Sports news (Sinhala)

කොල්කටා අවසන් මහා තරගයට.!

IPL 2024 තරගාවලියේ play off වටයේ පැවති තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය හිමිකරගැනීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට සියලුදෙනා දැවී ලකුණු 159ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 04ක් වැය කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

එම ජයග්‍රහණයත් සමඟ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත.

සුපිරි ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගනී.!

එළඹෙන ජුලි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ජේම්ස් ඇන්ඩර්සන් සදහන් කර ඇත.

එංගලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් එංගලන්තයේ මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන අතර ටෙස්ට් තරග 187කදී කඩුලු 700ක් දවාගෙන ඇත.

ජේම්ස් ඇන්ඩර්සන් Instagram හි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “මම කුඩා කල සිටම ආදරය කළ ක්‍රීඩාව කරමින් මගේ රට නියෝජනය කරමින් ඇදහිය නොහැකි වසර 20 ක් ගතවී ඇත.”

එළඹෙන ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්තය නවක තරුණ වේගපන්දු යවන්නන් කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය සුපිරි ක්‍රීඩකයාට ක්‍රීඩාලෝලීන් “හූ” කියයි.!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන හර්දික් පාන්ඩ්‍යට දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතියි.

තුන් ඉරියව් ක්‍රිඩකයෙක් වන පාන්ඩ්‍යා පසුගිය 2021 වසර දක්වා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩා කළ අතර 2022 සහ 2023 වසර වලදී ගුජරාට් ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය.

නැවතත් ඔහු 2024 තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්වූ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ රෝහිත් ශර්මා ඉවත් කරමින් නායකයා ලෙස එක්විය.

කෙසේ වෙතත් රෝහිත් ශර්මා ඉවත් කර ගත් තීරණයට මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩාලෝලීන් දැඩි අකමැත්තක් දක්වන අතර ඔවුන් සිය තරහ පිරිමසා ගැනීමට හර්දික් පාන්ඩ්‍යාට “හූ” කීමට කටයුතු කර ඇත.

මේ වනවිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අහමදාබාද්, හයිද්‍රාබාද් සහ මුම්බායි හිදී තරග සඳහා සහභාගී වු අතර එම තරග තුනේදීම පාන්ඩ්‍යාට ක්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවිය.