Sports news (Sinhala)

සජබ මැයි රැලිය අතරමඟ විසිර යයි.!

සජබ මැයි රැලිය අතරමඟ විසිර යයි.!

සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍ර‍ේමදාස මහතා සහභාගිවන සජබ මැයි රැළිය අද (1) තලවකැලේ නගරයේදී පැවැත්විය.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා සිය මැයි දින කතාවෙන් පසු වෙනත් අත්‍යවශ්‍ය කටයුත්තකට බව පවසමින් එම ස්ථානයෙන් පිටත්ව යෑමත් සමඟ මැයි රැලිය සඳහා සහභාගී වූ පාක්ෂික ජනතාවද විසිර ගියහ.

මැයි රැලිය අවසන් නොමැති බවත් විසිර නොයනා ලෙසත් කිහිපවතාවක් ජනතාවට දැනුම්දුන් නමුත් ඔවුන් එම ස්ථානයෙන් ඉවත්ව ගියහ.

මේ හේතුවෙන් විපක්ෂනායකවරයාගේ කතාවෙන් පසුව මැයි රැලිය ඇමතීම සඳහා රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට සහ රංජිත් මද්දුමබණ්ඩාරට එම අවස්තාව අහිමි විය.

ලොකු පුටුව නැවතත් ශම්මිට.!

ලොකු පුටුව නැවතත් ශම්මිට.!

අද (31) කොළඹදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය පැවැත්විය.

එහිදි නැවතත් ශම්මී සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස තේරී පත්වූ බව දැනුම් දී තිබේ.

ඔහු මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස තේරී පත්වුයේ අඛණ්ඩව සිව්වැනි වාතාවටයි.

වසර 12කට පසුව ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්.!

වසර 12කට පසුව ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45යි පන්දු 1ක් අවසානයේ සියලුම දෙනා දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 209ක් පමණයි.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46ක් අවසානයේ කඩුලු 7ක් පමණක් දවී ලකුණු 210ක් රැස්කරගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

ඒ අනුව තරග තුනකින් යුත් එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගනිමින් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.!

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 45කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 324ක් ලබාගැනීමට සමත් විය.

අනතුරුව පැය 3කට ආසන්න කාලයක් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා ශ්‍රී ලංකාව යළි පන්දුවට පහර නොදුන් අතර පන්දුවාර සංඛ්‍යාව අඩුකර පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබාදීමට තරග තීරකවරයා කටයුතු කළේය.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සදහා නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 27කදී ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 221ක ඉලක්කයක් හිමිවිය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 27 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 175ක් පමණි.

හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා – නසීලන්ත එක්දින තරගයෙන් වනිඳු ඉවතට.!

හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා – නසීලන්ත එක්දින තරගයෙන් වනිඳු ඉවතට.!

හෙට (13) දඹුල්ලේදී ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග එක් නොවන බව වාර්තා වේ.

වනිදු හසරංගද ආබාධයකට ලක්වීම මත හෙට තරඟයට ක්‍රීඩා නොකරන බව වැඩිදුරටත් සඳහන් අතර තරඟාවලියේ ඉතිරි තරග දෙකම පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම පළමු එක්දින තරගයට පසුගිය 20යි 20 ක්‍රිකට් තරගයේදී කඩුළු ත්‍රිත්වයක් ලබා ගත් නවසීලන්ත ක්‍රීඩක Lockie Ferguson එක් නොවන බව සඳහන්. ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.!

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ සියලුම දෙනා දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 135ක් පමණයි.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 140ක් රැස්කරගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

එක්දින තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට.!

එක්දින තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින තරගය කඩුලු 05කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 189ක් රැස් කළේය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 02ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 190ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.!

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 38යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37කට ලකුණු 232ක් රැස්කරගැනීමට නියමිතව තිබුණේය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 31යි පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 234ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.!

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 1ක් දැවී ලකුණු 166ක් රැස්කරගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ, ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි විස්ස තරග ඉතිහාසයේ කොදෙව්වන්ට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණය ලෙසයි.

ශ්‍රී ලංකාවට එරෙහිව පිටියට පිවිසෙනා අරුන්දතීට අසාදු ලකුණු.!

ශ්‍රී ලංකාවට එරෙහිව පිටියට පිවිසෙනා අරුන්දතීට අසාදු ලකුණු.!

අද (09) දිනයේ ශ්‍රී ලංකාවට එරෙහිව තරග බිමට පිවිසෙන ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩිකා අරුන්දතී රෙඩ්ඩිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ තරඟ ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් හා අසාදු ලකුණක් දඬුවම් ලෙස නියම කළේය.

ඒ පාකිස්තානය සමඟ පැවති තරගයේදී ඇය විසින් පාකිස්තාන ක්‍රීඩිකාවකට ඇඟිල්ල දිගු කොට තර්ජනය කළ බවට චෝදනා කිරීම හේතුවෙනි.

වේග පන්දු යවනා දකුණත් ක්‍රීඩිකා රෙඩ්ඩිට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අසාදු ලකුණක් ලබාදුන් පළමු අවස්ථාව මෙයවූ අතර, වසර දෙකක කාලය තුළ ඇයගේ පළමු වරද මෙය විය.

ඇය ඉදිරියේදී තවත් අසාදු ලකුණු හතරක් එක් කර ගතහොත් තරග තහනමකට ලක්වනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම සංග්‍රහය අනුව භාෂාව, ක්‍රියාව හෝ අභිනය භාවිත කොට අපහාස කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර ඇයට එරෙහි මේ දඬුවම තරග තීරක දකුණු අප්‍රිකානු ජාතික ෂැන්ඩ්‍රි ෆ්‍රිට්ස් මහත්මිය විසින් යෝජනා කළ අතර, එයට රෙඩ්ඩි අවනත විය.

කෙසේවෙතත් කඩුලු තුනක් දවාගැනීම හේතුවෙන් දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.