Advertisements

චාමර සම්පත්ට අධි චෝදනා ගොනු කරයි.!

දූෂණ චෝදනාවක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබෙන බව අල්ලස් කොමිසම අද (23) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අද (23) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ඉදිරිපත් කර තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කළ මහේස්ත්‍රාත්වරයා මහාධිකරණය නොතීසියක් ලද විට අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර චාමර සම්පත් දසනායකට නියම කළේය. 

Advertisements
1 Comment
Most Voted
Newest Oldest