Advertisements

පාතාලෙන් කප්පම් ගන්න චරිත් රුපියල් කෝටියක් සජිත්ට දීලා

පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු සාමාජික චරිත් අබේසිංහ විසින් රුපියල් කෝටියක මුදලක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලබාදී ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න සඳහන් කළාය.

වත්මන් ආණ්ඩුව බලයට නොපැමිණියේ නම් පාතාල නායකයින්ගෙන් කප්පම් ගන්න චරිත් අබේසිංහ අද වනවිට සමගි ජන බලවේග පක්ෂයේ උපනායකවරයා වී සිටීමට ඉඩ තිබූ බවද ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න සඳහන් කළාය.

අද (09) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න සඳහන් කළේ,

මෙතන ඉන්නවා විපක්ෂ නායකතුමා. චරිත් අබේසිංහ ගෙනෙහිල්ලා රුපියල් කෝටියකට අදාළ මුදලක් කෑෂ් වලින් දුන්නා. මෙතුමාලා, ඔබතුමාලා සතුටු වෙන්න. තව ටික දවසකින් පාතාලයින්ගෙන් කප්පම් ගන්න කෙනෙක් තමයි සජබ උප නායකයා වෙන්න හිටියේ. ඔබතුමාලා සතුටු වෙන්න අපේ ආණ්ඩුව ආවේ නැත්තම් චරිත් අබේසිංහ අද උපනායක.”

අපි කොහෙවත් කුඩු, පාතාල ගණුදෙනු කරන අයගෙන් මුදල් විශුද්ධිකරණය සම්බන්ධව පිටරට චෝදනා ලබා දඬුවම් විදපු අයගෙන් කප්පම් අරගෙන ජාවාරම්කාරයෝ අපේ තනතුරු වලට පත් කරලා නෑ. කෘතාධිකාරී මණ්ඩලවල නෑ. මම එතුමට කියනවා ජනාධිපතිවරණයෙන් පස්සේ මහ මැතිවරණයේදී චරිත් අබේසිංහ රුපියල් කෝටියක් ඔබතුමාට ගෙනල්ලා දුන්නේ නෑ කියලා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න.

Advertisements
Advertisements
3 Comments
Most Voted
Newest Oldest