Why is this happening (Sinhala)

රාජ්‍ය සේවයේ වැඩි කළ වැටුප අප්‍රේල් 25.?

රාජ්‍ය සේවයේ වැඩි කළ වැටුප අප්‍රේල් 25.?

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ රාජ්‍ය සේවකයන්ගේ වැඩි කළ වැටුප අප්‍රේල් වැටුප අනිද්දා (10) වනවිට ගෙවීමට කටයුතු කරනා ලෙසයි.

කෙසේවෙතත්, පිළිගත් හේතුවක් මත එම අයවැයෙන් සංශෝධිත වැටුප එදිනට ගෙවීමට නොහැකි නම් එම හිඟ මුදල අප්‍රේල් (25) වැනිදා ගෙවීමට කටයුතු කළ යුතු බව අමාත්‍යංශය විසින් වැඩිදුරටත් දැනුම්දී ඇත.

වසර 12,500 කට පෙර මිය වෘකයයන් තිදෙනෙකුට පණ එයි.!

වසර 12,500 කට පෙර මිය වෘකයයන් තිදෙනෙකුට පණ එයි.!

ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් විසින් ලෝකයම මවිතයට පත්කරමින් වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට සමත් වී සිටිති.

වර්තමානයේ දකින්න ලැබෙන අළු වෘක ධේනුවකගේ බීජාණු සෛලවල ඩී.එන්.ඒ. අඩංගු න්‍යෂ්ටි කොටස ඉවත් කරමින්, ‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව එය යළි නිර්මාණය කිරීමට විද්‍යාඥයෝ සමත්ව ඇති අතර මිහිමතින් වඳ වී ගිය සතකුට මේ අයුරින් පණ දුන් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

‘ඩයර් වුල්ෆ්’ යන්නෙහි අරුත බිහිසුණු වෘකයා යන්නය. මෙම වෘකයන් වර්තමානයේ අපට දකින්න ලැබෙන වෘකයන්ට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාල වන අතර මේ පිළිබඳ පරීක්ෂණ කළ විද්‍යාඥයන්ට උන්ගේ ජාන ව්‍යුහය හඳුනා ගැනීමට හැකිව තිබුනි.

‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව සකස් කළ එම බීජාණු, සුරතල් බැල්ලකගේ ගර්භාෂයේ තැන්පත් කර, පසුව පැටවුන් ලබා ගැනීම සිදු කෙරුණි.

ඒ අනුව සුදු පැහැති ‘ඩයර් වුල්ෆ්’ වෘක පැටවුන් තිදෙනකුට පණ දීමට විද්‍යාඥයන් සමත් වූ අතර එම තිදෙනා රොමියුලස්, රීමස් සහ කලීසී යනුවෙන් නම් කර ඇත.

මෙම විෂ්මිත නිර්මාණය සිදුකළේ ‘කොලෝසල් බයෝසයන්ස්’ විද්‍යා පර්යේෂණ සමාගමය වන අතර 2028 වසරේදී අයිස් යුගයේ ජීවත් වුණු මැමතකුට පණ දීමට ද මෙම සමාගම සූදානම්ව සිටිති.

ඊට අමතරව, වඳ වී ගිය පියාඹා යා නොහැකි ඩෝඩෝ කුරුල්ලකුටත්, ටැස්මේනියානු ව්‍යාඝ්‍රයකුටත් පණ දීමට ‘කොලෝසල් බයෝසයන්ස්’ විද්‍යාඥයන් සූදානම් බව පැවැසෙයි.

ට්‍රම්ප් ශ්‍රී ලංකාවෙන් බිලියන 435ක් වාශ්ප කරයි.!

ට්‍රම්ප් ශ්‍රී ලංකාවෙන් බිලියන 435ක් වාශ්ප කරයි.!

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගියදා හඳුන්වා දෙන ලද නවතම ආනයනික තීරුබදු ප්‍රතිපත්ති, මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමක් දක්වා දුරදිග ගොස් ඇති අතර ඒ හේතුවෙන් ලොව පුරා කොටස් වෙළෙඳපොළ ගණනාවක් දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඇත.

ඒ අනුව මෙරට එකම කොටස් වෙළෙඳපොළ වන කොළඹ කොටස් වෙළෙඳපොළ ද, ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම තීරණයේ ගොදුරක් බවට පත්ව ඇත්තේ, එකී තීරණය ප්‍රකාශයට පත්වීමත් සමඟම අඛණ්ඩ ගනුදෙනු දින 3ක් පුරාවට දැවැන්ත පරිහානියක් විඳදරා ගැනීමට සිදුවීමත් සමඟයි.

අප්‍රේල් 02 දින වන විට රු. බිලියන 5,688.56ක් ලෙසින් වාර්තා වූ කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම ඊයේ වන විට රු. බිලියන 5,253.18ක් දක්වා පහළ බැස ඇත්තේ මෙම දින 03 තුළ දී පමණක් රු. බිලියන 435.37ක්, එනම් රු. කෝටි 43,537ක්, කොළඹ කොටස් වෙළෙඳපොළෙන් සෝදා හරිමිනි. 

මෙහිදී ඊයේ දිනය තුළ දී පමණක් කොටස්‌ වෙළෙඳපොළට අහිමිව ඇති වටිනාකම රු. බිලියන 227කි.

පසුගිය අප්‍රේල් 02 දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,007.44ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එය ඊයේ (07) දිනයේ ගනුදෙනු සමාප්තිය වන විට ඒකක 14,660.45ක් දක්වා දැවැන්ත පහළයාමක් වාර්තා කර ඇත.

එනම් මෙම ගනුදෙනු දින 03 තුළ දී පමණක් ඒකක 1,346.99 කින්, නැතහොත් 8.41%කින් කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇත.

කෙහෙලියගේ වාරයත් එයි.. සෙනසුරු මාරුවෙන් හිටපු මැති ඇමති 8කට මාරකයක්.!

කෙහෙලියගේ වාරයත් එයි.. සෙනසුරු මාරුවෙන් හිටපු මැති ඇමති 8කට මාරකයක්.!

ජෝතිෂ්‍ය විද්‍යාව තුළ හඳුනා ගැනෙන සෙනසුරු යනු කර්මයට තීන්දු දෙන ග්‍රහයායි. ඊට මූලික හේතුව සෙනසුරු ගේ වෙනස් වීම් තුළින් කෙනකුගේ දියුණුව මෙන්ම කඩා වැටීමත් එක ලෙසින් සිදුවීමට ඇති ඉඩකඩයි.

මෙලෙසින් විවිධ යෝග කාරකයන් ගෙන දෙන බලවත් සෙනසුරු ග්‍රහයා ගේ සුවිශේෂී ග්‍රහ මාරුවක් 2025 මාර්තු මස 29 වැනි දින සිදුවිය. එය වසර 30කට පසුව සිදුවූවකි. එදින සෙනසුරු ග්‍රහයා මීන රාශියට සම්ප්‍රාප්ත විය.

කෙසේවෙතත් මෙම ග්‍රහ මාරුවේ බලපෑම හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු තවත් මැති ඇමතිවරුන් 8 දෙනෙකුට ඉතා නරක ප්‍රතිඵල අත්කර දීමට සමත්ව ඇති බව රජයේ අභ්‍යන්තර තොරතුරු හරහා අනාවරණය වෙයි.

හිටපු ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකටත් රාජ්‍ය අමාත්‍යවරුන් ගණනාවකටත් එරෙහිව අධි චෝදනා යටතේ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව පැවසෙයි.

මේ අනුව පැවරෙන ප්‍රධානම නඩුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මහතාට එරෙහිව ඉදිරි දින කිහිපය තුළ පැවරෙනු ඇතැයි දැනගන්නට තිබේ. ඒ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් බෙහෙත් ආනයනයේදී සිදු කළ වංචාව සම්බන්ධයෙනි.

මේ හැර තවත් හිටපු කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකුට සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනකුටත් නඩු පැවරීමට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දියත් කර ඇතැයි සඳහන් වෙයි.

හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධරයන් ගණනාවකට අදාළ පරීක්ෂණ ද ආරම්භ කර තිබේ. ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් දේශපාලනඥයන් ගැන ද මේ වනවිට වෙනම විමර්ශනයක් සිදු කරමින් පවතී.

මෙම නඩු ඉතා ඉක්මනින් පැවරීමට නීතිපතිවරයා සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

සමාජවාදය අවසන්.. අපි ඩඩ්ලි, ධම්මික සමඟ වැඩකරමින් ඉදිරියට යනවා.!

සමාජවාදය අවසන්.. අපි ඩඩ්ලි, ධම්මික සමඟ වැඩකරමින් ඉදිරියට යනවා.!

අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසන්නේ තම පක්ෂය 1971 සහ 1988 ජීවිත පරිත්‍යාගයෙන් අරගල කරන ලද්දේ සමාජවාදය වෙනුවෙන් බවත් ඒ සඳහා ජීවිත හැත්තෑ දහසක් පමණ දනපති පන්තිය විසින් විනාශ කර දැමූ බවත් ය.

ජාතික ජන බලවේගයේ වර්තමාන ක්‍රියා කළාපය හේතුවෙන් සමාජවාදය වෙනුවෙන් සිදුකළ ජීවිත කැපකිරීම් වතුරේ ගිය බවට සතුරු කණ්ඩායම් විසින් කිඹුල් කඳුලු හෙළමින් සිටින බවට අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අද වනවිට සමාජවාදී කඳවුරු ලෝකයේ ක්‍රියාත්මක නොවන බවත් තම ආණ්ඩුවට ඉදිරියට යාමට සිදුවන්නේ ලෝකයේ සියලුම රටවල් සමඟ ගනුදෙනු කරමින් බවත් පෙන්වාදුන් ලාල්කාන්ත මහතා ඩඩ්ලි සිරිසේන, ධම්මික පෙරේරා මෙන්ම ගොවියා කම්කරුවා සමඟත් වැඩකරමින් ඉදිරියට යා යුතුව ඇති බව පැවසීය.

ඇමරිකාවෙන් ගෙන්වන බඩු වලට බද්ද 0%.?

ඇමරිකාවෙන් ගෙන්වන බඩු වලට බද්ද 0%.?

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසන්නේ ශ්‍රී ලංකාව මේ මොහොතේ ඇතිව තිබෙනා අර්බුදයෙන් ගැලවීමටනම් නිර්මානශීලීව සිතා බලා ඇමරිකා එක්සත් ජනපදයෙන් මෙරටට ආනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට බිංදුවක් දක්වා අඩු කළ යුතු බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ අදහස් පල කරන ලදී.

“ඇමරිකාව සමග පවතින වෙලදාම සම්බන්ධයෙන් ගැටලුවක් ඇවිත් තිබෙනවා, මෙතෙක් කාලයක් අපි ගැටලුවක් තිබුනේ නෑ. ඒ සම්බන්ධයෙන් ඇමරිකාවට ස්තූතියිවන්ත වෙනවා.නමුත් දැන් ඩොලන්ඩ් ට්‍රම්ප් ප්‍රතිගෝලීකරණයට තල්ලු වී තිබෙනවා.

ඇමරිකාව සහ අපි අතර අපනයනය සහ ආනයනය අතර පරතරය වැඩි උනා. අපි ඇමරිකා භාණ්ඩ ගෙන්වනකොට ඇමරිකාවෙන්ම ගේන්න ඕන නෑ. වෙනත් රටවල් හරහා ගෙන්වන්න පුලුවන්.

මේ වෙලාවේ කල යුතු හොදම දේ අපි ඇමරිකාව එක්ක සාකච්චා කල යුතුයි. අපි ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සදහා තීරු බදු 0% කල යුතුයි. එහෙම අපි නිර්මාණශීලී විය යුතුයි.

මේක වෙන්න කලින් මම මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවේදී ඇහුවා. එතකොට අනිල් ජයන්ත කිව්වේ මාස දෙකකින් උත්තර දෙන්නම් කියලයි. දැන් අපි නිර්මාණශීලී විය යුතුයි. හොදම දේ ඇමරිකානු භාණ්ඩ වලට 0% ක් කිරීමයි. අපි විශාල බඩු ප්‍රමාණයක් ඇමරිකාවට අපනයනය කරනව. මේ ආකාරයටයි සිංගප්පූරුව ජපානය දියුණු උනේ.

ඉස්සරහ ලෝකයටම ගැහුවේ එක බද්ධක්. දැන් ඒක වෙනස් කර තිබෙනවා. එක එක රටවලට එක එක බදු ප්‍රමාණයන් අය කරනවා.ඒ නිසා දැන් අපි නිර්මාණශීලී වියයුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම අපි කියන්නේ මේ ණය ගෙවන්න පුලුවන් වන්නේ අපනයනය හරහායි. හැම එකමටම පිලිතුර IMF එකම නෙවෙයි.

ඉන්දියාවෙ අගමැති තුමා ආවා, ඒ ගැන අපි සතුටු වෙනවා, නමුත් මෝදි ඇවිත් පන්ති පහ ඉගෙන ගත්තාද නැත්නම් එහේ දේවල් අපේ ආණ්ඩුවට ඉගැන්වුවාද කියලා ගැටලුවක් තිබෙනවා. කෙසේ හෝ ඉන්දියාව එක්ක සමීපව වැඩ කරන්න ඕන. දැන් අදානිගේ ප්‍රශ්නය යට ගහන්න හොද නෑ.නමුත් මේ රටේ බලශක්තිය ගැන හිතන්න ඕන. මොනවා කිව්වත් අදානි ගේ ක්‍රමය තුල පවර් ලයින් එකක් ගේන්න හදනවා.

අපි අලුතින් හිතන්න ඕන.මේ රජයේ නිලධාරීන්ට පමණක් ආර්ථිකය හසුරවන්න නොදිය යුතුයි. ඩිජිටයිල්ශේෂන් ගැන ගැටලුවක් තිබෙනවා, අපේ රටට සයිබර් ආරක්ෂණ ක්‍රමවේද අවශ්‍යයි. සයිබර් සිකුරිටි එක ගැන මේ ආණ්ඩුව හිතන්න ඕන. එදා හැමදේටම විරුද්ධ වෙච්ච අය අද ආණ්ඩු කරනවා.දැන් මේ දේවල් ඉදිරියට ගෙන යන එක හොදයි.ඉන්දියාව ලෝකයේ විශාලම ආර්ථිකයක් ඇතිවෙන රටක්.ඒ නිසා ඉන්දියාව සමග ගනුදෙනු කිරීම හොදයි.මගේ අදහස ඉන්දියාව සමග ගනුදෙනු කිරීම නිසා ලංකාවට හොදක් වෙනවා කියන එකයි.

එදා සාම්පූර් වලට විරුද්ධ වෙච්චායම මෝදි ගෙන්වා මේ දේවල් කිරීම ගැන අපි සතුටු වෙනවා, දැන් දූෂණයත් නෑ පෙලපාලිත් නෑ දැන් රටට ආයෝජන ගෙන්වන්න පුලුවන්. මේ රටේ නිෂ්පාදනය ඇතිකර අපි අපනයන ආර්ථිකයක් ඇති කල යුතුයි.”

මර්වින්ගේ තනියට ලේකම්තුමාත් ඇතුළට.!

මර්වින්ගේ තනියට ලේකම්තුමාත් ඇතුළට.!

සරත් කුමාර එදිරිසිංහ හෙවත් ‘සිංගප්පූරු සරත්’ නැමැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහි නඩුවේ 4 වන සැකකරු වෙයි.

අද (04) උදෑසන කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

අදාළ පුද්ගලයා එවක්ස්ට මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබේ.

‘සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මුහුදු වෙරළේ කාන්තා මළසිරුරක්.!

මුහුදු වෙරළේ කාන්තා මළසිරුරක්.!

මොරටුව පොලිස් වසමේ උස්වත්ත රවුම් පාර ප්‍රදේශයේ වෙරළ තීරයේ තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ. 

කාන්තා මළසිරුරක් ඇති බවට මොරටුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව සිදුකළ පරීක්ෂාවකදී පොලීසියට මෙම සිරුර හමුව ඇත.

මරණකාරිය වයස අවුරුදු 58ක් වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට තහවුරු කරගෙන තිබේ.

මෘතශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

කළුතර පස් හැවිරිදි දරුවා ඝාතනය රුපියල් 5000ක කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක්.!

කළුතර පස් හැවිරිදි දරුවා ඝාතනය රුපියල් 5000ක කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක්.!

කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් කළුතර ගමගොඩ පාර, රජවත්ත ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර සය හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කිරීම සහ කාන්තාවකට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

දොඩංගොඩ අක්කර 33 ප්‍රදේශයේ සහ සහ කළුතර කෝන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 සහ 25 වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන් ඉකුත් 29 වනදා රාත්‍රියේ කළුතර ගමගොඩ ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇති අතර එහිදී කාන්තාවක් තුවාල ලබා පස් හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබුණි.

මියගිය දරුවා එම නිවසට රූපවාහිනිය නැරඹීමට පැමිණ සිටි අසල්වාසී දරුවෙකු පසුව අනාවරණය විය.

මත්කුඩු ජාවරමකට අදාළ මුදල් ගනුදෙනුවක් මත ලබාදුන් කොන්ත්‍රාත්තුවක් අනුව සැකකරුවන් තුවාල ලැබූ කන්තාව ඉලක්ක කරගනිමින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇති අතර ප්‍රහාරයෙන් පිලිස්සුම් තුවාල ලැබූ දරුවාගේ විලාපය සමග සැකකරුවන් රැගෙන ආ අනෙක් බෝම්බය එල්ල නොකරම පලාගොස් තිබුණි.

සැකකරුවන් ප්‍රහාරය සදහා  භාවිතා කල යතුරුපැදිය, තවත් පෙට්‍රල් බෝම්බයක් සැදීමට භාවිතා කල දෑ සහ ජංගම දුරකථන දෙකක්ද පොලිසියිය විසින් සොයාගෙන ඇත.

මෙම කොන්ත්‍රාත්තුව වෙනුවෙන් සැකකරුවන්ට ලැබී ඇත්තේ රුපියල් 5000 ක මුදලක් බවටද සිදුකල වැඩිදුර විමර්ශන වලදී හෙලිව ඇති අතර සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

සැකකරුවන් බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පෙර එම නිවස වෙත ගමන් ගන්නා ආකාරය මෙන්ම, පෙට්‍රල් මිලදී ගැනීම සඳහා කළුතර ප්‍රදේශයේ ඉන්ධන හලකට පැමිණෙන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශනද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා

මගේ නෝනට අත තිබ්බොත් බලාගමු.. ලොහාන්ගෙන් ජනපතිට තර්ජනයක්.!

මගේ නෝනට අත තිබ්බොත් බලාගමු.. ලොහාන්ගෙන් ජනපතිට තර්ජනයක්.!

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පළාත් පාලන මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික් ජන හමුවක් අමතමින් පැවසූවේ තමා පසුගිය මහ මැතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවුණේ තමා මෙතරම් සේවයක් රට වෙනුවෙන් සිදුකර තිබියදී ජනතාවට එහි අගයක් නොමැති බව දැනුනු නිසා බවයි.

තමා කිසිම දිනක පක්ෂය දාලා ගියේ නොමැති බවත් පක්ෂය දාලා යන්නේ නොමැති බවත් සඳහන් කළ රත්වත්තේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දුන්නේද පක්ෂයේ එකඟතාවය අනුව පමණක් බවයි.

ඔහු පවසන්නේ වත්මන් රජය බලයට පත්වීමට පෙර ලබාදුන් එකදු මැතිවරණ පොරොන්දුවක්වත් මේ වන විට ජනතා වෙනුවෙන් ඉෂ්ට කර නොමැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රත්වත්තේ මහතා,

“මං දන්න තරමින් මටනම් පොරොන්දු දෙකක් කරා.. මාව හිරේ දැම්මා.. මගේ නෝනවත් හිරේ දැම්මා.. ලැජ්ජයි ජනාධිපතිතුමා. මාව හිරේ දැම්මට කමක් නෑ, මගේ නෝනවත් හිරේ දැම්මා.. මේකද දේශපාලනය. අනුරාධපුර හිටපු මහ ඇමතිතුමා හිරේ දාලා තියෙනවා චන්ද්‍රසේන ඇමතිතුමාගේ නෝනවත් හිරේ දාලා තියෙනවා. තමුන්නාන්සේලා 88-89 කරපු දේවල් වලට තමුන්නාන්සේලා එල්ලුම් ගස් යන්න ඕනේ.

ඒනිසා අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා තමුන්නාන්සෙලා මේ රටට හොඳක් කරනවා නම් අපි තමුන්නාන්සේලත් එක්ක ඉන්නවා, හැබැයි එහෙම නැත්නම් අපිටත් විකල්ප මාර්ගයක් ගන්න වෙනවා කියන පණිවිඩය අපි අද දෙන්න ඕනේ.

එනිසා මම ආණ්ඩුවට බනින්න යන්නේ නෑ.. ප්‍රශ්නයක් නෑ.. තමුන්නාන්සේලාට ජනවරමක් ලැබිල තියෙනව.. හැබැයි ඉෂ්ට කරන්න ඕනේ.. ඒක ඉෂ්ඨ කරන්න ඕනේ.. බැරි නම් බෑ කියන්න. නාමල්ට දෙන්න. අපි ඉන්නවා ඒකට උදව් කරන්න.

මහින්දත් තාම ඉන්නවා.. ඒ හින්දා අපි ජනාධිපතිතුමාගෙනුත් අග්‍රාමාත්‍යතුමියගෙනුත් ඒ පක්ෂයේ ඉන්න සියලුම දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා පලි ගන්නෙ නැතුව මේ රට හදන්න.. තමුන්නාන්සේලා දුන්නු පොරොන්දු ටික ඉෂ්ට කරන්න බැරි නම් අපිට දෙන්න.. අපි කරල පෙන්නන්නම්. අපි කරල තියෙනවා. කරන්නත් දන්නවා. මහින්ද මහත්තයා මේ රටට කරපු දේවල් තමුන්නාන්සේලා සියලු දෙනාම දන්නවා.”

මම අනුර කුමාර ජනාධිපතිතුමාට කියනවා මාව හිරේ දාන්න දහ සැරයක් දාන්න පහළොස් සැරයක් දාන්න කිසි ප්‍රශ්නයක් නෑ.. හැබැයි මගේ නෝනට අත තිබ්බොත් නං මම කරන දේ මම දන්නවා”