Out of the box (Sinhala)

ඉන්දියාවෙන් පාකිස්තානයට සුපිරි හදවතක්.!

ඉන්දියාවෙන් පාකිස්තානයට සුපිරි හදවතක්.!

වයස 69ක් වූ මියගිය ඉන්දියානු ජාතික පුද්ගලයෙකුගේ හෘදයක් පාකිස්ථාන ජාතික තරුණියකට බද්ධ කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දියාවේ චෙන්නායි නුවර MGM Healthcare රෝහලේ දී මෙම හදවත් බද්ධ සැත්කම සිදුකර ඇති අතර ඉන්දීය රුපියල් ලක්ෂ 35 කට වැඩි මුදලක් වැයවන මෙම සැත්කම වෛද්‍යවරුන් සහ මූල්‍ය පදනමක් එක්ව නොමිලේ සිදුකර ඇති බව සඳහන්.

හෘද පොම්ප කපාටයක කාන්දුවක් සහිතව ජීවත් වූ 19 හැවිරිදි අයේෂා රෂාන් නැමැති මෙම පාකිස්තනු තරුණිය ජීවත් කිරීමට නම් සම්පූර්ණ හදවතක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබූ පසුබිමක මෙලෙස මොළය මියගිය ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් ඇයට බද්ධ කර ඇත.

සැත්කම සාර්ථක බවත් එම තරුණිය මේ වනවිට ක්‍රමයෙන් සුවය ලබමින් සිටිනා බව බවයි ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර ඇත.

Loading

තමන්ගෙ දඩය මහින්දගෙන් ගෙවාගෙන අතටත් මිලියන 900ක් ගන්න හදන මෛත්‍රී.!

තමන්ගෙ දඩය මහින්දගෙන් ගෙවාගෙන අතටත් මිලියන 900ක් ගන්න හදන මෛත්‍රී.!

ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් තම කීර්ති නාමයට සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අමාත්‍ය මහින්ද අමරවීර වෙත එන්තරවාසියක් යව ඇති බව වාර්තා වේ.

ඉන් විස්තරාත්මකව දන්වා ඇත්තේ සඳහන් කරුණු හරහා සිදුවූ අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක මුදලක් දින 14ක් තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ගෙවන ලෙසත් එසේත් නොවේනම් ඒ සඳහා නීත්‍යානුකූලව කටයුතු කරනා බවත්‍ ය.

මෙය වාර්තා වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මිලියන 100ක වන්දියක් පාස්කු වින්දිතයන් වෙත ගෙවීම සඳහා අධිකරණය විසින් සිරිසේන හිටපු ජනාධිපති වරයාට නියෝග කර ඇති පසුබිමක වීම සුවිශේෂී කරුණකි.

Loading

අත නැති පුද්ගලයින් ශ්‍රීලනිපයේ පුටුවට දගලයි.!

අත නැති පුද්ගලයින් ශ්‍රීලනිපයේ පුටුවට දගලයි.!

ජීවතේට අත ලකුණින් තරඟ කර නැති පුද්ගලයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙන අතරවාරයේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සදහන් කරයි.

අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ, මේ කතාව හරියන අයට තොප්පිය දාගන්න පුළුවන් බවත් තමන් අත ලකුණින් තරඟ කර පැමිණි පුද්ගලයෙක් බවයි.

Loading

නිදහස් පක්ෂයේ ආරවුල ගැන තීරණයක්.!

නිදහස් පක්ෂයේ ආරවුල ගැන තීරණයක්.!

මේ වනවිට නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසදා ගැනීමට අද (25) දින පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල සදහන් කරයි.

නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ ආසන  සංවිධායකවරු මේ සඳහා සහභාගි වනු ඇතැයි ද නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල සදහන් කරයි.

Loading

මෙරට කැලෑ රිලවුන්ට පවුල් සෞඛ්‍ය සැලසුම් හඳුන්වාදීමේ සැලැස්මක්.!

මෙරට කැලෑ රිලවුන්ට පවුල් සෞඛ්‍ය සැලසුම් හඳුන්වාදීමේ සැලැස්මක්.!

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ වගා ගොවිතැන් ක්ශේත්‍රයට දැඩි තර්ජනයක් වී විටින් කැලෑබද රිළා ගහනය පාලනය කිරීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදුකර ඇති බව වාර්තා වේ.

එක් වරක් පැටවුන් බිහි කළ වයස අවුරුදු 1 1/2ක් පමණ වන රිළවියක් මෙම පරීක්ෂණය සඳහා යොදාගෙන තිබිණි. එහිදී රිළවියගේ ගේ ගර්භාෂයේ උපත් පාලන ලූපයක් තැන්පත් කර ඇත. රිළවියන් ගේ යෝනි මාර්ගය හරහා ලූපයක් ඇතුළු කර ගැබ් ගැනීම සඳහා ඇති හැකියාව දිගින් දිගටම පරීක්ෂා කළ අතර ඒ සඳහා ප්‍රමාණයෙන් කුඩා නව ලූපයක් නිර්මාණය කිරීමට පරීක්ෂණ කණ්ඩායම සමත්ව තිබිණි.

Loading

ජනපති සහ බැසිල් අතර හදිසි හමුවක්.!

ජනපති සහ බැසිල් අතර හදිසි හමුවක්.!

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් ඊයේ (23) පස්වරුවේ සිදුව ඇති අතර එහිදී ප්‍රධාන වශයෙන් කරුණු 3ක් පිළිබඳව අවධානය යොමුකර ඇත.

එහිදී ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ව්‍යවස්ථානුකූලව ඡන්ද විමසීමක් කැඳවනතුරු ජනාධිපති ධුර අපේක්ෂකත්වය ගැන විසංවාදයන්ගෙන් තොරව අරමුණු ප්‍රමුඛ කරගනිමින් ඉදිරියට යායුතු බවට එකගතාව පළ කර ඇත.

තවද ආණ්ඩුවේ පොදු කටයුතු සදහා නිල වශයෙන් හිටපු පළාත් පාලන නියෝජිතයන්ට සහභාගී විය හැකි වන පරිදි අවස්ථාවක් නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡා වී ඇති බවද වාර්තා වේ.

Loading

මාලිමාව ආණ්ඩුවේ මාත් ඇමතිවරයෙක්.!

මාලිමාව ආණ්ඩුවේ මාත් ඇමතිවරයෙක්.!

ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේග ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කරයි.

ජාතික ජන බලවේගය ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවකට සහභාගි වීම සම්බන්ධයෙන් තමන් අනුර දිසානායක සමග සාකච්ඡා කර ඇති බව මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණ තරගයේ මේ වනවිට ඉදිරියෙන්ම සිටින්නේ සමගි ජන බලවේගය බවත් ඉදිරියේ පත්වන ඕනෑම ආණ්ඩුවක මනෝ ගනේෂන් අමාත්‍යවරයෙක් බවද සදහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රී මනෝ ගනේෂන් මේ බව සඳහන් කරයි.

Loading

කාන්තා සමලිංගිකත්වය උදෙසා හඬ නගා ලොව බලවතුන් සියය අතරට ගිය ශ්‍රී ලාංකීය නියෝජනය.!

කාන්තා සමලිංගිකත්වය උදෙසා හඬ නගා ලොව බලවතුන් සියය අතරට ගිය ශ්‍රී ලාංකීය නියෝජනය.!

ජාත්‍යන්තර ටයිම්ස් සඟරාව 2024 වසර සඳහා සමාජයට ඉහළම බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා නම්කර ඇත.

එහි සුවිශේෂී කරුණ වන්නේ එම 100 අතර ශ්‍රීලාංකීය කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මියද ඇතුලත් වීමයි.

ඇය ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාව වෙනුවෙන් වසර විස්සකට වැඩි කාලයක් හඬ නැගූ කාන්තාවක් බවත් ඇගේ උත්සාහය ගෝලීය වශයෙන් සමලිංගික කාන්තාවන්ට ජයග්‍රහණ අත්කර දී ඇති බවත් එම සඟරාව වාර්තා කර ඇත.

මෙරට තුළ සමලිංගික කාන්තාවන් ඇසුරු කිරීම තහනම් කිරීමට විරුද්ධව කල්දේරා මහත්මිය ගොනුකළ නඩුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇය වෙනුවෙන් පෙනීසිටි අතර එහිදී එවැනි අසුරුකිරීමක් තහනම් කිරීම මානව හිමිකම් කඩකිරීමක් ලෙස නඩු තීන්දුව ලබාදී තිබුණි.

ලෝකප්‍රකට ටයිම්ස් සඟරාව 1999 වසරේදී සිට වාර්ෂිකව වසරේ බලගතුම පුද්ගලයන් 100 දෙනා එළි දැක්වීම සිදුකරනු ලබයි.

Loading

ජනාධිපති අපේක්ෂකයා රොෂාන් රණසිංහ.!

ජනාධිපති අපේක්ෂකයා රොෂාන් රණසිංහ.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ අපේක්ෂකයෙකු ලෙස තරග වදින බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහන් කරයි.

අනතුරුව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂ අපේක්ෂකයන් දිස්ත්‍රික්ක විසි දෙකකට ඉදිරිපත් කරන බවද එම පක්ෂයේ නායක රුවන් මලින්ද සදහන් කරයි.

රටේ පවතින දූෂණයට නාස්තියට විරුද්ධව ඉදිරියේදී මැති ඇමතිවරුන් රැසක් තම පක්ෂයට එකතු වන බවද එම පක්ෂයේ නායක රුවන් මලින්ද සදහන් කරයි.

Loading

රට ගොඩගන්න විජයදාසගේ නම මැතිවරණ කොමිසමට.!

රට ගොඩගන්න විජයදාසගේ නම මැතිවරණ කොමිසමට.!

නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ නම මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමට පියවර ගන්නා බව නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය සදහන් කරයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ නම හා විධායක සභාවේ දී ගත් තීරණය සම්බන්ධව නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම්දීමට නියමිතව ඇත.

නිදහස් පක්ෂයේ විධායක රැස්වීමක් (21) පෙරවරුවේ කැදවා තිබු අතර එහිදී අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සදහන් කළේ,

“අපිට පක්ෂය හැරගිය සියලුදෙනා එකට එකතු කරගෙන හොඳ ගමනක් යන්න අද අවස්ථාවක් උදාවුණා. අපි සියලුදෙනා එකට එකතුවෙලා සාර්ථක ගමනක් ගියොත් පක්ෂය විතරක් නෙමෙයි ගොඩයන්නේ රටටත් ගොඩයන්න පුළුවන්. ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවනවා.”

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close