ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම සහ එම තොරතුරු මත නියමිත වැටුප් පියවරට වඩා ඉහළ වැටුප් පියවරක් ලබාගැනීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සිදුකළ විමර්ශනයක නිර්දේශ මත නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුමාර කුලරත්නගේ වැඩ තහනම් කළේය.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුමාර කුලරත්නගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය 2027 පෙබරවාරි (10) වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (18) දින නියම කර ඇත.
අදාළ වැඩ තහනම් කිරීමේ තීරණයට එරෙහිව චමින්ද කුලරත්න විසින් ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් කථානායකවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම් අද (18) අභියාචනාධිකරණය හමුවේ සිදු කෙරුණා.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, සභානායක බිමල් රත්නායක, අමාත්‍ය අනිල් ජයසිංහ, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් නම් කර ඇත.
