Out of the box (Sinhala)

කෝටි 10ක් ගෙවා කොළඹ ඈයෝ ගමේ ගිහින්.!

කෝටි 10ක් ගෙවා කොළඹ ඈයෝ ගමේ ගිහින්.!

අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ.ඩි කහටපිටිය මහතා පැවසුවේ අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය අප්‍රේල් 11 සහ 12 කාලය තුළ අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 10 ඉක්මවා ගොස් තිබේ. 

ඒ අනුව එම කාලය තුළ රුපියල් දසකෝටි විසිතුන් ලක්ෂ හැත්ත අටදහස් අටසීයක ආදායමක් අධිවේගී මාර්ගයෙන් ලැබී ඇති බව සඳහන්ය.

අ‍ප්‍රේල් 11 වන දින අධිවේගී මාර්ගයේ වාහන 163,541 ක් ධාවනය වී ඇති අතර ඉන් ලබා ඇති ආදායම 54,066,450කි.

ඊට අමතරව අප්‍රේල් 12 වන දින අධිවේගී මාර්ගයේ වාහන 134,195ක් ධාවනය වී ඇති අතර ඉන් ලබා ඇති අදායම රුපියල් 4 7,012,350ක් බව සඳහන්.

අධිවේගයෙන් ගියොත් තප්පර 8න් එළියේ.. බිමල් කියයි.!

අධිවේගයෙන් ගියොත් තප්පර 8න් එළියේ.. බිමල් කියයි.!

අද (11) දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී බැංකු කාඩ්පත් මඟින් ගනුදෙනු කිරීම මැයි 1 වන දා සිට ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී debit සහ credit කාඩ්පත් මඟින් ගෙවීම් කටයුතු සිදුකිරීමට හැකියාව හිමි වනු ඇති අතර touch and go ක්‍රමයට හෝ insert ක්‍රමයට තත්ත්පර 8ක් වැනි කාලයක් තුළ මෙය සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල මේ වනවිට ආරම්භ කර ඇත.

රනිල් අල්ලස් කොමිසමට කැඳවයි.. චාමරගේ දූෂණ නඩුවට රනිල්ගේත් සම්බන්ධයක්.!

රනිල් අල්ලස් කොමිසමට කැඳවයි.. චාමරගේ දූෂණ නඩුවට රනිල්ගේත් සම්බන්ධයක්.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතාට එරෙහිව සිදුකරනු ලබන විමර්ශණයට අදාලව සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්නකිරීම සඳහා අප්‍රේල් මස 17 වනදා උදෑසන 9.30ට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පෙනී සිටින ලෙසට දන්වා ඇත.

චාමර සම්පත් දසනායක මහතා 2016 වසරේ දී රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු ගිණුම් කල්පිරීමට පෙර ඉවත්කර ගැනීමට කටයුතු කිරීමෙන් දුෂණයක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ඔහුට එරෙහිව යොමුකරන ලද පැමිණිල්ලක් මත මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතී.

ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ පැවසූ කරුණු මත ඔහු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයට අදාළ තොරතුරු දන්නා බවටත් විමර්ශනයට අදාළ සිද්ධියට යම් අවස්ථාවක ඔහු ඊට මැදිහත් වී ඇති බවත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව අදාළ ප්‍රකාශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ කරුණු තහවුරු කරගැනීමට අදාළ ලේඛන සමඟ අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම්දී ඇත.

චීන ඇමෙරිකා සටන නොනවතී.. නැවතත් චීනයෙන් ලංසුවක්.!

චීන ඇමෙරිකා සටන නොනවතී.. නැවතත් චීනයෙන් ලංසුවක්.!

අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරු බදු ප්‍රතිශතය තවදුරටත් ඉහළ නංවමින් සමස්ත තීරු බදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ දැමීමෙන් අනතුරුව චීනය විසින් ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ ඇමරිකානු ආනයන සඳහා නව 125% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කරමින්.

පොදු රස්තියාදුව අවසන් කරමින් නියමු ව්‍යාපෘතිය ඇරඹෙයි.!

පොදු රස්තියාදුව අවසන් කරමින් නියමු ව්‍යාපෘතිය ඇරඹෙයි.!

රජය විසින් හඳුන්වාදී තිබෙන GovPay යෙදුම හරහා රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය රියදුරන්ට නිකුත් කරන දඩ කොළ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා නියමු ව්‍යාපෘතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ.

මෙම නියමු ව්‍යාපෘතිය කුරුණෑගල සිට අනුරාධපුර දක්වා මාර්ගයේ ස්ථාන 11කදී ක්‍රියාවට නංවා ඇති අතර මේ මස 30 වනදා දක්වා එය ක්‍රියාත්මක බව මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසීය.

පසුගිය පෙබරවාරි 7 වනදා රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම හඳුන්වාදීම සිදුකළේය.

රනිල් – අර්ජුන එක්ව මහ බැංකුව කොල්ල කෑ හැටි ඇසින් දුටු සාක්ෂි දිග හැරෙයි.!

රනිල් – අර්ජුන එක්ව මහ බැංකුව කොල්ල කෑ හැටි ඇසින් දුටු සාක්ෂි දිග හැරෙයි.!

කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) පර්ලිමේන්තුවේදී පැවසූවේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කළ යුතුය යන කොන්දේසිය මත එදා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා මැතිවරණයට සිරිකොතින් මුදල් ලබා දුන් බවයි.

“බැඳුම්කරය ගැන මම කියනවා. අපි තමයි අර අහිංසක ග්‍රාමසේවක මහත්තයාව බලයට ගේන්න කැපවුණේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අපට මුදල් දුන්නා. මුදල් දුන්නේ එක කොන්දේසියක් මත.

සිරිකොතේ මුදල් පිරිලා තිබුණා. මම මේක අදත් පාර්ලිමේන්තුව ඇතුලේ කියනවා. අපිට සල්ලි දුන්නු කොන්දේසිය තමයි අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකුවේ අධිපති කළ යුතුයි කියන කොන්දේසිය. ඒකට එකඟ වෙලා මුදල් දුන්නේ. ඊට පසුව ඒ කොන්දේසිය ඉෂ්ට කළේ නැද්ද? අපිට දුන්නු මුදල් ටික ඩබල් ටි්‍රබල් කරලා ඒ මනුස්සයා ගත්තා.

අදත් නෑ. ඇයි මේවා මගෙන් අහන්නේ නැත්තේ. ඇයි මේවා තොරතුරු දෙන්න අපි කැමතියි. මම මැතිවරණයට ඉස්සරත් වේදිකාවේ කිව්වා. ඒ කාලේ සියලුම සංවිධායකවරුන්ට සල්ලි එව්වා. බැඳුම්කරය කියන ලොකුම හොරකම ගැන හොයන්නේ නැත්තේ ඇයි? අපිට සල්ලි ගෙනාවේ සතාසිවම්.

ඇයි මේවා අපෙන් අහන්න ගෙන්නන්නේ නැත්තේ. මේවා වගකීමෙන් කියන්නේ. මේවා ගැන යම් කමිටුවකින් හොයනවා නම් මාව ගෙන්වන්න. මම එන්නම් සාක්කි දෙන්න.”

පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සහ ඉතිහාස කතාව.!

පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සහ ඉතිහාස කතාව.!

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිට නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ඊයේ (8) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

එම අතුරුදන්වීමට අදාලව ප්‍රධාන සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියෙන් වසර 18කට පසුව වීම විශේෂත්වයකි.

කොළඹ 07 විද්‍යා මන්දිරයේ පැවැති Sri Lanka Association for the Advancement of Science වාර්ෂික සම්මේලනයට ගොස් සිටියදී උපකුලපතිවරයා අතුරුදන් වූයේ 2006 දෙසැම්බර් මස 15 වැනි දිනදී ය.

නැගනහිර විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පිඨාධිපති කේ බාල සුකුමාර් මහතා 2006 වසරේ සැප්තැම්බර් 30 වැනිදා පැහැර ගැනීමට ලක්ව තිබුණු ඔහු අතර පැහැර ගත් කල්ලිය උපකුලපති රවින්ද්‍රනාත් මහතාට තර්ජනය කර ඇත්තේ වහාම ඔහුට උපකුලපති ධුරයෙන් ඉවත් වන ලෙසයි.  ඒ අනුව ඔහු තම ඉල්ලා අස්වීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇතත් ඉල්ලා අස්වීම බාර නොගෙන ඔහුට කොළඹ සිට තම රාජකාරි කරන ලෙස දැනුම්දී තිබිණි.

පැවති ජීවිත තර්ජන හේතුවෙන් ඔහු නැගනහිර විශ්ව විද්‍යාලයේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල පිහිටි සිය දියණියගේ නිවසේ කාලය ගත කළ අතර යම් කටයුත්තකට පිටතට යන්නේ නම් ඒ සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම්දී වාහනයක් ගෙන්වා ගැනීම සිරිතක් වී තිබී ඇත.

ඔහුට පැවැති ජීවිත තර්ජන පිළිබඳ එවකට ජනාධිපති මහන්ද රාජපක්ෂ සහ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂට ද දැනුම්දී තිබිබෙන බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

මහාචාර්යවරයා සිද්ධිය වූ 2006 දෙසැම්බර් 15 වැනිදා කොළඹ 07 විද්‍යා මන්දිරයේ පැවැති සම්මේලනයට ගොස් දිවා ආහාරය සඳහා නැවත නිවසට පැමිණෙන බව දියණියට දැනුම්දී තිබුණු බවත්, ඔහු නොපැමිණි හෙයින් මහාචාර්යවරයාගේ දියණිය සවස 2.45ට පමණ ඔහුට දුරකතන ඇමතුකම් ගන්නා විට දුරකතනය විනන්ධි කර තිබුණු බවත්, මහාචාර්යවරයාගේ දියණිය ඔහු රැගෙන ගිය රියදුරුට කතා කළ විට මහාචාර්යවරයාගේ දුරකතනය විනස්දි කර ඇතැයි ඔහුද දැනුම් දී ඇති බවත් 2006 දෙසැම්බර් 24 දින සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

මහාචාර්යවරයා ගැන තොරතුරක් නැති නිසා මේ ගැන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඇතුළු ආයතනවලට පැමිණිලි කර පසුව සවස 7.00ට පමණ ඔහුගේ පවුලේ උදවිය දෙහිවල පොලිසියේ සීඅයිබී 2 225/260 අංක යටතේ පැමිණිල්ලක් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන දින කිහිපයක් ඇතුළත අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබුණු අතර ඒවකට එහි අධ්‍යක්ෂවරයා වූවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර මෙන්ඩිස් මහතාය. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළේ ද සිසිර මෙන්ඩිස් මහතාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ කරුණා අම්මාන් පාර්ශ්වයෙන් ආධාරකරුවන් යැයි සැක කරන පිරිසක් මෙම පැහැර ගැනීම සිදු කර ඇති බවට තොරතුරු ඇති බවයි.

මෙම කාලවකවානුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ මහාචාර්ය ගාමිණී සමරනායක මහතාය. තර්ජනය ඇති හෙයින් ඉල්ලා අස්වීම බාර ගන්නා ලෙස උපකුලපතිවරයා දැනුම්දි තිබියදීත් එය බාර නොගැනීම ගැන සන්ඩේ ටයිම්ස් පුවත්පත කළ විමසීමකදී ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා කියා තිබුණේ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් පත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට බැවින් ඉල්ලා අස්වීම ගැන අවසන් තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා බවයි.

මෙම සිදුවීමත් සමග ඇතැම් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු බියට පත්වීම සේවය පැමිණීම නතර කළහ. ඇතැම් සිසුසුහු ද විශ්ව විද්‍යාලයෙන් පිටවී ගියහ. මහාචාර්යවරයාගේ අතුරුදන්වීමෙන් දින තුනකට පසු ලොව පුරා සිටින විද්වත්හු 67 දෙනෙක්ගේ අත්සනින් ප්‍රකාශයක් නිකුත් කරමින් මහාචාර්යවරයා මුදා හරින ලෙස විවෘත ඉල්ලීමක් කළහ.

කෙසේ වෙතත් ඔහු සොයා ගැනීමට නොහැකි විය.

1951 පෙබරවාරි මස 22වැනිදා උපත ලද රවීන්ද්‍රනාත් මහතා අතුරුදන් වන විට 55 හැවිරිදි වියේ පසුවිය.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ පසු මෙවැනි යටපත්වී තිබූ විමර්ශන කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ යළි අරඹන ලෙස දැනුම්දී තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස විමර්ශන ආරම්භ වූ අතර ඒ අනුව ලැබුණු සාක්කි මත සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලැබිණි.

2005 වසරේ දෙසැම්බර් 25 වැනිදා මඩකලපුවේ ශාන්ත මේරි දේවස්ථානයේදී දේව මෙහෙයට සහභාගී වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර එනම් 2015 ඔක්තෝබර් 09 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලැබීය.

එම අත්අඩංගුවට ගැනීමෙන් පසු රිමාන්ඩ් බාරයේ සිටි ඔහුට ඇප නියම වූයේ 2020 නොවැම්බර් 24 වැනිදාය. ඔහුට ඊට අදාලව නඩු පැවරීමක් ද කර තිබුණු අතර 2021 ජනවාරි මස 11 වැනිදා මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී සුසෙයිදාසන් මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ දී නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ පිල්ලෙයාන්ට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බවයි. නීතිපති දෙපාර්තමේන්තුවේ එම දැනුම්දීම මත ඔහු මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

කාලයක් පිල්ලෙයාන්ගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ හන්සීර් අසාත් මවුලානා නම් පුද්ගලයා චැනල් 4 නාලිකාවට ප්‍රකාශයක් ලබා දෙමින් පිල්ලෙයාන් සම්බන්ධ අපරාධ ගැනත්, පාස්කු ප්‍රහාරයට අදාලව ඔවුන්ගේ සම්බන්ධතා ගැනත් අනාවරණයක් කළේය. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතනයකට ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබුණු අතර ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු පිල්ලෙයාන් නිදහස් කිරීමට අවශ්‍ය සැලසුම් කිරීම ගැන ද ඔහු ප්‍රකාශ කර තිබිණි.

1975 අගෝස්තු 18 වැනිදා උපතලද පිල්ලෙයාන් ළමා සොල්දාදුවකු ලෙස එල්ටීටීඊ සංවිධානයට 1990 වසරේදී අනියුක්තව දීර්ඝ කාලයක් කටයුතු කළ බව වාර්තාවේ. පසුකාලීනව ඇතිවූ අභ්‍යන්තර අර්බුදයක් හේතුවෙන් කරුණා අම්මාන් සමග එල්ටීටීඊ සංවිධානයෙන් වෙන්වූ ඔහු ශ්‍රී ලංකා රජයේ හමුදාවලට සහයෝගය දැක්වීය.

2004 වසරේදී පිහිටවනු ලැබ 2007 වසරේදී දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කළ ටීඑම්වීපී පක්ෂයේ උප නායකයා වූ පිල්ලෙයාන් 2008 වසරේ පැවැති නැගෙනහිර පළාත් සභා ඡන්දයට ඉදිරිපත්වී තේරී පත්වූ අතර 2008 මැයි 16 වැනිදා සිට 2012 සැප්තැම්බර් 18 තෙක් නැගනෙහිර පලාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

ඉන් පසුවද ඔහු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස දිගටම කටයුතු කළේය. ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටියදීම ඔහු 2020 මහ මැතිවරණයට ඉදිරිපත්වී පාර්ලිමේන්තුවට තේරීපත්වූ අතර අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත්වී පාර්ලිමේන්තුව විසිරුවාහරින තෙක් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

අදාල සමස්ථ පාර්ලිමේන්තු කාලයේදීම (වසර 04ක් තුල) දින 82ක් පාර්ලිමේන්තුවට පැමිණ තිබුණේ නැත. 2022 අප්‍රේල් 19 වැනිදා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිල්ලෙයාන් ග්‍රාමීය මාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබණි. පසුගිය ජනාධිපතිවරණයේ දී පිල්ලෙයාන්ගේ සහයෝගය හිමිවූයේ රනිල් වික්‍රමසිංහ මහතා වෙතය.

Author – Tharindu Jayawardane

ජනතාවගේ කර මතින් බස් පදවන ලංගම කළමනාකරුවෝ 55ක් ගෙදර.!

ජනතාවගේ කර මතින් බස් පදවන ලංගම කළමනාකරුවෝ 55ක් ගෙදර.!

ප්‍රවාහන වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය බිමල් රත්නායක මහතා අද (8) පාර්ලිමේන්තුවේදී පැවසූවේ මේ වනවිට ලංගම බස් ඩිපෝ පනස් පහක් පාඩු ලබමින් පවතින බවයි.

එම ඩිපෝවල කළමනාකරුවන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙම ඩිපෝ ලාභ ලබන තත්වයට පත් කර ගැනීමට ඉදිරිපත් කෙරුණු තවත් යෝජනා දහයක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ගණිකා නිවාස අවසන්.. පොලීසියෙන් සහතිකයක්.!

ගණිකා නිවාස අවසන්.. පොලීසියෙන් සහතිකයක්.!

සම්බාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස සියල්ල වසා දමා අවසන් බව කුලියාපිටිය පොලිසිය පවසයි.

පසුගියදා දණ්ඩගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසයක් වටලා ගණිකා සේවයේ යෙදුණු කතුන් ඇතුළු කළමනාකරු ඇතුළුව පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුදිනම කුලියාපිටිය පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශවල විසින් ප්‍රදේශයේ සියලු සම්බාහන මධ්‍යස්ථාන පරීක්‍ෂා කර ඇත.

එහිදී ඇතැම් සම්බාහන මධ්‍යස්ථානවල ආයුර්වේද වෛද්‍යවරයකු හෝ නිසි පුහුණුවක් ලත් තෙරපිවරියන් සිට නැත.

තවත් බොහෝමයක ක්‍රමවත් පාරිභෝගික ලේඛනයක් පවත්වා ගෙන ගොස් නොතිබිණ. එමෙන්ම බොහෝ තෙරපිවරියන්ට නීත්‍යානුකූල වෛද්‍ය සහතික නොමැතිව එම සේවය සපයමින් සිට ඇත.

එහිදී පොලිසිය පෙන්වා දුන් සියලු අඩුපාඩු නිවරදි කර සතියක් ඇතුළත සිදුකරන නිරීක්‍ෂණයේදී සැකසී තිබියයුතු බව ද අවධාරණය කර ඇති අතර සතියකින් පසු ඊයේ (07 දා) යළිත් කළ සෝදිසියේදී එසේ තිබූ සම්බාහන මධ්‍යස්ථාන සියල්ලම වසා දමා ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇත.

මහ උළු ගෙදර රෙදි මහන මායියා ගැන චන්ද්‍රසේන කියන කතාව.!

මහ උළු ගෙදර රෙදි මහන මායියා ගැන චන්ද්‍රසේන කියන කතාව.!

දූෂණ චෝදනා මත රිමාන්ඩ් භාරයට පත් සිය බිරිඳ සහ සහෝදරයා හේතුවෙන් තමා දේශපාලන කටයුතු අවසන් නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

දේශපාලනයේ හා වෙනත් කටයුතුවල නිරත වීමේදී ඕනෑම අයෙකු අතින් යම් අඩුපාඩු සිදුවිය හැකි බව ඔහු පවසයි.

කෙසේවෙතත් ස්වාධීන ආයතනයක් වන අධිකරණයට තමා ගරු කරන නමුත් අධිකරණ තීන්දුවට එරෙහිව මහාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ අභියාචනා ගොනු කර ඇති බවත්, සාධාරණ තීන්දුවක් ලැබෙන ඇතැයි තමා විශ්වාස කරනා බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.එම්. චන්ද්‍රසේන

“මහනුවර පැවති රැස්වීමකදී, මගේ අසල්වැසියා වන ලාල් කාන්ත ඇමතිතුමා කිසිදු වැරැද්දක් නොකළ අය අත ඔසවන ලෙස ඉල්ලා සිටියා. නමුත් කිසිවෙකුත් අත ඔසවා නැහැ. දේශපාලන හෝ වෙනත් කටයුතුවල යෙදෙන විට අඩුපාඩු සිදුවීම සාමාන්‍ය දෙයක්. දේශපාලන ක්ෂේත්‍රයේ කීප දෙනෙකුම මෙවැනි සිදුවීම්වලට මුහුණ දී තිබෙනවා. එය සරදමට ලක් කළ යුත්තක් නොවේ,”

එස්.එම් චන්ද්‍රසේන මහතාගේ සහෝදරයා වන හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ චන්ද්‍රසේන මහතාගේ බිරිඳ ශාන්තිනී චන්ද්‍රසේන, පසුගියදා දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 16ක දැඩි වැඩ සහිත සිර දඬුවමකට යටත් කෙරිණි.

අප්‍රේල් 02 වන දින, කොළඹ මහාධිකරණය විසින් අදාළ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වීම මත එස්.එම්. රංජිත් සහ ශාන්තිනී චන්ද්‍රසේන යන පුද්ගලයින් දෙදෙනාටම වසර 16ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදී.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සේවය කළ එස්.එම්. රංජිත්, ඔහුගේ පෞද්ගලික ලේකම් වූ ශාන්තිනී චන්ද්‍රසේනගේ වැටුපට ඉන්ධන දීමනාව එකතු කර තිබියදීත්, ඇයගේ නිල වාහනය සඳහා ඉන්ධන වෙන් කිරීමට කටයුතු කිරීම ඔවුන්ට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාවයි.

රංජිත් මහතා 2012 සිට 2014 දක්වා ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සේවය කළ කාලය තුළ චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ශාන්තිනී, ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස සේවය කර ඇත.

අල්ලස් කොමිසම විසින් ශාන්තිනී චන්ද්‍රසේන මෙම කාලය තුළ වවුචර මගින් රුපියල් 2,680,528ක් සහ රුපියල් 5,379,623ක් වටිනා ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර ඇත.

ඇය සහ රංජිත් යන දෙදෙනාම ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල වාහන දෙක සහ ආරක්ෂක වාහනයට අමතරව තවත් වාහන දෙකක් නිදහස් කිරීමට පළාත් සභා මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ චෝදනාවටද ලක්ව සිටිති.

ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස සේවය කළ කාලය තුළ ඇයට නිල වශයෙන් හිමි නොවූ ඉන්ධන ප්‍රතිලාභ ලබා ගැනීම සම්බන්ධයෙන් ශාන්තිනී චන්ද්‍රසේන මෙම චෝදනාවට ලක්ව සිටින අතර, එම චෝදනාව සම්බන්ධයෙන් ස්වාමිපුරුෂයාගේ සහෝදරයා වන එස්.එම්. රංජිත් මහතාද චෝදනා ලබා ඇත.

මේ වනවිට බරපතල වැඩ ඇතිව සිරදඩුවමට ලක්ව ඇති රංජිත් මුද්‍රණ ක්ෂෙත්‍රයේ සිරකරුවන් සමගද ශාන්ති මැහුම් ක්ෂෙත්‍රයේ සිරකාරියන් සමගද වැඩ සඳහා යොදවා තිබේ.