Why is this happening (Sinhala)

අලුත් අවුරුදු සහනය හෙටින් ඇරඹෙයි.!

අලුත් අවුරුදු සහනය හෙටින් ඇරඹෙයි.!

රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPFED අලෙවිසැල් ජාලය මගින් අලුත් අවුරුදු සමයට රජයෙන් ලබාදෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ල හෙට (01) සිට ලබා ගත හැකියි.

මේ අනුව රුපියල් 5,000ක් වටිනා ආහාර ද්‍රව්‍ය ඇතුළත් ‘සහන මල්ල’ රුපියල් 2,500 ක මුදලකට මිලට ගැනීමටයි හැකියාව පවතින්නේ.

පසුගියදා රජය නිවේදනයක් නිකුත්කරමින් පැවසූවේ හෙට (01) සිට ලබන (13) දින දක්වා කාලය තුළ මෙම සහන පැකේජය ලබා ගැනීමට ජනතාවට හැකි බවයි.

ඒ සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කරනු ලැබ ඇති 812,753 ක් වන අයදුම්කරුවන් අතුරින් යෝග්‍ය ප්‍රතිලාභීන්ට අවස්ථාව ලැබේ.

නව රජයේ රැකියා 30,000ක්.. සුදුස්සන්ට පමණයි.!

නව රජයේ රැකියා 30,000ක්.. සුදුස්සන්ට පමණයි.!

අද (31) බුත්තල නගරයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසූවේ රාජ්‍ය සේවයට තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බවයි.

“අපි 30,000ක් බඳවා ගන්නවා හැකියාව දක්ෂතාවය තියෙන අලුත් තරුණ පරම්පරාව. දැන් සල්ලි වෙන් කරලා තියෙන්නේ. මම දැක්කා දැන් ගොඩක් පත්තරවල දැන්වීම් යනවා. ඇප්ලිකේෂන් දාන්න අපි රස්සා දෙන්නම්.

ඒ වගේම අස්වැසුම නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ ගොල්ලන්ට ලැබිය යුතුයි හැබැයි ලැබෙන්නේ නෑ. අපි ඇප්ලිකේෂන් කැඳවලා තියෙනවා. දැන් තෝරා ගැනීමේ මණ්ඩල හරහා තෝරාගෙන ජුනි මාසයේදී පවුල් ලක්ෂ 4කට අලුත්නි අස්වැසුම ලබා දීමට කටයුතු කරනවා. 

ඒ වගේම ඉන්නවා ජන ප්‍රජාවක් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් වෙලා තියෙනවා, විශ්‍රාමිකයින්ට වැටුප් වැඩිවෙලා තියෙනවා, අස්වැසුම වැඩිවෙලා තියෙනවා  මේ මොකවත් නැති කණ්ඩායමක් ඉන්නවා ලක්ෂ 8ක් විතර. ඒ ජනතාවට රුපියල්  5000ක ආහාර මල්ලක් රුපියල් 2500ට සතොසෙන් ලබා දෙනවා.”

ශ්‍රී ලංකාවෙන් මියන්මාරයට මානුෂීය ආධාර.!

ශ්‍රී ලංකාවෙන් මියන්මාරයට මානුෂීය ආධාර.!

විපතටපත් මියන්මාරයට මානුෂීය ආධාර ලබා දීම සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් ලබා දීම සම්බන්ධ ජනපතිවරයා ප්‍රමුඛ රජයේ අවධානය යොමුව තිබේ. 

ඒ අනුව අද දින (31) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පීඩාවට පත් ජනතාවට‍ අවශ්‍ය මානුෂීය ආධාර සහ සෙවීම් මුදවාගැනීම් කණ්ඩායම් ලබාදීම සම්බන්ධීකරණ කිරීම සඳහා අවශ්‍ය මුලික සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, අනෙකුත් පාර්ශ්වකාර රාජ්‍ය ආයතන නියෝජිතයින්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ දේශීය ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වී තිබේ.

එහිදී පීඩාවට පත් වු ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා අනුව පවතින තත්ත්වය පිළිබඳ සැලකිල්ලට භාජනය කරමින් ක්ෂණිකව අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීම සඳහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සැකසීම සහ කඩිනමින් හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් මියන්මාරය බලා පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගැනීමට මෙම සාකච්ඡාවේදී තිරණය වී තිබේ.

වලස්මුල්ල රෝහලේ ඩොක්ටර් අයිස් සමඟ මාට්ටු.!

වලස්මුල්ල රෝහලේ ඩොක්ටර් අයිස් සමඟ මාට්ටු.!

මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය විසින් අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඒවා පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකු හා ඔහුගේ මිතුරකු මාතර දීයගහ ප්‍රදේශයේ කඩ කාමරයදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල වෛද්‍යවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්රැම් 400 ක් ද ඔහුගේ මිතුරා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්රැම් 2100 ක් හා හෙරෝයින් මත්ද්‍රව්‍ය මිලි ග්රැම් 180 ක් ද පොලීසිය සොයා ගෙන ඇත.

ඊට අමතරව සැකකාර වෛද්‍යවරයා එම ස්ථානයට පැමිණි සුබෝපභෝගී මෝටර් රථය ද ඔහුගේ වෛද්‍ය නලාව ද පොලිස් බාරයට ගෙන තිබේ.

34 වැනි වයසේ පසුවන ඔවුන් දෙදෙනාම කොළඹ ජනප්‍රිය පාසල්වල ඉගෙනුම ලබා ඇති බවත් සැකකාර වෛද්‍යවරයා 2016 වසරේ දී වෛද්‍ය උපාධිය ලබා ගෙන ඇති බවත් පොලීසිය කියයි.

කැඳ එපා.. දේශබන්දු රැවුල බේරාගැනීමේ මෙහෙයුමක.?

කැඳ එපා.. දේශබන්දු රැවුල බේරාගැනීමේ මෙහෙයුමක.?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව විවාදයට ගැනීමට පෙර ඔහු එම තනතුරින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

ඔහුට එරෙහි යෝජනාව සම්මතවී තනතුරින් ඉවත් කිරීමට පෙර මෙසේ ඉවත්වීමෙන් යම් ගෞරවනීය තත්වයක් ඇතිකර ගත හැකි බවත් ඒ හරයා ඔහුට ලැබීමට නියමිත යම් දීමනා සහ වරප්‍රසාද ලබා ගැනීමටත් හැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර අධිකරණයේ විනිශ්චයට භාජනය වෙමින් පවතින හෝ අධිකරණයේ තීන්දුව දීමට නියමිතව තිබෙන යම් කාරණයක් පිළිබඳව මන්ත්‍රීවරෙකු විසින් ඉදිරිපත් කරන යෝජනාවක සඳහන් නොකළ යුතු යැයි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වන හෙයින් අදාළ යෝජනාව විවාදයට ගැනීමට නීතිමය බාධාවක් මතුව ඇති බවත් ඇතැම් පිරිස් පෙන්වා දෙති.

විනිශ්චයට භාජනය වී තිබෙන කාරණයට එරෙහිව නීති කඩ කරමින් කතා කරන කවර හෝ මන්ත්‍රීවරයකුට සිය ආසනයෙහි අසුන් ගන්නා ලෙස නියෝග කිරීමට කතානායකවරයාට හෝ මූලාසනාරූඩ මන්ත්‍රීවරයාට හැකියාව පවතින බවද එම ස්ථාවර නියෝගවල දැක්වේ.

කෙසේ වෙතත් එවැනි අගතියක් ඇති නොවන බව කතානායකවරයාගේ මතය වන්නේ නම් එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඔහුට ඉඩකඩ ඇති බවද එම නියෝගවල සඳහන්වේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් පහ කිරීමේ යෝජනාව සම්මත කිරීමට පෙර පොලිස්පතිවරයාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමේ යෝජනාව ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කරනු ලැබ ඇත.

ස්ථාවර නියෝග අනුව කමිටුව පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද 113කින් සම්මත කළ යුතුව ඇත.

පාර්ලිමේන්තුවේ නව ශාකාවක්.!

පාර්ලිමේන්තුවේ නව ශාකාවක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ හිටපු බොහෝ දේශපාලකයන්ට ඉදිරියේදී වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් හදාගන්න පුළුවන් වනු ඇති බවයි.

මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව හරහා බොහෝ නඩු ගොනු කර තිබෙන බව කී ජනාධිපති අනුර දිසානායක මහතා ක්‍රිෂ් නඩුවද එවැන්නක් බව සඳහන් කළේය.

මාතර බ්‍රවුන්ස් හිල් නඩුවද ඉතා ඉක්මනින් පැවරෙනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඇතැම් දේශපාලකයන් ඥාතීන්ගේ නමට බ්‍රවුන්ස් හිල් වල ඉඩම් ගෙන තිබෙන අතර ඉඩම් මිලදී ගැනීම සඳහා සල්ලි සොයා ගත් ආකාරය ඔවුන්ට හෙළි කරන්නට බැරි වී තිබෙන බවද සඳහන් කළේය.

මාතර ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් ජනපතිවරයා මේ බව පැවසීය.

හෙට සිට කාලගුණය වියරු වෙයි.!

හෙට සිට කාලගුණය වියරු වෙයි.!

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට (01) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

වසන්තය නිමි.. බිත්තර මිල 60/= පනී.!

වසන්තය නිමි.. බිත්තර මිල 60/= පනී.!

සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසන්නේ සීඝ්‍රයෙන් පහළ යන බිත්තර මිල පාලනය කිරීමට රජය පියවර නොගතහොත් තවත් නොබෝ දිනකින් යළිත් බිත්තරය රුපියල් 60 අභිබවා ඉහළ යනු ඇති බවයි.

එම සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි පෙන්වා දෙන්නේ, බිත්තර මිල පහළ යාම හේතුවෙන් බොහෝ බිත්තර නිෂ්පාදකයින් කිකිළියන් මසට විකිණීමට පෙළඹී ඇති බවයි.

බිත්තර කුකුළු මස් (කරි චිකන්) කිලෝවක් මිලදී ගැනීම් මිල රුපියල් 250-300 දක්වා පහත බැසීම හරහා පෙන්නුම් කරනුයේ අති විශාල ප්‍රමාණයෙන් බිත්තර කුකුළන් මස් සඳහා අලෙවි වෙමින් පවතින බවයි.

රාමසාන් සමයේ අධික ඉල්ලුම හේතුවෙන් මේ වනවිට වෙළඳපොළ පවතින බිත්තර අතිරික්තය තවත් දින කිහිපයකින් අවසන් වනු ඇති බවත් ඉන් පසු නැවතත් සිංහල දෙමළ අළුත් අවුරුදු කාල සීමාව තුළ අධික බිත්තර හිඟයක් ඇතිවනු ඇති බවත් ක්ෂේත්‍රයේ නියලී සිටින්නන් පවසති.

කෙසේවෙතත් වෙළෙඳ පොළේ බිත්තර මිල මේ වන විට සීඝ්‍රයෙන් පහළ බැස ඇති අතර පසුගිය කාලය තුළ රුපියල් 60 ඉක්ම වූ මිලකට අලෙවි කෙරුණු බිත්තරයක්, මාස කිහිපයක සිට අලෙවි වන්නේ රුපියල් 25ත් 30ත් අතර මිලකටයි.

අද සිපෙට්කෝ මිල බස්සයි.!

අද සිපෙට්කෝ මිල බස්සයි.!

මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී ඇති අතර ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දින මෙම මිල සංශෝධනය සිදුවෙයි.

ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පිරිවැය නිරූපිල මිල තීරණය වීමේ මූලධර්මය මතයි.

ගත වූ මාර්තු මාසය තුළ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සුළු වශයෙන් පහල ගොස් ඇති නමුත් අවසන් සතිය තුළ එහි යන් වැඩිවීමක් පෙන්නුම් කරයි.

කෙසේවෙතත් මාර්තු මාසයේ මුල් සති කිහිපය තුළ අඩු මිල ගණන් යටතේ ආනයනය කළ ඉන්ධන මත ලැබී ඇති ලාභාංශ මත අප්‍රේල් මාසය සඳහා යම් සීමිත මිල අඩුකිරීමක් බලාපොරොත්තු විය හැක.

දිය සැළියේ කකුළු කෙළිය බක් මහෙන් අවසන්.. සියල්ල රාජසන්තකයි.!

දිය සැළියේ කකුළු කෙළිය බක් මහෙන් අවසන්.. සියල්ල රාජසන්තකයි.!

ඊයේ (30) මාතර වැලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ වංචනිකයින්ට සහ දුෂිතයින්ට යළි රට පාලනය කිරීමේ අවස්ථාව ලබා නොදෙන බවය.

එමෙන්ම අප්‍රේල් මස 08වනදා රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවට නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් යළි පවරාගැනීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

“ආණ්ඩුවක් කොහොම ද දූෂිතයින්ට දඬුවම් දෙන්නේ, ආණ්ඩුවක කොහොමද අපරාධකරුවන්ට දඬුවම් දෙන්නේ. මොකද්ද ආණ්ඩුවට තියෙන වැඩ කොටස.

ඔන්න ආණ්ඩුවට තියෙනවා නීති ටිකක්. අපි මේ 8 වෙනිදාට පාර්ලිමේන්තුවේ සම්මත කරනවා හොරකම් කරලා වත්කම් එකතු කරගෙන තියෙනවා නම් වත්කම් යළි අත්පත් කරගැනීමේ නීතියක් සම්පාදනය කරනවා.

නීතියානුකූල නොවන ආකාරයට උපයාගෙන තියෙන වත්කම් පවරා ගැනීමේ පනත. කිසිවෙකුගෙන් පෞද්ගලිකව පළිගැනීමේ අදහසක් අපට නෑ. මේ අපේ රටේ නීතියේ විධානය, ආදිපත්‍ය යළි මේ මාතෘභූමිය තුළ තහවුරු කිරීම අපේ අපේක්ෂාව.”

2026 වසර වන අයවැය සම්බන්ධයෙන් යෝජනා ලබා ගැනීම මෙම වසරේ ජුනි මාසයේ සිට ආරම්භ කරන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

මේ අතර, ආර්ථික අර්බුදය හේතුවෙන් අත්හැර දමා තිබු විදෙස් ආධාර යටතේ ක්‍රියාත්මක වු ව්‍යාපෘති රැසක් යළි ආරම්භ කරන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

“ව්‍යාපෘති 11ක් ජපන් ආණ්ඩුව දාලා ගියා. ජයිකා බැංකුවෙන් ණය දීලා තිබුණ ව්‍යාපෘති 11 නතර වුණා. නැවත ජපන් රජය එම ව්‍යාපෘති 11ම පටන් ගන්න එකඟතාවය පළ කළා. ඒ කියන්නේ ආර්ථිකය ස්ථාවරයි.

ඔයගොල්ලෝ දන්නවා කඩවත – මීරිගම හයිවේ කොටස හදමින් තිබුණා චීනයේ එක්සිම් බැංකුවෙන් ණය මුදලින්.

රට බංකොළොත් වුණා. ණය දෙන එක නතර වුණා. ව්‍යාපෘතිය නතර වුණා. අපි ඇස්තමේන්තු කරලා තියෙනවා කෝටි 5,600ක අලාභයක් සිද්ධවෙලා තියෙනවා. දවසකට මිලියන 21ක් චීන සමාගමට පොලිය ගෙවන්න වෙලා තියෙනවා.

නැවත චීන රජය සමග කතා කරලා අපි සංචාරයේ දී එකඟවුණා නතර වුණ අධිවේගය ඇතුළු නතර වුණ ව්‍යාපෘති සහ අලුත් ව්‍යාපෘති 76ක් ආරම්භ කරන්න. ඒ කියන්නේ මොකද්ද ආර්ථිකය ස්ථාවරයි.”