ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ළමා අපයෝජන සිදුවීම් වලට අදාළව මහාධිකරණවල ගොනුකර ඇති නඩු පිළිබඳව වාර්තාවක් නිකුත් කර ඇත.
2026 වසරේ ජනවාරි වනවිට ළමා අපයෝජන සම්බන්ධයෙන් මහාධිකරණවල ගොනුකර ඇති නඩු සහ මේ මාසයේ කැඳවීමට නියමිත නඩු සම්බන්ධයෙන් තොරතුරු එම වාර්තාවේ දැක්වෙන බව එහි සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ සඳහන් කළාය.
2026 වනවිට ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් දිවයිනේ මහාධිකරණවල ගොනුකර ඇති නඩු සංඛ්‍යාව 4,289ක් වන අතර එම නඩු අතරින් නඩු 1,683ක් මේ මාසයේ කැඳවීමට නියමිතව ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ.
වැඩිම ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් වන නඩු 442ක් ගොනුකර ඇත්තේ, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වන අතර ඒ අතරින් නඩු 101ක් මේ මාසය තුළ ගාල්ල මහාධිකරණයේදී කැඳවීමට නියමිතය.
කුරුණෑගල මහාධිකරණයේ නඩු 423ක්, මහනුවර මහාධිකරණයේ නඩු 414ක්, බදුල්ල 206ක්, ගම්පහ 220ක්, කළුතර 229ක්, කෑගල්ල 206ක්, මාතර 216ක් වශයෙන් ළමා අපයෝජනවලට එරෙහිව නඩු ගොනුකර ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

