ගංජා කිලෝග්‍රෑම් 238ක් සහ මත්කරල් 216,000ක් විනාශ කරයි

හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වී අවසන් වූ නඩුවකට අදාල ගංජා කිලෝග්‍රෑම් 238ක ප්‍රමාණයක් සහ එම ප්‍රදේශයේ වැටලීම් මගින් පොලිස් භාරයට ගත් තහනම් මත්කරල් 216,000ක ප්‍රමාණයක් අද (06) දින පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත දහන උඳුන මගින් විනාශ කළේය.

විනාශ කිරීමේ ක්‍රියාවලිය හලාවත අංක 01 මහේස්ත්‍රාත් අයි.පි.අයි. විමල වීරසිංහගේ අධීක්ෂණය යටතේ සිදුකෙරුණු අතර එම අවස්ථාවට හලාවත මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් සහභාගී විය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel