Why is this happening

වරෙන්තු මන්ත්‍රී පොලීසිය බොනට් එකේ නංවාගෙන ගිහින්.. එක් නිළධාරියෙකුට බරපතලයි.!

වරෙන්තු මන්ත්‍රී පොලීසිය බොනට් එකේ නංවාගෙන ගිහින්.. එක් නිළධාරියෙකුට බරපතලයි.!

වරෙන්තු ලබා ඇති සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගත් උත්සාහයකදී දෙල්වල පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

සැකකරු රැඳී සිටින බවට සැක සහිත මෝටර් රථයක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් උත්සාහ කළ අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත. 

පරීක්ෂා කිරීම සඳහා නවතා තිබූ රථය, පොලිස් නියෝග නොතකා වහාම ධාවනය කිරීමට උත්සාහ කිරීමත් සමඟ රථය නතර කර ගැනීම සඳහා, එක් පොලිස් කොස්තාපල්වරයෙක් එය ඉදිරිපස බොනට්ටුව ඉදිරිපිටට පැන මාර්ගය අවහිර කර තිබේ.

එහිදී පොලිස් නිලධාරියා යටකරමින් රථය ඉදිරියට ක්‍රියාත්මක කිරීම නිසා පොලිස් නිලධාරියා බොනට්ටුව මතට නැගී එල්ලී ඇතැයි වාර්තා වෙයි. සිටියදී පවා රථය නතර නොකළ රියදුරු, ඔහු සමඟ කිලෝමීටර එකහමාරක පමණ දුරක් ධාවනය කර ඇත.

අවසානයේදී එම නිලධාරියා මෝටර් රථයෙන් බිමට ඇද වැටී ඇති අතර, බරපතල තුවාල ලැබීම හේතුවෙන් ඔහු වහාම රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සිදුකළ මෝටර් රථය පදවාගෙන ගිය පුද්ගලයා, පසුව එය අතුරු මාර්ගයක දමා පලා ගොස් ඇති බවට පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට රෝහලෙහි ප්‍රතිකාර ලබන බව දෙල්වල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මෝටර් රථය නිවිතිගල ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රිවරයකුට අයත් එකක් බවත් වරෙන්තුව පැවතී ඇත්තේ ඔහුට බවත් පැවසෙයි.

පාර්ලිමේන්තු සේවිකාවන්ට හිරිහැර සහ සිදුව ඇති බව තහවුරු වෙයි.!

පාර්ලිමේන්තු සේවිකාවන්ට හිරිහැර සහ සිදුව ඇති බව තහවුරු වෙයි.!

පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව විසින් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසුණු හිරිහැර සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන තුළින් එහි නිලධාරීනියකට විවිධ අසාධාරණකම් සහ වෙනස් කොට සැලකීම් සිදු වී ඇති බව තහවුරු කර ඇති බවයි.

ඊයේ (24) හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් මෙම කමිටුවේ වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට බාර දෙනු ලැබීය.

කතානායකවරයා විසින් මෙම බාහිර විමර්ශන කමිටුව පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට අභ්‍යන්තර කමිටු දෙකක් මීට පෙර පත් කෙරුණද පැමිණිලිකාර නිලධාරිනිය එම කමිටු දෙකේම නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බාහිර විමර්ශන කමිටුව මෙසේ පත් කෙරිණ.

මේ අතර පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවූ ලිංගික හිරිහැර සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් පාර්ලිමේන්තු පාලනාධිකාරිය විසින් මීට පෙර සේවයෙන් නෙරපා හරිනු ලැබූහ.