්සේ 3ක් ඉල්ලනවා කියල හිතමු. එක්කෙනෙක්ට ඡන්ද 10ක් තව කෙනෙක්ට ඡන්ද 5ක් හා තව කෙනෙක්ට 5ක්. එතැනදි 10 ගත්ත කෙනා පැත්තකින් තියලා පහ පහ ගත්ත අය අතරේ කුසපත් අදිනවා.

එයින් තේරෙන කෙනා හා 10 ගත්ත කෙනා අතර නැවත වරක් ඡන්දයක් විමසනවා. එතැනදිත් සමාන වුණොත් කුසපත් අදිනවා. හැම වෙලේ ම කෙනෙක් හලමින් ඉදිරියට ගිහින් තමයි බහුතරය ගත්ත කෙනා හොයන්නේ. මේ ඡන්ද ප්‍රතිඵලයේ ප්‍රක්ෂේපණය අනුව පළාත් පාලන කොමසාරිස්වරු වඩාත් කාර්යබහුල වෙන්නත් ඉඩ තියෙනවා. පළමු රැස්වීමේදී කරන්නේ සභාපති හා උප සභාපති තෝරන එක විතරයි.”

වතිකානුවේ අහස කළු දුමාරයකින් වැසෙයි.!

වතිකානුවේ අහස කළු දුමාරයකින් වැසෙයි.!

නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු වතිකානුවේදී ඊයේ ආරම්භ විය.

නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීම ඊයේ (07) ආරම්භ වු නමුත් එහිදී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි ඇති බව සංකේතාත්මකව දැනුම්දී ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවට රැස්වු ලොවපුරා සිටින කාදිනල්හිමිවරු එහි පැවති දිව්‍ය පුජාවෙන් අනතුරුව ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කළ බවයි.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව එම ධුරය සඳහා නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම මෙලෙස සිදුකෙරෙන අතර ඒ සඳහා කාදිනල්හිමිවරුන් 133 දෙනෙකු සුදුසුකම් ලබා සිටී.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම්කවුළුවේ චිමිනියෙන් කළු දුමාරයක් නිකුත් වී ඇති අතර එමඟින් සංකේතවත් වන්නේ ඊයේ දිනයේ දී නව පාප්වරයෙකු තේරී පත් වී නොමැති බවය.

ඒ අනුව අද (08) දිනයේ දී යළි ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

කොළඹ පුරපති තැන රුවේස් හනීෆාට.?

කොළඹ පුරපති තැන රුවේස් හනීෆාට.?

අද (07) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ විපක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ එක්ව කොළඹ මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයෙක් පත්කර ගන්නා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජබ මහ ලේකම්වරයා,

“මේ මැතිවරණයේදී විපක්ෂයේ සියලු පක්ෂ තමන්ගේ ඡන්ද ප්‍රතිශතය වැඩිකරගෙන තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවට මහ මැතිවරණයේ තිබුණු ජනවරම මේකෙදි අහෝසි කරලා තියෙනවා. ඒ කියන්නේ විපක්ෂය ලැබූ ජයග්‍රහණයක්. මාස 05කින් මේ රටට එපා වුණ ආණ්ඩුවක් විදිහට තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව අපි දකින්නේ. අපි පැහැදිලිව ආණ්ඩුවට පෙන්නවා ඉදිරියේදී මේ පළාත් පාලන ආයතන පිහිටුවද්දි විපක්ෂයේ කාණ්ඩයන් සියල්ල එක්තුකරලා පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක් අපි පිහිටුවන්න යනවා”

මේ අතර සජබ කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂකයා ආචාර්ය, රුවේස් හනීෆා මහතා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පුරපති ධුරය සඳහා ආචාර්ය, රුවේස් හනීෆා මහතා තෝරා ගැනීමට විපක්ෂයේ අනෙකුත් පක්ෂවල සහාය ලබාගැනීමට සජබ සාකච්ඡා කරමින් පවතින බවද වාර්තා වෙයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ම ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුවද, කොළඹ මහනගර සභාව, කොළොන්නාව සහ සීතාවකපුර නගර සභා මෙන්ම සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමිකර ගැනීමට ඔවුන්ට නොහැකි විය.

කොළඹ මහනගර සභාව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රී ධුර 48ක් තේරී පත්විය.

නමුත් සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ස්වාධීන කණ්ඩායම් 3 සහ සර්වජන බලය යන පක්ෂ අතර බෙදී ගිය මන්ත්‍රී ධුර සංඛ්‍යාව 69කි.

ජනපතිට මඩ ගැසූ හල්ඔලුවට කැඳවීමක්.!

ජනපතිට මඩ ගැසූ හල්ඔලුවට කැඳවීමක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් තුසිත හල්ඔළුව නැමති පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය දූෂණ චෝදනාවක් සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව, එම ප්‍රකාශය මඟින් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටළු උද්ගත වන ආකාරයේ ප්‍රකාශයක් සිදු වී ඇති බැවින් එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සඳහා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(6) වගන්තිය ප්‍රකාරව වූ දැන්වීමක් යොමු කරමින් මාධ්‍ය ඔස්සේ එම ප්‍රකාශය කරන ලද තුසිත හල්ඔළුව ලබන 07 වනදා උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

ඉතිහාසයේ ලොකුම අපහාස වන්දිය ජනපති අනුරට.!

ඉතිහාසයේ ලොකුම අපහාස වන්දිය ජනපති අනුරට.!

ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ විශාල මුදල් ආයෝජනයක් කර ඇති බවට ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව විසින් පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිට පැමිණිල්ලක් ලැබී තිබේ.

මෙම අසත්‍ය චෝදනාවට එරෙහිව ජනාධිපතිවරයා වෙනුවෙන් නීතීඥ අකලංක උක්වත්ත ඇතුළු පිරිසක් විසින් එම පැමිණිල්ල ගොනුකර ඇත.

ඒ අනුව ඉදිරියේදී තුසිත හල්ඔලුව මහතාට එම චෝදනා අධිකරණය ඉදිරියේදී ඔප්පු කිරීමට සිදුවනු ඇත.

ප්‍රවීන නීතීඥවරු, සමාජ ක්‍රියාකාරීන් මෙන්ම දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ අදාළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කිරීමට නොහැකි වුවහොත් හල්ඔලුව මහතාට නිසැක වශයෙන්ම කීර්තිනාමය හානි කිරීමකට වන්දි ගෙවීම් වශයෙන් වන ඉතිහාසයේ වැඩිම මුදල ගෙවීමට හෝ ඒ වෙනුවෙන් සිර දඬුවම් විඳීමට සිදුවනු ඇති බවයි.

රටක පළමු පුරවැසියා ලෙස සැලකෙන ජනපතිවරයාගේ කීර්ති නාමය සඳහා වන මූල්‍යමය වටිනාකම මෙතෙක් ගණනය කර නැති නමුත් එය නිසකවම රුපියල් බිලියන ගණනක් විය හැක.

ලංකාවේ වාර්තාගත ඉහළම අපහාස වන්දි ඉල්ලුම (defamation damages claim) ලෙස හැඳින්විය හැක්කේ 2007දී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටි අවධියේ සන්ඩේ ලීඩර් පත්තරයට එරෙහිව ඉල්ලූ රුපියල් බිලියනයක වන්දි මුදලයි.

අනුරගේ අසුන අරුණට බාර වෙයි.!

අනුරගේ අසුන අරුණට බාර වෙයි.!

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

ඒ අනුව සේනාධිනායක ලෙස ජනපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පත්කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සඳහා මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර ඇත.

ඒ අනුව මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද, ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු , විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද පත් කර තිබේ.

ජනපති අනුරට එරෙහි දූෂණ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක්.!

ජනපති අනුරට එරෙහි දූෂණ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක්.!

ජනාධිපති අනුර දිසානායක ග්‍රීසියේ විශාල මුදල් ආයෝජනයක් කර ඇති බවට ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව විසින් පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

මෙම අසත්‍ය චෝදනාවට එරෙහිව ජනාධිපතිවරයා වෙනුවෙන් නීතීඥ අකලංක උක්වත්ත විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇති බව වාර්තා වේ.

තුසිත හල්ලොලුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමයේ සිට අමාත්‍යවරුන් රැසකගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ අයෙකු වන අතර මංගල සමරවීර මහතා මුදල් අමාත්‍ය ධුරයේ සිටියදී ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙනුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ඔහුගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කළ අයෙකි.

එසේම තුසිත හල්ලොලුව කලක් ජනතා විමුක්ති පෙරමුණ සමග ද සමීපව කටයුතු කළ අයෙකු බවද පැවසේ.

කෙසේවෙතත් තුසිත හල්ඔලුව ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් දේපොළ කිහිපයක් අනිසි ලෙස භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයකට ඉදිරිපත්කිරීමෙන් පසු මේ වනවිට ඇප ලබා සිටී.

ඔහුට එරෙහිව විදේශගත වීම වළක්වන නියෝගයක් ද නිකුත්කර ඇත.

රනිල් පිල්ලයාන්ට ඇමතුමක් ගත් හේතුව හෙළිවෙයි.!

රනිල් පිල්ලයාන්ට ඇමතුමක් ගත් හේතුව හෙළිවෙයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය පවසන්නේ අත්අඩංගුවේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට දුරකතන ඇමතුමක් ලබාදීමට උත්සාහ කළේ ඔහුට එල්ල වී ඇති චෝදනා දැන ගැනීමට බවයි. .

හිටපු ජනාධිපතිවරයා විසින් එම ඇමැතුම ලබා ගැනීමේදී නියමිත ක්‍රමවේදය අනුගමනය කර ඇතැයි ද රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පිල්ලෙයාන් අත්අඩංගුවටගෙන ඇති බවට ඔහුගේ කාර්යාලය රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබුණ ද හිටපු මන්ත්‍රිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව ඔවුන් නොදැන සිටි බව ත් එම තොරතුරු ලබා ගැනීමට චන්ද්‍රකාන්තන්ගේ පාර්ශ්වය හිටපු ජනාධිපතිවරයාගේ සහාය ඉල්ලා තිබූ බව ත් එම කාර්යාලය පවසයි.

පිල්ලෙයාන්ගේ ආරක්ෂක අංශය රහස් පොලිසියේ සී.අයි. මාධ්‍ය හරහා අදාළ සම්බන්ධතාව ඇතිකර ගත හැකි බවට දැනුම් දුන් බව ත් ඒ අනුව ඔහු සමග කතා කිරීමට සුදුසු නිලධාරියාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටින ලෙසට රනිල් වික්‍රමසිංහ තම ආරක්ෂක නිලධාරියාට දැනුම් දුන් බව ත් හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පොලිසියට දුරකතන ඇමතුමක් ලබාගැනීමට අවශ්‍ය වූ විට එය පොලිස් ආරක්ෂක තොරතුරු අංශය හරහා සිදුකිරීම සිරිත බවත්, අත්අඩංගුවේ සිටින පුද්ගලයෙකුට කතා කිරීමට අවශ්‍ය වූ විට එම දුරකතන ඇමතුමට අවසර ලැබේද නැද්ද යන්න තහවුරු කර ගැනීම පළමුව සිදුකරන බව ත් එම කාර්යාලය කියයි.

මේ අවස්ථාවේද රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක අංශය අදාළ රහස් පොලිස් නිලධාරියාට කතා කළ බව ත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවට දැනුම් දුන් බව ත් හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය කියයි.

සී.අයි.ඩී. අධ්‍යක්ෂවරයා අඛණ්ඩ විමර්ශනයක් හේතුවෙන් දුරකතන ඇමැතුම සම්බන්ධ කිරීමට නොහැකි යැයි අදාළ නිලධාරියා නැවත ඇමතුමක් ගෙන රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක අංශයට දැනුම් දුන් බවද එම කාර්යාලය සඳහන් කරයි.

පිල්ලෙයාන්ට දුරකතන ඇමැතුමක් ලබා දීමට ගත් උත්සාහය හේතුවෙන් රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිසිය නිකුත් කරන ලද නිවේදනයක සටහන් කර ඇතැයි ද හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය පවසයි.

ආරක්ෂක නිලධාරියා මාරු කරන්නේ නම් එය කල් ඇතිව අදාළ ප්‍රභූවරයාට දැනුම් දීම ක්‍රමවේදය හා සිරිත බව ද එම කාර්යාලය කියයි.

සබරේ ශිෂ්‍ය පාතාලයට වැඩ වරදියි.!

සබරේ ශිෂ්‍ය පාතාලයට වැඩ වරදියි.!

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන් හදිසියේ මියයෑම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටින බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ සිදුවීම පිළිබඳව සිය සම්මේලනය බලවත් කම්පනයට පත්වී සිටින බවය.

මෙම ඛේදජනක සිදුවීම නවකවධ ක්‍රියාවලියකට සම්බන්ධ බවට චෝදනා මතුවෙමින් ඇති බවද විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල විවිධාකාරයේ අර්ථකථන පැතිර යන අතර, බොහෝ දෙනා චෝදනා කරන්නේ මෙම සිසුවාට නේවාසිකාගාරයේදී සිදු වූ නවකවද සිදුවීමක් හේතුවෙන් දැඩි මානසික කම්පනයට පත්ව සියදිවි නසා ගත් බවයි.

සමාජ මාධ්‍යවල පළ වූ එක් සටහනක සඳහන් වූයේ, “ශෝටක් ගහගෙන වැසිකිළියට ගිය හේතුවට 25ක පමණ ජ්‍යෙෂ්ඨ සිසුන් සමූහයක් පැමිණ, ඔවුන්ගෙන් 10ක පමණ පිරිසක් සියදිවි නසාගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවාව නිරුවත් කරලා රැග් කරලා තියෙනවා” යනුවෙනි.

තවත් සටහනක මෙසේ සඳහන් විය: “සබරගමුව කැම්පස් එකේ නේවාසිකාගාරයේදී වැසිකිළියට ශෝටක් ඇඳගෙන ගියා කියලා හැමෝම ඉස්සරහා නිරුවත් කරවලා නවක වදය දීලා තියනවා. ඒ ලැජ්ජාවට තමයි මෙහෙම දෙයක් කරගෙන තියෙන්නෙ. මේ ගැන කැම්පස් එකේ කිසිම කෙනෙක් දැනට කතා කරන්නෙ නෑ. මේ සිද්දිය යට ගහන්න හදන්නෙ හැමෝම.”

මෙම සටහන් මඟින් පෙන්නුම් කරන්නේ චරිත් නේවාසිකාගාරයේදී කොට කලිසමක් හැඳ සිටීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් සියලු දෙනා ඉදිරිපිට නිරුවත් කිරීමට ලක් කර ඇති බවයි. මෙම සිදුවීම හේතුවෙන් දැඩි මානසික පීඩනයට පත් වූ චරිත් සිය නිවසට ගොස් දින කිහිපයකට පසු සියදිවි නසා ගත් බවට ඔහුගේ මාපියන් සහ නෑ හිතවතුන් චෝදනා කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ, මෙම සිසුවාගේ හදිසි මරණය සඳහා හේතු වූයේ නවක වදය ලබා දීම ද යන්න පිළිබඳව සහ එසේ නවක වදය ලබා දුන්නේ නම් එම පුද්ගලයන් ද හඳුනා ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව ය.

නවකවදය යනු අපරාධමය වරදක් බැවින් යම්කිසි තැනැත්තෙකු නවක වදය ලබා දීම සඳහා සහභාගී තිබේ නම් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නිතිය ක්‍රියාත්මක කරන බව ත් අදාළ පුද්ගලයන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බව ත් ඔහු පැවසීය.

මෝදර මැරයෝ 5ක් එකට තබා පෝරකයට.!

මෝදර මැරයෝ 5ක් එකට තබා පෝරකයට.!

අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් 2012 වසරේ කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසල දී තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනයද දෙදෙනකුට ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම්ද නියම කළේය.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ විත්තිකරුවන් දෙදෙනා එම වරද සිදු කරන අවස්ථාවේදී වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ව සිට ඇති බැවින් ඔවුන්ට එම දඬුවම නියම කළ බව විනිසුරුවරයා සඳහන් කළේය.

2012 වසරේ සැප්තැම්බර් මස 26 වනදා මට්ටක්කුලිය තොටුපොළ පාරේ කෝවිලක් අසල දෙපිරිසක් අතර වූ ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් 21ක් හැවිරිදි අවිවාහක තරුණයෙකුව විකට් පොලුවලින් සහ පොලුවලින් පහරදී මරා දැමීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩුව ගොනුකර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල ඔප්පු කර ඇති බවය.

ඒ අනුව විත්තිකරුවන් චෝදනා තුනකට වරදකරුවන් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

මෙලෙස මරණ දඬුවම නියම වූ එක් විත්තිකරුවකු සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ විත්තිකරුවකු පිය පුතුන් බවද සඳහන්.

එමෙන්ම මෙම නඩුවේ චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් දෙදෙනෙකු නඩු විභාගය අතරතුරදි මියගොස් තිබුණි.