Advertisements

හිටපු පොලිස්පතිගේ අභිරහස් මරණය ගැන සැකයක්.?

හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න තලාහේනේ පිහිටි නිවසේදී තම සේවා ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇත.

මේ වනවිට හිටපු පොලිස්පතිවරයාගේ දේහය මුල්ලේරියාව රෝහලේ තැන්පත් කර ඇති අතර ඔහු මියයන විට වයස 63කි.

හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සමග විමර්ශන විශේෂිත අංශයකට බාරදෙනවා දැයි තීරණය කරන බව පොලිසිය සඳහන් කරයි.

පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසුව සී.ඩී වික්‍රමරත්න වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කළේය.

2019 අප්‍රේල් (28) වැනිදා සිට සිට වසරකට අධික කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී වික්‍රමරත්න, 2020 නොවැම්බර් (28) වැනිදා පොලිස්පතිවරයා ලෙස පත් කළේය.

මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්වු අතර ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධිධරයෙකි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest