Out of the box (Sinhala)

අනියම් පෙම හසු වී සැමියා බිරිඳට රජ කාලේ දඬුවමක් දීලා.!

අනියම් පෙම හසු වී සැමියා බිරිඳට රජ කාලේ දඬුවමක් දීලා.!

රත්කළ විදුලි ඉස්ත්‍රික්කයෙන් පුළුස්සා බරපතළ තුවාල සිදු කළ සැමියෙකු ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගලගෙදර මහෙස්ත්‍රාත් හර්ෂණ ධනුෂ්ක රත්නායක මහතා නියම කර ඇත.

ඊට හේතුව වී ඇත්තේ සිය බිරිඳගේ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් හෙළි වීම බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

ඇයගේ රහස් ප්‍රදේශයට සිදු වී ඇති බරපතළ පිළිස්සුම් හේතුවෙන් ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

බිරිඳගේ තත්වය බරපතල වීම හේතුවෙන් සැමියා නැවත මෙසේ බන්ධනාගාර ගත කර ඇති අතර ඔහු හතරලියද්ද පොලිස් බල ප්‍රදේශයේ පුද්ගලයෙකි.

හතරලියද්ද පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සිරස සටනට ආ නලු බට්ටෙක් මැදිරිය තුළ වෙඩි තබලා.!

සිරස සටනට ආ නලු බට්ටෙක් මැදිරිය තුළ වෙඩි තබලා.!

ඊයේ (22) පැවැත්වූ සිරස සටන වැඩසටහනේදී මාධ්‍යවේදී සුරංග සේනානායක විසින් විශේෂ සිදුවීමක් සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකළේය.

ඒ පසුගිය මහමැතිවරණයට පෙර දිනයක පැවැත්වූ සිරස සටන දේශපාලන වැඩසටහනට සම්බන්ධ වූ දේශපාලන පක්ෂයක අපේක්ෂකයයෙකු විසින් එම වැඩසටහනින් පසුව ඇතිවූ කෝපය හේතුවෙන් සිය ඉනේ සඟවාගෙන පැමිණි සෙල්ලම් පිස්තෝලයකින් මැදිරිය තුළදී වෙඩි තැබූ බවයි.

ඔහුගේ මානසික තත්ත්වය ගැන සානුකම්පිතව සලකා ඔහු මැතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයයෙකු වූ බැවින්, එම ප්‍රශ්නය දුර දිග ගෙන නොගිය බවත් ඔහු පැවසීය.

පිස්තෝල සංස්කෘතිය සම්බන්ධයෙන් හිටපු පා.ම සංජීව එදිරිමාන්න මහතා සමඟ ඇතිවූ උණුසුම් තත්වයක් අතරතුර පිළිතුරු දෙමින් සුරංග මේ බව අනාවරණය කළේය.

එවැනි මනෝභාවයක් සහිත පුද්ගලයන් විසින් ගිනි අවි අවශ්‍ය බවට ඉල්ලා සිටීම කෙතරම් භයානකද යන වගත් එදා ඔහු සතුව ජීව පිස්තෝලයක් තිබුනේනම් නිසැකවම වෙඩි තබනා බවත් සුරංග එම වැඩසටහනට සහභා වූ ඇමති නලින්ද ජයතිස්ස මහතා හමුවේ අවධාරණය කළේය.

ඩෑන්ගේ ඝාතනය පිටුපස මාරක අභියෝගයක්.!

ඩෑන්ගේ ඝාතනය පිටුපස මාරක අභියෝගයක්.!

ඊයේ (22) රාත්‍රී වෙඩි තබා ඝාතනය කළ ඩෑන් ප්‍රියසාද්ගේ මරණයට කංජිපානි ඉම්රාන් ඇතුළු විදෙස්ගත පාතාලයේ සම්බන්ධයක් ඇති බවට බරපතල සැකයක් පවතී.

මීට මාස කීපයකට පෙර කංජිපානි අල්ලා නොගැනීම සම්බන්ධයෙන් පිරිසක් සමග ඩෑන් ප්‍රියසාද් උද්ඝෝනයකද නිරත වූ අතර එහිදී ” කංජිපානි කියන මේ කොහෙවත් යන හොටු චණ්ඩියා, හොටු කැඳයා ආදී වශයෙන් ප්‍රකාශ රැසක් සිදුකරනු දක්නට ලැබුනි.

එමෙන්ම කුඩු දිලිනි, ලොකු පැටී, රොටුඹ අමිල, කුඩු අංජු ආදී පුද්ගලයන් සම්බන්ධයෙන්ද ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදුකරනු ලැබීය.

“රොටුඹේ අමිල ඒ වගේම කුඩු දිලිනිව. එතකොට ලොකු පැටී පොඩි පැටී මේ කුඩු අංජු කියන්නාවූ මේ පිරිසව ලංකාවට හැකි ඉක්මනින් ගේන්න කටයුතු කරන්න. මේ වෙනකොට අපිට පේනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඒ වගේම මහජන ආරක්ෂක අමාත්යවරයා නිහඬ පිළිවෙතක් රකිනවා. අපි බලන් හිටියා. මහජන ආරක්ෂක අමාත්යවරයා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා ලොකු වචන එහෙම කතා කරලා තියෙන ලොකුවට කිව්වා කංජිපානි ඉන්න තැන මම දන්නවා මම කියන්නෑ කියලා. අපිට වැඩක් නෑ කංජිපානි ඉන්න තැන.

හැබැයි ඔයා දන්නවා නම් ඔයත් කරන්නේ ලොකු වැරැද්දක්. ඒක නිසා ඔයා දන්නවනම් ඉන්න තැන අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙනවා ජාත්‍යන්තර පොලිස් ඒකකය දැනුවත් කරන්න. කංජිපානි මෙන්න මෙතන ඉන්නේ, අල්ලපන් කියල. හැබැයි ඔයා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කියනවා දැන් හොයා ගන්න විදියකුත් නෑනෙ. වෙලාවකට අපිට හිතෙනවා ඔබතුමාගේ ගේ ඇතුලේ තියාගෙන හංගගෙන ඉන්නවද දන්නේ නෑ. මෙච්චර විශ්වාසයෙන් කියන්නේ.

ඉන්න තැන දන්නවා කියන්න කොන්ද පණ තියෙන මහජන ආරක්ෂක අමාත්‍යවරයෙක්නම් නම් වහාම මැදිහත් වෙලා කුඩු දිලිනිව, කංජිපානිව, රොටුඹ අමිල, ලොකු පැටී, පොඩි පැටී, කුඩු අංජු – මේ රට විනාශ කරන පරයෝ ටික දෙන්න ඕනේ. ඔබතුමා කංජිපානිට බයද? බය නැත්නම් කංජිපානි ඉන්න තැන වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකයට කියන්න. මම ඊළඟට ගිහිල්ලා නවතින්නෙ ඔබතුමාට විරුද්ධව ජිනීවාවල.

කංජිපානි රජ කරන යුගයක් නෙමෙයි තියෙන්න ඕන. කංජිපානි කියන මේ කොහෙවත් යන හොරු ගැන හොයන්න බැහැ.
ඕක කරන්න පුළුවන් මනුස්සයෙක් සරත් වීරසේකර. මෙන්න අවස්ථාව, තමන් පොර මම කරයිද බලාගනිල්ලා කියලා. කංජිපානිව ගෙන්වා පෙන්වන්න ලංකාවට.
ඒක නිසා මං කියනවා – කංජිපානිට, කුඩු දිලිනිට මේ රටේ වෙනම නීතියක් නෑ. කංජිපානිගේ කැඳ විකුණනවද මොනවද අපි දන්නේ නැහැ. 

 “කංජිපානි වගේ චණ්ඩින්ට අපි බය නැහැ, කංජිපානි වගේ හොටු චන්ඩින්ට බය නෑ”. ඔයාලා කංජිපානි වගේ හොටු චන්ඩිට බයවෙලා ඇති.
යකෝ ඌ ත්‍රස්තවාදියෙක්.
ක්ලබ් වසන්ත මැරුවා. කකා ඉන්නකොට මනුස්සයට වෙඩි තියන්නේ නැහැ. බත් කටක් කනකොට මොන තිරිසන්ද. මුන් චණ්ඩින් නම් ලංකාවට වෙලා ඉන්න ඕන. මොන චණ්ඩිද රටවල් වලට පැනලා හැංගිලා ඉන්න. චණ්ඩිකම් කරන්න ඕන ලංකාවේ ඉඳල. ලංකාවේ ඉඳන් චණ්ඩිකම් කරපල්ලා.

අන්න එහෙම චණ්ඩි. තොපි ලංකාවෙන් පිට රටවල් වල හැංගිලා.
මේ කොහෙවත් යන එවුන්. මේ රටේ චණ්ඩි කරලා පෙන්නන්න එපා. මුන්ට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. මරණ දඬුවම ගැන පාර්ලිමේන්තුවේ ඉන්න 225 ටත් අපි කියනවා ඕගොල්ලන්ගේ ඡන්ද ගැන විතරක් කතා කරන්න එපා. මේ අපරාධකාරයන් ගැනත් කතාකරන්න.

දේශබන්දු දැන් නැහැ. එතුමා හිටියා නම් අද වෙන්නේ නැහැ මේ ඉන්න මේ චණ්ඩි කියන එවුන් ගැන. එතුමා නැති එක අපට පාඩුවක්. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලනවා, වැඩ කරන්න පුළුවන් එකම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව. එතුමා ඉන්නේ දැන් කොහේද? කරන්න දෙන්න. “

පොහොට්ටුවේ අපේක්ෂක ඩෑන් මරාදැමුවේ ඇයි.?

පොහොට්ටුවේ අපේක්ෂක ඩෑන් මරාදැමුවේ ඇයි.?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ජාතිවාදී මැර ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රකට ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පසු රෝහල්ගත කොට, අසාධ්‍ය තත්වයේ ප්‍රතිකාර ලබමින් සිට අද අළුයම ජීවිතක්ෂයට පත්විය.

ඩයන් ප්‍රියසාද් කොළොන්නාව නගර සභාවේ මීතොටමුල්ල කොට්ඨාශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පැවසුවේ ඊයේ (22) රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.

එම වෙඩි තැබීමෙන් ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගතකළ බවත් ඉන් මොහොතකට පසු ඔහු මරණයට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මුලින් නිවේදනය කළේය. 

ඩෑන් ප්‍රියසාද්ගේ සිරුර මෘත ශරීරාගාරයේ තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් කර තිබුණි. එහෙත්, කොළඹ ජාතික රෝහලේ ආරංචිමාර්ග සඳහන් කළේ එම නිවේදනය සකස් කරන විටත් ඩෑන් ප්‍රියසාද් ජීවිතය සමඟ පොරබදිමින් දැඩි සත්කාර ඒකකයේ සිටි බවයි. ඒ වන විටත් ඔහු මියගොස් තිබුණේ නැත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි. වෙඩිතැබීම සිදුවන මොහොතේ ඔහු මත්පැන් පානය කරමින් සිට ඇති බව වාර්තා වෙයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව වාර්තා විය.

ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයාද සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබුනි.

ඩෑන් ප්‍රියසාද් සිංහලේ ජාතික සංවිධානයේ සමාරම්භක නායකයෙකු වේ. ඔහු ඇතුළු තරුණයන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය වූ සිංහල ජාතික සංවිධාන රැසක් දැඩි මුස්ලිම් විරෝධයකින් බලහත්කාරී ලෙස කටයුතු කිරීමේ ප්‍රවණතාවක් 2016 පමණ කාලයේ සිට ඇති විය.

ව්‍යාජ තොරතුරු හුවමාරු කරමින්, තරුණ පරම්පරාව බියෙන් උසිගන්වමින් ප්‍රචණ්ඩක්‍රියා වෙත යොමු කිරීමට එවැනි සංවිධාන කටයුතු කළ අතර, දේශද්‍රෝහී ලෙස ඔවුන් හැඳින්වූ පුද්ගලයන්ට එරෙහිව සංවිධානාත්මකව ක්‍රියාත්මක විය. ඇතැම් අවස්ථාවල මැර කණ්ඩායම් ලෙසද ඔවුන් ක්‍රියා කළ අතර මෙවැනි ජාතිකවාදී සංවිධාන බුද්ධි අංශ සමඟඟ සම්බන්දතා පැවැත්වූ බවද තොරතුරු ඇත.

2017 වර්ෂයේදී රොහිංයා සරණාගතයන් සිටින ස්ථානයකට කඩාවැදීම ඇතුළු ස්ථාන කිහිපයකට කඩාවැදීමට ඔහුට නඩු පැවරීම් කර තිබුණත් ඔහු සිදු කර ඇති ප්‍රකාශ සහ ක්‍රියාකාරකම්වලට අදාලව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත වැනි පනත් කිසිදා යොදාගෙන තිබුණේ නැත.

2022 මැයි 9 වැනිදා ගෝල්ෆේස් අරගලයට කඩා වැදී සාමකාමී අරගලකරුවන්ට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ එයට ඩෑන් ප්‍රියසාද් සම්බන්ධ වූ අතර, ගෝල්ෆේස් අරගලයේ මුල් දිනවල සිටම ඔහු ඇතුලු පිරිසක් එයට උත්සාහ ගත් බවට තොරතුරු තිබුණි. සාමකාමී අරගලයට පහරදීමට ඔවුන් ගත් උත්සාහය ව්‍යවර්ථ වුණේ, ජනතාව ඔවුන්ගේ හිංසනයට ඔවුන්ගේම භාෂාවෙන් ප්‍රතිචාර දක්වා තිබුණු නිසාය.

ඩෑන් ප්‍රියසාද් මියගොස් බවට ව්‍යාජ පුවත් මීට පෙර 2025 ජනවාරි මාසයේදී පළ විය. එයින් පසු ඔහු ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි අතර, අධිකරණයටද ඉදිරිපත් කරන ලදී. ඩෑන් මෙරට හමුදා බුද්ධි අංශ, ජාතිකවාදී දේශපාලන කණ්ඩායම් සහ විවිධ ජාතිවාදී මැර ක්‍රියා පිළිබඳ බොහෝ තොරතුරු දැනසිටි අයෙකු බව ප්‍රකටය.

Author – Satahana Radio

ගම්මන්පිල දෙන සිඟිති ආතල් එක ගැන නලින්ද කියයි.!

ගම්මන්පිල දෙන සිඟිති ආතල් එක ගැන නලින්ද කියයි.!

ගම්මන්පිලගේ සිඟිති ආතල් වලින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනවලට එක දශමයක හෝ හානියක් සිදුකළ නොහැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පැවසීය.

මාධ්‍යවේදීන් විමසා සිටියේ නීති ලෝගුව අවභාවිත කරමින් අයුතු බලපෑම් සිදුකරනා ගම්මන්පිලගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් ආණ්ඩුව අධිකරණය වෙත පැමිණිලි නොකරන්නේ කුමක් නිසාද යන වගයි.

ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා.

“මෙහෙමයි ඔය සිඟිති සෙල්ලං වලින් මේ විමර්ශනවලට මුකුත් කරන්න බෑ. මට කියන්න තියෙන්නේ එච්චරයි. මේ විමර්ශන ඊට වැඩිය විශේෂඥ භාවයක් සහිත අත්දැකීම් සහිත කණ්ඩායමක් විසින් මෙහෙයවමින් පවතිනවා. ඔය වගේ සිඟිති ආතල් වලින් මේ විමර්ශනවලට එක දශමයකවත් හානියක් කරන්න බෑ. එච්චරයි”

ගම්මන්පිල රැම්බෝට අඳියි.!

ගම්මන්පිල රැම්බෝට අඳියි.!

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ ඊයේ (අප්‍රේල් 21) පැවති මාධ්‍යහමුවක් අමතමින් එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල පැවසූවේ පොරොන්දු වූ දිනයට පෙර පාස්කු දා ප්‍රහාරයේ මහා මොළකරුවන් හෙළිදරව් කර ගැනීමට නොහැකිව ආණ්ඩුව විපතට පත්ව සිටින බවයි.

එමෙන්ම සමාජ මාධ්‍ය නාළිකාවල නරඹන්නන් වැඩි කර ගැනීමේ අරමුණින් පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන විශ්ලේෂණය කරන එන්.ජී.ඕ. නඩවල සිටින යූටියුබ්කරුවන්ට තමන් දන්නා තොරතුරු පොලිසිය හමුවේ පවසන්නැයි තමන් ඉල්ලීමක් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මෙසේ ද පැවසීය.

“අද මට දැනෙන්නේ මම රැම්බෝ වගේ. පුංචි කාලේ විශාල හමුදාවක් එක්ක රැම්බෝ තනියම සටන් කරන දර්ශන දැක්කා ම මට එදා හිතුනේ මේවා චිත්‍රපටවල මිස සැබෑ ජීවිතයේ සිදුවන දේවල් නොවේ කියලා. ජනාධිපතිගේ සිට නන්නාඳුන මන්ත්‍රීවරුන් දක්වා කතාවක් පැවැත්වුවහොත් සමස්ත ආණ්ඩුව ම පහර දෙන්නේ තනි මට. ටිල්වින් සිල්වාගේ සිට ජවිපෙ සිටින සියලු ම නායකයන් සිට පහළම සාමාජිකයා දක්වාම පහර දෙන්නේ තනි මට. කණ්ඩායමක් තනි ඔබට පහර දීමට පැමිණෙත් නම් සටන ඇරඹීමට පෙර ම ජයග්‍රහණය ඔබ සතුය කියා කියමනක් තිබෙනවා. මුළු ආණ්ඩුව ම එක මිටට එකතු වී මම සුවිශේෂී වීරයෙකු කළ මාලිමාවේ නායකයන්ට ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාව කර ගන්නවා.

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මේ රටේ ජනතාව රවටන්න දැරූ උත්සාහයක් අපට පරාජය කරන්න පුළුවන් වුණා. ආණ්ඩුවට මාස හයක් සම්පූර්ණ වුණා ම කාදිනල්තුමා ආණ්ඩුවට තර්ජනයක් කළා. පාස්කු ප්‍රහාරයට අවුරුදු හයක් සම්පූර්ණ වන අප්‍රේල් 21 වන විටත් පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරු හෙළිදරව් කරන්න ආණ්ඩුව අසමත් වුණොත් තමන් කතෝලික ජනතාව සමග පාරට බහිනවා කියලා. මේකෙන් තැතිගත්ත ජනාධිපතිතුමා මාර්තු 30 වන දා මැතිවරණ වේදිකාවේ සිට පොරොන්දුවක් දෙනවා අප්‍රේල් 21ට පෙර පාස්කු දා ප්‍රහාරයට වගකිවයුතු පිරිසක් හෙළිදරව් කරන බව. ඒ නිසා හැමෝම බලා ගෙන හිටියා 21ට පෙර ජනාධිපතිතුමා මොකක් හරි හෙළිදරව්වක් කරාවි කියලා. අද අප්‍රේල් 21 හෙළිදරව්ව කළා ද? කරගන්න පුළුවන් වුණේ නෑ. ඒකත් ආණ්ඩුවේ තවත් එක් කඩවුණු පොරොන්දුවක් වුණා. එහෙම වුණේ ඇයි?

ආණ්ඩුව සැලසුම් කරලා තිබුණේ පිල්ලෙයාන්ව රැඳවුම් නියෝග මත රඳවා ගෙන ඉන්න අතරේ පිල්ලෙයාන් පාපෝච්චාරණ කළ විධියට තමන්ගේ හිතේ ඉන්න කෙනා මහ මොළකරු බවට ප්‍රකාශ කරන්න. ඒ නිසා තමයි පිල්ලෙයාන්ව අත්අඩංගුවට අරන් කාත් එක්කවත් කතා කරන්න නුදුන්නේ. ඒ නිසා තමයි නීතියෙන් හිමි නීතිඥවරයෙකුට සහාය ලබා ගැනීමට පිල්ලෙයාන්ට අවස්ථාව නොදුන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අත්අඩංගුවට ගැනීමට හේතුවක් දැක්වීම පොලිසියෙන් ප්‍රතික්ෂේප කළේ. ඔය අතරේ ජනාධිපති කිව්වේ අත්අඩංගුවට ගත්තේ පාස්කු දා ප්‍රහාරයට කියලා. හැබැයි කර්මාන්ත ඇමැති කියනවා පාස්කු දා ප්‍රහාරයට නොවේ මහාචාර්යවරයෙකු අතුරුදන් වීමකට කියලා. පොලිස් ඇමති පාර්ලිමේන්තුවට කිව්වේ පිල්ලෙයාන් පාස්කු දා ප්‍රහාරය ගැන වැදගත් තොරතුරු හෙළි කරමින් ඉන්නවා කියලා. ඒ පොලිස් ඇමැතිගේ ප්‍රකාශයට සමගාමීව තමයි මාලිමාවේ කුලී සමාජ මාධ්‍යකරුවන් ‘පිල්ලෙයාන් සියල්ල වමාරයි’, ‘පිල්ලෙයාන් පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධයි’ වැනි සිරස්තල හැදුවේ. ඒ වගේ ම මාලිමාවෙන් නඩත්තු වෙන පුද්ගලයන් ලවා මාධ්‍ය හමු පවත්වමින් මේ මතය සමාජගත කළා”

පාස්කු කොමිසම් වාර්තාවේ සැඟවූ කොටස් ගැන සාගල කට අරී.!

පාස්කු කොමිසම් වාර්තාවේ සැඟවූ කොටස් ගැන සාගල කට අරී.!

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය සාගල රත්නායක ඊයේ (අප්‍රේල් 21) පවසා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් කිසිවක් සඟවා නොතිබුණු බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ එම වාර්තාවේ සියලු වෙළුම් පාර්ලිමේන්තුවට සහ බිෂොප්වරුන්ගේ සම්මේලනයට භාරදී තිබුණු බවයි.

සිරිකොත මූලස්ථානයේ පැවැති පළාත් පාලන අපේක්ෂක හමුවක් අමතමින් සාගල රත්නායක මෙසේ පැවසීය,

“ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම බොරු කිය කිය ගිහින් බලයට ගත්තා. දැන් ඒ වගේම බොරු කියලා බලය රැකගන්නත් පුළුවන් කියලා හිතනවා. ටික කලකට ඒ බොරුව ගියා. දැන් ඒ බොරුව විසවෙන්න පටන්ගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දවස් ගාණකින් ගෙදරින් එළවනවා කිව්වා.

නමුත් ඔහු තාම ඉන්නවා. බටලන්ද මගඩියක් ආයෙත් පටන් ගත්තා. ඒක අන්තිමට කැරකිලා රටට පැහැදිලි වුණා ඒ සමයේ ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට විශාල පීඩනයක් ගෙනාපු බව.

ගිය මාසේ ආයෙත් පටන් ගත්තා පාස්කු ප්‍රහාරය ගැන. මෙවර පාස්කු ඉරිදා වෙනකොට මහමොළකරු එළිකරනවා කිව්වා. නමුත් පාස්කු ඉරිදා කිව්වේ ජනාධිපති කොමිෂන් වාර්තාව සී.අයි.ඩී.යට භාරදුන් බවයි. ඒ ලැජ්ජාව වහගන්න කියනවා හංගලා තිබුණු වෙළුම් දෙකකුත් දුන් බව.

වෙළුම් හංගලා තිබුණේ නෑ. පාර්ලිමේන්තුවට සියලු වෙළුම් භාරදී තිබුණා. බිෂොප්වරුන්ගේ සම්මේලනයට සියලු වෙළුම් භාරදුන්නා. ඊට අමතරව සී.අයි.ඩී.ය සියලු විමර්ශන කළා. ඒ විමර්ශනවලට එෆ්.බී.අයි., ස්කොන්ලෙයාඩ් වැනි විදේශීය ආයතනවල සහාය ලැබුණා.

දැන් බලය රැකගන්න රට වටේ බොරු කිය කිය යනවා. ජනාධිපති පුංචි ඡන්දෙට රට වටේ බොරු කිය කිය යනවාට වඩා හොඳයි නේද රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න බැලුව නම්.”

වෙන්දේසි නොකර V8 ටික නැවත බෙදා දෙන්නැයි ලොක්කෝ ලිඛිතව ඉල්ලති.!

වෙන්දේසි නොකර V8 ටික නැවත බෙදා දෙන්නැයි ලොක්කෝ ලිඛිතව ඉල්ලති.!

රජයේ ආයතන ප්‍රධානීන් පිරිසක් තමන් දැනට භාවිතා කරන වී එයිට් මාදිලියේ සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට අවසර දෙන ලෙස රජයෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

අළුතින් වාහන මිලදී ගැනීමට රජය ප්‍රතිපාදන වෙන් නොකිරීම සහ ඊට වැයවන අතිරේක මූල්‍ය පිරිවැය වැනි කරුණු මත මෙම ඉල්ලීම සිදුකරන බව ඔවුන් එහි සඳහන් කර ඇත.

මෙම ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලීම අනුව, වෙනත් නිලධාරීන් සඳහා වාහන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දැනට භාවිතා කරන V8 ඇතුළු සුපිරි වාහන තවදුරටත් පාවිච්චි කිරීමට අවසර ඉල්ලා ඇත.

මේ අතර, පාර්ලිමේන්තු සභානායක කාර්යාලයට අයත් වැඩි එන්ජින් ධාරිතාවක් සහිත සුපිරි සුඛෝපභෝගී වාහන දෙකක් විකිණීම සඳහා මිල ගණන් කැඳවා ඇතත්, තක්සේරු මිල ගණන්වලට අනුව එම වාහන මිලදී ගැනීමට මේ දක්වා කිසිදු පාර්ශවයක් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන්, එම වාහන දෙක සඳහා නැවත ටෙන්ඩර් කැඳවීමට රජය තීරණය කර ඇත.

මීට පෙර රජය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයකට අනුව, රජයේ ආයතන සතුව පවතින සුපිරි වාහන වෙන්දේසි කිරීමට තීරණය කර තිබුණි. එම පසුබිම තුළ ආයතන ප්‍රධානීන්ගේ මෙම ඉල්ලීම සලකා බැලීමට රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කල්පිටියේ බූරු වැඩක් අරඹයි.!

කල්පිටියේ බූරු වැඩක් අරඹයි.!

ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා බූරු කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සකස් කිරීමේ අරමුණින් කල්පිටියේ බූරු කිරි කර්මාන්තයක් ස්ථාපිත කිරීමට මෙරට ව්‍යවසායකයෙකු සූදානම් වෙයි.

රොෂාන් ලෝව් නැමති ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකුගේ මූලිකත්වයෙන් ඉතාලි ආයෝජනයක් හරහා මෙම වයාපෘතිය සැළසුම් කර තිබේ.

යෝජිත ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා පැවැත්වී ඇති අතර මෙම රැස්වීමට පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චතුරක ජයසිංහ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රේන්ජර් උපාලි කුමාරතුංග, කල්පිටිය සෞඛ්‍ය නිලධාරී ඩැම් සිරි මධුමල්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරී එච්.එම්. දිසානායක සහ වෙනත් රාජ්‍ය නිලධාරීන් සහභාගී වී ඇත.

සාකච්ඡාවෙන් පසුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සුදුසු ස්ථානයක් පරීක්ෂා කිරීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක්ද පවත්වා ඇති අතර ඉතාලියේ වසර 35ක වෘත්තීය අත්දැකීම් ඇති රොෂාන් ලෝව් මහතා, කල්පිටියේ බූරු ගොවිපොළක් පිහිටුවීමෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගත හැකි බවත්, එමගින් විදේශ ආදායම් උපයා ගත හැකි බවත් පවසයි.

බූරු ගැහැනු සතුන් (ජෙනීස්) 700ක් පමණ යොදාගෙන ලබාගන්නා බූරු කිරි, කිරි පිටි බවට පත් කර ඉතාලිය හෝ ස්පාඤ්ඤය වැනි රටවලට අපනයනය කිරීමට මෙම ව්‍යාපෘතිය හරහා සැලසුම් කර ඇති අතර, පසුව වෙනත් බූරු කිරි නිෂ්පාදන අපනයනය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි.

ඒ සඳහා කල්පිටියෙන් අක්කර 100ක ඉඩම් කොටසක් අත්පත් කර ගැනීමට සහ කල්පිටිය හා මන්නාරම් ප්‍රදේශවලින් බූරු සතුන් 1000ක් පමණ ලබා ගැනීමට අපේක්ෂා කරන අතර බූරු කිරි නිෂ්පාදන නිපදවීමට අමතරව, බූරු අපද්‍රව්‍ය භාවිතා කර කාබනික පොහොර නිපදවීමටද මෙමගින් බලාපොරොත්තු වෙයි.

මීට අමතරව මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසීන් 400 දෙනෙකුට රැකියා අවස්ථා උත්පාදනය කරනු ඇති බව ඔහු පැවසීය.

මහින්දගේ ඉවත්ව යෑමෙන් මුදල් අමාත්‍යංශයට හුලං.!

මහින්දගේ ඉවත්ව යෑමෙන් මුදල් අමාත්‍යංශයට හුලං.!

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය දරණ මහින්ද සිරිවර්ධන මහතා ඉවත් වීමෙන් පසු එම තනතුර සඳහා පත්කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

දුමින්ද හුලංගමුව මහතා මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස ඉහළ තනතුරක් දරණ බැවින් මෙම තනතුර බාරගැනීම අයෝග්‍ය බව ඔහුගේ මතය වී ඇතැයි දැනගන්නට තිබේ.