Why is this happening (Sinhala)

ටිරාන් අදත් CIDයට කැඳවයි.. වැලිගම නඩුව කනපිට හැරෙන ලකුණු.!

ටිරාන් අදත් CIDයට කැඳවයි.. වැලිගම නඩුව කනපිට හැරෙන ලකුණු.!

අද (31) දෙවන දිනටත් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මුල්වූ වැලිගම වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමටයි.

2023 වසරේ වැලිගම ප්‍රදේශයේ W15 හෝටලය අසල සිදුවූ වෙඩි තැබීමකදී පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධියට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

ඒම නීති කෘත්‍ය අතරතුර අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා කියා සිටියේ, ප්‍රශ්නගත සිදුවීමට අදාළව පොලිස්පති දේශබන්දු නැමැත්තාට උඩින් යම් දේශපාලනඥයෙක් හෝ නිලධාරියෙක් සිටිනවානම් ඒ පිළිබඳ විමර්ශනය කර අත්අඩංගුවට ගතයුතු බවය.

මෙවැනි පසුබිමක වැලිගම වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ඒ අනුව අද පෙරවරු 10.45ට පමණ ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

තවත් පාතාලේ නම් දැරූ අයියෙක් රුසියාවෙන් මාට්ටු.!

තවත් පාතාලේ නම් දැරූ අයියෙක් රුසියාවෙන් මාට්ටු.!

විදේශයන්හි සිට මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ප්‍රධාන පුද්ගලයෙකු වන අමිල සම්පත් නොහොත් ‘රොටුඹ අමිල’ රුසියාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ බව එරට ආරක්ෂ බලධාරීන් විසින් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඔහු මින් පෙර ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවෙකි.

ලොකු පුටුව නැවතත් ශම්මිට.!

ලොකු පුටුව නැවතත් ශම්මිට.!

අද (31) කොළඹදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය පැවැත්විය.

එහිදි නැවතත් ශම්මී සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස තේරී පත්වූ බව දැනුම් දී තිබේ.

ඔහු මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස තේරී පත්වුයේ අඛණ්ඩව සිව්වැනි වාතාවටයි.

තරුණයෙක් කොළඹ ප්‍රධාන හෝටලයක 31 වෙනි මහලෙන් පනී.!

තරුණයෙක් කොළඹ ප්‍රධාන හෝටලයක 31 වෙනි මහලෙන් පනී.!

කොළඹ ප්‍රසිද්ධ හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ තරුණයා එම හෝටලයේ කාමරයක නවාතැන් ගෙන සිටයදී මෙම අනතුරට මුහුන දී ඇති බව සඳහන්.

ඔහු විසින් මිය යෑමට මත්තෙන් ලියන ලද ලිපියක් ද සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.

ැම සටහනේ සඳහන්ව ඇත්තේ, “සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සියි…හැමදාම මන් හිතින් විඳවනවා…” යනුවෙනි.

ජනාධිපතිතුමා කිව්වේ බොරු.. එතුමා ඉන්ද්‍රජාලිකයෙක්.!

ජනාධිපතිතුමා කිව්වේ බොරු.. එතුමා ඉන්ද්‍රජාලිකයෙක්.!

මෙවර මහ මැතිවරණයෙන් සර්වජන බලය යටතේ තරඟවැද පරාජයට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ “මා ඉන්ද්‍රජාලිකයෙක් නොවෙමි” යනුවෙන් ජනාධිපතිවරයා පැවසුවද එකම පක්ෂයක් යටතේ උතුර, දකුණ, නැගෙනහිර සහ මධ්‍යම පලාත් ජයග්‍රහණය කොට රට එකමුතු කොට පෙන්වා ඇති බැවින් ඔහු ඉන්ද්‍රජාලිකයෙකු වන බවයි.

අයි.එම්.එෆ් ගිවිසුම සමඟින් ඉදිරියට ගොස් දේශපාලන අර්බුදයක් ගොඩනගා ගන්නවාද නැතහොත් ඉන් ඉවත්වී ආර්ථික අර්බුදයක් ඇතිකරගන්නවාද යන තෝරාගැනීම් දෙකක් වත්මන් රජයට පවතින බවත් ගම්මන්පිල මහතා පවසයි.

මාර්තු මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් ඇතිවන්නේ කුමන අර්බුදයක්ද යන්න බලාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ගැබිණිය කොටස් 25කට ඡේදනය කෙරූ නෑනා සහ නැන්දම්මා.!

ගැබිණිය කොටස් 25කට ඡේදනය කෙරූ නෑනා සහ නැන්දම්මා.!

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25කට වෙන් කර ඇති බව පොලිසිය පවසයි.


පාකිස්තානයේ දස්කා නගරයේ 7 මාසයක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර සිරුර කොටස් 25කට වෙන් කළ පුවතක් වාර්තා වේ.

කොට්ලි මාර්ලන් ගම්මානයේ 26 හැවිරිදි සෙහෙරා කදීර් නම් ගැබිණි කාන්තාව මෙම කෲර ඝාතනයට බිළිව ඇති බව පාකිස්තාන පොලිසිය පවසයි.

පොලිස් වාර්තා අනුව, මෙම ඝාතනය සම්බන්ධ මූලික විමර්ශන වලදී, නැන්දම්මා සහ නෑනා විසින් සෙහෙරාව ඝාතනය කර ඇති බව සනාථ වී තිබේ. මියගිය ඇයගේ අවුරුදු දෙකහමාරක පුතෙකුද සිටින බව වාර්තා වේ.

ඝාතනයෙන් පසු සිරුර කොටස් 25කට කපා, එම කොටස් බෑග්වලට දමා ඇති බවත්, සිරුර හඳුනා ගත නොහැකි ලෙස කඳින් හිස වෙන් කර තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කළේ යැයි සැක කෙරේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් තම වරද පිළිගෙන ඇති බවටද පොලිසිය තොරතුරු වාර්තා කරයි.

දැනට පවතින තොරතුරු සනාථ වුවද, මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව පාකිස්තාන පොලිසිය පවසයි.

උසාවියේ කුඩු වික්ක නීතීඥවරයකු අත්අඩංගුවට.!

උසාවියේ කුඩු වික්ක නීතීඥවරයකු අත්අඩංගුවට.!

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසන්නේ අනුරාධපුර අධිකරණ සංකීර්ණයේ අධිකරණ කිහිපයක නඩුවලට පෙනී සිටින ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයකු, හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරමින් බන්ධනාගාර රැඳවියන්ට හෙරොයින් ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය ලබාදෙන බවට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනුරාධපුර අධිකරණ සංකීර්ණය ආසන්නයේ කඩ 12 ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී, හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් බවයි.

අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි නීතිඥවරයෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

පොලිසිය පවසන්නේ සැකකාර නීතිඥවරයා, සිය වෘත්තීය උපයෝගී කර ගනිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින්, එම මත්ද්‍රව්‍ය බන්ධනාගාර රැඳවියන්ට ලබාදෙන පුද්ගලයකු බවයි.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගේ නඩුවලට පෙනී සිටින මුවාවෙන්, ඔවුන් උසාවියට රැගෙන එන අවස්ථාවලදී ඔවුන් ළඟට සමීප වෙමින් හෙරොයින් මත්කුඩු, ගංජා, බීඩි, සිගරැට් සහ දුම්කොළ මෙම නීතිඥවරයා විසින් රැඳවියන්ට ලබාදෙන බව අනාවරණය වී ඇති බවයි.

සැකකාර නීතිඥවරයා සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, අධිකරණ සංකීර්ණය ආසන්නයේ කඩ 12 ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු පානය කරමින් සිටි මෙම නීතිඥවරයා අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවකදී සැකකරුගේ කලිසම් සාක්කුවේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2300ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

දේව දරුවෙක් සතුව හොර මොන්ටෙරෝවක්.. මියගිය ලේකම් වරයෙකුගේ අවතාරයක් තැන තැන වාහන දමා යයි.!

දේව දරුවෙක් සතුව හොර මොන්ටෙරෝවක්.. මියගිය ලේකම් වරයෙකුගේ අවතාරයක් තැන තැන වාහන දමා යයි.!

කලක සිට ගාල්තැන්න ප්‍රදේ­ශයේ ප්‍රසිද්ධ දේවා­ල­යක් පව­ත්වා­ගෙන යන කපු­වෙ­කුගේ පුතෙකුට අයත් ව්‍යාජ අංක තහ­ඩු­වක් සවි­ කළ මිට්ශුබිෂි මොන්ටෙරෝ වර්ගයේ සුඛෝ­ප­භෝගී ජීප් රථ­යක් තෙල්දෙ­ණිය පොලි­සිය භාරයට ගෙන ඇත.

දිගන ප්‍රදේශයේ කොටස් එක­ලස් කරන ලද නීති විරෝධි ජීප් රථ­යක් ඇති බවට ලද තොර­තු­ර­කට අනුව පොලි­සිය පසු­ගිය 30 වැනිදා සිදු කළ පරී­ක්ෂා­වේදී මෙම වාහ­නය අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැක­කරු සතුව අදාළ ලියලියවිලි කිසිවක් තිබී නොමැති අතර එහි හිමිකාරීත්වය සම්බන්ධයෙන් පොලීසිය විමසීමේදී අදාළ පුද්ගලයා පවසා ඇත්තේ පසු­ගිය දා වෙඩි තබා­ගෙන මිය­ගිය රාජ්‍ය ඇමැති ලේක­ම්ව­රයා වාහ­නය සිය ගෙව­ත්තට සති තුන­කට පමණ පෙර ගෙන­විත් දැමූ බවයි.

කෙසේවෙතත් මේ සම්බ­න්ධ­යෙන් පොලි­සිය කළ දීර්ඝ විම­ර්ශ­න­යේදී පෙනී ගොස් ඇත්තේ මෙම රථය කපුවා සහ ඔහුගේ පුතා පරි­හ­ර­ණය කර ඇති එකක් බවත් කපු­වාට අයත් වාහන අංග­ණ­යක ඉඩ­කඩ ප්‍රමා­ණ­වත් නොවීම හේතුවෙන් තම පුත්‍රයාගේ නිවසට මෙම වාහ­නය ගෙනවිත් දමා ඇති බවයි.

එමෙන්ම මෙම කපු­වාට අයත් වාහන අංග­ණයේ තවත් නීත්විරෝධී ලෙස එකලස් කළ මෙවැනි වාහන ඇති බවට සැක­ක­රන තොර­තුරු රැසක් පොලි­සි­යට ලැබී ඇති බැවින් ඒම වාහන අංග­ණය පරීක්ෂා කිරී­මට පොලිස් කණ්ඩා­ය­මක් පිටත්කර හැර ඇත.

පොලීසිය විසින් සිදුකළ පරීක්ෂා කිරී­මේදී 2022 වසරේ ගෙවූ සැක­ක­රුගේ නමින් ඇති විදුලි බිලක් අදාළ මෝටර් රථයේ තිබී හමුවී ඇති අතර වාහ­නය පිරි­සිදු කිරී­මට සේවා සප­යන ආය­ත­න­ව­ලට ලබා දී ඇත්තේ සැකකරු සහ පවුලේ පිරිස් බව අනාවරණය වී ඇත.

එම රථයේ සවිකර තිබූ අංක තහ­ඩුව මහ­නු­වර පුද්ග­ල­ය­කුගේ වාහ­න­ය­කට මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් කාර්යා­ල­යෙන් නිකුත් කර ඇති අංක­යක් බව වැඩිදුරටත් කරුණු වාර්තා වෙයි.

පසුගිය ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ව­ර­යාව සිටි­යදී ජනා­ධි­ප­ති­ව­රයා ගමන් ගත් වාහ­න­යට වෙට්ටුවක් දමා නිල් රතු අලෝක පහන් සහිතව ගමන් කළ මෙම වාහ­නය ඉන් පසුව මහ­නු­ව­රදී අත්අ­ඩං­ගු­ව­ටද ගෙන ඇති අතර එකලස් කරනලද වාහනයක් බවටද එකළ අනාවරණය වී තිබුනි.

නමුත් මෙම වාහ­නය පසුව අධි­ක­ර­ණ­ය විසින් ඔවු­න්ටම අයත් තවත් නීතිවිරෝධීව එකලස් කරන ලද වාහ­න­යක් සමඟ මුදා හැරි අතර ඒ සම්බ­න්ධ­යෙන් අධි­ක­රණ විනි­සු­රු­ව­ර­යාට එරෙ­හිව පොලි­සිය විසින් අධි­ක­රණ සේවා කොමි­ෂන් සභා­ව­ටද පැමිණිල්ලක් කර තිබේ.

මෙලෙස නැව­තත් පොලි­සි­යට වෙනත් අංක­ය­කින් හමුවී ඇත්තේ ඒම වාහ­නය බව පොලීසිය තහවුරු කරගෙන තිබේ.

නීති උපදෙස් අනුව කපුවා සහ ඔහුගේ පුතා අත්අ­ඩං­ගු­වට ගැනී­මට කට­යුතු කරන බවත් වාහනය මෝටර් රථ පරී­ක්ෂ­ක­ව­ර­යා­ට සහ රස පරී­ක්ෂ­ක­ව­ර­යා­ට ඉදි­රි­පත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

රනිල්ගේ පිහිටෙන් මන්ත්‍රීවරු 10ක් තීරු බදු රහිතව වාහන ගෙන්නලා.!

රනිල්ගේ පිහිටෙන් මන්ත්‍රීවරු 10ක් තීරු බදු රහිතව වාහන ගෙන්නලා.!

පසුගිය සමයේ රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබාදීම අත්හිටුවා තිබූ පසුබිමක තීරු බදු රහිත බලපත්‍රය යටතේ 2023 වර්ෂයේදි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 10ක් වාහන ආනයනය කර ඇති බවට ශ්‍රි ලංකා රේගුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2023 වර්ෂයට අදාළ කාර්යසාධන වාර්තාවේ ඇතුළත් තොරතුරු මඟින් තොරතුරු අනාවරණය වේ.

අදාළ කාර්යසාධන වාර්තාව අනුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරු බදු රහිත වාහන බලපත් යටතේ වාහන ගෙන්විම සඳහා හිටපු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 10 දෙනෙකුට අවසර ලබාදී තිබේ.

රාජ්‍ය පරිපාලන චක්‍රලේක යටතේ නිකුත් කරන ලද වාහන බලපත්‍ර 5144ක්, සාමාන්‍ය වාහන බලපත්‍ර 194ක්, විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ වාහන බලපත්‍ර 1ක්, පළාත් සභා යටතේ වාහන බලපත්‍ර 1397 ,බදු නිදහස් කිරිම් යටතේ එම වර්ශයේ දී ශ්‍රි ලංකාවට ආනයනය කර ඇති බව එම වාර්තාවේ සඳහ්න් වේ.

ආධුනික පොලිස් නිලධාරීන් නිරුවත් කරලා.!

ආධුනික පොලිස් නිලධාරීන් නිරුවත් කරලා.!

තිස්සමහාරාම පොලිසියේ ආධුනික පොලිස් නිලධාරීන් තිදෙනකු නිරුවත් කර නවක වධය දුන් බව කියන සිද්ධියක් සම්බන්දයෙන් සැකපිට කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මූලික පොලිස් අභ්‍යන්තර පරීක්‍ෂවලදී අනාවරණය වී ඇත්තේ අදාල කොස්තාපල්වරයා විසින් තිස්සමහාරාම පොලිසියේ තනිකඩ නිල නිවාසයේ දී මෙම නවක වධය ලබාදී ඇති බවයි.

සැකකාර කොස්තාපල්වරයා චෝදනා කිහිපයක් මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සිය විරෝධය නොතකා තමන් නිරුවත් කර නවක වධයට ලක්කළ බව සිද්ධියට මුහුණ පෑ ආධුනික කොස්තාපල්වරුන් තිදෙනා ප්‍රකාශ‍යක් ලබාදී ඇත.